• All e-books and audiobooks on The New Life Mission website are free
  • Explore multilingual sermons in global languages
  • Two new revised editions in English have been released
  • Check out our website translated into 27 languages
Search

Sermons

2 වන විෂයය: ව්‍යවස්ථාව

[2-1] අප නියමයෙන් දේවල් කරන්නේ නම්, ඊට අපව ගලවා ගත හැකිද? (ලූක් 10: 25-30)

(ලූක් 10: 25-30) 
“25බලව, ව්‍යවස්ථාව උගන්වන්නෙක් නැගිට උන්වහන්සේ පරීක්ෂාකරමින්: ආචාරිනි, සදාකාල ජීවනය උරුමකර ගන්න පිණිස මා විසින් කුමක් කටයුතුදැයි ඇසුවේය. 26උන්වහන්සේද: ව්‍යවස්ථාවෙහි ලියා තිබෙන්නේ කිමෙක්ද? නුඹ කියවන්නේ කෙසේදැයි ඇසූසේක. 27ඔහු උත්තරදෙමින්: නුඹේ මුළු හෘදයෙන්ද නුඹේ මුළු ආත්මයෙන්ද නුඹේ මුළු ශක්තියෙන්ද නුඹේ මුළු බුද්ධියෙන්ද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේටත් නුඹට මෙන් නුඹේ අසල්වාසියාටත් ප්‍රේමකරව යනුයි කීවේය. 28උන්වහන්සේ: නුඹ උත්තර දුන්නා හරිය. එසේ කරපන්න, එවිට නුඹ ජීවත්වන්නෙහියයි ඔහුට කීසේක. නුමුත් ඔහු නිදොස්වෙන්ට කැමතිව: 29මාගේ අසල්වාසියා කවුදැයි යේසුස්වහන්සේගෙන් ඇසුවේය. 
30යේසුස්වහන්සේ උත්තරදෙමින් කියනසේක්: එක්තරා මනුෂ්‍යයෙක් යෙරුසලමෙන් යෙරිකෝවට යන කල සොරුන්ට අසුවිය; සොරු ඔහුගේ වස්ත්‍ර පැහැරගෙන, ඔහුට පහරදී, ඔහු අඩපණකර ගියෝය.”
 

මිනිසාගේ විශාලතම ප්‍රශ්නය කුමක්ද?
ඔවුහු වැරදි මායාවන් කිහිපයක් සමඟ දිවි ගෙවති.

 “මෙය කරන්න. ඔබ ජීවත් වනු ඇත.”,ලූක් 10:28
මිනිසුන් බොහෝ මායාවන් සමඟ ජීවත් වේ. මීට සම්බන්ධව ඔවුන් විශේෂයෙන්ම අවදානම් සහගත බව ඉන් පෙනී යයි. ඔවුන් බුද්ධිමත් යැයි පෙනුණ ච, පහසුවෙන් රැවටෙන අතර, ඔවුන්ගේ දුෂ්ට පැතිකඩ සම්බන්ධ නොදැනුවත්බාවයකින් පසුවෙයි. අප අප පිළිබඳ නොදැන ගනිමින් ඉපදෙන නමුත්, අප තවමත් ජීවත් වන්නේ අප ගැන දන්නා පරිද්දෙනි. මිනිසුන් ඔවුන්ව නොදන්නා බැවින්, අප පව්කාරයන් බව බයිබලය පුනපුනා අපට පවසයි.
මිනිසුන් ඔවුන්ගේ ස්වකීය පාපයන්වල පැවැත්ම පිළිබඳ කතාබහ කරයි. මිනිසුන් යහපත සිදු කිරීමට නොහැකියාවෙන් පෙළෙන බව පෙනී යන අතර, කෙසේවෙතත්, ඔවුන් යහපත් යැයි විදහා දැක්වීමට නැඹුරු වී සිටී. ඔවුන් ඔවුන්ගේ යහපත් වැඩ සහ ජේත්තු ලෙස හැසිරීම් පිළිබඳ උදම් ඇනුව ද, ඔවුන් පව්කාරයන් බව ඔවුන්ගේ තොල්වලින් පවසයි.
ඔවුනට ඔවුන් තුළ යහපත සතු වන්නේ ද හෝ යහපත කිරීමට ඔවුනට හැකියාව තිබෙන්නේ ද යන්න පිළිබඳ ඔවුන් නොදන්නා අතර, එබැවින් ඔවුන් අනෙකුත් අය රැවටීමට උත්සාහ කරයි. තවද, ඇතැම් විට ඔවුන්වම පවා රවටා ගනී. “මේ බලන්න. අපට සම්පූර්ණයෙන්ම දුෂ්ට විය නොහැකියි. යම්තාක් යහපතක් අප සතු විය යුතුයි.”
එහි ප්‍රතිඵලයක් ලෙස, ඔවුන් අන් අය දෙස බලා මෙලෙස ඔවුනටම පවසා ගනී, “දෙවියනේ, ඔහුට ඒක නොකරන්නට තිබුණා. ඔහු එසේ නොකළා නම් ඔහුට මීට වඩා හොඳ වෙන්න තිබුණා. ඔහු මේ ආකාරයට කතා කළේ නම් වඩාත් හොඳින් ඔහුට සියල්ල වෙන්නට තිබුණා. ඔහුට ක්‍රිස්තුස් වහන්සේගේ ධර්මය ඒ ඒ ආකාරයට දේශනා කිරීම වඩා හොඳ බව මා සිතනවා. ඔහු මා ඉදිරිපිට දී ගැලවුණි, එබැවින් ඔහු වැඩි වශයෙන් ගැලවුණු පුද්ගලයෙකු ලෙස ක්‍රියා කළ යුතු යැයි මා සිතනවා.” මා මෑතක දී ගැලවුණා, නමුත් මා තවත් බොහෝ දෑ ඉගෙන ගන්නේ නම්, මා ඔහුට වඩා හොඳින් කරනු ඇති.”
ඔවුනට රිදෙන සෑම අවස්ථාවක දී ම, ඔවුන්ගේ හදවත් තුළ ඔවුන් පිහි මුහත් කරයි. “ඔබ මඳක් රැදී සිටින්න. මා ඔබ මෙන් නොවන බව ඔබට වැටහෙනු ඇත. ඔබ මා දැන් පසු කර ඇතැයි ඔබට සිතෙනු ඇත, නමුත් ඔබ මඳක් සිටින්න. අවසානයේ දී පැමිණෙන්නන් ප්‍රථමයන් වනු ඇති බව බයිබලයේ ලියා තිබේ. එය මා හට අදාළ වන බව මම දනිමි.” රැඳී සිටින්න, මම ඔබට පෙන්වන්නම්.” මිනිසුන් ඔවුන්වම රවටා ගනී.
ඔහු අනෙක් පුද්ගලයාගේ ස්ථානයේ සිටියේ නම්, ඔහු ද එලෙසින්ම ප්‍රතික්‍රියා කරනු ඇති වුව ද, ඔහු තවමත් අනෙකාව විනිශ්චය කරයි. ඔහු ධර්මාසනය අසල සිට ගෙන සිටින විට, ඔහුට හදිසියේම ඔහු අසරණ ලෙස ගොත ගසන බව දැනී යන්නේ මක් නිසාද යත්, ඔහු ඔහුගේ ඇඳුම පැළඳුම පිළිබඳ ප්‍රමාණය ඉක්මවා සිතා බලන බැවිනි. මිනිසුන්ගේ ඔවුනට යහපත කිරීමට හැකියාව සතු වන්නේ දැයි ඇසූ විට, බොහෝ මිනිසුන් ඔවුන්ගේ තොල්වලින් පවසන්නේ ඔවුනට එලෙස කළ නොහැකි බවයි. එනමුත් ඔවුන්ගේ හදවත් තුළ, ඔවුනට ස්වකීය ශක්තිය ඇතැයි යන මායාව යටතේ ඔවුන් පසුවෙයි. එබැවින්, ඔවුන් මරණයට පත් වන දිනය පැමිණෙන තෙක් ගුණවත් වීමට ඔවුන් උත්සාහ දරයි.
ඔවුනට ඔවුන්ගේ හදවත් තුළ ‘යහපත’ තිබෙන බව ඔවුන් සිතන අතර, ඔවුනට යහපත කිරීමට හැකියාව ඇතැයි ද ඔවුන් සිතයි.ඔවුන් ප්‍රමාණවත් පරිදි යහපත් යැයි ද ඔවුන් විශ්වාස කරයි. ඔවුන් කෙතරම් කාලයක් ආගමික ලෙස සිටියේ ද යන්න නොතකමින්, විශේෂයෙන්ම දෙවියන් වහන්සේගේ සේවයෙහි විශාල ප්‍රගතියක් අත් කර ගත් අය අතර, ඔවුන් සිතනුයේ, ‘මා හට ස්වාමීන් වහන්සේ උදෙසා එය කළ හැකියි සහ මෙය කළ හැකියි.’ යනුවෙනි.
එනමුත්, අප ස්වාමීන් වහන්සේ අපගේ ජීවිතවලින් පිටතට ගතහොත්, අපට සැබවින්ම යහපත සිදු කළ හැකි ද? මානවදයාවේ යම් යහපතක් තිබේ ද? අපට යහපත් වැඩ සිදු කරමින් සැබවින්ම ජීවත් විය හැකි ද? මානවයන් හට යහපත කිරීම සඳහා හැකියාව නොමැත. ඔවුන් තනිවම යමක් කිරීමට උත්සාහ කරන සෑම විටක දී ම, ඔවුන් පාපයන් සිදු කර ගනී. ඇතැමුන් යේසුස් වහන්සේ කෙරෙහි විශ්වාසය තැබීමෙන් අනතුරුව, උන්වහන්සේව පසෙකින් තබන අතර, ඉන් පසු ඔවුන් විසින්ම යහපත් වීමට උත්සාහ දරනු ලබයි. අප සියලුදෙනා තුළ ඇත්තේ කිසිවක් නොව, අයහපතයි, එබැවින් අපට ප්‍රගුණ කළ හැක්කේ අයහපත පමණි. අපට අප විසින්ම (ගැලවී ඇති පුද්ගලයන් ද ඇතුළුව) සිදු කළ හැක්කේ පාපයන් කිරීම පමණි. අපගේ මාංශයෙහි යතාර්ථය වන්නේ එයයි.
 
අප සැමවිටම සිදු කරන්නේ කුමක්ද,
යහපත ද නැතහොත් අයහපත ද?
අයහපතයි

යේසුස් වහන්සේ නාමයට ප්‍රශංසා කරන්න, නම් අපගේ පැසසුම් පොතෙහි මෙලෙස කියවන ගීතයක් ඇත, “♪යේසුස් වහන්සේ නොමැතිව, අපට සිදු කළ හැක්කේ පාපයන් පමණි, මක් නිසාද යත් අප අකුසල ජීවීන් වන හෙයිනි. අපට ධාර්මික වැඩ කිරීමට හැකියාව ඇත්තේ ගැලවීමෙන් පසුව පමණි. ♪”
 19මක්නිසාද මම කැමති යහපත නොකර අකමැති නපුර කරමි. (රෝම 7:19) යැයි ධර්මදූත පාවුළුතුමා පැවසුවේය. පුද්ගලයෙකු යේසුස් වහන්සේ සමඟ සිටින්නේ නම්, එහි ගැටලුවක් නොමැත, නමුත් ඔහුට/ඇයට උන්වහන්සේ සමඟ කිරීමට කිසිවක් නොමැති නම්, ඔහු/ ඇය දෙවියන් වහන්සේ ඉදිරියේ යහපත් වැඩ කිරීමට උත්සාහ ගනී. කෙසේවෙතත්, එලෙස පුද්ගලයෙකු උත්සාහ ගන්නා වාරයක් පාසා, ඔහු/ ඇය අකුසලයන් සිදු කර ගනී.
ඩේවිඩ් රජුන් හට පවා එම සහජ ස්වභාවය ම තිබුණි. ඔහුගේ දේශය සාමකාමී හා සෞභාග්‍යවත් වූ කලක, එක් සන්ධ්‍යාවක, ඔහු සක්මන් කිරීම සඳහා පියස දෙසට ගියේය. එහි දී, ඔහු ආශා උපදවන පින්තූරයක් දැක, ඉන්ද්‍රියයන් පිනවන සතුටකට පත් වුණි. ඔහුට ස්වාමීන් වහන්සේ අමතක වූ විට ඔහු කුමක් මෙන් වූයේ ද? ඔහු සැබවින්ම අයහපත් විය. ඔහු බත්ෂෙබා සමඟ කාම මිථ්‍යාචාරය සිදු කළ අතර, ඇගේ ස්වාමි පුරුෂයා වූ යූරියා මරා දැමුවේය, එනමුත් ඔහුට ඔහු තුළ තිබූ අකුසලය නොපෙනුණි. ඒ වෙනුවට ඔහු ඔහුගේ ක්‍රියාවන් සඳහා වරදින් නිදහස් වීමට හේතු කාරණා සාදා ගත්තේය.
ඉන්පසු එක් දිනක් නේතන් ශාස්තෘවරයා ඔහු වෙත පැමිණ මෙලෙස පැවසුවේය. 1තවද ස්වාමීන්වහන්සේ දාවිත් වෙතට නාතාන් යැවූසේක. ඔහු දාවිත් ළඟට ඇවිත් කථාකොට: එක් නුවරක මනුෂ්‍යයෝ දෙදෙනෙක් සිටියෝය; එක්කෙනෙක් ධනවතෙක්ය, අනික් අය දිළින්දෙක්ය. 2ධනවතාට බැටළු රැළවල්ද ගව රැළවල්ද ඉතා මහත් ගණනක් වූහ. 3නුමුත් දිළින්දාට තමා මිලේට ගෙන ඇතිකළාවූ එක කුඩා බැටළු වැස්සියෙකු හැර වෙන කිසිවක් නොවීය. ඈ ඔහු වෙත ම ඔහුගේ දරුවන් සමග වැඩෙමින්ද ඔහුගේ කෑම ටිකෙන් කමින්ද ඔහුගේ කුසලානෙන් බොමින්ද ඔහුගේ ළයෙහි හෝමින්ද ඔහුට දුවෙකු මෙන් සිටියාය. 4ධනවතා ළඟට ගමන් යන්නෙක් ආයේය, ඔහු තමා ළඟට ආ මගියාට කෑම පිළියෙළ කරන පිණිස තමාගේම බැටළුවන්ගෙන්වත් ගවයින්ගෙන්වත් ගන්ට අකමැතිවී දිළින්දාගේ බැටළු වැස්සිය රැගෙන තමා ළඟට ආ මනුෂ්‍යයාට කෑම පිළියෙළකෙළේයයි ඔහුට කීය. (2 සාමුවෙල් 12:1-4)’
 “5…මේක කළ මිනිහා මැරුම්කෑ යුතුය!” යැයි ඩේවිඩ් පැවසුවේය. ඔහුගේ කේන්තිය මහත් සෙයින් ඇවිස්සුණු අතර, එබැවින් ඔහු මෙසේ පැවසුවේය, “ඔහුට ඔහුගේම යන බොහෝ දෑ තිබේ; ඔහුට නිසැකයෙන්ම ඒවායෙන් එකක් ගන්නට පුළුවන්. නමුත් ඔහු ඒ වෙනුවට, ඔහුගේ අමුත්තා සඳහා ආහාර පිළියෙල කිරීමට දිළිදු පුද්ගලයාගේ එකම බැටළුවා අර ගත්තේ ය. ඔහු මරණයට පත් විය යුතුය!” ඉන්පසු, නේතන් ඔහුට මෙසේ පැවසුවේය, “ඔබ තමයි මිනිසා.” අප යේසුස් වහන්සේ අනුගමනය නොකරන්නේ නම් සහ උන්වහන්සේ සමඟ සිටින්නේ නැත්නම්, යළි ඉපදෙන පුද්ගලයන් හට පවා එවැනි අයහපත් දෑ සිදු කළ හැකියි.
එය භක්තින්ත පුද්ගලයන් හට පවා, ඒ ඇතුළු සියලු පුද්ගලයන්ට සමාන වේ. අප සැම විටම පැකිළෙන අතර, යේසුස් වහන්සේ නොමැතිව අයහපත ප්‍රගුණ කරයි. අප තුළ තිබෙන අයහපත නොතකමින්, අද දින යේසුස් වහන්සේ අපව ගළවා ගත් බැවින් අපි යළිත් වරක් ස්තූතිවන්ත වන්නෙමු.“♪මට කුරුසිය යට මගේ ගිමන් නිවන්නට ඇත්නම් ♪” අපගේ හදවත් ක්‍රිස්තුස් වහන්සේගේ ගැලවීමෙහි සෙවණ යටතේ ගිමන් හරින නමුත්, අප සෙවන අත්හැර අප දෙස බලන්නේ නම්, අපට කිසිදාක ගිමන් හැරිය නොහැක.
 

දෙවියන් වහන්සේ අපට නියමයට ප්‍රථම භක්තියෙහි ධර්මිෂ්ඨබව ලබා දුන් සේක

අනුගමනය කිරීමට වඩාත් 
වේලාසන කුමක්ද? 
භක්තියයි

දෙවියන් වහන්සේ ආරම්භයේ සිට භක්තියේ ධර්මිෂ්ඨබව අපට ලබා දුන් බව ධර්මදූත පාවුළුතුමා පැවසුවේය. උන්වහන්සේ එය ආදම් සහ ඒව, කායින්, ආබෙල්, සෙත් සහ ඒනොක්, නෝවා, ආබ්‍රහම්, ඊසාක් සහ අවසාන වශයෙන් ජේකබ් හට සහ ඔහුගේ පුත්‍රයන් දොළොස් දෙනාට හට ලබා දුන් සේක. නියමය රහිතව පවා, උන්වහන්සේගේ වචනය කෙරෙහි තැබූ භක්තිය තුළින් හට ගත් ධර්මිෂ්ඨබව ඔස්සේ ඔවුහු දෙවියන් වහන්සේ ඉදිරියේ ධර්මිෂ්ඨබවට පත් වූහ. ඔවුන් ආශිර්වාදයට පාත්‍ර වූ අතර, ඉතිරිය උන්වහන්සේගේ වචනය ඔස්සේ ලබා දෙන ලදී.
කාලය ගත වුණු අතර, ජේකබ්ගේ පැවත එන්නෝ ජෝසප් හේතුවෙන් වසර 400ක් දක්වා වහලුන් ලෙස ඊජිප්තුවේ සේවය කළහ. ඉන්පසු, දෙවියන් වහන්සේ ඔවුන්ව මොසස් ඔස්සේ කැනාන් දේශයට ගෙන යන ලද සේක. කෙසේවෙතත්, වහල්බාවයේ වසර 400 අතරතුර, ඔවුනට භක්තියෙහි ධර්මිෂ්ඨබව අමතකව ගොස් තිබුණි.
එබැවින් දෙවියන් වහන්සේ උන්වහන්සේගේ ප්‍රාතිහාර්යය ඔස්සේ ඔවුනට රතු මුහුද තරණය කිරීමට ඉඩ ලබා දී, ඔවුනට වල් වැදුණු සේ දිවි ගෙවීමට ඉඩ දුන් සේක. ඔවුන් පාපයේ වල්බිහි වූ ස්වභාවයට ළඟා වූ විට, උන්වහන්සේ සිනායි කන්ද අසල ඔවුනට නියමය ලබා දුන් සේක. දේවාඥාවන් දහයක් සහ විස්තරාත්මක කොන්දේසි 13කින් සමන්විත නියමය උන්වහන්සේ ඔවුනට ලබා දුන් සේක. මම ස්වාමීන් වහන්සේ වෙමි. ඔබගේ දෙවියන් වහන්සේ, ඒබ්‍රහම්ගේ දෙවියන් වහන්සේ, ඊසාක්ගේ දෙවියන් වහන්සේ, ජේකබ්ගේ දෙවියන් වහන්සේ. මොසෙස් හට සිනායි කන්ද වෙත එන්නට ඉඩ දෙන්න, මම ඔබට නියමය දෙන්නම්.” යැයි දෙවියන් වහන්සේ ප්‍රකාශ කරන ලද සේක. ඉන්පසු, උන්වහන්සේ ඊශ්‍රායල්ට නියමය ලබා දුන් සේක.
ඔවුනට ‘පාපය පිළිබඳ දැනුමක්’ ඇති වන පරිද්දෙන් උන්වහන්සේ ඔවුනට නියමය ලබා දුන් සේක. (රෝම 3:20) උන්වහන්සේ කැමති වූ සහ අකමැති වූ දේ පිළිබඳ මෙන්ම, උන්වහන්සේගේ ධර්මිෂ්ඨබව සහ ශුද්ධත්වය ඔවුනට අනාවරණය කිරීම එහි අරමුණ විය.
ඊජිප්තුවේ වසර 400 ගත වන තුරු වහල්බාවයට පමුණුවා තිබූ සියලු පුද්ගලයෝ රතු මුහුද තරණය කළහ. ඔවුන් කිසිදිනක ඒබ්‍රහම් දෙවියන් වහන්සේ, ඊසාක් දෙවියන් වහන්සේ සහ ජේකබ් දෙවියන් වහන්සේ මුණගැසී නොතිබුණි. ඔවුහු උන්වහන්සේව නොදැන සිටියහ.
එම වසර 400 සඳහා ඔවුන් වහලුන් ලෙස දිවිගෙවන කාලය අතරතුර, ඔවුනට දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨබව අමතකව ගොස් තිබුණි. එම කාලයේ දී, ඔවුනට නායකයෙකු නොසිටියේ ය. ජේකබ් සහ ජෝසප් ඔවුන්ගේ නායකයන් වූ නමුත්, ඔවුහු දිගු කලකට පෙර මරණයට පත් වූහ. ජෝසප් ඔහුගේ පුත්‍රයන් වන මනස්සේ සහ එප්‍රායිම් හට භක්තිය ලබා දීමට අපොහොසත් වූ බව ඉන් පැහැදිලි වේ.
එබැවින්, ඔවුනට උන්වහන්සේගේ ධර්මිෂ්ඨබව අමතව ගොස් ඇති හෙයින්, ඔවුනට ඔවුන්ගේ දෙවියන් වහන්සේව සොයා ගෙන ගොස් මුණ ගැසීමට අවශ්‍ය වුණි. දෙවියන් වහන්සේ ප්‍රථමයෙන් ඔවුනට භක්තියේ ධර්මිෂ්ඨබව දුන් බවත්, ඉන්පසු ඔවුනට නියමය ලබා දුන් බවත්, අනතුරුව ඔවුනට භක්තිය අමතක ව ගිය බවත් අප සිත්හි ධාරණය කර ගත යුතුය. උන්වහන්සේ ඔවුනට නියමය ලබා දුන්නේ පෙරළා ඔවුන් උන්වහන්සේ කරා ගනු පිණිස ය.
ඊශ්‍රායලය බේරා ගැනීමට සහ ඔවුන් උන්වහන්සේගේ මිනිසුන් කිරීම සඳහා, ඔවුනට සුන්නත් කර ගැනීමට උන්වහන්සේ පැවසූ සේක.
ඔවුන්ව කැඳවීමේ උන්වහන්සේගේ අරමුණ වූයේ නියමය පිහිටු වීමෙන් උන්වහන්සේ පැවතුණු බවත්, දෙවනුව උන්වහන්සේ ඉදිරියේ ඔවුන්ව පව්කාරයන් බව ඔවුනට දැන ගැනීමටත් ය. දෙවියන් වහන්සේට ඔවුන් උන්වහන්සේ ඉදිරිපිටට ගෙන්වා ගෙන, උන්වහන්සේ විසින් ලබා දී ඇති යාඥික පද්ධතිය ඔස්සේ ගැලවෙමින් උන්වහන්සේගේ මිනිසුන් බවට පත් කිරීමට ය. එමෙන්ම, උන්වහන්සේ ඔවුන් උන්වහන්සේගේ මිනිසුන් බවට පත් කළ සේක.
පැමිණීමට සිටින ගැලවුම්කරුවා කෙරෙහි විශ්වාසය තබමින්, නියමයේ යාඥික පද්ධතිය ඔස්සේ ඊශ්‍රායලයේ මිනිසුන් ගැලවුණි. එනමුත්, යාඥික පද්ධතිය ද කාලයත් සමඟ මැකී ගොස් තිබේ. 
ලූක් 10:25 හි යේසුස් වහන්සේ පරීක්ෂා කරන ලද කිසියම් නීතීඥයෙකු සඳහන් වේ. එම නීතීඥයා ව්‍යාජ භක්තිකයෙකු විය. ව්‍යාජ භක්තිකයන් යනු දෙවියන් වහන්සේගේ වචනයටම ජීවත් වීමට උත්සාහ දරන ලද අන්තගාමී ගතානුගතිකයන් ය. ඔවුහු ප්‍රථමයෙන් දේශය ආරක්ෂා කිරීමට උත්සාහ දරා, පසුව දෙවියන් වහන්සේගේ වචනයට අනුව ජීවත් වීමට කටයුතු කළහ. ඉන්පසු, රෝමයෙන් ඊශ්‍රායලයේ නිදහස ලබා ගැනීම නම් වූ ඔවුන්ගේ දැක්ම අත්පත් කර ගැනීම පිණිස ප්‍රචණ්ඩත්වය කරා නැඹුරු වීමට ප්‍රවණතාවක් දැක් වූ, සහ ඉතා අපරික්ෂාකාරී පිරිසක් වූ, තදින් පක්ෂග්‍රාහී වූ පුද්ගලයන් ද පිරිසක් වූහ.

යේසුස් වහන්සේට හමුවීමට 
අවශ්‍ය වූයේ කවරෙකුවද?
මඟ පෙන්වන්නෙකු නොමැති පව්කාරයන්

ඔවුන් වැනි ආගමික තැනැත්තන් කිහිපදෙනෙකු අදටත් සිටී. ‘ලොව පීඩිත ජනයා ගළවා ගන්න’ වැනි උද්යෝග පාඨ සමඟ ඔවුහු සමාජ ව්‍යාපාර මෙහෙයවති. දිළිඳු සහ පීඩිත පුද්ගලයන් බේරා ගැනීමට යේසුස් වහන්සේ පැමිණි වග ඔවුහු විශ්වාස කරති. එබැවින්, පූජක විද්‍යාලයෙන් දේව ධර්මය හැදෑරීමෙන් අනතුරුව, ඔවුහු දේශපාලනයට සහභාගී වන අතර, සමාජයේ සෑම ක්ෂේත්‍රයකම ‘අහිමි වූවන් ගළවා ගැනීම’ ට උත්සාහ කරති.
 “අප සියලුදෙනා උන්වහන්සේගේ වචනයෙන්, නියමය දක්වා ජීවත් වෙමු...එමෙන්ම ශුද්ධ සහ අනුකම්පාසහගත නීතියෙන් ජීවත් වෙමු.” යැයි අවධාරණය කරන්නෝ ඔවුහු ය. එනමුත් ඔවුනට නියමයේ සත්‍ය අර්ථය නොවැටහේ. ඔවුහු නියමයේ දිව්‍යමය හෙළිදරව්ව හඳුනා නොගනිමින්, ඒ අතරතුර නියමය අකුරට පිළිපදිමින් ජීවත් වීමට උත්සාහ දරති.
එබැවින්, ක්‍රිස්තුස් වහන්සේට ප්‍රථම වසර 400ක පමණ කලක් සඳහා ඊශ්‍රායලයේ දෙවියන් වහන්සේගේ සේවකයන්, ශාස්තෘවරයන් නොසිටි බව අපට පැවසීමට හැකිය. මේ හේතුවෙන්, ඔවුන් එඬේරෙකු නැති බැටළු රැළක් බවට පත් විය.
ඔවුනට නියමය හෝ සැබෑ නායකයෙකු නොසිටෙන්න ඇත. දෙවියන් වහන්සේ එකල සිටි කුහක ආගමික නායකයන් ඔස්සේ උන්වහන්සේව හෙළිදරව් නොකළ සේක. දේශය රෝමානු අධිරාජ්‍යයේ යටත්විජිතයක් බවට පත් ව තිබුණි. එබැවින්, උන්වහන්සේත් සමඟ වල්වැදීම කරා එළඹි ඊශ්‍රායලයේ එම පිරිසට, ඔවුන්ව කුසගින්නේ නොයවන බව යේසුස් වහන්සේ පැවසූ සේක. මඟ පෙන්වන්නෙකු නොමැතිව සිටි එම සමූහය කෙරෙහි උන්වහන්සේ අනුකම්පාව දැක් වූයේ මන්ද යත්, එකල්හි එලෙස පීඩා විඳිමින් සිටි බොහෝ පුද්ගලයන් වූ බැවිනි.
නීතීඥයන් සහ එවැනි තනතුරුවල සිටින වෙනත් පුද්ගලයන් අත්‍යාවශ්‍යයෙන්ම වරප්‍රසාද හිමි වූ අය විය; ව්‍යාජ භක්තිකයන් යුදෙව්වාදයේ චිරස්ථාපිත පෙළැන්තියෙන් ආ අය වූහ.ඔවුහු ඉතා ආඩම්බර පුද්ගලයෝ වූහ.
 25බලව, ව්‍යවස්ථාව උගන්වන්නෙක් නැගිට උන්වහන්සේ පරීක්ෂාකරමින්: ආචාරිනි, සදාකාල ජීවනය උරුමකර ගන්න පිණිස මා විසින් කුමක් කටයුතුදැයි ඇසුවේය යැයි ලූක් 10:25 හි දී මෙම නීතීඥවරයා යේසුස් වහන්සේගෙන් ඇසුවේය. ඊශ්‍රායලයේ මිනිසුන් අතර ඔහුට වඩා හොඳ පුද්ගලයෙකු නැතැයි ඔහු සිතන බව පෙනී යන්නට විය. එබැවින් මෙම නීතීඥවරයා (ගැලවීමට නොහැකි වූ පුද්ගලයා) උන්වහන්සේට “සදාකාල ජීවනය උරුමකර ගන්න පිණිස මා විසින් කුමක් කටයුතුදැයි ඇසුවේය ?” යැයි පවසමින් අභියෝග කළේය.
නීතීඥයා යනු ඔහු වුව ද, අපගේ ප්‍රතිබිම්බයකි. “සදාකාල ජීවනය උරුමකර ගන්න පිණිස මා විසින් කුමක් කටයුතුද?” යැයි ඔහු යේසුස් වහන්සේගෙන් ඇසුවේය. “26උන්වහන්සේද: ව්‍යවස්ථාවෙහි ලියා තිබෙන්නේ කිමෙක්ද? නුඹ කියවන්නේ කෙසේදැයි ඇසූසේක.” යනුවෙන් යේසුස් වහන්සේ පිළිතුරු දුන් සේක.
27ඔහු උත්තරදෙමින්: නුඹේ මුළු හෘදයෙන්ද නුඹේ මුළු ආත්මයෙන්ද නුඹේ මුළු ශක්තියෙන්ද නුඹේ මුළු බුද්ධියෙන්ද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේටත් නුඹට මෙන් නුඹේ අසල්වාසියාටත් ප්‍රේමකරව යනුයයි කීවේය. 28උන්වහන්සේ: නුඹ උත්තරදුන්නා හරිය. එසේ කරපන්න, එවිට නුඹ ජීවත්වන්නෙහියයි ඔහුට කීසේක. නුමුත් ඔහු නිදොස්වෙන්ට කැමතිව: 29මාගේ අසල්වාසියා කවුදැයි යේසුස්වහන්සේගෙන් ඇසුවේය. “නුඹට මෙන් නුඹේ අසල්වාසියාටත් ප්‍රේමකරව” යැයි එබැවින් උන්වහන්සේ පිළිතුරු දුන් සේක.
 “උන්වහන්සේ: නුඹ උත්තර දුන්නා හරිය. එසේ කරපන්න, එවිට නුඹ ජීවත්වන්නෙහි යයි ඔහුට කීසේක.” යැයි යේසුස් වහන්සේ ඔහුට පැවසූ සේක.
ඔහු කිසිදිනක යහපතක් කිරීමට නොහැකි වූ පාප කැටියක් වන තමා අයහපත බව නොදැන යේසුස් වහන්සේට අභියෝග කළේය “26උන්වහන්සේද: ව්‍යවස්ථාවෙහි ලියා තිබෙන්නේ කිමෙක්ද? නුඹ කියවන්නේ කෙසේදැයි ඇසූසේක.” යැයි එබැවින් යේසුස් වහන්සේ ඔහුගෙන් ඇසුවේය.

නියමය පිළිබඳ ඔබේ 
කියවීම කුමක්ද?
අපි කිසිදා නියමය තබා ගැනීමට 
නොහැකි පව්කාරයෝ වන්නෙමු.

““26…නුඹ කියවන්නේ කෙසේදැයි ඇසූසේක.” මෙම ඡේදයත් සමඟ, ඔබ සහ මම ඇතුළු යමෙකු නියමය දැන ගන්නේ සහ අවබෝධ කර ගන්නේ කෙසේදැයි යේසුස් වහන්සේ අසන සේක. 
වර්තමානයේ බොහෝ මිනිසුන් සිදු කරන ලෙස, දෙවියන් වහන්සේ තමාට නියමය ලබා දුන්නේ ඔහුට එය පිළිපැදීමටයි යනුවෙන් මෙම නීතීඥවරයා ද සිතුවේය. “27ඔහු උත්තරදෙමින්: නුඹේ මුළු හෘදයෙන්ද නුඹේ මුළු ආත්මයෙන්ද නුඹේ මුළු ශක්තියෙන්ද නුඹේ මුළු බුද්ධියෙන්ද නුඹේ දෙවි වූ ස්වාමීන්වහන්සේටත් නුඹට මෙන් නුඹේ අසල්වාසියාටත් ප්‍රේමකරව යයි කීවේය.” යැයි එබැවින් ඔහු පිළිතුරු දුන්නේය.
නියමය දෝෂයකින් තොර විය. උන්වහන්සේ කදිම නියමය අපට ලබා දුන් සේක. අපගේ සියලු හදවත් සහ ආත්මවලින්, අපගේ සියලු ශක්තීන් හා මනසින් ස්වාමීන් වහන්සේට ප්‍රේම කරන ලෙසත්, අසල්වැසියන්ට අපට මෙන් ප්‍රේම කරන ලෙසත් උන්වහන්සේ අපට පැවසූ සේක. අපගේ සියලු හදවත්වලින් සහ ශක්තියෙන් අපගේ දෙවියන් වහන්සේ හට ප්‍රේම කිරීම අපට නිවැරදි වන නමුත්, එය කිසිදා රැකිය නොහැකි ශුද්ධ දේවාඥාවකි. නියමය පිළිබඳ ඔබේ කියවීම කුමක්ද? යනුවෙන් අදහස් වන්නේ නියමය නිවැරදි සහ නිරවද්‍ය වුවත්, ඔබ එය අවබෝධ කරගන්නේ කෙසේද? යන්නයි. දෙවියන් වහන්සේ එය ඔහුට ලබා දුන්නේ ඊට අවනත වීමට බව නීතීඥවරයා සිතුවේය. කෙසේවෙතත්, දෙවියන් වහන්සේගේ නියමය අපට ලබා දුන්නේ අපට අපගේ අසාධාරණකම් සම්පූර්ණයෙන් නිරාවරණය කිරීම මඟින්, අපගේ අඩුලුහුඬුකම් වටහා ගන්නා ලෙසට ය “ඔබ පාපයන් සිදු කර ඇත. ඔබට මා නොමරන ලෙස පැවසූ විට ඔබ මැරුවෙහිය. ඇයි ඔබ මට අවනත නොවූයේ?”” 
නියමය මඟින් මිනිසුන්ගේ හදවත් තුළ තිබෙන පාපය නිරාවරණය කෙරේ. මම මෙහි එන විට මගේ මඟෙහි වූ හේනක ඉදුණු කොමඩු ගෙඩි කිහිපයක් තිබුණා යැයි උපකල්පනය කරන්න. “කෑමට එම කොමඩු ගෙඩි නොකඩන්න. ඔබ එසේ කළහොත් එය මා හට ලැජ්ජාවක් ඇති කරනු ඇත.” යැයි දෙවියන් වහන්සේ නියමයෙන් මට අවවාද කළ සේක. “එසේය, පියාණෙනි.” “එම හේන අයිති වන්නේ මහත්මයාට යි, එබැවින් ඔබ කවදාවත් ඒවා නොකැඩිය යුතුය.” “එසේය, පියාණෙනි.”
එය කිසිදාක නොකැඩිය යුතු යැයි කන වැකුණු මොහොතේ සිටම අපට ඒවා කැඩීමට නැඹුරුතාවක් සහිත හැඟීමක් ඇති වේ. අප ඉහළ පහළ ඇදෙන ස්ප්‍රින්ග් එකක් පහළට තල්ලු කළ විට, එය වේගයෙන් ඉහළට වැදී ආපසු පැමිණ ප්‍රතික්‍රියා කරයි. මිනිසුන්ගේ පාපයන් හරියටම එවැනි ය. 
දෙවියන් වහන්සේ අපට කිසිදාක අකුසල ක්‍රියාවන් සිදු නොකරන මෙන් පැවසූ සේක. දෙවියන් වහන්සේ ශුද්ධ, පරිපූර්ණ වන අතර, එලෙස කිරීමට හැකියාව ඇති හෙයින් උන්වහන්සේට එලෙස පැවසිය හැකිය. අනෙක් අතට, අපට ‘කවදාවත්’ පාපයන් සිදු නොකර සහ ‘කවදාවක්’ හුදෙක් යහපත් ලෙස සිටිය නොහැක. අපට ‘කවදාවත්’ අපේ හදවත් තුළ යහපත නොමැත. නියමය ‘කවදාවත්’ යන වචනය සමඟ සඳහන් කර ඇත. මන්ද? මන්ද යත් මිනිසුන්ගේ හදවත් තුළ රාගයන් තිබෙන බැවිනි. අපගේ රාගයන් මත ක්‍රියා කරනු විනා අපට කළ හැකි අන් කිසිවක් නොමැත. අප කාමමිථ්‍යාචාරය සිදු කරනුයේ මන්ද යත්, අපගේ හදවත් තුළ කාමමිථ්‍යාචාරය තිබෙන බැවිනි.
අප බයිබලය ප්‍රවේශමෙන් කියවිය යුතුය. මා ප්‍රථමයෙන් උත්සාහ කළ විට, මම වචනය අකුරටම විශ්ලේෂණය කළේය. යේසුස් වහන්සේ මා උදෙසා කුරුසයේ මියැදුණ බව කියවා, මා හට මගේ දෙනෙතින් ගලන කදුළු නතර කර ගැනීමට නොහැකි විය. මා එතරම් දුෂ්ට පුද්ගලයෙකු විය, තවද උන්වහන්සේ මා උදෙසා කුරුසයේ මියැදුණ සේක…. මගේ හදවත් බලවත් ලෙස රිදුම් දුන් අතර, මම උන්වහන්සේ කෙරෙහි විශ්වාසය තැබුවෙමි. ‘මම විශ්වාස කරන්නට සූදානම් වන්නේ නම්, එසේ නම් මා වචනයට අනුව විශ්වාස කිරීමට සූදානම් වෙමි.’යැයි ඉන්පසු මම සිතුවෙමි.
මම, නික්මයාම 20 යන්න කියවූ විට, එහි සඳහන් වූයේ “23මා ඇර අන් දෙවිවරුන් සාදානොගනිව්;”යනුවෙනි. මෙම දේවාඥාවට අනුව මම පශ්චාත්තාපයෙන් යාඥා කළෙමි. මා හට කිසිදිනක උන්වහන්සේට ප්‍රථම වෙනත් දෙවිවරු සිටියේ ද, උන්වහන්සේගේ නම නිකරුණේ පවසා කැඳවූයේ ද, නැතහොත් වෙනත් දෙවිවරුන් ඉදිරියේ මා කිසිදිනක දී හිස නමා ආචාර කර තිබේ දැයි මතක් කිරීමය මම මාගේ මතකය පිරික්සුවෙමි. මගේ මුතුන්මිත්තන්ට ගෞරව පිණිස චාරිත්‍ර අතරතුර දී බොහෝ වරක් වෙනත් දෙවිවරුන් හට හිස නමා ආචාර කර ඇති බව මම වටහා ගත්තෙමි. මා වෙනත් දෙවිවරුන් තබා ගැනීමේ පාපය සිදු කොට තිබුණි.
එබැවින් මම පශ්චාත්තාපයෙන් යාච්ඥා කළෙමි, “ස්වාමීනී, මා දේව මූර්තියන්ට වැඳුම් පිදුම් කොට ඇත. මා ඒ සඳහා විනිශ්චයට ලක් කළ යුතු වේ. කරුණාකර මගේ පාපයන්ට සමාව දෙන සේක්වා. මම යළි කිසිදු දිනක එලෙස සිදු නොකරන්නෙමි. ඉන් අනතුරුව, එක් පාපයක් සඳහා වග බලා ගැනීම ලද බව පෙනී ගියේය.
මම කෙදිනක හෝ උන්වහන්සේගේ නම නිශ්ඵල ආකාරයට හඬ ගා ඇත්දැයි මතක් කිරීමට ඉන්පසු මා තැත් කළෙමි. ඉන්පසු, මා ප්‍රථමයෙන් දෙවියන් වහන්සේ විශ්වාස කිරීමට පටන් ගත් විට, දුම්පානය කළ බව මට මතක් වුණි. “ඔබ දුම්පානය කිරීමෙන් දෙවියන් වහන්සේට ලැජ්ජාව ගෙන නොඑන්නේ ද? ක්‍රිස්තියානුවෙක් දුම්පානය කරන්නේ කෙසේද?”
එය උන්වහන්සේගේ නම නිකරුණේ හඬ ගෑමට සමාන ක්‍රියාවකි, එසේ නොවේද? එබැවින් මම යළිත් යාච්ඥා කළෙමි, “ස්වාමීනී, මම ඔබේ නාමය නිකරුණේ හඬ ගෑවෙමි. කරුණාකර මා හට සමාව දුන මැනව. මා දුම්පානය කිරීම නවත්වන්නම්.” එබැවින්, මම දුම්පානය කිරීම නැවැත්වීමට උත්සාහ කළෙමි, නමුත් වසරකට වරින් වර දුම් පානය කිරීම සිදු කළෙමි. එය සැබවින්ම අසීරු විය, මුළුමනින්ම පාහේ දුම්පානය කිරීමට නොහැකි විය. එනමුත් අවසානයේ දී, මම සම්පූර්ණයෙන්ම දුම්පානය කිරීම නැවැත් වූවෙමි. මා තවත් පාපයක් සමඟ ගනුදෙනු කොට අවසන් කළ බවක් මට හැඟුණි.
 8සබත් දවස ශුද්ධකොට පවත්වන්ට සිහිකරගනුව. යන්න මීළඟ කරුණ විය. මින් අදහස් වූයේ මා ඉරිදා දිනවල රැකියා කිරීම හෝ මුදල් ඉපයීම වැනි වෙනත් වැඩ සිදු නොකළ යුතුයි යන්න ය... එබැවින් මම එය ද නැවැත් වූවෙමි. 
 “නුඹේ පියාටත් මටත් ගරු කරපන්න” යන්න මීළඟට සඳහන් වූ කරුණයි. මම ඈතින් සිටින විට ඔවුනට ගරු කිරීමට හැකි වුණි, නමුත් මම ළඟින් සිටින විට හදවතෙහි වේදනාවක යම්කිසි ප්‍රභවයක් තිබුණි. “අහෝ දෙවියනේ, මා දෙවියන් වහන්සේ ඉදිරිපිට පාපයන් සිදු කර ඇත. කරුණාකර මා හට සමාව දෙනු මැන, ස්වාමීනී.” මම පශ්චාත්තාපයෙන් යාච්ඥා කළෙමි.
එනමුත් මට මාගේ දෙමව්පියන් හට තවදුරටත් ගරු කිරීමට නොහැකි වූයේ මක් නිසාද යත්, ඔවුන් දෙපළම ඒ වන විටත් සිය ගොස් තිබූ බැවිනි. මා හට කළ හැක්කේ කුමක්ද? “ස්වාමීනී, කරුණාකර මෙම නොවටිනා පව්කාරයා හට සමාන දෙනු මැනව. ඔබවහන්සේ මා උදෙසා කුරුසයේ මළ සේක.”මා කෙතරම් ස්තූතිවන්ත වූයේ ද!
මේ ආකාරයෙන්, මම මාගේ පාපයන් එකින් එකට විසඳාගෙන ඇති බව සිතුවෙමි. යමෙකු නොමැරීමට, කාමමිථ්‍යාචාරයේ නොහැසිරීමට, යමකට ගිජු නොවීමට යනාදී වශයෙන් වෙනත් නියමයන් තිබුණි. මා එම නියමයන්ගෙන් එකක් හෝ අනුගමනය කර නැති බව මා හට අවබෝධ වූ දින පටන්, මම සෑම රැයකම මුළු රැය මුළුල්ලේ ම යාච්ඥා කළෙමි. එනමුත්, පශ්චාත්තාපයෙන් යාච්ඥා කිරීම සත්‍ය වශයෙන්ම සුබදායක නොවන බව ඔබ දනී. අපි දැන් ඒ පිළිබඳ කතා කරමු.
කුරුසයේ ඇණ ගැසීම පිළිබඳ මා සිතූ විට, එය කෙතරම් වේදනාකාරී වූවා ද යන්න පිළිබඳ මට අනුකම්පාව දැක්වීමට හැකි වුණි. එමෙන්ම, උන්වහන්සේ උන්වහන්සේගේ වචනයට අනුව ජීවත් වීමට නොහැකි වූ අප උදෙසා මරණයට පත් වූ සේක. උන්වහන්සේ මා හට කෙසේ ප්‍රේම කළේද යන්න සිතමින් මා මුළු රැයම හඬා වැටුණු අතර, මට සැබෑ සතුට ලබා දීම හේතුවෙන් උන්වහන්සේට මම ස්තූති කළෙමි. 
මා දේවස්ථානයට සහභාගී වීමේ පළමු වර්ෂය සාමාන්‍යයෙන් තරමක් පහසු වූ නමුත්, ඉන්පසු වර්ෂය කිහිපයේ දී මට පශ්චත්තාපයෙන් හැඬීම වඩ වඩාත් අසීරුබවට පත් වූයේ මක් නිසාද යත්, මා එය නිතර කළ බැවින්, කඳුළු ගැලීමට මට වඩාත් අසීරු ලෙස සිතීමට සිදු වූ හෙයිනි.
තවමත් කදුළු නොගළා ආ විටථ බොහෝ විට මා කඳුවැටි මත යාච්ඥා කිරීමට ගිය අතර, දින 3ක් දක්වා ආහාර නොගෙන සිටියෙමි. ඉන්පසු යළිත් කදුළු පැමිණිනි. මම කඳුළුවලින් බරිත වූ අතර, යළිත් සමාජය කරා පැමිණ, ඉන්පසු දේවස්ථානයට වී හැඬුවෙමි.
මා වටා සිටින පුද්ගලයෝ මෙසේ පැවසූහ, “කඳුවැටි මත සිදු කළ ඔබේ යාච්ඥා සමඟ ඔබ වඩාත් ශුද්ධවන්ත වී ඇත.” එනමුත් කදුළු වැළැක්විය නොහැකි සේ යළිත් වියළී ගියේය. තෙවැනි වර්ෂය ඉතා අසීරු විය. මම මගේ මිතුරන්ට සහ සෙසු ක්‍රිස්තියානු සඟයන්ට සිදු කර ඇති වැරදි පිළිබඳ සිතා යළිත් හැඬුවෙමි. මේ වර්ෂ හතරෙන් පසුව, කඳුළු යළිත් වියළිණි. මගේ දෑස්වල කඳුළු ග්‍රන්ථි තිබුණ නමුත්, ඒවා තවදුරටත් ක්‍රියා නොකෙරුණි.
වසර 5ක් ගත වූ පසු, මා කෙතරම් වෙර දැරුව ද, මට හැඬීමට නොහැකි විය. මගේ නාසය ගලන්නට විණි. මෙවැනි වර්ෂ ගණනාවකින් පසු, මා හට මා පිළිබඳ ව පිළිකුල්බවක් ඇති වුණි.ඉන්පසු දෙවියන් වහන්සේ නැවතත් බයිබලය වෙත මා යොමු කළ සේක.
 
 
නියමය පාපයෙහි දැනුම සඳහාය

නියමය පිළිබඳ අප වටහා
 ගත යුත්තේ කුමක්ද?
අපට කවදාවත් නියමය
 තබා ගත නොහැකි බවයි.
 
රෝම 3:20 හි, “මක්නිසාද ව්‍යවස්ථාව කරණකොටගෙන පාපය දැනගැනීම වේ.” ලෙස අපි කියවන්නෙමු. පළමුවෙන්, මා බයිබලයේ මෙම වාක්‍යය හුදෙක්ම ධර්මදූත පාවුළුතුමා වෙත ලියන ලද පෞද්ගලික පණිවුඩයක් යැයි සැලකූ අතර, මා කැමති වූ වචනවලින් පමණක් විශ්වාස කිරීමට උත්සාහ කළෙමි. නමුත් බොහෝ කඳුළු කැට වියළී ගිය පසු, මා හට මාගේ භක්තිමත් ආගමික දිවිය නොකඩවා ගෙන යාමට නොහැකි වුණි.
එබැවින්, මම පුන පුනා පාපයන් සිදු කළ අතර, මගේ හදවතෙහි පාපයන් තිබූ බව මට පසක් වුණි. එමෙන්ම, මා හට නියමයෙන් ජීවත් වීම අපහසු බව හැඟුණි. මා හට එය දරා ගැනීමට නොහැකි වූ නමුත්, එය පිළිපැදීමට ලබා දුන් නියමයක් බව මා විශ්වාස කළ හෙයින්, මා හට එම නියමය බැහැර කිරීමට ද නොහැකි විය. අවසානයේ දී, ශුද්ධ ලියවිල්ලෙහි සඳහන් ව තිබූ පරිදි, මම නීතීඥයෙකු බවට පත් වූවෙමි. මා හට භක්තිමත් දිවියක් ගත කර ගෙන යාම ඉතා අසීරුබවට පත් වුණි.
මා සතුව තෙකරම් පාපයන් තිබුණේ ද පවසන්නේ නම්, නියමය කියවන අතරතුර, මගේ හදවත තුළ එම දේවාඥාවන් දහයෙන් එකක් හෝ කඩ කළ විට, මට එම පාපයන් වැටහීමට පටන් ගැනුණි. හදවත තුළ පාපයන් සිදු කිරීම ද පාපයක් සිදු කිරීම වන අතර, මා නොදැනුවත්වම නියමය තුළ විශ්වාස කරන්නෙකු බවට පත් ව ඇත.
මා නීතිය තබා ගත් විට, මම සතුටින් සිටියෙමි. නමුත්, මට නීතිය තබා ගැනීමට නොහැකි වූ විට, මම මූසල, කුපිත සහ දුක්ඛිතබවට පත් වූවෙමි. “නැත. නැත. නියමයට තවත් අර්ථයක් ඇත. ඉන් පෙන්වන්නේ ඔබ පාපයන් කැටියක් බවයි; ඔබට මුදල්වලට, විරුද්ධ ලිංගිකයාට සහ බැලීමට තරම් අලංකාර දේවල් සඳහා ඇල්මක් තිබේ. ඔබ දෙවියන් වහන්සේට වඩා ප්‍රේම කරන දේවල් ඔබ සතුව ඇත. ඔබට ලෝකයේ දේවල් හඹා යෑමට අවශ්‍යයි. නියමය ලබා දී ඇත්තේ ඔබට තබා ගැනීමට නොව, නමුත් ඔබගේ හදවතේ අකුසලයන් සමඟ පව්කාරයෙකු ලෙස ඔබව හඳුනා ගැනීමටයි.” යනුවෙන් නියමයේ ඉතාමත් සත්‍ය දැනුම ආරම්භයේ පටන් මා හට ඉගැන්වූයේ නම්, එය කෙතරම් පහසු කටයුත්තක් වනු ඇති ද.
යම්කිසි පුද්ගලයෙකු සත්‍යය මට ඉගැන්වූයේ නම් පමණක්, මා හට දස වසරක් දුක් විඳීමට සිදු නොවනු ඇත. මා මෙම වටහා ගැනීමට පැමිණීමට ප්‍රථම, වසර 10ක කාලයක් නියමය යටතේ ජීවත් වී ඇත.
සිව්වන දේවාඥාව වූයේ “8සබත් දවස ශුද්ධකොට පවත්වන්ට සිහිකරගනුව.” අප උපෝස්ථ දිනයේ දී රැකියා නොකළ යුතු බව ඉන් අදහස් වේ. අප ඉරිදා දින දුර ගමන් සඳහා යන්නේ නම්, වාහන පැදවීමකින් තොරව ඇවිදීමෙන් එම ගමන යා යුතු බව ඔවුහු උගන්වති. මා හට දේශනා කිරීමට ඉගැන්වූ ස්ථානයට ඇවිද යාම ඉතාමත් සුදුසු සහ ගෞරවනීය වූ බව මම සිතුවෙමි. සියල්ලකටම පසු, මා නියමය දේශනා කිරීමට සූදානම් ය. එබැවින්, මම දේශනා කළ දෑ මා ප්‍රගුණ කළ යුතු බව මට හැඟුණි. මා අතහැරීමට සූදානම් ව සිටීම ඉතා අසීරු විය.
එය මෙහි සඳහන් වී ඇති පරිදි, “නුඹ කියවන්නේ කෙසේදැයි ඇසූසේක.” මා හට මෙම ගැටලුව තේරුම් ගත නොහැකිව, මම වසර 10ක් මුළුල්ලේ දුක් වින්දෙමි. නීතීඥවරයා ද එය හොඳින් වරදවා වටහා ගත්තේය. ඔහු නියමය පිළිපැද, ප්‍රවේශම්කාරීව ජීවත් වූයේ නම්, දෙවියන් වහන්සේ ඉදිරියේ ඔහු ආශිර්වාදයට පත් වන බව ඔහු සිතුවේය.
 එනමුත් යේසුස් වහන්සේ ඔහුට මෙසේ පැවසූ සේක, “නුඹ කියවන්නේ කෙසේදැයි ඇසූසේක.” මිනිසා ඔහුගේ නීතිගත භක්තියට අනුව පිළිතුරු දුන්නේය. එමෙන්ම, ඉන්පසු උන්වහන්සේ මිනිසාට පැවසූයේ, “ඔව්, ඔබ නිවැරදිව පිළිතුරු දුන්නා; ඔබ එය ලියා ඇති පරිදි අවබෝධ කර ගනිමින් සිටිනවා. උත්සාහ කර එය තබා ගන්න. ඔබ එසේ කළහොත් ජීවත් වනු ඇති අතර, එනමුත් ඔබ එසේ නොකළහොත් මරණයට පත් වනු ඇත. පාපයේ බැළය මරණයයි. ඔබ එසේ නොකළහොත් ඔබ මරණයට පත්වනු ඇත.” (ජීවිතයේ විරුද්ධ පැතිකඩ මරණයයි, එය එසේ නොවේද?)
එනමුත් නීතීඥවරයා හට එය තවමත් නොවැටහුණි. මෙම නීතීඥවරයා ඔබ, මම වැනි අප සෑමදෙනෙකුම මෙනි. මම දේවධර්මය වසර 10ක් මුළුල්ලේ හැදෑරුවෙමි. මම සියලු දෑ උත්සාහ කළෙමි. සියලු දෑ කියවූයෙමි. එමෙන්ම, උපවාස කිරීම, මායාවන් තිබීම, දිවවලින් කතා කිරීම වැනි සෑම දෙයක්ම සිදු කළෙමි. මම වසර 10ක් මුළුල්ලේ බයිබලය කියවූයෙමි, එමෙන්ම, යමක් ලබා ගැනීමට අපේක්ෂා කළෙමි. එනමුත් ආධ්‍යාත්මිකව, මා තවමත් අන්ධ මිනිසෙකි.
පව්කාරයෙකු ඔහුගේ/ ඇයගේ දෑස් විවර කළ හැකි අයෙකු හමු විය යුත්තේ එබැවින් වන අතර, එම අයෙකු යැයි අදහස් වන්නේ අපගේ ස්වාමීන් වූ යේසුස් වහන්සේ ය. ඉන්පසු, “අහා! අපට කවදාවත් නීතිය තබා ගත නොහැක. අප නීතිය තබා ගැනීමට කෙතරම් අසීරුවෙන් උත්සාහ කළ ද, අප බලාපොරොත්තු සුන් වූ ලෙස උත්සාහ කරන අතරතුර මරණයට පමණක් පත් වනු ඇත. එනමුත් යේසුස් වහන්සේ ජලය සහ ජීවය සමඟ අපව රැක ගැනීමට පැමිණි සේක. දේවස්තෝත්‍රය!” යැයි යමෙකුට අවබෝධ කර ගත හැකිය. ජලයට සහ ජීවයට අපව ගැලවිය හැකිය. එය ප්‍රසාදය යි, දෙවියන් වහන්සේගේ ත්‍යාගය යි. එබැවින් අපි සමිඳුන්ගේ ගුණ වයමු.
නීතිගරුකත්වයේ නිරපේක්ෂක රේඛාවෙන් ක්‍රමාංකනය කිරීමට තරම් මා වාසනාවන්ත වූ නමුත්, ඇතැමුන් ඔවුන්ගේ සම්පූර්ණ ජීවන කාලය නිකරුණේ දේවධර්මය හදාරමින් ගත කරන අතර, ඔවුන් මිය යන දිනය දක්වා කිසිදිනක සත්‍යය වටහා නොගනී. ඇතැම් මිනිසුන් දශක ගණනාවකට පරම්පරාවෙන් පරම්පරාවට විශ්වාස කරන නමුත්,කිසිදාක යළි නොඉපදෙයි.
අපට කිසිදාක නියමය තබා ගත නොහැකි බව අප වටහා ගත් විට, අප පව්කාරයෙකු වීමෙන් ක්‍රමාංකනය වන අතර, ඉන්පසු අපි යේසුස් වහන්සේ ඉදිරියේ සිටගෙන ජලයේ සහ ජීවයේ ශුභාරංචියට සවන් දෙන්නෙමු. අප යේසුස් වහන්සේ මුණගැසුණු විට, අප සියලු විනිශ්චයන් සහ ගර්හාවෙන් ක්‍රමාංකනය වේ. උන්වහන්සේ අපව ජලයෙන් සහ රුධිරයෙන් ගළවාගත් හෙයින්, අපි ඉතාම නරක පව්කාරයන් වුවත් ධර්මිෂ්ඨබවට පත් වූවෙමු.
අපට කිසිදාක උන්වහන්සේගේ කැමැත්ත තුළ ජීවත් විය නොහැකි බව යේසුස් වහන්සේ අපට පැවසූ සේක. උන්වහන්සේ මෙය නීතීඥයාට පැවසුවද, ඔහුට මෙය නොවැටහිණි. එබැවින්, යේසුස් වහන්සේ ඔහුට එය අවබෝධ කර ගැනීමට උපකාර වීම පිණිස කතාවක් පැවසූ සේක.

භක්තිමත් ජීවිතයකට මිනිසුන් 
යොමු කෙරෙනුයේ කුමකින් ද?
පාපයෙනි

“30යේසුස්වහන්සේ උත්තරදෙමින් කියනසේක්: එක්තරා මනුෂ්‍යයෙක් යෙරුසලමෙන් යෙරිකෝවට යන කල සොරුන්ට අසුවිය; සොරු ඔහුගේ වස්ත්‍ර පැහැරගෙන, ඔහුට පහරදී, ඔහු අඩපණකර ගියෝය” (ලූක් 10:30). මෙම මිනිසා සොරුන්ගෙන් පහර කා, මරණයට පත් වීමට ආසන්නව සිටි අවස්ථාවේ දී, ඔහු ඔහුගේ මුළු ජීවිත කාලයම විඳවූ කාරණය හේතුවෙන්, ඉන් අවදි කිරීමට යේසුස් වහන්සේ මෙම උපදේශ කතාව නීතීඥවරයා හට පැවසූ සේක.
මිනිසකෙු ජෙරුසලමේ සිට ජෙරිකෝ දක්වා පැමිණියේය. ජෙරිකෝවෙන් ලෞකික ලෝකය පිළිබිඹු කෙරෙන අතර, ජෙරුසලමෙන් නියමයෙහි පුරසාරම් දොඩන්නන්ගෙන් ප්‍රකට, ආගමෙහි නගරය, භක්තියෙහි නගරය නියෝජනය කෙරේ. අප ආගමික ආකාරයකින් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි විශ්වාසය තබන්නේ නම්, අප විනාශයට පත් වන මෙම කතාවෙන් අපට පැවසෙයි.
“යේසුස්වහන්සේ උත්තරදෙමින් කියනසේක්: එක්තරා මනුෂ්‍යයෙක් යෙරුසලමෙන් යෙරිකෝවට යන කල සොරුන්ට අසුවිය; සොරු ඔහුගේ වස්ත්‍ර පැහැරගෙන, ඔහුට පහරදී, ඔහු අඩපණකර ගියෝය” ජෙරුසලම විශාල ජනගහණයකින් යුත් විශාල නගරයක් විය. ප්‍රධාන පූජකයෙක්, පූජක සමූහයක්, ලෙවීවරු සහ ආගමෙහි වෙනත් කැපී පෙනෙන පුද්ගලයන් පිරිසක් එහි සිටියහ. නියමය පිළිබඳ හොඳින් දැන සිටි බොහෝ අය එහි වූහ. එහිදී, ඔවුහු නියමයට අනුව ජීවත් වීමට උත්සාහ කළ ද, එනමුත් අවසානයේ දී ඉන් පැරදී ජෙරිකෝ බලා ගියහ. ඔවුහු ලෝකය (ජෙරිකෝ) තුළට වැටෙමින් සිටි අතර සොරුන් මුණ ගැසීම වැළැක්වීමට නොහැකි විය.
එම මිනිසා හට ඔහු ජෙරුසලමේ සිට ජෙරිකෝ දක්වා යන ගමන් මඟෙහි සොරසතුරන් ද මුණ ගැසුණු අතර, සොරු ඔහුගේ ඇඳුම් පැහැර ගත්හ. “සොරු ඔහුගේ වස්ත්‍ර පැහැරගෙන” යනුවෙන් අදහස් වන්නේ ඔහුට ඔහුගේ ධර්මිෂ්ඨබව අහිමි වූ බවයි. අපට නියමයෙක් ජීවත් වීමට සහ නියමය දක්වා ජීවත් වීම සිදු කළ නොහැකි ය. 19මක්නිසාද මම කැමති යහපත නොකර අකමැති නපුර කරමි. 20ඉඳින් මම කැමති නැති දේ කරම් නම්, ඒක කරන්නේ මා නොව මා තුළ වාසය කරන පාපයය යනුවෙන් ධර්මදූත පාවුළුතුමා රෝම 7:19-20 හි පවසා තිබේ.
මට යහපත කිරීමට සහ උන්වහන්සේගේ වචනවල ජීවත් වීමට හැකි වූයේ නම් යැයි මම පතමි. එනමුත් මිනිස් හදවතක ඇත්තේ අකුසල සිතුවිලි, කාමමිථ්‍යාචාරයන්, මෛථූනයෙහි යෙදීම, මිනී මැරීම, සොරකම් කිරීම, මසුරුකම, නපුරුකම, වංචාව, අනාචාරීබව, ඇස්වහ, දේවාපහාසය, ආඩම්බරකම සහ අනුවණකම යනාදිය වේ (මාක් 7:21-23). 
ඒවා අපගේ හදවත් තුළ ඇති බැවින් සහ ඒවා කලින් කලට පිටතට පැමිණෙන බැවින්, අප නොකරනු ඇති දෑ සිදු කරන අතර, අප කළ යුතු දෑ අප සිදු නොකරයි. අප එම අකුලසලයන් අපගේ හදවත්තුළ පුන පුනා තබා ගනියි. යක්ෂයාට කිරීමට තිබෙනුයේ පාපයක් සිදු කිරීමට අපට කුඩා උත්තේජකයක් ලබා දීම පමණි. 
 

සියලු මානව වර්ගයාගේ හදවත තුළ තිබෙන පාපයන්

අපට නියමයෙන් 
ජීවත් විය හැකි ද?
නොහැකිය

15පිටතින් මනුෂ්‍යයා තුළට වැද ඔහු අපවිත්‍රකරන්ට පුළුවන්වූ කිසි දෙයක් නැත. 16මනුෂ්‍යයා අපවිත්‍රවෙන්නේ ඔහු තුළින් නික්මෙන දේවලින්යයි කීසේක. යනුවෙන් මාක් 7 හි පවසා තිබේ.
මිනිසෙකුගේ හදවතෙහි ඇත්තේ අකුසල සිතුවිලි, කාමමිථ්‍යාචාරයන්, මෛථූනයෙහි යෙදීම්, මිනී මැරීම, සොරකම් කිරීම, මසුරුකම, නපුරුකම, වංචාව, අනාචාරීබව, ඇස්වහ, දේවාපහාසය, ආඩම්බරකම සහ අනුවණකම යනාදිය බව යේසුස් වහන්සේ අපට පවසන සේක.
අප සියලුදෙනාට අපගේ හදවත් තුළ මිනිමැරීමක් තිබේ. මිනී නොමරන කිසිවකු නොමැත. “එපා. ඒක කරන්න එපා. මම කිව්වේ කරන්න එපා කියලයි උඹට, හෙණ ගහපන්.මම ආපහු ආපහු කියන්නෙ උඹට ඒක කරන්න එපා කියලයි. ඒක උඹ ආයෙත් කළොත් මම උඹව මරනවා. මම කිව්වේ ඒක කරන්න එපා කියලා.” යනුවෙන් දෙමව්පියෝ තම දරුවන්ට කෑ ගසති. එය මිනීමැරුමකි. ඔබේ නොසැලකිලිවන්ත වචනවලින් ඔබේ මනසින් ඔබ ඔබේ දරුවන් මරණයට පත් කරන්නට ඇත.
අපගේ දරුවන් අපගෙන් ඉතා ඉක්මනින් ඈතට දුව යන බැවින් අපගේ දරුවන් සජීවිව සිටිනවා විය යුතුය.එනමුත්, අප අපගේ සියලු කෝපයන් ඔවුන් මත පැටවූයේ නම්, අප ඔවුන්ව මරණයට පත් කර තිබිය හැක. ඇතැම් අවස්ථාවල දී අප අපවම බියට පත් කර ගනී. “අනේ දෙවියනේ! ඇයි මම එහෙම කළේ?” අප අපගේ දරුවන්ට පහර දීමෙන් අනතුරුව ඔවුන්ගේ සීරීම් දෙස බලන අතර, අප එලෙස සිදු කිරීමට තරම් වියරු වූයේ දැයි සිතයි. එනමුත් අපට ඒ ආකාරයෙන් ක්‍රියා කළ නොහැකි වූවත් එලෙස ක්‍රියා කරනුයේ මක් නිසාද යත්, අපගේ හදවත් තුළ මිනීමැරීම තිබෙන බැවිනි.
එබැවින්, 5”පිටතින් මනුෂ්‍යයා තුළට වැද ඔහු අපවිත්‍රකරන්ට පුළුවන්වූ කිසි දෙයක් නැත” යනුවෙන් අදහස් වන්නේ අප අයහපත් බැවින් අප අයහපත සිදු කරන බවයි. අපව පාපයන් කිරීමට පෙළඹවීම යක්ෂයාට ඉතා පහසු කාර්යයකි.
ගැලවීමට නොහැකි වුණු මිනිසෙකු අතුපැළක් යට වසර 10ක් දක්වා බිත්තියකට මුහුණලා හිඳ ගෙන, විශිෂ්ට කොරියානු ස්වාමීන් වහන්සේ කෙනෙකු වන සන්ග්කෝල් මෙන් භාවනා වඩනවා යැයි අපි සිතමු. උන්වහන්සේ බිත්තිය දෙස මුහුණලා ගෙන සිටීමේ වරදක් නොමැති නමුත්, යම් පුද්ගලයෙකු හට උන්වහන්සේට ආහාර ගෙන යාමට සහ උන්වහන්සේගේ මලමූත්‍රාදිය ඉවත් කිරීමට සිදු වෙයි.
ඔහුට කිසියම් පුද්ගලයෙකු සමඟ සබඳතාවක් පවත්වා ගැනීමට සිදු වේ. ඒ පිරිමි පුද්ගලයෙකු වූයේ නම් ගැටලුවක් නොවනු ඇත, එනමුත් ඒ අලංකාර කාන්තාවක් වූයේ යැයි අපි සිතමු. උන්වහන්සේ අහම්බයකින් හෝ ඇයව දුටුවේ නම්, උන්වහන්සේ හිඳ ගෙන මෙතෙක් කල් ගත කළ සියලු කාලය නිෂ්ඵල වනු ඇත. “මම කාමමිථ්‍යාචාරය සිදු නොකළ යුතුය; එය මාගේ හදවතෙහි ඇත, නමුත් මා එය බැහැර කළ යුතුය. මා එය ඵලවා හැරිය යුතුය. නැත! මගේ මනසින් ඉවත් වන්න!” යැයි ඔහු සිතනු ඇත.
උන්වහන්සේ ඇයව දකිනා මොහොතේදී ම උන්වහන්සේගේ අධිෂ්ඨානය වාෂ්ප වී යයි. කාන්තාව නික්ම යාමෙන් පසුව, උන්වහන්සේ උන්වහන්සේගේ හදවත තුළට එබී බලන සේක. පස් වසරක උන්වහන්සේගේ පැවිදි දිවිය කිසිත් නොමැති තත්ත්වයකට පෙරළෙයි.
පුද්ගලයෙකුගේ ධර්මිෂ්ඨබව වෙනතකට ගැනීම යක්ෂයෙකුට ඉතා සරල කාර්යයකි. යක්ෂයෙකු හට ඒ සඳහා සිදු කිරීමට ඇති සියල්ල වන්නේ ඔහු/ ඇය ව මඳක් පෙළඹවීම පමණි. පුද්ගලයෙකු ගැලනොවෙමින්, පාප නොකිරීමට උත්සාහ දරන විට, ඔහු/ඇය ඒ වෙනුවට පාපයටම වැටෙමින් සිටී. එම පුද්ගලයා සෑම ඉරිදා දිනකම ආදායමෙන් දහයෙන් පංගුවක් පූජා කරන අතර, දින 40ක් දක්වා උපවාස සිදු කිරීම, දින 100ක හිමිදිරි යාච්ඥා පූජාව... වැනි දෑ සිදු කරනු ඇත. එනමුත්, යක්ෂයා ඔහු/ඇයව ජීවිතයේ යහපත් දේවල් යැයි පෙනෙන දෑ සමඟින් පොළඹවා , ඔහු/ඇය ව රවටයි.
මම ඔබට සමාගමෙහි වැදගත් තනතුරක් ලබා දීමට කැමතියි, නමුත් ඔබ ක්‍රිස්තියානුවෙක් සහ ඔබට ඉරිදා දින වැඩ කළ නොහැකියි, ඔබට පුළුවන් ද?’ එය ඉතාමත් විශිෂ්ට තනතුරකි. ඇතැම්විට ඔබට ඉරිදා දින 3ක් රැකියාව කර, මසකට වරක් දේවස්ථානයට යා හැකි වනු ඇත. එවිට, ඔබ එවැනි ඉහළ කීර්තියක් සහ ඉතා ඉහළ වැටුපක් ලබා ගනු ඇත. ඔබ ඒ පිළිබඳ සිතන්නෙ කොහොමද? මෙවැනි අවස්ථාවක දී, බොහෝ විට මිනිසුන් සිය දෙනෙකුගෙන් සිය දෙනෙකුම මිලට ගැනෙනු ඇත.
එම කාර්යය සඵල වූයේ නැත්නම්, යක්ෂයා ඉතා පහසුවෙන් කාන්තාවන් සඳහා රාගයෙන් ඇඳෙන මිනිසුන් හට තවත් උපායක් යොදයි. යක්ෂයා එම මිනිසා ඉදිරියේ කාන්තාවක් යොදවන අතර, එම මිනිසා ඇසිල්ලෙන් දෙවියන් වහන්සේ අමතක කර,ඒ කාන්තාව හා ඉතාමත් ආදරයෙන් වෙළෙයි. මිනිසාගේ ධර්මිෂ්ඨබව පැහැර ගනු ලබන්නේ එලෙසිනි.
අප නියමයෙන් ජීවත් වීමට උත්සාහ දරන්නේ නම්, අවසානයේ දී අප සතු වන්නේ පාපයෙහි කැළැල්, වේදනාව සහ ආධ්‍යාත්මික දිළිඳුබව පමණි; අපට අපගේ සියලු ධර්මිෂ්ඨබව අහිමි වේ. 30” යේසුස්වහන්සේ උත්තරදෙමින් කියනසේක්: එක්තරා මනුෂ්‍යයෙක් යෙරුසලමෙන් යෙරිකෝවට යන කල සොරුන්ට අසුවිය; සොරු ඔහුගේ වස්ත්‍ර පැහැරගෙන, ඔහුට පහරදී, ඔහු අඩපණකර ගියෝය.” අප ශුද්ධ වූ දෙවියන් වහන්සේගේ කැමැත්තෙන් ජෙරුසලමෙහි රැඳී සිටීමට උත්සාහ කළත්, අපගේ දුර්වලතාවන් හේතුවෙන් කලින් කලට අප වරදෙහි වැටෙන අතර, අවසානයේ දී විනාශයට පත් වන බව මින් අදහස් වේ.
ඔබ තවමත් දෙවියන් වහන්සේ ඉදිරියෙහි පශ්චත්තාපයෙන් යාච්ඥා කරනු ඇත. “ස්වාමීනී, මා පාපයන් කොට ඇත. කරුණාකර මට සමාව දෙනු මැනවි; මා යළි කිසිදාක එය නොකරනු ඇත. මේ අවසාන වතාව වනු ඇති බවට මම ඔබට පොරොන්දු වෙමි. මෙවර පමණක් මට සමාව දෙන මෙන් මම බැගෑපත් ව ආයාචනා කර සිටිමි.”
නමුත් එය කිසිදාක එලෙස නොරැඳෙනු ඇත. මිනිසුන් හට පාපයන් සිදු නොකර මෙම ලෝකයේ ජීවත් විය නොහැකිය. ඔවුනට එය මාස කිහිපයක් යනතුරු වැළැක්වීමට හැකි වනු ඇත, එනමුත් යළිත් පාපයක් සිදු නොකර සිටීමට නොහැකි වනු ඇත.එබැවින්, අපට පුන පුනා පාපයන් සිදු කිරීම විනා, වෙනත් සරණක් නොමැත. “ස්වාමීනී, කරුණාකර මා හට සමාව දෙන සේක්වා.” මෙය මෙලෙස සිදු වන්නේ නම්, ඔවුන් දේවස්ථානයෙන් මෙන්ම, ඔවුන්ගේ ආගමික ජීවීතවලින් ද බැහැරට ගසා යනු ඇත. ඔවුන් දෙවියන් වහන්සේගෙන් පිටතට ගසා යනු ඇත්තේ මක් නිසාද යත්, ඔවුන්ගේ පාපයන් හේතුවෙනි, එමෙන්ම අවසානයේ ඔවුහු නිරයෙන් අවසන් වෙති.
ජෙරිකෝ වෙත ගමන් කිරීම යනු ලෞකික ජීවිතය වෙත වැටීමයි; තවදුරටත් ලෝකයට ළං වෙමින් ජෙරුසලමෙන් ඈත් වී යාමයි. ආරම්භයේ දී, ජෙරුසලම තවමත් වඩා සමීප වන අතර, නමුත් පාපයන් කිරීමේ සහ පශ්චාත්තාප වීමේ චක්‍රය පුන පුනා සිදු වන විට, අප ජෙරිකෝහි අගටම ගොස්, එනම් ලෝකයේ ගැඹුරටම වැටී ඇති බව අපට තේරුම් යයි. 

ගළවා ගත හැක්කේ කවුරුන්ව ද?
ස්වකීය ධර්මිෂ්ඨබව ස්ථාපනය කිරීමට 
උත්සාහ කිරීම අත්හරින පුද්ගලයින්වය

මිනිසා ජෙරිකෝ වෙත යන මඟෙහි ඔහුට හමුවන්නේ කවුරුන්ව ද? ඔහුට සොර සතුරන් මුණ ගැසෙයි. නියමය පිළිබඳ කිසිවක් නොදන්නා, එනමුත් නියමයෙන් ජීවත් වන පුද්ගලයා අතහැර දමා ගිය සුනඛයෙකුගේ ජීවිතයට සමාන ජීවිතයක් ගත කරයි. ඔහු/ ඇය ඕනෑම තැනක නිදා වැටෙයි, ඕනෑම තැනක මුත්‍රා කරයි. මෙම සුනඛයා මීළඟ දිනයේ අවදි වී යළිත් පානය කරයි. අත්හැර දමන ලද සුනඛයෙකු ඔහුගේ අසූචී පවා ආාහරයට ගනු ඇත. එවැනි පුද්ගලයෙකුට සුනඛයෙකු යැයි පවසන්නේ එබැවිනි. ඔහු/ඇය පානය නොකිරීමට දනී, එහෙත් එලෙස සිදු කර, ඊළඟ උදෑසන ද එම ක්‍රියාවලියම නැවත නැවතත් සිදු කරමින් පශ්චත්තාප වේ.
එය ජෙරිකෝ වෙත යමින් සිටි පුද්ගලයාට ඔහුගේ මඟේ දී සොරුන් හමු වීම හා සමාන ය. ඔහු තුවාල ලබා, මුළුමනින්ම පාහේ මරණයට පත් වන්නට හැර, පසෙකට වැටී සිටින්නට වුණි. ඉන් අදහස් ව්නනේ, ඔහුගේ හදවතෙහි ඇත්තේ පාපය පමණක් බවයි. මානවයෙකු යනු මෙයයි.
මිනිස්සු ජෙරුසලමෙහි නියමයෙන් ජීවත් වීමට උත්සාහ කරන අතරතුර, යේසුස් වහන්සේ විශ්වාස කරති.එනමුත්, ඔවුන්ගේ හදවත්හි පාපය පමණක් ඉතිරි කර තබා ඔවුහු අවසන් ගමන් යති. ඔවුන්ගේ ආගමික ජීවිත සඳහා ඔවුනට පෙන්වන්නට ඇති සියල්ල වන්නේ පාපයෙහි කැළැල් පමණි. ඔවුන්ගේ හදවත් තුළ පාපය තිබෙන පුද්ගලයන් අවසානයේ දී නිරයට විසික් වනු ඇත. ඔවුන් එය දනී, නමුත් කළ යුත්තේ කුමක් දැයි නොදනී. මාත් ඔබත් එවැනිම ආගමික නගරයක වාසය කොට නොමැති ද? ඔව්, අප සියල්ලන්ම එලෙස සිදු කර ඇත.
දෙවියන් වහන්සේගේ නියමය වරදවා වටහා ගත් නීතීඥවරයා ඔහුගේ මුළු ජීවිත කාලය පුරා උත්සාහ දරනු ඇති නමුත්, කැළැල් සහිතව නිරයෙහි අවසන් වනු ඇත. ඔහු අපෙන් එක් අයෙකි, එනම් ඔබ සහ මම ය.
යේසුස් වහන්සේ හට පමණක් අපව ගළවා ගත හැකිය. අප වටා බොහෝ බුද්ධිමත් මිනිසුන් ඇති අතර, ඔවුහු දන්නා දේ පිළිබඳ නිතර පුරසාරම් දොඩති. ඔවුන් සියලුදෙනා දෙවියන් වහන්සේගේ නියමයයෙන් ජීවත් වන බව පෙන්වීමට උත්සාහ කරන අතර, තමන්ට අවංකව ක්‍රියා නොකරයි. ඔවුනට ඉස්කෝප්පයට ඉස්කෝප්පය යැයි කියා හැඳින්විය නොහැකි වන අතර, එනමුත් ඔවුහු සැමවිටම භක්තිමත්බව පෙන්වීමට ඔවුන්ගේ බාහිර පෙනුම හැඩ කිරීමට නැඹුරු වෙති.
ඔවුන් අතර සොරුන්ගෙන් පහර කෑමට ලක්ව, මුළුමනින්ම පාහේ මරණයට පත්වීමට දමා ගොස් තිබූ පිරිස වන, ජෙරිකෝ වෙත යන පව්කාරයෝ ද සිටිති. අප දෙවියන් වහන්සේ ඉදිරියේ කෙතරම් දුර්වල ද යන්න අප දැනගත යුතුය.
“ස්වාමීනී, ඔබ මා ගළවා නොගන්නේ නම් මා නිරයට යනු ඇත. කරුණාකර මා ගළවා ගනු සේක්වා. මට සත්‍ය ශුභාරංචිය පමණක් ඇසිය හැකි නම්, එය හිමකැට වැස්සක් වුව ද, කුණාටුවක් වුව ද, ඔබට අවශ්‍ය ඕනෑම තැනකට මා යන්නම්. ඔබ මා තනිකර දමා ගියහොත්, මා නිරයට යනු ඇත. මා ගළවා ගන්නා මෙන් මම ඔබවහන්සේගෙන් ඉල්ලා සිටිමි.” යැයි අප උන්වහන්සේ ඉදිරිපිට අපි පිළිගත යුතු වන්නෙමු.
තමන් යන්නේ නිරය දෙසට බව දන්නා, තම ධර්මිෂ්ඨබව හඹා යාමට උත්සාහ කිරීම අත්හරින අතරතුර, ස්වාමීන් වහන්සේට සම්බන්ධ වීමට උත්සාහ කරනා පුද්ගලයෝ ගළවා ගත හැකි පුද්ගලයෝ වන්නෝ ය. අපට කිසිදාක අපගේ ස්වකීය උත්සාහයන් තුළිත් ගැලවිය නොහැකිය.
අප, සොරුන් අතරට වැටුණු මිනිසා මෙන් බව අප ම අවබෝධ කර ගත යුතු වේ.