(මාර්ක් 7:20-23)
“20නැවතද උන්වහන්සේ: නුමුත් මනුෂ්‍යයා අපවිත්‍රවෙන්නේ ඔහුගෙන් පිටවන දෙයින්මය. 21මක්නිසාද ඇතුළතින් එනම් මනුෂ්‍යයන්ගේ සිතින් නපුරු සිතිවිලි, වේශ්‍යාකම්, සොරකම්, 22මිනීමැරීම්, කාමමිථ්‍යාචාරකම්, තණ්හා, දුෂ්ඨකම්, වංචාව, සල්ලාලකම, ඊර්ෂ්‍යාව,* අපහාසකිරීම, උඩඟුකම සහ මෝඩකම නික්මෙයි. (* එනම්, නපුරු ඇස) 23මේ සියලු නපුරු දේ ඇතුළතින් නික්මී මනුෂ්‍යයා අපවිත්‍ර කෙරේයයි කීසේක.”
මිනිසුන් ව්‍යාකූලත්වයට පත්ව ඇති අතර, ඔවුන්ගේම මායාවන්හි දිවි ගෙවයි
ගැළවීමට වඩාත් විය හැකියාවක්
ඇත්තේ කාහට ද?
තමා ඉතාමත් නරකම පව්කාරයා
ලෙස සිතන තැනැත්තාටය
ප්‍රථමයෙන්ම, මා ඔබගෙන් ප්‍රශ්නයක් ඇසීමට කැමතියි. ඔබ ඔබව දකිනවාද? ඔබ යහපත් හෝ අයහපත් යැයි සිතනවා ද? ඔබ සිතන්නේ මොනවාද?
සියලු මිනිස්සු ඔවුන්ගේ මායාවන් යටතේ දිවි ගෙවති. ඔබ, ඔබ සිතන තරම් නරක නොවනු ඇති අතර, ඔබ සිතන තරම් බොහෝ යහපත් නොවනු ඇත.
එසේ නම්, විශ්වාසයේ වඩා යහපත් දිවියක් ගෙන යන්නේ කවුරුන්දැයි කියා ඔබ සිතන්නේ ද? ඒ ඔහු/ ඇය යහපත් යැයි සිතන අයෙකු වනු ඇති ද? නැතහොත් ඔහු/ඇය අයහපත් අයෙකු යැයි සිතන අයෙකු ද?
එය දෙවැන්නයි. මට ඔබගෙන් තවත් ප්‍රශ්නයක් ඇසීමට ඉඩ දෙන්න. ගැළවීමට වඩාත් සම්භාවිතාවක් ඇත්තේ කා හටද? — ඒ පාපයන් බොහොමයක් සිදු කළ පුද්ගලයා ද නැතහොත් පාපයන් අල්පයක් සිදු කළ පුද්ගලයා ද? ඔහු/ ඇය අප්‍රමාණවත් පාපයන් ගණනක් සිදු කර ඇතැයි පිළිගන්නා පුද්ගලයා ගැළවීමට දැඩි වියහැකියාවක් දක්වන්නේ මක් නිසාද යත් එම පුද්ගලයා ඔහු/ හෝ ඇය බරපතල පව්කාරයෙත් බව පිළිගන්නා බැවිනි. එවැනි පුද්ගලයෙකුට යේසුස් වහන්සේ විසින් ඔහු/ ඇය වෙනුවෙන් සකස් කරන ලද ගැළවීම නම් වචනය වඩාත් හොඳින් පිළිගත හැකිය.
අප, අප දෙස සත්‍ය වශයෙන්ම බැලූ කල, අප හුදෙක් පාප රාශියක් බව ප්‍රත්‍යක්ෂ වේ. මිනිසුන් යනු කුමක්ද? පුද්ගලයෙකු යනු ‘අකුසල් සිදු කරන්නන් සමූහයක්’ පමණි. මිනිසුන්ගේ හදවත්වල තිබෙන සියලු වර්ගයේ අසමානකම් යෙසායා 59 හි සඳහන් වේ. එබැවින්, මිනිසුන් පාප රාශියක් බව පැහැදිලි ය. කෙසේවෙතත්, අප මානව වර්ගයා පාප රාශියක් බව නිර්වචනය කළහොත්, බොහෝදෙනෙකු එකඟ නොවෙනු ඇත. එනමුත්, මිනිසෙකු ‘කුසල් සිදුකරන්නන් සමූහයක්’ යැයි නිර්වචනය කිරීම නිවැරදි නිර්වචනය යි. අප, අප දෙස අවංකවම බැලුවහොත්, අප අයහපත් ජීවීන් බව සත්‍ය වශයෙන්ම පැහැදිලි ය. තමා සමඟ අවංක පුද්ගලයන් ද මෙම එක හා සමාන තීරණයට එළැඹිය යුතුය.
එනමුත්, බොහෝ පුද්ගලයන් ඔවුන් නිසැකයෙන්ම පාප රාශියක් බව පිළිගැනීම ප්‍රතික්ශේප කරන බව පෙනී යයි. බොහෝ පුද්ගලයන් සැපහසු ලෙස ජීවත් වන්නේ මක් නිසාද යත්, ඔවුන් ඔවුන්ව පව්කාරයන් ලෙස නොසලකන බැවිනි. අප අකුසල් සිදු කරන්නන් බැවින්, අප පාපකාරී ශිෂ්ඨාචාරයක් නිර්මාණය කර ඇත. එය සත්‍යයක් නොවූයේ නම්, අප පාපයන් සිදු කිරීමට ඉතා ලැජ්ජාශීලී වනු ඇත. කෙසේවෙතත්, අප බොහෝදෙනෙකු පාපයන් සිදු කරන අතරතුර ලැජ්ජාශීලී නොවේ.
කෙසේවෙතත්, ඔවුන්ගේ හෘදසාක්ෂීන් එය දනී. “එය ලැජ්ජාසහගතයි.” යැයි ඔහු/ඇයට පවසන හෘදසාක්ෂියක් සෑම පුද්ගලයෙකුටම තිබේ. ආදම් සහ ඒවා පාපයන් සිදු කළ පසු ගස් අතර සැඟවූහ. වර්තමානයේ, බොහෝ පව්කාරයෝ අපගේ අධම සංස්කෘතිය වන අපගේ පාප සංස්කෘතියෙහි ඔවුන්ව සඟවා ගනිති. දෙවියන් වහන්සේගේ විනිශ්චය මඟ හැරීමට ඔවුහු ඔවුන්ගේ සෙසු සඟයන් වන පව්කාරයන් අතර ඔවුන්ව සඟවා ගනිති.
මිනිසුන් ඔවුන්ගේම මායාවන්ගෙන් රැවටී ඇත. ඔවුහු ඔවුන් අනෙක් පුද්ගලයන්ට වඩා ගුණවත් බව සිතති. ඉතින්, ඔවුනට නරක පුවතක් ඇසුණු විට, ඔවුහු කෝපයෙන් කෑ ගසති, “කොහොමද මනුස්සයෙක් එහෙම දේවල් කරන්නෙ? කොහොමද මනුස්සයෙක් එහෙම කරන්නෙ? කොහොමද පුතෙක් ඔහුගේ ම දෙමව්පියන්ට එහෙම කරන්නෙ?” ඔවුන් එවැනි දේවල් සිදු නොකරනු ඇති බව ඔවුන් විසින්ම විශ්වාස කරනු ලබති.
දයාබර මිතුරනි, ඔබට ඔබ පිළිබඳ දැන ගැනීම ඉතා දුෂ්කර වනු ඇත. අප, අප පිළිබඳ සත්‍ය වශයෙන්ම දැන ගැනීම පිණිස, අපට ප්‍රථමයෙන් පාපයන්හි සමාව දීම ලැබිය යුතුය. අපගේ මානව ස්වභාවය පිළිබඳ නිවැරදි දැනුමක් ලබා ගැනීමට දිගු කලක් ගත වේ, එමෙන්ම අප වැනි බොහෝ පිරිසක්, ඔවුන් මිය යන දින තෙක්ම මෙම කාරණය සොයා නොගනිති.
ඔබව දැන ගන්න
ඔවුන්ව නොදන්නා පුද්ගලයන්
ජීවත් වන්නේ කෙසේද?
ඔවුහු තම පාපකාරී ජීවිත සඟවන්නට උත්සාහ
කරමින් කුහක ජීවිත ගත කරති.
ඇතැම් විට අපට තමන් කවුරුන්දැයි සැබවින්ම නොදන්නා එවැනි පුද්ගලයන් මුණ ගැසෙයි. “ඔබව දැන ගන්න.” යැයි සොක්‍රටීස් පැවසුවේය. කෙසේවෙතත්, අපගෙන් බොහෝදෙනෙකු අපගේ හදවත් තුළ ඇත්තේ මොනවාදැයි නොදනී: මිනීමැරුම්, සොරකම්, මසුරුකම, දුෂ්ටකම, වංචාව, අනාචාරීබව, ඇස්වහ.... යනාදිය.
ඔහුගේ/ ඇයගේ තොල් මත සර්පයෙකුගේ විෂ තිබෙන බව නොදන්නා පුද්ගලයා,එනමුත් යහපත පිළිබඳ කතා කරයි. මීට හේතුව වන්නේ ඇය/ඔහු වැළැක්විය නොහැකි පව්කාරයෙකු ලෙස ඉපිද ඇති බව එම පුද්ගලයා නොදැන සිටීම යි.
තම සත්‍ය ස්වභාවයන් නොදන්නා බොහෝදෙනෙකු මේ ලෝකයේ ඇත. ඔවුන් ඔවුන්වම මුලා කර ගෙන සිටින අතර, ඔවුන්ගේ ස්වකීය මුලාවන් තුළ සම්පූර්ණයෙන්ම වෙළී තිබෙන ඔවුන්ගේ ජීවිත ගත කරමින් ඔවුහු අවසන් වෙති. ඔවුන්ගේ ස්වයං - මුලාවන් හේතුවෙන් ඔවුන් ඔවුන්වම නිරයට ඇද දමා ගන්නා බව ඔවුනට නොතේරෙයි.
මිනිස්සු ඔවුන්ගේ මුළු ජීවිත පුරා පාපය ඉහිරවති.
ඔවුන් නිරයට යන්නේ ඇයි?
ඔවුන් ඔවුන්ව නොදන්නා හෙයිනි.
අපි මාර්ක් 7:21-23 දෙස බලමු. “21මක්නිසාද ඇතුළතින් එනම් මනුෂ්‍යයන්ගේ සිතින් නපුරු සිතිවිලි, වේශ්‍යාකම්, සොරකම්, 22මිනීමැරීම්, කාමමිථ්‍යාචාරකම්, තණ්හා, දුෂ්ඨකම්, වංචාව, සල්ලාලකම, ඊර්ෂ්‍යාව,* අපහාසකිරීම, උඩඟුකම සහ මෝඩකම නික්මෙයි. (* එනම්, නපුරු ඇස) 23මේ සියලු නපුරු දේ ඇතුළතින් නික්මී මනුෂ්‍යයා අපවිත්‍රකෙරේයයි කීසේක.” මිනිසුන්ගේ හදවත්, ඔවුන් තේරුම් ගත් දිනයේ පටන් දුෂ්ට සිතුවිලිවලින් පිරී තිබේ.
යම් පුද්ගලයෙකුගේ හදවත වීදුරුවලින් සෑදි ඇතැයි සහ එය නම් වශයෙන්, අපගේ පාපයන් යන යම් අපිරිසිදු ද්‍රවයකින් සම්පූර්ණයෙන්ම පිරී ඇතැයි අපි සිතින් මවා ගමු. මෙම පුද්ගලයා ඉදිරියට හා පිටුපසට චලනය වූයේ නම් කුමක් සිදු වනු ඇති ද? අපිරිසිදු ද්‍රවය (පාපයන්) අනිවාර්යයෙන්ම සැම තැන ඉහිරෙනු ඇත. පුද්ගලයා වලනය වනවාත් සමඟ, පාපය යළි යළිත් එම ස්ථානය පුරා ඉහිරෙනු ඇත.
නමුත්, පාප රැසක් සහිත පුද්ගලයන් වන අප අපගේ ජීවිත ගෙවනුයේ එපරිද්දෙනි. අප යන සෑම තැනකම අපි පාපයන් ඉහිරවන්නෙමු. අප පාප රැසක් වන බැවින් අපගේ ජීවිත මුළුල්ලේ පාපයන් සිදු කරනු ඇත.
ෙඅප පාපයන් රැසක් බව හෝ, වෙනත් වචනයකින් පවසන්නේ නම්, පාපයෙහි බීජ බව වටහා නොගැනීම ගැටලුව වේ. අප පාප රැසක් වන අතර, අප ඉපදුණු දිනයේ පටන් අපගේ හදවත්වල පාපයන් තිබේ.
පාප රැස පිටාර ගලා යාමට සූදානම් ය. කෙසේවෙතත්, සත්‍ය වශයෙන්ම, මිනිසුන් සහජ වශයෙන්ම පාපකාරී වන බව මිනිස්සු විශ්වාස නොකරති. වෙනත් පුද්ගලයන් ඔවුන්ව පාපය කරා ගෙන යන බවත්, එබැවින් නරක පුද්ගලයන් වන්නේ ඔවුන් නොවන බවත් ඔවුහු සිතති.
පාපයන් සිදු කරන අතරතුර පවා, ඔවුන්ව යළිත් වරක් පිරිසිදු කර ගැනීම සඳහා එකම අවශ්‍යතාව වන්නේ පාපය කටු ගා දැමීම බව යැයි මිනිස්සු සිතති. ඔවුහු පාපයන් සිදු කරන සෑම අවස්ථාවක දී ම, ඉන් අනතුරුව එය ඔවුන්ගේ වරද නොවන බව පවසමින් පාපයන් පිස දමා ශුද්ධ කරති. අප අපව පිරිසිදු කර ගත් පමණින්, එය ඉහිරවමින් සිටීම නිවැරදි යැයි ඉන් අදහස් වන්නේ ද? අපට යළි යළිත් නොකඩවා පිරිසිදු කිරීමට අවශ්‍ය වනු ඇත.
වීදුරුවක් පාපයන් ගෙන් පිරී ඇත්නම්, එය එකදිගටම ඉහිරවෙනු ඇත. පිටතින් පිරිසිදු කිරීමේ ඵලක් නැත. අපගේ ගුණවත් ක්‍රියාවන් තුළින් පිටත කොතරම් වාර ගණනක් පිරිසිදු කළ ද, වීදුරුව පාපයෙන් පිරී තිබෙන තාක්, ඉන් ඵලක් නැත.
අප අපගේ මාර්ගයේ කොතරම් පාපයන් ඉහිරුව ද; අප පාපයන් රැසක් සමඟ ඉපදුණු හෙයින්, අපගේ හදවත් කිසිදිනක හිස්බවට පත් නොවනු ඇත. එබැවින්, අප අපගේ ජීවිත මුළුල්ලේ පාපයන් සිදු කර ගනිති.
යමෙකුට ඔහු/ ඇය නිසැකයෙන් ම පාප රැසක් බව අවබෝධ නොවන විට, ඔහු/ඇය ඔහුගේ/ඇයගේ පාපකාරී ස්වභාවය අඛණ්ඩව සඟවයි. පාපය සියලු ජනයාගේ හදවත් තුළ තිබෙන අතර, මතුපිට පිස දා පිරිසිදු කිරීමෙන් එය මැකී නොයයි. අප පාපයන් බිඳක් ඉහිර වූ විට, අප එය රෙදි කැබැල්ලකින් පිස දමයි. අප යළිත් වරක් ඉහිර වූ විට, අප එය තෙත මාත්තු කරමින් පිස දමයි…ඉන්පසු තුවායකින් සහ ඉන්පසු පාපිස්නයකින්... අප එම අවුල් සහගත තත්ත්වය යළි යළිත් පිස දමමින් පිරිසිදු කරන විට, එය පිරිසිදු වනු ඇති අතර, එනමුත් එය සරලවම යළි යළිත් ඉහිරවයි.
මෙය කෙතරම් කාලයක් සිදු වේදැයි ඔබ සිතනවා ද? එය මිනිසෙකු මිය යන දින තෙක් ම සිදු වේ. මිනිස්සු ඔවුන්ගේ මිය යන දිනයන් දක්වා පාපකාරී ලෙස ක්‍රියා කරති. ගැළවීම සඳහා යේසුස් වහන්සේ කෙරෙහි අප විශ්වාසය තැබිය යුත්තේ මේ හේතුවෙනි. ගැළවීමට, අපට ප්‍රථමයෙන් අපව දැන ගැනීමට අවශ්‍ය වේ.
යේසුස් වහන්සේගේ ආදරය
කෘතඥපූර්වකව ලැබිය හැක්කේ කා හට ද?
තමන් වැරදි බොහොමයක් සිදු කර ඇති බව
පිළිගන්නා පව්කාරයෝ
අපිරිසිදු ජලයෙන් පිරි වීදුරු දෙකකට සැසඳිය හැකි පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු සිටින්නේ යැයි අපි සිතමු. විදුරු ද්විත්ත්වයම පාපයෙන් පිරී ඇත. අයෙකු ඔහු දෙස බලා “අපොයි, මම කෙතරම් පවිටු පුද්ගලයෙකු ද.” යැයි පවසයි. ඉන්පසු, ඔහු එය අතහැර ඔහුට උපකාර කළ හැකි යමෙකු සොයා යයි.
එනමුත් තවකෙකු ඔහු සැබවින්ම දුෂ්ටයෙකු නොවන බව සිතයි. ඔහුට ඔහු තුළ තිබෙන පාප රැස නොපෙනෙන අතර, ඔහු ඉතා පාපකාරී නොවන බව සිතයි. ඔහුගේ මුළු ජීවිත කාලයේ දී ම, ඔහු ඉහිරුණු දෑ පවිත්‍ර කරමින් සිටියි. ඔහු එක් පැත්තක් පිස දමයි, ඉන්පසු අනෙක් පැත්ත...ඉක්මනින් අනෙක් පැත්තට මාරු වෙයි.
තම ජීවිත ඉතා ප්‍රවේශම්කාරී ලෙස ගෙන යමින්, පාපයන් ඉහිරීම වැළැක්වීමට හැකි තාක් අයුරින් පාපයන් අල්පයක් පමණක් සිදු කිරීමට තැත් කරන බොහෝ පුද්ගලයන් ඇත. එනමුත් ඔවුනට ඔවුන්ගේ හදවත් තුළ තවමත් පාපයන් තිබෙන බැවින්, ඉන් සැලසෙන යහපත කුමක්ද? ප්‍රවේශම්කාරී වීමෙන් ඔවුන්ව ස්වර්ගය කරා සමීප වීමට මෙහෙයවනු නොමැත.‘ප්‍රවේශම් වීම’ මඟින් ඔවුන්ව ඒ වෙනුවට ඇද දමන්නේ නිරය වෙත මාර්ගය ට ය.
දයාබර හිතමිතුරනි, ‘ප්‍රවේශම්කාරී වීම’ මඟ පාදන්නේ නිරයට පමණි. අප මෙම පාඩම හදවතට ගත යුතුයි. මිනිසුන් ප්‍රවේශම්කාරී වන විට, ඔවුන්ගේ පාපයන් එතරම් ඉහිරී නොයනු ඇති වුවත්, තවමත් ඔවුන් පව්කාරයන්
මානව දයාවේ හදවතෙහි ඇත්තේ කුමක්ද? පාපය? ඔව්! අමරණීයත්වය? ඔව්! දුෂ්ට සිතුවිලි? ඔව්! සොරකමක් තිබේ ද? ඔව්! අධිමානය? ඔව්!
විශේෂයෙන්ම, අපට එලෙස කිරීමට උගන්වා නොමැතිව ද, අප පාපකාරී සහ දුෂ්ට ලෙස ක්‍රියා කරනා ආකාරය අප විසින්ම දකින විට,අප පාප රැසක් යන කාරණය පිළිගනු විනා අපට වෙන කරන්නට යමක් නැත.
අප තරුණ කාලයේ සිටින විට මෙය ප්‍රත්‍යක්ෂ නොවනු ඇත. නමුත් අප මහළු වන විට එය කෙසේ වන්නේ ද? අප උසස් පාසලට, කොලීජියට සහ ඉන් මත්තට යන විට, අප තුළ ඇති සියල්ල වන්නේ පාපයන් බව වටහා ගැනීමට අප පටන් ගනී. මෙය සත්‍යයක් නොවේද? අවංකවම කතා කරන්නේ නම්, අපගේ පාපකාරී ස්වභාවයන් සැඟවීම කළ නොහැක්ක කි. නිවැරදි ද? පාපය ඉහිරුවනු විනා අපට වෙන කරන්නට යමක් නැත. “මා මෙය නොකළ යුතුව තිබුණා.” යැයි ඉන්පසු අපි පසු තැවෙන්නෙමු. කෙසේවෙතත්, සැබවින්ම වෙනස් වීමට නොහැකි බව අපට තේරෙයි. ඇයි එය එසේ වන්නේ? මක් නිසාද යත් අප සෑමදෙනා පාප රාශියක් ලෙස ඉපිද ඇති හෙයිනි.
අප සරලවම ප්‍රවේශම් වීමෙන් පිරිසිදුබවට පත් නොවේ. අප දැනගත යුත්තේ සම්පූර්ණයෙන්ම ගැළවීම පිණිස අප පාප රාශියක් ලෙස ඉපිද ඇති බව ය. යේසුස් වහන්සේ විසින් සකස් කර ඇති ගැළවීම කෘතඥපූර්වකව පිළිගන්නා පව්කාරයන් හට පමණක් ගැලවිය හැකිය.
“මා එතරම් වැරදි කර හෝ දැඩි සෙයින් පාපයන් සිදු කර නැත” යැයි සිතන පුද්ගලයෝ, ඔවුන්ගේ පාපයන් සියල් යේසුස් වහන්සේ අරගෙන ගොස් ඇත යන්න සහ ඔවුන් නිරයට නියමිත බව විශ්වාස නොකරති. මෙම පාප රාශිය අප සෑම කෙනෙකු තුළම තිබෙන බව අප දැනගත යුත්තේ මක් නිසාද යත්, අප සියලුදෙනාම ඒ සමඟ ඉපදී ඇති බැවිනි.
යමෙකු, “මේ කුඩා පාපයෙන් ගැළවීමට මට හැකි වූයේ නම් පමණක්, මම මෙතරම් වැරදි නොකරන්නට තිබුණා,” යැයි සිතූ පසු, ඔහු/ ඇය ඉන් අනතුරුව පාපයෙන් තොර වන්නේ ද? මෙය කිසිදිනක සිදුවීම නොවනු ඇත.
ගැළවීමට හැකි පුද්ගලයන් ඔහු/ ඇය පාපයන් රාශියක් බව දනී. යේසුස් වහන්සේ අප උදෙසා මරණයට පත් වන විට, පාපයේ බැළය ගෙවූ බව සහ ජෝර්දාන් නදියෙහි දී භෞතීස්ම කිරීමෙන් අපගේ සියලු පාපයන් අර ගත් ඉවත් ඔහු/ ඇය සැබවින්ම විශ්වාස කරයි.
අප ගැළවුණ ද, නොගැළවුණ ද, අප සියලුදෙනා මායාවක ජීවත් වීමට නැඹුරු ව සිටී. අප පාප රාශියක් ය. අප යනු එය යි. යේසුස් වහන්සේ අපගේ සියලු පාපයන් අර ගත් බව අප විශ්වාස කළ විට පමණක්, අපට ගැළවිය හැකි වේ.
දෙවියන් වහන්සේ ‘පාපයෙන් අල්පය්’ තිබූ පුද්ගලයන් ගළවා නොගත් සේක
ස්වාමීන් වහන්සේ මුලා කරන
පුද්ගලයා කවරෙහු ද?
දෛනික පාපයන් සඳහා සමාව අයදින පුද්ගලයාය
දෙවියන් වහන්සේ ‘පාපයෙන් අල්පයක්’ පමණක් තිබෙන පුද්ගලයන් ගළවා නොගන්නා සේක. “දෙවියන් වහන්ස, මට ඇත්තේ පාපයෙන් බිඳක් පමණි” යැයි පවසන පුද්ගලයන් දෙස දෙවියන් වහන්සේ බැල්මකුදු පවා නොහෙළන සේක. උන්වහන්සේ අනුකම්පාව දක්වන පුද්ගලයන් වන්නේ, “දෙවියන් වහන්ස, මම පාපයන් රාශියක් මි. මම නිරයට යමි. කරුණාකර, මාව ගළවා ගන්නා සේක්වා.” යැයි පවසන පුද්ගලයන් ය. එනම්, “දෙවියන් වහන්ස, ඔබ වහන්සේ මාව ගළවා ගත හොත් පමණක් මා ගැළවෙනු ඇත. මා හට යළි යළිත් පාපයන් සිදු කරනු විනා අන් කිසිවක් කළ නොහැකි බව මා දන්නා බැවින්, මා හට තවත් පශ්චත්තාපය සඳහා යාච්ඥා කළ නොහැක.කරුණාකර මා ගළවා ගන්නා සේක්වා” යැයි පවසන පූර්ණ පව්කාරයන් ය.
දෙවියන් වහන්සේ ඔහු මත සම්පූර්ණයෙන් යැපෙන පුද්ගලයන් ගළවා ගන්නා සේක. මා, මා විසින්ම පශ්වාත්තාපවීමේ දෛනික යාච්ඥාවන් උන්වහන්සේට පුද කිරීමට උත්සාහ දැරුවත්, පශ්චත්තාපයේ දෛනික යාච්ඥා මඟින් කිසිදිනක මා පාපයෙන් නිදහස් නොවුණි. එබැවින්, මම දෙවියන් වහන්සේ ඉදිරියේ දණින් වැටී, “දෙවියන් වහන්ස, මා කෙරෙහි අනුකම්පාව දක්වා, සියලු පාපයන්ගෙන් මා ගළවා ගන්නා සේක්වා.” යැයි යාච්ඥා කළෙමි. මෙලෙස යාච්ඥා කරන්නන් ගැළවෙනු ඇත. භෞතීස්මවාදී ජෝන් විසින් සිදු කළ යේසුස් වහන්සේගේ භෞතීස්මය සහ දෙවියන් වහන්සේගේ ගැළවීම පිළිබඳ විශ්වාස කිරීමට ඔවුහු එළඹෙති. ඔවුහු ගැළවෙනු ඇත.
දුෂ්ට ක්‍රියාවන් සිදු කරන සමූහයක් වන, පාප රාශියක් යැයි තමන්ව දන්නා පුද්ගලයන් පමණක් දෙවියන් වහන්සේ විසින් ගළවා ගනු ලබන සේක. “මා සිදු කර ඇත්තේ මේ ඉතා කුඩා වරද පමණයි. කරුණාකර මා හට ඒ සඳහා සමාව දෙන්න,” යැයි පවසන පුද්ගලයන් තවමත් පව්කාරයන් වන අතර, දෙවියන් වහන්සේ හට ඔවුන් ගළවා ගත නොහැකි වේ. දෙවියන් වහන්සේ විසින් ගළවා ගනු ලබන්නේ තමන් සම්පූර්ණයෙන්ම පාප රාශියක් යැයි පිළිගන්නා පුද්ගලයන් පමණි.
යෙසායා 59:1-2 හි මෙලෙස ලිය වී ඇත, “1බලව, ගළවන්ට බැරි ලෙස ස්වාමීන්වහන්සේගේ අත කොටවෙලාවත් නෑසෙන ලෙස උන්වහන්සේගේ කන බිහිරිවෙලාවත් නැත. 2නුමුත් නුඹලාගේ අපරාධම නුඹලා සහ දෙවියන්වහන්සේ අතරේ වෙන්වීමක් කෙළේය, උන්වහන්සේ නොඅසන ලෙස නුඹලාගේ පාපද උන්වහන්සේගේ මුහුණ නුඹලාගෙන් සැඟෙවුවේය.”
අප පාප රාශියක් ලෙස ඉපදී ඇති හෙයින්, දෙවියන් වහන්සේ හට අප දෙස ආදරයෙන් බැලිය නොහැකි වන සේක. ඒ උන්වහන්සේගේ අත කෙටි වූ නිසා හෝ, උන්වහන්සේගේ කන බර වූ නිසා හෝ, උන්වහන්සේගේ සමාව අයදින අප උන්වහන්සේ හට නොඇසෙන නිසා හෝ නොවේ.
“2නුමුත් නුඹලාගේ අපරාධම නුඹලා සහ දෙවියන්වහන්සේ අතරේ වෙන්වීමක් කෙළේය, උන්වහන්සේ නොඅසන ලෙස නුඹලාගේ පාපද උන්වහන්සේගේ මුහුණ නුඹලාගෙන් සැඟෙවුවේය. යැයි දෙවියන් වහන්සේ අපට පවසන සේක. අපගේ හදවත් තුළ පාපයන් බොහෝ ප්‍රමාණයක් තිබෙන බැවින්, දොරටු පුළුල් ලෙස විවර වී තිබුණ ද, අපට ස්වර්ගයට ඇතුළු විය නොහැකි ය.
පාපයන් රාශියක් වන අප, අප පාපයන් සිදු කරන සෑම වාරයක දී සමාව අයැද සිටින විට, දෙවියන් වහන්සේ හට යළි යළිත් ඔහුගේ පුත්‍රයා මරා දැමීමට සිදු වේ. දෙවියන් වහන්සේ හට මෙය කිරීමට අවශ්‍ය නොවන සේ. “ඔබගේ පාපයන් රැගෙන දිනපතා මා වෙත නොපැමිණෙන්න. ඔබලාගේ සියලු පාපයන්ගෙන් ඔබලාව ගළවා ගැනීමට මම මාගේ පුත්‍රයා ඔබලා වෙත එවමි. ඔබලාට සිදු කිරීමට ඇති සියල්ල වන්නේ උන්වහන්සේ ඔබේ පාපයන්ඉවතට ගන්නේ කෙසේද යන්න අවබෝධ කර ගෙන, එය සත්‍ය බව පිළිගැනීම ය. ඉන්පසු, ගැළවීම සඳහා ජලයේ සහ ජීවයේ ශුභාරංචිය විශ්වාස කරන්න. මාගේ මැවුම් වන ඔබලා වෙත දිය හැකි විශාලතම ආදරය මා ඔබලාට දී තිබේ.” යැයි උන්වහන්සේ පවසන සේක.
උන්වහන්සේ අපට පවසන්නේ මෙය යි. “මාගේ පුත්‍රයා කෙරෙහි විශ්වාසය තබා, ඔබේ පාපයන් සඳහා සමාව ලබා ගන්න. ඔබගේ දෙවියන් වහන්සේ වන මා, මාගේ ම පුත්‍රයා ඔබලාගේ පාපයන් සහ අයුක්තියන් සඳහා වරදට සමාව ලබා ගැනීම සඳහා යැවූවෙමි. මාගේ පුත්‍රයා කෙරෙහි විශ්වාසය තබා, ගැළවෙත්වා.”
තමන් පව් රැසක් යැයි නොදන්නා පුද්ගලයෝ ඔවුන්ගේ සෑම කුඩා පාපයක් සඳහා ම උන්වහන්සේගේ සමාව අයදිති. ඔවුන්ගේ පාපයන්හි දරුණු බර පිළිබඳ නොදැන, ඔවුහු උන්වහන්සේ ඉදිරියට ගොස්, “කරුණාකර මේ සෑම කුඩා පාපයක් සඳහා ම සමාව ලබා දෙන සේක්වා. මම යළිත් එය කිසිදාක සිදු නොකරමි.” යැයි පමණක් යාච්ඥා කරති.
ඔවුහු ද උන්වහන්සේව එවැනි යාච්ඥා මඟින් මුලා කිරීමට උත්සාහ ගනිති. අප එක් වරක් පමණක් පාපයන් සිදු නොකරන නමුත්, අප මැරෙන දිනය තෙක් නොකඩවා එලෙස සිදු කරයි. අපගේ ජීවිතවල අවසාන දිනය වන තෙක් සමාව අයැද සිටීමට අපට සිදු වනු ඇත්තේ මක් නිසාද යත්, අපට පාපයන් සිදු කිරීම නැවැත් වීමට නොහැකි වීම සහ අපගේ මාංශ අප මිය යන තුරු පාපයේ නියමයට ගැතිකම් කරනා බැවිනි.
එක් කුඩා පාපයකට පමණක් සමාව ලැබීමෙන් පාපයේ ගැටලුව විසඳිය නොහැකි වන්නේ මන්ද යත්, අප දිනපතා අප්‍රමාණ ගණනක් පාපයන් සිදු කරන බැවිනි. එබැවින්, අපට පාපයෙන් ගැළවිය හැකි එකම මඟ වන්නේ, අපගේ සියලු පාපයන් යේසුස් වහන්සේ වෙත යැවීම යි.
මානව ස්වභාවය කුමක්ද?
පාපයන් රාශියකි.
බයිබලය මිනිසුන්ගේ පාපයන් ගණනය කරයි. “මක්නිසාද නුඹලාගේ අත් ලෙයින්ද නුඹලාගේ ඇඟිලි අපරාධකමෙන්ද කිලුටුවී තිබේ; නුඹලාගේ තොල් බොරු කීවේය, නුඹලාගේ දිව් දුෂ්ටකම් නික්මවන්නේය. 4ධර්මිෂ්ඨකමින් හඬගසන කෙනෙක්වත් සැබෑකමින් නඩුකියන කෙනෙක්වත් නැත. ඔව්හු හිස්කම කෙරෙහි විශ්වාසය තබා බොරු කියති; ඔව්හු නපුර පිළිසිඳගෙන අයුක්තිය වදති. 5ඔව්හු පොළොං බිජු රකිති, මකුළු දැල් වියති. ඔවුන්ගේ බිජු කන අය මැරෙති, බිඳෙන බිජුවෙන් පොළඟෙක් නික්මෙයි. 6ඔවුන්ගේ නූල් ඇඳුම්වලට ගන්ටවත් තමුන්ගේ වැඩවලින් ඇඟ වසාගන්ටවත් ඔවුන්ට බැරිවෙයි. ඔවුන්ගේ වැඩ අපරාධ වැඩය, බලාත්කාර ක්‍රියා කිරීමද ඔවුන්ගේ අත්වල තිබේ. 7ඔවුන්ගේ පාදයෝ නපුරට දුවති, ඔව්හු නිදොස් ලේ වැගිරවීමට ඉක්මන්වෙති. ඔවුන්ගේ සිතිවිලි අයුතුකමේ සිතිවිලිය; නාස්තිය හා විනාශය ඔවුන්ගේ මාවත්වල තිබේ. 8සමාදානයේ මාර්ගය ඔව්හු නොදනිති; ඔවුන්ගේ මාවත්වල යුක්තිය නැත. ඔව්හු තමුන්ට ඇද මාවත් සාදාගත්තෝය; එහි යන්නාවූ කිසිවෙක් සමාදානය නොදන්නේය.” (යෙසායා 59:3-8).
මිනිසුන්ගේ ඇඟිලි අසාධරණයන්ගෙන් අපවිත්‍ර වී ඇති අතර, ඔවුන්ගේ ජීවිත මුළුල්ලේ ඔවුන් පාපකාරී ලෙස දිවි ගෙවයි. ඔවුන් සිදු කරන සෑම දෙයක්ම දුෂ්ට ය.’ එමෙන්ම අපේ දිවවල් ‘මුසාවන් පවසා ඇත.’ අපගේ මුඛයන් තුළින් පිටතට පැමිණෙන සියල්ල මුසාවන් වේ.
“44නුඹලා නුඹලාගේ පියවූ යක්ෂයාගෙන්ය, නුඹලා නුඹලාගේ පියාගේ තෘෂ්ණාවන් ඉෂ්ටකරන්ට කැමතිය. ඔහු පටන්ගැන්මේ සිට මිනීමරන්නෙක්ය, ඔහු තුළ සැබෑකම නැති හෙයින් ඔහු සැබෑවෙහි. ඔහු බොරුවක් කියන කල තමාගේම දේ කියයි. මක්නිසාද ඔහු බොරුකාරයෙක්ය, බොරුවේ පියාය. “මම ඔබට පවසන්නේ සත්‍යයයි...මම ඇත්තටම ඔබව පවසන්නෙ.මම පවසන දෙය තමයි සත්‍යය.”යැයි යළි නොඉපදෙන පුද්ගලයන් පැවසීමට කැමතියි. කෙසේවෙතත්, ඔවුන් පවසන සෑම දෙයක්ම මුසාවකි. එය ලියා ඇති සේ ම ය”
මිනිසුන් ඔවුන්ගේ විශ්වාසය හිස් වචනවල තබා මුසාවන් පවසයි. මිනිසුන් දුෂ්ටකම් සිදු කොට අසාධරණකම් ඉදිරියට ගෙන එයි. ඔවුන් පොළොඟුන්ගේ බිජු රකින අතර, මකුළුවන්ගේ මකුළු දැල් වියයි. “5ඔව්හු පොළොං බිජු රකිති, මකුළු දැල් වියති. ඔවුන්ගේ බිජු කන අය මැරෙති, බිඳෙන බිජුවෙන් පොළඟෙක් නික්මෙයි යැයි දෙවියන් වහන්සේ පවසන සේක. පොළඟාගේ බිත්තර ඔබේ හදවතේ ඇති බව උන්වහන්සේ පවසන සේක. පොළඟාගේ බිත්තර! ඔබේ හදවතේ දුෂ්ටකම ඇත. ජලයේ සහ රුධිරයේ ශුභාරංචිය විශ්වාස කරමින් අපට ගැළවීමට ඇත්තේ එබැවිනි.
මම දෙවියන් වහන්සේ පිළිබඳ කතා කරන්නට පටන් ගන්නා සෑම විටක දී ම, “අපොයි, හිතවත! කරුණාකර මට දෙවියන් වහන්සේ පිළිබඳ නොපවසන්න. මා යමක් කිරීමට පටන් ගන්නා සෑම අවස්ථාවක දී ම, පාපය මාගෙන් වගුරවා යයි.එය හුදෙක් පිටාර ගලා යයි. මට එම ස්ථානය පුරා පාපය ඉහිරීමට ලක් නොකර එක පියවරක් හෝ ගත නොහැකියි. මට එයට කිරීමට දෙයක් නැත. මම පාපයෙන් බරිත වී සිටිමි. මම බොහෝ බලාපොරොත්තුව සිටිමි. එබැවින් මට ශුද්ධ වූ දෙවියන් වහන්සේ පිළිබඳ කිසිවක් නොපවසන්න.” යැයි පවසන පුද්ගලයෝ සිටිති.
මෙම පුද්ගලයා ඔහු/ ඇය පාප රාශියක් වන බව නිසැකවම දනී, එනමුත් දෙවියන් වහන්සේ උන්වහන්සේගේ ආදරයේ ශුභාරංචියෙන් සම්පූර්ණයෙන්ම ඔහු/ඇය ව ගළවාගෙන ඇති බව ඔහු/ඇය නොදනී. තමන් පාප රාශියක් බව දන්නා පුද්ගලයන් හට පමණක් ගැළවිය හැකිය.
සත්‍ය වශයෙන්ම, සියල්ලෝම එපරිදි ය. සෑම පුද්ගලයෙකු ම ඔහු/ ඇය යන සෑම තැනකදී ම නොකඩවා පාපයන් වගුරුවයි. පාපය පිටාර ගලන්නේ මක් නිසාද යත් සියලු මිනිසුන් පාප රාශියන් වන හෙයිනි. එවැනි පැවැත්මකින් අපට ගැළවිය හැකි එකම මඟ වන්නේ දෙවියන් වහන්සේගේ බලය ඔස්සේ පමණි. එය සරලවම පුදුමාකාර නොවන්නේ ද? කණස්සල්ල, සතුට හෝ සැපදායකබවේ දී පවා යන ඕනෑම අවස්ථාවක පාපය වගුරුවන පුද්ගලයන් ගළවාලිය හැක්කේ අපගේ ස්වාමීන් වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔස්සේ පමණි. යේසුස් වහන්සේ අපව ගළවා ගැනීමට පැමිණි සේක.
උන්වහන්සේ ඔබේ පාපයන් සියල්ල සම්පූර්ණයෙන් මකා දමා ඇත. ඔබ පාපයන් රාශියක් බව පිළිගෙන ගැළවෙන්න.