(යොහාන් 8:1-12)
“1සියල්ලෝම තම තමුන්ගේ ගෙවලට ගියෝය. යේසුස්වහන්සේ ඔලීව කන්දට ගියසේක. 2උන්වහන්සේ අලුයම දේවමාළිගාවට නැවත ආසේක, මුළු සෙනඟ උන්වහන්සේ ළඟට පැමිණියෝය; උන්වහන්සේ වැඩහිඳ ඔවුන්ට ඉගැන්වූසේක. 3එවිට කාමමිථ්‍යාචාරය කරද්දී අසුවූ ස්ත්‍රියෙක් ලියන්නන් හා ඵරිසිවරුන් විසින් ගෙනැවිත් මැද සිටුවා, 4උන්වහන්සේට කථාකොට: ආචාරිනි, මේ ස්ත්‍රී කාමමිථ්‍යාචාරය කරද්දීම අල්ලනලද්දීය. 5මෙබඳු අය ගල්ගසා මරන්ට මෝසෙස් විසින් ව්‍යවස්ථාවෙහි අපට අණකර තිබේ. නුමුත් ඔබ මෑ ගැන කියන්නේ කුමක්දැයි ඔව්හු උන්වහන්සේගෙන් ඇසුවෝය. 6ඔවුන් මෙසේ ඇසුවේ උන්වහන්සේ පරීක්ෂාකරමින් උන්වහන්සේට වරද තබන්ට කාරණයක් ලබන පිණිසය. නුමුත් යේසුස්වහන්සේ නැමී ඇඟිල්ලෙන් බිම ලිවූසේක. 7ඔවුන් උන්වහන්සේගෙන් අස අසා සිටියදී උන්වහන්සේ කෙලින්වී ඔවුන්ට කථාකොට: නුඹලා අතරෙන් පව් නැත්තා ඈට පළමුකොට ගලක් ගසාවයි කියා, 8නැවතත් නැමී ඇඟිල්ලෙන් බිම ලිවූසේක. 9ඔව්හු ඒ අසා වැඩිමහල්ලා පටන් බාලයා දක්වා එකිනෙකා පිටතට ගියෝය. යේසුස්වහන්සේ පමණක් එහි සිටිසේක, ස්ත්‍රීද සිටි තැනම මැද සිටියාය. 10යේසුස්වහන්සේ කෙලින් වී, ස්ත්‍රියට කථාකොට: ඔව්හු කොහේද? කිසිවෙක් නුඹ වරදට පත්කළේ නැද්දැයි ඇසූසේක. 11ස්වාමිනි, නැතැයි ඈ කීවාය. එවිට යේසුස්වහන්සේ: මමත් නුඹ වරදට පත් නොකරමි. පලයන්න, මෙතැන් පටන් තවත් පව් නොකරන්නැයි ඈට කී සේක. 12එබැවින් යේසුස්වහන්සේ නැවත ඔවුන්ට කථාකරමින්: මම ලෝකයේ ආලෝකයය. මා අනුව එන්නා අන්ධකාරයෙහි නොහැසිර ජීවනයේ ආලෝකය ලබන්නේයයි කීසේක.”
යේසුස් වහන්සේ කෙතරම්
ප්‍රමාණයක් පව් මකා දැමුවේද?
ලොව සියලු පාපයන්
යේසුස් වහන්සේ අපට සදාකාලික ගැලවීම ලබා දුන් සේක. ඕනෑම අයෙකු ඔහුගේ/ ඇයගේ ගැලවුම්කරු ලෙස යේසුස් වහන්සේ කෙරෙහි විශ්වාසය තබන්නේ නම්, ගැලවිය නොහැකි කිසිවකු මෙලොව නැත. උන්වහන්සේ අප සියලුදෙනා ගළවා ගත් සේක. ඔහුගේ/ඇයගේ පාපයන් පිළිබඳ බලවත් සේ දුක්වන පව්කාරයෙකු සිටින්නේ නම්, ඒ මක් නිසාද යත්, යේසුස් වහන්සේ උන්වහන්සේගේ බෞතීස්මය සහ කුරුසියේ ඇණ ගැසීම සමඟ සියලු පාපයන්ගෙන් ඔහු/ ඇය ගළවා ගෙන ඇත්තේ කෙසේද යන්න පිළිබඳ එම පුද්ගලයා සතු වැරදි අවබෝධය හේතුවෙනි.
ගළවා ගැනීමේ රහස අප සියලුදෙනා දැන ගත යුතු අතර, ඒ කෙරෙහි විශ්වාසය තැබිය යුතුය. යේසුස් වහන්සේ උන්වහන්සේගේ සියලු පාපයන් ඔහුගේ බෞතීස්මය සමඟ බාරගත් අතර, කුරුසයේ මිය යාමෙන් අපගේ පාපයන් සඳහා විනිශ්චය උපදවා ඇත.
ඔබ ජලයේ සහ ජීවයේ ගැලවීම කෙරෙහි විශ්වාසය තැබිය යුතුය; සියලු පාපයන්ගෙන් සදාකාලික ගැලවීම. ඔබව ඒ වන විටත් ධර්මිෂ්ඨබවට පත් කර ඇති උන්වහන්සේගේ ඉමහත් ආදරය කෙරෙහි ඔබ විශ්වාසය තැබිය යුතුය. යොර්දාන් නදියේ දී සහ කුරුසය මත උන්වහන්සේ ඔබගේ ගැලවීම සඳහා කොට ඇති දෑ තුළ විශ්වාසය තබන්න.
යේසුස් වහන්සේ අපගේ සඟවන ලද පාපයන් සියල්ල පිළිබඳව ද දැනගෙන සිටි සේක. ඇතැම් පුද්ගලයන්ට පාපය පිළිබඳ වැරදි වැටහීමක් තිබේ. ඇතැම් පාපයන්ගෙන් ගළවා ගත නොහැකි යැයි ඔවුහු සිතති. යේසුස් වහන්සේ සියලු පාපයන්, සෑම පාපයක් ම පාහේ ගළවා ගත් සේක.
උන්වහන්සේ විසින් ඉතිරි කරනු ලැබ ඇති කිසිදු එක් පාපයක් හෝ මෙලොව තුළ නැත. මක් නිසාද යත්, උන්වහන්සේ මොලොව සියලු පාපයන් මකා දමා ඇති බැවිනි, සත්‍යය නම් තවත් පව්කාරයන් නොමැති වීමයි. ක්‍රිස්තුස් වහන්සේගේ ධර්මය ඔබේ සියලු පාපයන්, ඔබේ අනාගත පාපයන් පවා ගළවා ඇති බව ඔබට වැටහෙන්නේ ද? එය කෙරෙහි විශ්වාසය තබන්න, ඉන් ගැලවීම ලබාගන්න, එමෙන්ම කීර්තියේ සියල්ල දෙවියන් වහන්සේට ලබා දෙන්න.
කාමමිථ්‍යාචාර ක්‍රියාවේ දී හසු වූ කාන්තාව
ලොව කොපමණ මිනිසුන්
සංඛ්‍යාවක් කාමමිථ්‍යාචාරය
සිදු කරන්නේ ද?
ඒ සියලුදෙනා
ජොහාන්තුමා 8 හි, කාමමිථ්‍යාචාරයේ යෙදුණු කාන්තාවක් පිළිබඳ කතාවක් තිබෙන අතර, යේසුස් වහන්සේ ඇයව ගළවා ගත්තේ කෙසේද යන්න අපට පෙනේ. ඇය ලද කරුණාව බෙදා ගැනීමට අපි කැමැත්තෙමු. සියලු මිනිසුන් ඔවුන්ගේ ජීවිත කාලයේ යම්කිසි අවස්ථාවක දී කාමමිථ්‍යාචාරය සිදු කරන බව පැවසීම අතිශයෝක්තියන් නොවේ. සෑම පුද්ගලයෙකුම කාමමිථ්‍යාචාරය සිදු කරයි.
ඔබ එසේ නොසිතන්නේ නම්, එයට එකම හේතුව වන්නේ එය අප නොකරනවා සේ හැඟෙන තරමට සැම විටම සිදු කරන බැවිනි. ඇයි? අප අපගේ ජීවිතවල බොහෝ සෙයින් කාමමිථ්‍යාචාරය සමඟ ජීවත් වන්නෙමු.
ජොහාන්තුමා 8 හි කාන්තාව දෙස බලන විට, කාමමිථ්‍යාචාරය සිදු කර නොමැති පුද්ගලයෙකු අප අතර සිටී ද නොසිටී ද යන්න පිළිබඳ මම සිතින් විමසමි. කාමමිථ්‍යාචාර ක්‍රියාවේ දී හසු වූ කාන්තාව මෙන්, කාමමිථ්‍යාචාරය සිදු කර නැති කිසිවකු නැත. අප සියලුදෙනා එය සිදු කර ඇති අතර, එනමුත් අප එය සිදු කර නැතැයි ව්‍යාජ ලෙස අඟවයි.
මා වැරදි යැයි කියා ඔබ සිතනවාද? නැත. මා වැරදි නැත. ඇතුළතින් ප්‍රවේශමෙන් බලන්න. පෘථිවි මුහුණත මත සිටින සියලුදෙනා එය සිදු කොට ඇත. වීදි දෙපස සිටින කාන්තාවන් දෙස බලන අතරතුර, ඔවුන්ගේ සිතුවිලි අතරේ සහ ඔවුන්ගේ ක්‍රියාවන් තුළ, ඕනෑම වේලාවක, ඕනෑම තැනක ඔවුහු කාමමිථ්‍යාචාරය සිදු කරයි.
ඔවුන් එය සිදු කරන බව ඔවුනට නොවැටහේ. තම ජීවිත පුරාවට අසංඛ්‍යාත වාර ගණනක් කාමමිථ්‍යාචාරය සිදු කර ඇති බැව් තමන් මිය යන දිනය දක්වා නොවැටහෙන බොහෝ පිරිසක් මිනිසුන් සිටී. හසු කර ගෙන ඇති පුද්ගලයන් පමණක් නොව, නමුත් කිසිදිනක හසු නොවී ඇති අප සියලුදෙනා ද ඊට අයත් ය. සියලු මිනිසුන් එය ඔවුන්ගේ මනසෙහි සහ ඔවුන්ගේ ක්‍රියාවන්හි සිදු කරයි. එය අපගේ ජීවිතවල කොටසක් නොවන්නේ ද?
ඔබ කණගාටුවෙන් ද? එය තමයි සත්‍යය. අප ඒ පිළිබඳ නුවණින් ක්‍රියා කරන බවක් පෙන්වන්නේ මක් නිසාද යත්, අප ලැජ්ජාවට පත්ව සිටින බැවිනි. සත්‍යය වන්නේ වර්තමාන ලෝකයේ මිනිසුන් සියලු කාලවේලාවන්හි කාමමිථ්‍යාචාරය සිදු කරන නමුත්, ඔවුන් එය කරන බව වටහා නොගැනීමයි.
මිනිසුන් ඔවුන්ගේ ආත්මයන් තුළ පවා කාමමිථ්‍යාචාරය සිදු කරයි. මෙම පෘථිවියේ ජීවත් වන, දෙවියන් වහන්සේ විසින් මවන ලද අප පවා, අප විසින් ආධ්‍යාත්මික කාමමිථ්‍යාචාරය සිදු කරන බව කිසිදාක වටහා නොගෙන ජීවත් වෙයි. වෙනත් දෙවියන් වැඳීම ආධ්‍යාත්මික කාමමිථ්‍යාචාරයට සමාන වනුයේ මක් නිසාද යත්, ස්වාමීන් වහන්සේ සියලු මානව වර්ගයාගේ එකම ස්වාමි පුරුෂයා
එම ක්‍රියාවේ යෙදී සිට හසු වූ කාන්තාව ද සෙසු අප සියලුදෙනා මෙන් මනුෂ්‍යයෙකි, එමෙන්ම ගැලවුණු අප සිදු කළ මෙන්, ඇයට ද දෙවියන් වහන්සේගේ ප්‍රසාදය හිමිවුණි. එනමුත්, කුහක ව්‍යාජ භක්තිකයන් ඇයව ඔවුන් ඉදිරියේ සිටවා, විනිශ්චයකරුවන් මෙන් ඈ දෙසට ඇඟිලි දිගු කළේ ඇයට ගල් ගැසීමට ආසන්න වූවාක් මෙනි. ඔවුහු කිසිදාක කාමමිථ්‍යාචාරයේ නොයෙදුණු, පවිත්‍ර පුද්ගලයන් වූවාක් සේ,ඇයව විනිශ්චය කිරීමට සහ ඇයට නින්දාලාප කිරීමට සූදානම්ව සිටියහ.
තමන් පාප රාශියක් බව දන්නා සෙසු ක්‍රිස්තියානුවන් වෙනත් පුද්ගලයන් දෙවියන් වහන්සේ ඉදිරියේ විනිශ්චයට ලක් නොකරයි. අනික් අතට, ඔවුන් ද ඔවුන්ගේ ජීවිතවල කාමමිථ්‍යාචාරය සිදු කරන බව දැන, අප සියලුදෙනාව ගළවා ගෙන තිබෙන දෙවියන් වහන්සේගේ ප්‍රසාදය ඔවුනට ද හිමි වේ. මෙතෙක් ආ මඟෙහි තමන් කාමමිථ්‍යාචාරය සිදු කර ඇතැයි වටහා ගන්නා පව්කාරයෝ පමණක් දෙවියන් වහන්සේ ඉදිරියේ ගැලවීම සඳහා සුදුසුකම් ලබන්නෝය.
දෙවියන් වහන්සේගේ ප්‍රසාදය හිමිවන්නේ කා හටද
දෙවියන්ගේ ප්‍රසාදය
ලැබෙන්නේ කාහටද?
නොවටිනා පුද්ගලයන්ට
කාමමිථ්‍යාචාරය සිදු කිරීමෙන් තොරව පිරිසිදු ලෙස ජීවත් වන පුද්ගලයා හට උන්වහන්සේගේ ප්‍රසාදය ලැබෙන්නේ ද, නැතහොත් තමා ඉතා පාපකාරී බව පිළිගන්නා නොවටිනා පුද්ගලයා හට උන්වහන්සේගේ ප්‍රසාදය ලැබෙන්නේ ද? ප්‍රසාදය ලබන්නා යනු උන්වහන්සේගේ ගැලවීමෙහි විශාල ප්‍රසාදයක් ලබා ගන්නා පුද්ගලයා ය. දුර්වල සහ අසරණ, තමාට උපකාර කර ගැනීමට නොහැකි පුද්ගලයන් හට ගැලවීම ලැබේ. උන්වහන්සේගේ ප්‍රසාදයට පාත්‍ර වන්නේ ඔවුන් ය.
තමා පාපයෙන් තොරව සිටින්නේ යැයි සිතන පුද්ගලයන් හට ගැලවිය නොහැකිය. ගැලවීමට කිසිවක් නොමැති විට උන්වහන්ගේ ගැලවීමෙහි ප්‍රසාදය ඔවුනට ලැබෙන්නේ කෙසේද?
පුරාණ ධර්මාචාර්යයන් සහ ව්‍යාජ භක්තිකයන් කාමමිථ්‍යාචාර ක්‍රියාවෙහි යෙදී හසු වූ කාන්තාව යේසුස් වහන්සේ ඉදිරිපිට ඇදගෙන ආ අතර, ඇයව මධ්‍යයේ තබා මෙසේ උන්වහන්සේගෙන් ඇසුවේය. “ගුරුදේවයනි, කාමමිථ්‍යාචාරයෙහි යෙදෙමින් සිටිය දී මෙම කාන්තාව හසු වුණි. දැන් ඔබවන්සේ කුමක් පවසන්නේ ද?” ඇයි ඔවුන් කාන්තාව උන්වහන්සේ ඉදිරිපිටට ගෙන ගොස් උන්වහන්සේව පරීක්ෂා කළේ?
ඔවුන් ද බොහෝ වරක් කාමමිථ්‍යාචාරයේ හැසිර ඇත, එනමුත් ඔවුහු යේසුස් වහන්සේට වරද පටවා, උන්වහන්සේ ඔස්සේ එම කාන්තාව විනිශ්චය කිරීමට සහ ඝාතනය කිරීමට වෙහෙස වූහ.
යේසුස් වහන්සේ ඔවුන්ගේ මනස තුළ තිබූ දෑ දැන සිටි අතර, කාන්තාව ගැන සියල්ල ද දැන සිටි සේක. එබැවින් උන්වහන්සේ මෙසේ පැවසූ සේක. “ඔබ අතර සිටින පාපයෙන් තොර පුද්ගලයා, ඇයට මුලින්ම ගලක් ගැසීමට ඔහුට ඉඩ දෙන්න.” මහළුතම පුද්ගලයාගේ සිට ළබාලතම පුද්ගලයා දක්වා, පුරාණ ධර්මාචාරීන් සහ ව්‍යාජ භක්තිකයන් එකින් එකට නික්මව ගිය අතර, යේසුස් වහන්සේ සහ කාන්තාව පමණක් ඉතිරි වුණි.
ඉතිරි ව සිටි පුද්ගලයන් වූයේ ආගමික නායකයන් වූ පුරාණ ධර්මාචාරීන් සහ ව්‍යාජ භක්තිකයන් ය. ඔවුන් පව්කාරයන් නොවූවාක් මෙන්, කාමමිථ්‍යාචාරයට හසු වූ කාන්තාව විනිශ්චය කිරීමට ඔවුහු සූදානම් ව සිටියහ.
යේසුස් වහන්සේ මෙලොව උන්වහන්සේගේ ප්‍රේමය ප්‍රකාශ කළ සේක. උන්වහන්සේ ආදරයේ ධාරකයා වූ සේක. යේසුස් වහන්සේ ආහාර ලබා දුන් සේක, මළ ගියවුන් යළි රැගෙන ආ සේක, වින්නඹුවකගේ පුත්‍රයාට යළි ජීවය ලබා දුන් සේක, බෙතනිහි ලසාරුස්ට ප්‍රාණවත් කළ සේක, ලාදුරු රෝගීන් සුව කළ සේක, එමෙන්ම, දිළින්දන් සඳහා ප්‍රාතිහාර්යයන් පෑ සේක. උන්වහන්සේ පව්කාරයන්ගේ සියලු පාපයන් ගෙන හැර, ඔවුනට ගැලවීම ලබා දුන් සේක.
යේසුස් වහන්සේ අපට ප්‍රේම කරන සේක. උන්වහන්සේ ඕනෑම දෙයක් කළ හැකි සර්වබලධාරියා වන නමුත්, ව්‍යාජ භක්තිකයෝ සහ පුරාණ ධර්මාචාරීහු ඔවුන්ගේ සතුරා ලෙසට උන්වහන්සේව සැලකූහ. ඔවුන් කාන්තාව උන්වහ්නසේ ඉදිරිපිටට රැගෙන විත්, උන්වහන්සේව පරීක්ෂා කළේ එබැවිනි.
“ගුරුදේවයනි, නියමයෙහි, මොසෙස්. එවැනි අයට ගල් ගැසිය යුතු යැයි අපට අණ කළා. ඒත් ඔබවහන්සේ කුමක් පවසන්නේ ද?’ යැයි ඔවුහු ඇසූහ. උන්වහන්සේ ඇයට ගල් ගසන්න යැයි ඔවුනට පවසනු ඇතැයි ඔවුහු සිතූහ. මන්ද? දෙවියන් වහන්සේගේ නියමයේ ලියා ඇති පරිදි අපට විනිශ්චය කිරීමට තිබුණේ නම්, කාමමිථ්‍යාචාරය සිදු කර ඇති සියලුදෙනා හට අපවාදයකින් තොරව මරණයට පත් වන තුරු ගල් ගසනු ඇත.
සියලුදෙනා ගල් ගසා මරා දැමිය යුතු අතර, සියලුදෙනා නිරයට යාමට නියමිත ය. පාපයේ බැළය මරණයයි. කෙසේවෙතත්, යේසුස් වහන්සේ ඇයට ගල් ගසන මෙන් ඔවුනට නොපැවසූ සේක. “ඔබ අතර පාපයක් රහිත පුද්ගලයා හට ඇය වෙත මුල්ම ගල ගැසීමට ඉඩ දෙන්න” යැයි ඒ වෙනුවට උන්වහන්සේ පැවසූ සේක.
දෙවියන් වහන්සේ අපට
නියමයේ කොන්දේසි 613ක්
ලබා දුන්නේ මන් ද?
අප පව්කාරයන් බව අවබෝධ
කර දීමට
නියමය මඟින් මහත් කෝපයක් ගෙන දෙයි. දෙවියන් වහන්සේ පාරිශුද්ධ වන අකර, උන්වහන්සේගේ නියමය ද එසේම වේ. මෙම පාරිශුද්ධ වූ නියමය කොන්දේසි 613කින් අප වෙත පැමිණුනි. දෙවියන් වහන්සේ අපට කොන්දේසි 613ක් ලබා දී ඇත්තේ මන්ද යත්, අප පව්කාරයන් බව; අසම්පූර්ණ ජීවීන් බව වටහා දීමටය. අප ගැලවීම සඳහා දෙවියන් වහන්සේගේ ප්‍රසාදය බලාපොරොත්තු විය යුතු බව ඉන් ඉගැන්වේ. අප මෙය දැන නොසිටියේ නම් සහ නියමයේ සටහන්ව තිබූ දෑ පිළිබඳ පමණක් සිතුවේ නම්, එම ක්‍රියාවෙහි යෙදී හසු වූ කාන්තාව මෙන් අපව ද ගල් ගසා මරා දැමෙනු ඇත.
උන්වහන්සේගේ නීතියෙහි සත්‍ය නොදැන සිටි පුරාණ ධර්මාචාරීන් සහ ව්‍යාජ භක්තිකයන් එම ගැහැණියට ගල් ගැසීමට, ඇතැම්විට අපට පවා ගල් ගැසීමට ඔවුනට හැකි යැයි සිතන්නට ඇත. එනමුත්, ඒ හා සමානම පාපකාරී ජීවියෙකු ලෙස, එම අසරණ කාන්තාවට ගල් ගැසීමට නිර්භීත වන්නේ කවුරුන් ද?ඇය ක්‍රියාවෙහිදී හසු වූව ද, මෙලොව කිසිදු පුද්ගලයෙකුට ඇයට ගල් ගැසිය නොහැකි ය.
කාන්තාව සහ අප සෑම අයෙකුම නියමයට අනුව පමණක් විනිශ්චය කෙරුණේ නම්, අප මෙන්ම කාන්තාවට ද ඉතා දරුණු විනිශ්චයක් ලැබෙනු ඇත. එනමුත්, යේසුස් වහන්සේ අප වැනි පව්කාරයන් අපගේ පවෙන් මෙන්ම, සාධාරණ විනිශ්චයක් ඔස්සේ අපව ගළවා ගත් සේක. අපගේ සියලු පාපයන් සමඟ, දෙවියන් වහන්සේගේ නියමය දැඩි සේ අකුරටම ක්‍රියාත්මක වූයේ නම්, අප අතර කා හට ජීවත් විය හැකි ද? අප සෑම දෙනෙකුම නිරයෙහි අවසන් වනු ඇත.
එනමුත්, පැරණි ධර්මාචාරීන් සහ ව්‍යාජ භක්තිකයන් නියමය පිළිබඳ දැන සිටියේ එය ලියා තිබූ පරිදි පමණි. උන්වහන්සේගේ නියමය නිවැරදි ලෙස යොදා ගත්තේ නම්, ඔවුන් විසින් විනිශ්චය කරන ලද පුද්ගලයා මෙන්, නිසැකවම ඔවුන්ව ද ඉන් මරණයට පත් කෙරෙනු ඇත. සත්‍ය වශයෙන්ම, දෙවියන් වහන්සේගේ නියමය මිනිසුන් හට ලබා දුන්නේ ඔවුනට ඔවුන්ගේ පාපයන් වටහා ගත හැකි පරිද්දෙනි, එනමුත් ඔවුන් විඳවූයේ ඔවුන් එය වැරදි ලෙස වටහා ගෙන, වැරදි ලෙස එය යොදා ගත් බැවිනි.
බයිබලයේ හමු වන ව්‍යාජ භක්තිකයන් මෙන්, වර්තමානයේ සිටින ව්‍යාජ භක්තිකයන් ද දන්නේ ලියා ඇති නියමය පමණි. ඔවුන් ප්‍රසාදය, සාධාරණය සහ දෙවියන්වහන්සේගේ සත්‍යය වටහා ගත යුතුය. ගැලවීම සඳහා ඔවුනට ගැලවීමේ ශුභාරංචිව ඉගැන්විය යුතු වේ.
“එවැන්නන් ගල් ගසා මරා දැමිය යුතුයි යනුවෙන් නියමය අපට විධාන කළේය. නමුත් ඔබවහන්සේ පවසන්නේ කුමක්ද?”, යැයි ව්‍යාජ භක්තිකයෝ පැවසූහ. විශ්වාසවන්ත ලෙස ගල් අතෙහි තබා ගෙන ඔවුහු විමසූහ. යේසුස් වහන්සේට ඒ පිළිබඳ කීමට කිසිවක් නොතිබෙන්නට ඇතැයි ඔවුහු නිසැකයෙන්ම සිතූහ. ඔවුන් ඔවුන්ගේ ඇමට යේසුස් වහන්සේට හසු වන තුරු බලාපොරොත්තුවෙන් සිටියහ.
යේසුස් වහන්සේ නියමයට අනුව විනිශ්චය කර ඇත්නම්, ඔවුන් උන්වහන්සේට ද ගල් ගසනු ඇත. ඔවුන්ගේ අරමුණ වූයේ කාන්තාවට සහ යේසුස් වහන්සේට යන දෙපාර්ශ්වයටම ගල් ගැසීම ය. යේසුස් වහන්සේ එම කාන්තාවට ගල් නොගසන මෙන් පවසා තිබුණේ නම්, යේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ නියමයට අවමන් කර ඇති බව ඔවුන් පවසනු ඇති අතර, දේවාපහාසයට උන්වහන්සේට ගල් ගසනු ඇත. එය කුරිරු සැලැස්මක් විය!
එනමුත් යේසුස් වහන්සේ ඉදිරියට නැමී ඔහුගේ ඇඟිල්ලෙන් පොළොව මත යමක් ලියූ සේක, එමෙන්ම, ඔවුන් නොකඩවා උන්වහන්සේගෙන්,“ඔබවහන්සේ මොනවාද පවසන්නෙ, ඔබවහන්සේ මොනවාද පොළොව මත ලියන්නෙ? අපේ ප්‍රශ්නෙට පිළිතුරු දෙන්න. ඔබවහන්සේ මොනවාද පවසන්නෙ?” යැයි විමසූහ. ඔවුහු යේසුස් වහන්සේට ඔවුන්ගේ ඇඟිලි දිගු කරමින්, උන්වහන්සේට නොකඩවා හිරිහැර කරන්නට වූහ.
ඉන්පසු, යේසුස් වහන්සේ නැඟිට, ඔවුන් අතර පාපයන් ගෙන් තොර පුද්ගලයා ඇයට ප්‍රථමයෙන් ගලක් ගැසිය යුතු යැයි පැවසූ සේක. ඉන්පසු, උන්වහන්සේ ඉදිරියට නැමී, පොළොව මත නොකඩවා ලිවීම සිදු කළ සේක. එය කන වැකුණු එම පුද්ගලයෝ ඔවුන්ගේ හෘදසාක්ෂියට අනුව වරදක් කර ඇති බව හැඟීයාමෙන්, වයස්ගතම පුද්ගලයාගෙන් පටන්,එක් පුද්ගලයාගෙන් පුද්ගලයාට, අවසාන පුද්ගලයා දක්වා නික්ම ගියහ. යේසුස් වහන්සේ අසලින් සිට ගෙන සිටින කාන්තාව සහ උන්වහන්සේ පමණක් එහි ඉතිරි වූහ.
“ඔබ අතර සිටින පාපයෙන් තොර පුද්ගලයාට ඇය වෙත පළමුවෙන් ගලක් විසි කිරීමට ඉඩ දෙන්න”
පාපයන් වාර්තාගත කර
ඇත්තේ කොහේද?
අපේ හදවත් සටහන් පොතෙහි
සහ අපගේ වැඩ පොත් තුළ
“ඔබ අතර සිටින පාපයෙන් තොර පුද්ගලයාට ඇය වෙත පළමුවෙන් ගලක් විසි කිරීමට ඉඩ දෙන්න” යැයි යේසුස් වහන්සේ ඔවුනට පැවසූ අතර, නොකඩවා පොළොව මත ලියූ සේක. වයස්ගත පුද්ගලයන් දෙපළක් එම ස්ථානයෙන් ඉවත් වී ඇවිද ගියහ. බෙහෙවින් පාපයන් සිදු කර ඇති ඉතා මහළු ව්‍යාජ භක්තිකයන්, ප්‍රථමයෙන් පිටතට ඇවිද යනු ඇත. තරුණ පුද්ගලයෝ ද නික්ම ගියහ. යේසුස් වහන්සේ අප අතර සිට ගෙන සිටි අතර, අප එම කාන්තාව වටා සිටගෙන සිටියේ යැයි අපි සිතමු. යේසුස් වහන්සේ අප අතර සිටින අයෙකුට ඇයට පළමු ගල් පහර ගසන්න යැයි පැවසූ විට, ඔබ කුමක් කරනු ඇති ද?
යේසුස් වහන්සේ පොළොව මත කුමක් ලියමින් සිට ඇති ද? අපව මවන ලද, දෙවියන් වහන්සේ අපගේ පාපයන් වෙනස් වූ ස්ථාන දෙකක ලියන සේක.
පළමුවෙන්ම, උන්වහන්සේ අපගේ පාපයන් අපගේ හදවත් පුවරුවෙහි ලියන සේක.“ 1යූදාවරුන්ගේ පාපය යකඩ පන්හිඳකින්ද වජ්‍ර තුඩකින්ද ලියා තිබේ. ඒක ඔවුන්ගේ සිත නැමති පුවරුවේද ඔවුන්ගේ පූජාසනයන්හි අංවලද කොටා තිබේ” (යෙරමියා 17:1).
අපගේ නියෝජිතයා වන ජුදා ඔස්සේ දෙවියන් වහන්සේ අපට කතා කරයි. මිනිසුන්ගේ පාපයන් දියමන්ති තුඩක් සහ යකඩ පෑනකින් අකුරු කොටා ලියා ඇත. ඒවා අපගේ හදවත් පුවරුවෙහි සටහන් කර ඇත. සියලු මිනිසුන් පව්කාරයන් බව යේසුස් වහන්සේ ඉදිරියට නැවී පොළොවේ ලියූ සේක.
අප පාපයන් සිදු කළ බව දෙවියන් වහන්සේ දන්නා අතර, උන්වහන්සේ අපගේ හදවත් පුවරුවෙහි පාපයන් අකුරු කොටා ලියූ සේක. පළමුව, කැප කොට ඇති පාපයන් වන අපගේ වැඩ උන්වහන්සේ සටහන් කරනුයේ මක් නිසාද යත්, නියමය ඉදිරියේ අප දුර්වල හෙයිනි. පාපයන් අපගේ හදවතෙහි සටහන් කෙරෙන විට, අප නියමය දෙස බලන විට අප පව්කාරයන් බව අපට වැටහෙයි. උන්වහන්සේ ඒවා අපගේ හදවත් සහ හෘදසාක්ෂි තුළ වාර්තා කළ හෙයින්, අප උන්වහන්සේ ඉදිරියේ පව්කාරයන් බව අපි දනිමු.
දෙවන වරටත් පොළොවේ යමක් ලිවීමට යේසුස් වහන්සේ ඉදිරියට නැවුණු සේක. බයිබලයෙහි ද පැවසෙන්නේ දෙවියන් වහන්සේ ඉදිරියේ පොත්වල අපගේ සියලු පාපයන් සටහන් කර ඇති බවයි (දේවවාක්‍යය 20:12) සෑම පව්කාරයෙකුගේම නම සහ ඔහුගේ/ ඇයගේ පාපයන් එම පොතෙහි සඳහන් වේ. ඒවා පුද්ගලයෙකුගේ හදවත් පුවරුවෙහි ද සඳහන් කර ඇත. අපගේ පාපයන් වැඩ පොත්වල මෙන්ම හදවත් පුවරුවෙහි ද සටහන් කර තිබේ.
තරුණ වුවත් මහළු වුවත්, සියලුදෙනාගේ හදවත් පුවරු මත පාපයන් සඳහන් කර තිබේ. යේසුස් වහන්සේ ඉදිරියේ ඔවුන්ගේ පාපයන් පිළිබඳ පැවසීමට කිසිවක් ඔවුන් සතු නොවූයේ එබැවිනි. කාන්තාවට ගල් ගැසීමට උත්සාහ කළ ඔවුහු උන්වහන්සේගේ වචන ඉදිරියේ අසරණ වූහ.
ස්ථාන දෙකක සටහන් කර ඇති
අපගේ පාපයන් මකා දමනුයේ කවදාද?
අපගේ හදවත් තුළ අප යේසුස් වහන්සේගේ
රුධිරය සහ ජලයෙන් ගැලවීම පිළිගත් විටය.
කෙසේවෙතත්, ඔබට උන්වහන්සේගේ ගැලවීම ලැබුණු විට, වැඩපොත්වල තිබෙන ඔබේ සියලු පාපයන් මැකී යන අතර, ඔබේ නම ජීවිත පොතෙහි යළි ලැයිස්තුගත වනු ඇත. ජීවිත පොතෙහි නම සටහන් වන පුද්ගලයන් ස්වර්ගයට යනු ඇත. ඔවුන්ගේ යහපත් ක්‍රියා, දෙවියන් වහන්සේගේ රාජධානිය සඳහා මෙලොව ඔවුන් සිදු කර ඇති ක්‍රියාවන් සහ උන්වහන්සේගේ ධර්මිෂ්ඨබව ද ජීවිත පොතෙහි සඳහන් වේ. ඔවුන් ස්වර්ගයට පිළිගනු ලැබේ. තම පාපයන්වලින් ගැලවෙන පුද්ගලයෝ සදාකාලිකත්වයේ ස්ථානයට ඇතුළු වනු ඇත.
කිසිවකුට දෙවියන් වහන්සේව රැවටිය නොහැකි පරිදි, සෑම පුද්ගලයෙකුගේම සියලු පාපයන් ස්ථාන දෙකක සටහන් වන බව මතක තබා ගන්න. ඔහුගේ හෝ ඇගේ හදවතින් පාපයන් සිදු කර නැති හෝ කාමමිථ්‍යාචාරය සිදු කර නැති කිසිවකු නොමැත. සියලු පුද්ගලයෝ පව්කාරයන් වන අතර, අපරිපූර්ණ මිනිසුන් වෙති.
යේසුස් වහන්සේගේ ගළවා ගැනීම ඔවුන්ගේ හදවත් තුළ නොපිළිගත් පුද්ගලයන්ට ඔවුන්ගේ පාපයන්ගෙන් ගැලවීමට නොහැකි වන අතර, ඔවුන්ගේ පාපයන් පිළිබඳ බලවත් ලෙස කණගාටු වීම පමණත් සිදු කළ හැකියි. ඔවුන් විශ්වාසී නැත. ඔවුන් ඔවුන්ගේ පාපයන් හේතුවෙන් දෙවියන් වහන්සේට සහ වෙනත් පුද්ගලයන්ට බිය වේ. එනමුත්, ජලයේ සහ ජීවයෙහි ගැලවීමේ ශුභාරංචිය ඔවුන් තම හදවත් තුළ විශ්වාස කරන මොහොතේ දී සහ ඔවුන්ගේ හදවත් පුවරුවන්හි සහ වැඩපොත්වල ලියැවී ඇති සියලු පාපයන් සියල්ල මකා දැමේ. ඔවුන් ඔවුන්ගේ සියලු පාපයන්ගෙන් ගැලවෙනු ලැබේ.
ස්වර්ගයෙහි ජීවිත පොතක් ඇත. ජලයේ සහ ජීවයේ ගැලවීම මත විශ්වාසය තබන පුද්ගලයන්ගේ නම් එහි සටහන් වී තිබෙන අතර, එබැවින් ඔවුන් ස්වර්ගයට ඇතුළු වනු ඇත.ඔවුන් ස්වර්ගයට ඇතුළු වන්නේ ඔවුන් පාපයන් සිදු කර නැති නිසා නොවන නමුත්, ඔවුන් ජලයේ සහ ජීවයේ ගැලවීම මත විශ්වාසය තැබීමෙන් ඔවුන්ගේ සියලු පාපයන්ගෙන් ගැලවුණු හෙයිනි. එය ‘භක්තියෙහි නියමය’ යි (රෝම 3:27).
කාමමිථ්‍යාචාරයෙහි යෙදී හසු වුණු කාන්තාව සේ ම, සෙසු ක්‍රිස්තියානුවන්, පැරණි ධර්මාචාරීන් සහ ව්‍යාජ භක්තිකයන් පව්කාරයන් විය.
සත්‍ය වශයෙන්ම, ඔවුන් පාපයන් බොහොමයක් සිදු කර ඇත්තේ මක් නිසාද යත්, ඔවුන් පව්කාරයන් නොවන වග පවසා, අනෙක් පුද්ගලයන්ව ද එය විශ්වාස කිරීමට යොමු කර, තමන්ව ද රවටා ගත් හෙයිනි. ආගමික නායකයන් විධිමත් බලපත්‍ර සහිත සොරුන් මෙන් විය. ඔවුහු ආත්මවල සොරකරුවන් වූහ, වෙනත් වචනයකින් පවසන්නේ නම් ඔවුන් ජීවීතයේ සොරුන්ය. ඔවුන් තවමත් ගැලවීමට පත් නොවී ඇතත්, ඔවුහු වෙනත් පුද්ගලයන්ට විශ්වාස කළ හැකි ලෙස ඉගැන්වීමට නිර්භීත නොවූහ.
නියමයට අනුව පාපයෙන් තොර කිසිවකු නැත..එනමුත් පුද්ගලයෙකුට ධර්මිෂ්ඨ විය හැක්කේ ඔහු/ ඇය පාපයක් සිදු කර නොමැති හෙයින් නොව, එනමුත් ඔහු/ ඇය පාපයන් සියල්ලෙන්ම ගැලවී ඇති හෙයිනි. එවැනි පුද්ගලයෙකු ජීවිත පොතෙහි සඳහන් කෙරේ. වැදගත් වන්නේ, අයෙකුගේ නම ජීවිත පොතෙහි සඳහන් කර ඇති ද හෝ නැති ද යන්න යි. මිනිසුන් හට ඔවුන්ගේ මුළු ජීවිත කාලයන් පුරා පාපයන් සිදු නොකර ජීවත් විය නොහැකි බැවින්, පොතෙහි වාර්තා වීම පිණිස ඔවුන් සදාකාලික වශයෙන් ගැලවිය යුතු ය.
ඔබ සත්‍ය ශුභාරංචිය මත විශ්වාසය තබන්නේ ද නොතබන්නේ ද යන්න මත, ඔබ ස්වර්ගයට පිළිගනු ලැබේවි ද යන්න පදනම් වේ. ඔබට දෙවියන් වහන්සේගේ ප්‍රසාදය හිමි වේවි ද නොවේවි ද යන්න ඔබ තුළ යේසුස් වහන්සේගේ ගැලවීම කෙරෙහි තබන විශ්වාසය මත පදනම් වේ. හසු වූ කාන්තාවට කුමක් සිදු වූයේ ද? ඇය තමන් මරණයට පත්වන්නට යන බව දැන ගත් හෙයින්, තම දෙදණ බිම ගසා, දෑස් වසාගෙන සිටිනු වන්නට ඇත. ඇය බියෙන් සහ පශ්චත්තාපයෙන් හඬමින් සිටින්නට ඇති බව අනුමානය. මිනිසුන් ඔවුන් මරණයට මුහුණ දෙන විට, ඔවුනටම අවංක වේ.
“අහෝ, දෙවියන් වහන්ස, මා හට මරණයට පත් වන්නට තිබීම නියමිත ය. කරුණාකර මගේ ආත්මය ඔබේ දෑතට පිළිගන්නා සේක්වා, මා හට කරුණා කරන සේක්වා. කරුණාකර මා හට අනුකම්පාව දක්වන සේක්වා, යේසුස් වහන්සයාණෙනි.” පශ්චත්තාපයේ ආදරය සඳහා ඇය යේසුස් වහන්සේට ආයචනා කළාය. “දෙවියන් වහන්ස, ඔබවහන්සේ මාව විනිශ්චය කළහොත්, මා විනිශ්චයට ලක් වනු ඇත, එමෙන්ම මා පාපයෙන් තොර යැයි ඔබවහන්සේ පැවසුවහොත්, එවිට මාගේ සියලු පාපයන් මැකී යනු ඇත. එය ඔබවන්සේට භාර ය.” ඇය ඇතැම්විට මේ සියල්ල පවසමින් සිටින්නට ඇත. සෑම දෙයක්ම යේසුස් වහන්සේට ඉතිරිව තිබූ බව ඇය පාපොච්චාරණය කරන්නට ඇත.
යේසුස් වහන්සේ ඉදිරියට ගෙන ආ කාන්තාව, “මම වරදක් කළෙමි, කරුණාකර මගේ කාමමිථ්‍යාචාරයට සමාව දෙන සේක්වා.” යැයි නොපැවසූවා ය. ඇය පැවසූයේ, “කරුණාකර මාව මාගේ පාපයන්ගෙන් ගළවා ගන්න. ඔබවහන්සේ මගේ පාපයන් ගළවා ගතහොත්, මා ගැලවෙනු ඇත. එසේත් නොමැති නම්, මා නිරයට යනු ඇත.මා හට ඔබේ ගැලවීම අවශ්‍යයි. මා හට දෙවියන් වහන්සේගේ ආදරය අවශ්‍යයි, ඒ වගේම මා හට උන්වහන්සේගේ අනුකම්පාව අවශ්‍ය යි.” යනුවෙනි. ඇය ඇගේ දෑස් පියාගෙන, ඇගේ පාපකාරීබව පාපොච්ඡාරණය කළාය.
“ඔබේ චෝදනාකරුවන් කොහෙද? කිසිවෙකු ඔබව හෙළා දැක නැද්ද?”, යනුවෙන් යේසුස් වහන්සේ ඇයගෙන් ඇසූ සේක. “කිසිවෙකු නැත, ස්වාමීනී.”, යැයි ඇය පිළිතුරු දුන්නා ය.
“මා පවා ඔබව හෙළා නොදැක්කෙමි.”, යැයි එවිට යේසුස් වහන්සේ ඇයට පැවසූ සේක. යේසුස් වහන්සේ ඇයව හෙළා නොදැක්කේ මන්ද යත්, උන්වහන්සේ යොර්දාන් නදිය අසල උන්වහන්සේගේ බෞතීස්මය ඔස්සේ ඇගේ සියලු පාපයන් ඒ වන විටත් පිටතට ගෙන ගොස් ඇති හෙයින් සහ ඇය ඒ වන විටත් ගළවා ගෙන තිබූ හෙයිනිදැන්, කාන්තාව නොව, යේසුස් වහන්සේ ඇගේ පාපයන් සඳහා විනිශ්චය කිරීමට සිදු වුණි.
“මා පවා ඔබව හෙළා නොදකිමි.”, යැයි උන්වහන්සේ පැවසූ සේක.
යේසුස් වහන්සේ විසින් ඇයව
හෙළා දකිනු ලැබුවේ ද?
නැත
මෙම කාන්තාව යේසුස් වහන්සේගේ ගැලවීමෙහි ආශිර්වාද ලැබුවා ය. ඇය ඇගේ සියලු පාපයන්වලින් ගැලවුණි. අපගේ ස්වාමීන් වූ යේසුස් වහන්සේ අපගේ සියලු පාපයන් ගැලවූ බවත්, එබැවින් අප සියල්ල ධර්මිෂ්ඨ වන බවත් උන්වහන්සේ අපට පවසන සේක.
උන්වහන්සේ බයිබලයේ එලෙස පවසන සේක. උන්වහ්නසේ යොර්දාන් නදියේ දී උන්වහන්සේගේ බෞතීස්මය සමඟ පිටතට ගත් අපේ පාපයන් සඳහා ගෙවීමට උන්වහන්සේ කුරුසයේ මිය ගිය සේක. උන්වහන්සේගේ බෞතීස්මයෙහි සහ කුරුසයේ විනිශ්චය ගැලවීම මත විශ්වාසය තැබූ සියල්ලන් උන්වහන්සේ විසින් ගළවන ලද බව ඔහු පැහැදිලිව අපට පවසයි. අප සියලුදෙනාට යේසුස් වහන්සේගේ ලිඛිත වචනය අවශ්‍ය වන අතර, එම වචනයට බැදී අප බැඳී සිටීමට අවශ්‍ය ය. එවිට, අප සියලුදෙනා ගැලවීමෙන් ආශිර්වාද ලබනු ඇත.
“දෙවියන් වහන්ස, ඔබ ඉදිරියේ මා හට පිනක් නැත. මා තුළ කිසිදු යහපතක් නැත. මා හට ඔබට මාගේ පාපයන් හැරුණුකොට පෙන්වන්නට වෙනත් යමක් නැත. එනමුත් ගැලවීමෙහි මාගේ ස්වාමීන් වූ යේසුස් වහන්සේ කෙරෙහි මම විශ්වාසය තබමි. උන්වහන්සේ මාගේ සියලු පාපයන් යොර්දාන් නදියේ දී පිටතට ගත් අතර, එම වරදට සමා කුරුසයේ ගෙවා දැමූ සේක. උන්වහන්සේගේ බෞතීස්මය සහ රුධිරයෙන් උන්වහන්සේ මාගේ සියලු පාපයන් පිටතට ගත් සේක. ස්වාමීනී, මම ඔබ වහන්සේ කෙරෙහි විශ්වාසය තබමි.”
ඔබ ගැලවෙනුයේ මෙලෙසෙනි. යේසුස් වහන්සේ ‘අපව හෙළා නොදකින සේක.’ ජලයේ සහ ජීවයේ ගැලවීම මත විශ්වාසය තබන, දෙවියන් වහන්සේගේ දරුවන් වීමේ අයිතිය උන්වහන්සේ අපට දුන් සේක. උන්වහන්සේ අපගේ සියලු පාපයන් පිටතට ගෙන, ඒවා ධර්මිෂ්ඨබවට පත් කළ සේක.
දයාබර මිතුරනි! කාමමිථ්‍යාචාරයෙහි යෙදී හසු වූ කාන්තාව අපගේ ස්වාමීන් වහන්සේ වූ යේසුස් වහන්සේගේ ගැලවීමෙන් ආශිර්වාද ලද්දාය. අපට ද එලෙස ආශිර්වාද ලද්දන් විය හැකියි. ඔහුගේ / ඇයගේ පාපයන් දන්නා ඕනෑම පුද්ගලයෙකු, ඔහු/ ඇය වෙත කරුණාව දක්වන මෙන් දෙවියන් වහන්සේගෙන් ඉල්ලා සිටින ඕනෑම පුද්ගලයෙකු මෙන්ම, යේසුස් වහන්සේගේ ජලයේ සහ ජීවයේ ගැලවීමෙහි විශ්වාසය තබන ඕනෑම පුද්ගලයෙකු දෙවියන් වහන්සේගෙන් ගැලවීමේ ආශිර්වාදය ලබයි. දෙවියන් වහන්සේ ඉදිරියෙහි පාපකාරීබව පිළිගන්නා පුද්ගලයන් ගළවා ගත හැකි නමුත්, ස්වකීය පාපයන් වටහා නොගන්නා පුද්ගලයන් හට ගැලවීමෙන් ආශිර්වාද ලැබිය නොහැකි ය.
යේසුස් වහන්සේ ලොව පාපයන් පිටතට ගත් සේක. (යොහාන් 1:29) ඕනෑම පව්කාරයෙකුට ඔහු/ ඇය යේසුස් වහන්සේ කෙරෙහි විශ්වාසය තබන්නේ නම්, ගැලවීම ලබා ගත හැකිය. “මා පවා ඔබව හෙළා නොදුටුවෙමි.”, යැයි යේසුස් වහන්සේ පැවසූ සේක. උන්වහන්සේ ඇයව හෙලා නොදුටුයේ මක් නිසාද යන්නට උන්වහන්සේ පැවසූයේ, උන්වහන්සේගේ බෞතීස්මය ඔස්සේ ඇගේ සියලු පාපයන් ඒ වන විටත් උන්වහන්සේ දරා ගෙන ඇති බව ය. උන්වහන්සේ අපගේ සියලු පාපයන් උන්වහන්සේ මතට ගත් අතර, අප වෙනුවට උන්වහන්සේව විනිශ්චය කෙරිණි.
අප යේසුස් වහන්සේ ඉදිරියේ ගැලවිය යුතුය
වඩාත් උතුම් වන්නේ දෙවියන්
වහන්සේගේ ප්‍රේමය ද, නැතහොත් දෙවියන්
වහන්සේගේ විනිශ්චය ද?
දෙවියන් වහන්සේගේ ප්‍රේමයයි
අත්වල ගල් තබා ගෙන සිටින ව්‍යාජ භක්තිකයන් මෙන්ම, වර්තමාන ආගමික නායකයන් ද නියමය අකුරටම අර්ථකථනය කරයි. නියමය විසින් අපට කාමමිථ්‍යාචාරය සිදු නොකර මෙන් පවසනු ලබන බැවින්, එසේ කරන පුද්ගලයා ගල් ගසා මරා දැමිය යුතු යැයි ඔවුහු විශ්වාස කරති. ඔවුන් කාන්තාව දෙසා අසභ්‍ය අයුරින් බැලුම් හෙළන අතරතුර, ඔවුන් කාමමිථ්‍යාචාරය සිදු නොකරන බවට අඟවයි. ඔවුන් ගළවා ගැනීම හෝ නිදහස් කරවා ගැනීම සිදු කළ නොහැකියි. ව්‍යාජ භක්තිකයන් සහ පුරාණ ධර්මාචාරීන් මෙලොව සදාචාරවාදීහු වූහ. යේසුස් වහන්සේ කැඳවූයේ ඔවුන් නොවී ය. මෙම මිනිසුන්ට කිසිදිනක උන්වහන්සේගෙන්, “මම ඔබව හෙළා නොදකිමි.” යැයි අසන්නට නොලැබුණි.
කාමමිථ්‍යාචරයෙහි යෙදී හසුවුණු කාන්තාවට පමණක් මෙම ප්‍රීතිදායක වචන අසන්නට ලැබුණි. ඔබලා ඔවුන් ඉදිරියේ අවංකයි, ඔබලාට ද ඇය මෙන් ආශිර්වාද ලබා ගත හැකියි “දෙවියන් වහන්ස, මට එනමුත් මගේ මුළු දිවිය පුරා කාමමිථ්‍යාචාරයෙහි යෙදීමට නොහැකියි. මම එය නිතරම සිදු කරන බැවින් ඒ පිළිබඳ දැනුවත් නොවෙමි. මම දිනකට එවැනි පාපයක් බොහෝ වාර ගණනක් සිදු කරමි.”
“දෙවියන් වහන්ස, මේ සිටින්නේ මම යි. කරුණාකර මාව ගළවා ගන්නා සේක්වා,”යැයි පවසමින්, දෙවියන් වහන්සේට අවංකව මුහුණ දෙමින්, අප අනිවාර්යයෙන් මිය යා යුතු පව්කාරයන් යන කාරණය සහ නියමය පිළිගන්නා විට, දෙවියන් වහන්සේ උන්වහන්සේගේ ගැලවීමෙන් අපට ආශිර්වාද කරනු ඇත.
යේසුස් වහන්සේගේ ප්‍රේමය, ජලයේ සහ ජීවයේ ශුභාරංචිය දෙවියන් වහන්සේගේ සාධාරණ විනිශ්චයට මත්තෙන් ජය ගෙන ඇත “මා පවා ඔබව විනිශ්චය නොකරමි.” “ඔබ ගැලවෙනු ලැබේ.” යැයි උන්වහන්සේ පවසන සේක. අපගේ ස්වාමීන් වූ යේසුස් වහන්සේ කරුණාවේ දෙවියන් වහන්සේ වන සේක. උන්වහන්සේ අපව ලෝකයේ සියලු පාපයන්ගෙන් ගළවා ගත් සේක.
අපගේ දෙවියන් වහන්සේ සාධාරණයේ මෙන්ම, ප්‍රේමයේ ද දෙවියන් වහන්සේ වන සේක. ජලයේ සහ ජීවයේ ප්‍රේමය උන්වහන්සේගේ විනිශ්චයට වඩා උතුම් වන සේක.
උන්වහන්සේගේ ප්‍රේමය උන්වහන්සේගේ සාධාරණයට වඩා උතුම් වේ
උන්වහන්සේ අප සියලුදෙනා
ගළවා ගත්තේ මන්ද?
මන්ද යත් උන්වහන්සේගේ ප්‍රේමය උන්වහන්සේගේ
සාධාරණයට වඩා උතුම් වන හෙයිනි.
දෙවියන් වහන්සේ උන්වහන්සේගේ සාධාරණය සම්පූර්ණ කිරීමට උන්වහන්සේගේ විනිශ්චය ක්‍රියාත්මක කර තිබුණේ නම්, උන්වහන්සේගේ සියලු පව්කාරයන් විනිශ්චය කොට, ඔවුන් සියල්ල නිරයට යවනු ඇත. එනමුත්, අපව විනිශ්චයෙන් ගළවා ගන්නා යේසුස් වහන්සේගේ ප්‍රේමය වඩා උතුම් වන හෙයින්, දෙවියන් වහන්සේ උන්වහන්සේගේ එකම පුත්‍රයා වන යේසුස් වහන්සේ යැවූ සේක. යේසුස් වහන්සේ අපගේ සියලු පාපයන් උන්වහන්සේ මතට ගෙන, අප සඳහා විනිශ්චය සාධාරණ විනිශ්චය ලබා ගත් සේක. දැන්, ඔවුන්ගේ ගැලවුම්කරුවා ලෙස යේසුස් වහන්සේ කෙරෙහි විශ්වාසය තබන ඕනෑම අයෙකු උන්වහන්සේගේ දරුවා බවට පත් වන අතර, ධර්මිෂ්ඨ වේ. උන්වහන්සේගේ ප්‍රේමය උන්වහන්සේගේ සාධාරණයට වඩා උතුම් වන බැවින්, උන්වහන්සේ අප සියලුදෙනා ගළවා ගත් සේක.
දෙවියන් වහන්සේ උන්වහන්සේගේ සාධාරණයෙක් පමණක් අපව විනිශ්චය නොකිරීම සම්බන්ධව අප උන්වහන්සේට ස්තූතිපූර්වක විය යුතුය. වරක් යේසුස් වහන්සේ උන්වහන්සේගේ පැරණි ධර්මාචාරින්ට, ව්‍යාජ භක්තිකයන්ට සහ ඔවුන්ගේ ශ්‍රාවකයන්ට මෙසේ පැවසූ සේක, “13නුමුත් මම පූජාවට නොව දයාවට කැමැත්තෙමියි යන කීමේ අර්ථය නුඹලා ගොස් ඉගෙනගනිල්ලා. මක්නිසාද මම පව්කාරයන් මිස ධර්මිෂ්ඨයන් කැඳවන්ට නාවෙමියි කීසේක. (මතෙව් 9:13). ඇතැම් මිනිසුන් තවමත් දිනපතා හරකෙකු හෝ එළුවෙකු මරා දෙවියන් වහන්සේට පූජා කරමින් මෙසේ යාච්ඥා කරයි, “දෙවියන් වහන්ස, දිනපතා මා සිදු කරන පාපයන්ට සමාව දෙනු මැනවි.” දෙවියන් වහන්සේට අවශ්‍ය අපගෙන් පූජා කිරීම් නොව, එනමුත්, ජලය සහ ජීවයේ ගැලවීම පිළිබඳ විශ්වාසය යි. අපව ගළවා ගැනීමට සහ මුදවා ගැනීමට උන්වහන්සේට අවශ්‍ය යි. උන්වහන්සේගේ ප්‍රේමය අපට දීමටත්, අපගේ විශ්වාසයන් පිළිගැනීමටත් උන්වහන්සේට අවශ්‍ය යි. ඔබ සියලුදෙනාට මෙය වැටහෙන්නේ ද? යේසුස් වහන්සේ උන්වහන්සේගේ කදිම ගැලවීම ලබා දී ඇත.
යේසුස් වහන්සේ පාපයට වෛර කරයි, නමුත් දෙවියන් වහන්සේගේ අනුරූපයෙන් මවන ලද මනුෂ්‍යයන් කෙරෙහි උන්වහන්සේට දැවෙන ප්‍රේමයක් ඇත. මැවීමට පෙර සිටම උන් වහන්සේ අපව තම දරුවන් බවට පත් කිරීමට තීරණය කර තිබූ අතර, බෞතීස්මයෙන් හා රුධිරයෙන් අපගේ සියලු පාප ඉවත් කළ සේක. දෙවියන් වහන්සේ අපව මැව්වේ අවසානයේදී අපව ගළවා ගැනීමටත්, යේසුස් වහන්සේ තුළ අපව සැරසීමටත්, අපව උන්වහන්සේගේ දරුවන් බවට පත් කිරීමටත්ය. උන්වහන්සේගේ මැවුම් වන අප කෙරෙහි උන්වහන්සේ දක්වන ප්‍රේමය මෙයයි.
දෙවියන් වහන්සේ අපව විනිශ්චය කළේ ඔහුගේ සාධාරණ නියමයට අනුව පමණක් නම්, පව්කාරයන් වන අප සියල්ලන්ට මිය යන්නට සිදු වනු ඇත. එනමුත්, කුරුසියේ උන් වහන්සේගේ පුත්‍රයාගේ විනිශ්චය මඟින් සහ බෞතීස්මය ඔස්සේ උන්වහන්සේ අපව ගළවාගත් සේක. ඔබ විශ්වාස කරන්නේ ද? පරණ තෙස්තමේන්තුවෙහි අපි එය තහවුරු කරමු.
ආරොන් අන්‍යදෝෂධාරියා මත ඔහුගේ අත් තැබුවේය
ඊශ්‍රායලයේ පාපයන් ඔවුන්ගේ නියෝජිතයා
ලෙස සජීවී එළුවාට අතිනතට යැව්වේ
කවුරුන් ද?
ප්‍රධාන පූජක තැන
පැරණි තෙස්තමේන්තුවේ පූජකවරය හා නව ගිවිසුමේ බෞතීස්මය කෙරෙහි ඇදහීමෙන් මේ ලෝකයේ සියලු පාපයන් සමා කර ගැනිණි. පැරණි තෙස්තමේන්තුවේ, ඊශ්‍රායෙලයේ වාර්ෂික පාප සියල්ලම, කිසිදු කැළලක් නොමැතිව සජීවී එළුවෙකුගේ හිස මත අත තබන ලද ප්‍රධාන පූජකතුමන් ඔස්සේ සමා කර ගැනුණි.
21ආරොන්ද තමාගේ අත් දෙක පණ පිටින් සිටින එළුවාගේ හිස පිට තබා ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ සියලු අයුතුකම්ද ඔවුන්ගේ සියලු අපරාධයන්ද එනම් ඔවුන්ගේ සියලු පව් කියා දෙමින් ඒවා එළුවාගේ හිස පිට තබා සූදානම්ව සිටින මනුෂ්‍යයෙකු අත ඌ වනාන්තරයට යැවිය යුතුය” (ලෙවී කථාව 16:21).
පැරණි තෙස්තමේන්තුවෙහි දිනවලදී ඔවුන්ට සමාව ලැබුණේ එලෙසයි. දෛනික පාපවලින් ගැලවීම සඳහා අයෙක් කැළලක් නැති බැටළුවෙකු හෝ එළුවෙකු විශේෂයෙන් යුදෙව්වන්ගේ දේවස්ථානයට ගෙනැවිත් අල්තාරයෙහි පූජා කළේය. ඔහු පූජාවේ හිස මත අත් තබා, ඉන්පසු ඔහුගේ පාපයන් බිලි පූජාවට භාර දුන්නේය. ඉන්පසු එම බිල්ල මරා දමා පූජකයා එහි රුධිරය අල්තාරයේ අඟෙහි තැබුවේය.
පූජාසනයේ කොන් සතරෙහි අං සතරක් විය. මෙම අං සංකේතවත් කරනුයේ හෙළිදරව් 20: 12 හි ලියා ඇති වැඩ පොත් ය. බිලි පූජාවෙහි ඉතිරි රුධිරය බිම ද ඉසිණි. මිනිසා දූවිල්ලෙන් මැවූ බැවින්, භූමිය මිනිසාගේ හදවත නියෝජනය කළේය. ජනයා ඔවුන්ගේ දෛනික පාපයන් සඳහා මෙලෙස පව් සමා කර ගත්හ.
කෙසේවෙතත්, ඔවුන්ට දිනපතා පාප පූජා කිරීමට නොහැකි වූ හෙයින්, ඔවුන්ගේ සියලු පාපවලට වසරට වරක් සමාව ලබාගැනීමට දෙවියන් වහන්සේ ඔවුනට ඉඩ ලබා දුන් සේක. සත්වන මාසයේ දසවෙනි දිනය වන පාප සමා කිරීමේ දින මෙය සිදු කරනු ලැබුණි. එදින, සියලු ඊශ්‍රායල්වරුන්ගේ නියෝජිතයා වූ ප්‍රධාන පූජකවරයා එළුවන් දෙදෙනෙකු ගෙනැවිත්, එම ජනයාගේ සියලු පාප එම සත්ත්වයන් වෙතට ගෙන ඒම සඳහා ඔවුන් මත අත තබා, ඊශ්‍රායල් ජනයාට පව් කමාව ලබා දීමට දෙවියන් වහන්සේ ඉදිරියෙහි පූජා කෙළේ ය.
“21ආරොන්ද තමාගේ අත් දෙක පණ පිටින් සිටින එළුවාගේ හිස පිට තබා ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ සියලු අයුතුකම්ද ඔවුන්ගේ සියලු අපරාධයන්ද එනම් ඔවුන්ගේ සියලු පව් කියා දෙමින් ඒවා එළුවාගේ හිස පිට තබා සූදානම්ව සිටින මනුෂ්‍යයෙකු අත ඌ වනාන්තරයට යැවිය යුතුය” (ලෙවී කතාව 16:21).
දෙවියන් වහන්සේ ඊශ්‍රායලයෙහි ප්‍රධාන පූජකවරයා වූ ආරොන්ව නියෝජිතයා ලෙස පත් කළ සේක. සෑම කෙනෙකුම තනි තනිව පූජා ඔප්පු කිරීම සඳහා ඒ මත අත තැබීම වෙනුවට, සියලු මිනිසුන්ගේ නියෝජිතයා ලෙස ප්‍රධාන පූජකයා, වසරේ පාපයන් සමා කිරීම සඳහා සජීවී එළුවාගේ හිස මත අත තැබීය.
ඔහු දෙවියන් වහන්සේ ඉදිරියෙහි ඊශ්‍රායල්වරුන්ගේ සියලු පාප විස්තර කරන්නේ ය, “දෙවියන් වහන්ස, ඔබේ ඊශ්‍රායල් දරුවන් පාපයන් සිදු කර ඇත. අපි දේව ප්‍රතිමා වන්දනා කර ඇත්තෙමු, ඔබගේ නියමයේ සියලු කොන්දේසි කඩ කර ඇත්තෙමු, ඔබගේ නාමය නිෂ්ඵල ලෙස හඳුන්වා ඇත්තෙමු, වෙනත් දේව ප්‍රතිමා නිර්මාණය කර, ඔබට වඩා ඔවුන්ට ප්‍රේම කළෙමු. අපි උපෝස්ථ දිනය ශුද්ධව තබා නොගත්තෙමු, අපගේ දෙමව්පියන්ට ගරු නොකළෙමු, ඝාතනයන් සිදු කළෙමු, කාමමිථ්‍යාචාරය හා සොරකම් කළෙමු.... අපි ඊර්ෂ්‍යාවට සහ කලකෝලාහල කිරීමට ඉඩ ලබා දුන්නෙමු. ”
ඔහු සියලු පාප ලැයිස්තුගත කළේය. “දෙවියන් වහන්ස, ඊශ්‍රායල් ජනයාටවත් මටවත් ඔබේ නියමයෙන් කිසිවක් පිළිපැදීමට නොහැකි වී තිබේ. මේ සියලු පාපවලින් මිදීම සඳහා මම මේ එළුවාගේ හිස මත අත් තබා ඒ සියලු පාප එම එළුවා මතට යවමි. ” උත්තම පූජකවරයා සියලු සෙනඟ උදෙසා බිලිපූජාව මත අත් තබා සියලු පාප පූජාවේ හිසට භාර දුන්නේය. පූජකබාවය හෝ ඒ මත අත් තැබීම යන්නෙන් අදහස් කරන්නේ ‘අතිනතට යැවීම’ යන්නයි. (ලෙවී කථාව 1: 1-4, 16: 20-21).
පැරණි තෙස්තමේන්තු කාලයේ දී පව් සමා
කර ගැනීම ළගා කර ගත්තේ කෙසේද?
පාප පූජාවේ හිස මත අත් තැබීම ඔස්සේ
දෙවියන් වහන්සේ ඊශ්‍රායල් ජනයාට ඔවුන්ගේ සියලු පාප භාර කර ඔවුන්ව ගළවා ගැනීම සඳහා බිලිපූජා ක්‍රමය ලබා දී තිබුණි. යමෙක් කැළැල් නොමැතිව පාප පූජාවක් පිළියෙළ කළ යුතු බවත්, එම පුද්ගලයා වෙනුවට පාප පූජාව මිය යා යුතු බවත් උන්වහන්සේ සඳහන් කළ සේක. තනි පුද්ගල පව්කාරයන්ගේ ගැලවීම ඒ හා සමාන විය.
කෙසේවෙතත්, පාප සමා කිරීමේ දිනයේ දී, පාප පූජාව මරා දමා එහි රුධිරය ශුද්ධස්ථානය තුළට ගෙන ගොස්, අනුකම්පා අස්නෙහි සත් වරක් ඉසිනු ලැබීය. මේ අනුව, සත්වන මාසයේ දසවන දින, ඊශ්‍රායල් ජනයා වසරක පාප සඳහා සමාව ලබා ගත්හ.
පූජාව ඔප්පු කිරීම සඳහා උත්තම පූජකවරයා තනිවම ශුද්ධස්ථානයට ඇතුළු වූ නමුත් ජනයා පිටත රැස් වී උත්තම පූජකයාගේ ඒෆෝඩ් සළුවෙහි රන් සීනුව නද දෙන හඬට සවන් දුන්හ. අනුකම්පා අස්න මත රුධිරය ඉසින විට රන් සීනුව හත් වරක් නාද විය. එවිට, ඔවුන්ගේ සියලු පාපවලට සමාව ලැබීම ගැන ජනතාව ප්‍රීති වනු ඇත. රන් සීනුවල නාදය ප්‍රීතිමත් ශුභාරංචියේ නාදය හඟවයි.
යේසුස් වහන්සේ තෝරාගත් සමහර පුද්ගලයන්ට පමණක් ප්‍රේම කරන බවත්, ඔවුන් පමණක් ගළවා ගන්නා බවත් සත්‍යයක් නොවේ. යේසුස් වහන්සේ ඔහුගේ බෞතීස්මය ඔස්සේ ලෝකයේ සියලු පාප එකවරම ඉවතට ගත් සේක. ඔහුට අවශ්‍ය වූයේ අප සියලුදෙනාව එකවරම ගළවා ගැනීමට යි. අපගේ පාප සෑම දිනකම ගළවා ගත නොහැකි වූ හෙයින්, ඒවා එකවරම මකා දැමුණි.
පැරණි තෙස්තමේන්තුවෙහි,පාප කමා කිරීම ලබා දී ඇත්තේ පූජකබාවයට හා පාප පූජාවේ රුධිරයෙනි. ආරොන් සියලු ජනයා ඉදිරියේ සජීවී එළුවෙකුගේ හිස මත අත තබා වසර තුළ මිනිසුන් කළ සියලු පාප ලැයිස්තුගත කළේය. ඔහු සියලු ඊශ්‍රායල්වරුන් ඉදිරියෙහි එළුව මතට පව් භාර දුන්නේ ය. උත්තම පූජකයා බිල්ලට අත තැබීමෙන් පසු ජනතාවගේ පාපයන් ගියේ කොතැනට ද? එම පාපයන් සියල්ලන් එළුවා මතට බැර කෙරෙන ලදී.
ඉන්පසු එළුවා ‘සුදුසු මිනිසෙකු’ විසින් පිටතට ගෙන යන ලදී. එළුවා ඊශ්‍රායෙලයේ සියලු පව් දරාගෙන, ජලය හා තණකොළ නොමැති කාන්තාරයට ගෙන යන ලදී. එවිට එළුවා දැවෙන හිරු යට කාන්තාරයේ සැරිසරමින් අවසානයේ මිය යනු ඇත. එළුවා මිය යන්නේ ඊශ්‍රායල්වරුන්ගේ පාපයන් හේතුවෙනි.
මෙය දෙවියන් වහන්සේගේ ප්‍රේමය යි, ගැලවීමෙහි ප්‍රේමය යි. එකල්හි ඔවුන් වසරක් වටිනාකමට සමාන පාපයන්ට සමාව ලබා ගත්තේ එලෙසයි. නමුත් අප ජීවත් වන්නේ නව තෙස්තමේන්තු කාලයේ ය. යේසුස් වහන්සේ අපගේ ලෝකයට පැමිණ අවුරුදු 2,000 ක් පමණ ගත වී ඇත. උන්වහන්සේ පැමිණ පැරණි තෙස්තමේන්තුවේ දී දුන් පොරොන්දුව ඉටු කළ සේක. උන්වහන්සේ පැමිණ අපගේ සියලු පාප ගළවා ගත් සේක.
අප සියලුදෙනා ගළවා ගනු පිණිස
යේසුස් වහන්සේ
යන්නෙහි අර්ථය කුමක්ද?
උන්වහන්සේගේ මිනිසුන් ඔවුන්ගේ පාපයන්ගෙන්
ගළවා ගන්නා ගැලවුම්කරුවා
අපි දැන් මතෙව් 1:20-21 කියවමු. 20නුමුත් ඔහු මේ කාරණා කල්පනාකරමින් සිටියදී, බලව, ස්වාමීන්වහන්සේගේ දූතයෙක් ස්වප්නයකින් ඔහුට පෙනී: දාවිත්ගේ පුත්‍රවූ යෝසෙප්, නුඹේ භාර්යාවවූ මරියා පාවාගන්ට භය නොවන්න. මක්නිසාද ඈ තුළ පිළිසිඳුණාවූ යමක් ඇද්ද එය ශුද්ධාත්මයාණන් කරණකොටගෙනය. 21ඈ පුත්‍රයෙකු වදන්නීය; උන්වහන්සේට යේසුස් යන නාමය තබාපන්න; මක්නිසාද තමන්ගේ සෙනඟ ඔවුන්ගේ පාපවලින් ගළවන්නේ උන්වහන්සේයයි කීවේය” (මතෙව් 1:20-21).
ස්වර්ගයේ සිටින අපගේ පියාණන් වහන්සේ ලෝකයේ සියලු පාප සෝදා හැරීම සඳහා තම පුත්‍රයා මෙලොවට යැවීමට කන්‍යා මරියතුමියගේ ශරීරය ණයට ගත් සේක. උන්වහන්සේ දේවදූතයෙකුව මරියා වෙත යවා ඇයට මෙසේ පැවසූ සේක. “බලන්න, ඔබ ගර්භාෂයේ පිළිසිඳගෙන පුත්‍රයෙකු බිහි කරයි, එමෙන්ම, ඔහුට යේසුස් යැයි කියනු ඇත.” ඉන් අදහස් වූයේ මරියා තුළින් පැමිණෙන පුත්‍රයා ගැලවුම්කරුවා බවට පත්වන බවයි. යේසුස් ක්‍රිස්තුස් යන්නෙන් අදහස් කරන්නේ තම ඩනයා ගළවා ගනු ඇති තැනැත්තා යන්න යි. වෙනත් ආකාරයකින් පවසතොත්, ගැලවුම්කරුවා යි.
එසේනම්, යේසුස් වහන්සේ අප සියල්ලන්ම පාපයෙන් ගළවා ගත්තේ කෙසේද? යේසුස් වහන්සේ ලෝකයේ සියලු පාප ඉවත් කළ ආකාරය වන්නේ යොර්දාන් නදියෙහි උන්වහන්සේගේ බෞතීස්ම වීම මඟිනි. ස්නාවක ජොහාන්තුමා උන්වහන්සේව බෞතීස්ම කළ විට, ලෝකයේ සියලු පාප උන්වහන්සේට භාර විය. මතෙව් 3: 13-17 කියවමු.
“13එකල යේසුස්වහන්සේ යොහන්ගෙන් බෞතීස්මය* ලබන පිණිස ගලීලයේ සිට යොර්දානට ආසේක. (*අවගාහනය) 14නුමුත් යොහන් උන්වහන්සේ වලක්වමින්: ඔබගෙන් බෞතීස්මය* ලබන්ට මට යුතුව තිබියදී ඔබ මා වෙතට එනසේක්දැයි කීවේය. (*අවගාහනය) 15යේසුස්වහන්සේ ඔහුට උත්තරදෙමින්: දැනට ඉඩහරින්න. මක්නිසාද මෙසේ සියලු ධර්මිෂ්ඨකම් සම්පූර්ණකරන්ට අපට සුදුසුයයි කීසේක. එවිට ඔහු උන්වහන්සේට ඉඩහැරියේය. 16යේසුස්වහන්සේ බෞතීස්ම* ලැබ එකෙණෙහිම දියෙන් ගොඩනැගුණුසේක. බලව, අහස උන්වහන්සේට විවරවිය, දෙවියන්වහන්සේගේ ආත්මයාණන් පරෙවියෙකු මෙන් බසිනවාද තමන් පිටට පැමිණෙනවාද උන්වහන්සේ දුටුසේක; 17තවද: මොහු මාගේ ප්‍රේමවන්ත පුත්‍රයාය, මොහු කෙරෙහි ඉතා ප්‍රසන්නව සිටිමියි අහසෙන් හඬක් විය.”
අප සියල්ලන්ම අපගේ පාපවලින් ගළවා ගැනීම සඳහා යේසුස් වහන්සේ ස්නාවක ජොහාන්තුමා වෙත ගිය සේක. උන්වහන්සේ ජලයට ගොස් ස්නාවක ජොහාන්තුමා ඉදිරියේ හිස පහත් කළ සේක. “ජොහාන්තුමා, දැන් මාව බෞතීස්ම කරන්න. සියලු ධර්මිෂ්ඨබාවයන් ඉටු කිරීමට එය අපට සුදුසු ය. ලෝකයේ සියලු පාප ඉවත් කර සියලු පව්කාරයන් ඔවුන්ගේ පාපවලින් ගලවා ගැනීමට නම්, ඔවුන්ගේ පාප බෞතීස්මයෙන් ඉවත් කිරීමට මා හට අවශ්‍ය යි. දැන් ම මාව බෞතීස්ම කරන්න! ඊට ඉඩ දෙන්න! ”
ඒ අනුව, සියලු ධර්මිෂ්ඨකම් ඉටු කිරීමට එය සුදුසු විය. ස්නාවක ජොහාන්තුමා, ජොර්දාන් නදියේ දී යේසුස් වහන්සේව බෞතීස්ම කළ අතර, එම මොහොතෙහි පටන්, අපගේ පාපයන් ගළවා ගත් දෙවියන් වහන්සේගේ සියලු ධර්මිෂ්ඨකම් ඉටු විය.
උන්වහන්සේ අපගේ සියලු පාප ඉවත් කළේ මෙලෙසිනි. ඔබගේ සියලු පාප යේසුස් වහන්සේ වෙතට ද ලැබුණි. ඔබට මෙය වැටහෙන්නේ ද?
යේසුස් වහන්සේගේ බෞතීස්මයේ ගැලවීම කෙරෙහි විශ්වාසය තැබූ විට ආත්මය ගළවා ගැනීමට හැකිය.
සියලු ධර්මිෂ්ඨභාවය
ඉටු කෙරුණේ කෙසේද?
යේසුස් වහන්සේගේ
බෞතීස්මය ඔස්සේ ය.
දෙවියන් වහන්සේ ප්‍රථමයෙන්ම ඊශ්‍රායල්වරුන්ට පොරොන්දු වී තිබුණේ අත් තැබීමෙන් හා බිල්ලක් පාප පූජාවෙහි පූජා කිරීමෙන් ලෝකයේ සියලු පාප සෝදා හැරෙන බවයි. කෙසේවෙතත්, සෑම කෙනෙකුටම එළුවාගේ හිස මත තනි තනිව අත් තැබිය නොහැකි වූ හෙයින්, සියලු ජනයාට පූජාව ඔප්පු කිරීමට හැකි වන සේ, දෙවියන් වහන්සේ ආරොන්ව උත්තම පූජකවරයා ලෙස කැප කළ සේක. මේ අනුව, ඔහු ඔවුන්ගේ වාර්ෂික පාප සියල්ල එකවරම පාප පූජාවේ හිසට භාර දුන්නේය. මෙය උන්වහන්සේගේ ප්‍රඥාව සහ ගැලවීමේ බලයයි. දෙවියන් වහන්සේ ඥානවන්ත හා විස්මිත වන සේක.
මුළු ලෝකයම ගලවා ගැනීම සඳහා උන්වහන්සේ තම පුත් යේසුස් වහන්සේ යැවූ සේක. එබැවින් පාප පූජාව සූදානම් විය. දැන්, සියලු මනුෂ්‍යයන්ගේ නියෝජිතයෙකු සිටිය යුතුව තිබුණු අතර, ඔහු යේසුස්ගේ හිස මත අත තබා ලෝකයේ සියලු පාප උන්වහන්සේ වෙතට භාර දිය යුතුව තිබුණි. එම නියෝජිතයා වූයේ ස්නාවක ජොහාන්තුමා නම් බෞතීස්මවරයා ය. දෙවියන් වහන්සේ සියලු මනුෂ්‍ය වර්ගයාගේ නියෝජිතයා යේසුස් වහන්සේ ඉදිරියට එවූ බව බයිබලයේ ලියා තිබේ.
ඒ මිනිසාගේ අවසාන උත්තම පූජකවරයා වූ ස්නාවක ජොහාන්තුමා ය. මතෙව් 11: 11 හි ලියා ඇති පරිදි, “ස්ත්‍රීන්ගෙන් උපත ලැබූ අය අතර ස්නාවක ජොහාන්තුමාට වඩා උතුම් කෙනෙක් උත්ථාන වී නැත.” ඔහු මිනිසුන්ගේ එකම නියෝජිතයා ය. යේසුස් වහන්සේව බෞතීස්ම කර ලෝකයේ සියලු පාප උන්වහන්සේ වෙතට ගෙන ඒමට හැකි වන පරිදි , උන්වහන්සේ ජෝන්ව සියලු මනුෂ්‍යයන්ගේ නියෝජිතයා ලෙස යැවූ සේක.
මෙම පෘථිවියෙහි සිටින බිලියන හයක ජනයා දැන් යේසුස් වහන්සේ වෙතට ගොස් ඔවුන්ගේ පාප දුරු කිරීම සඳහා යේසුස් වහන්සේ මත අත තැබිය යුතු නම්, උන්වහන්සේගේ හිසට කුමක් සිදු වනු ඇති ද? මේ ලෝකයේ බිලියන හයකට වඩා වැඩි පිරිසකට යේසුස් වහන්සේ මත අත තැබීමට සිදුවුවහොත්, එය සුන්දර දසුනක් නොවනු ඇත. සමහර උද්යෝගිමත් පුද්ගලයන් උන්වහන්සේගේ හිසකෙස් සියල්ලම වැටෙන තරමට තදින් උන්වහන්සේගේ හිස තද කරනු ඇත. එබැවින්, දෙවියන් වහන්සේ සිය ප්‍රඥාවෙන් ජෝන්ව අපගේ නියෝජිතයා වීමට පත් කළ අතර, ලෝකයේ සියලු පාප එකවර ඔහු යේසුස් වහන්සේ වෙතට ගෙන ගියේය.
මතෙව් 3: 13 හි “ ඉන්පසු යේසුස් වහන්සේ ජෝන්ගෙන් බෞතීස්ම වීම සඳහා ගැලීලියේ සිට යොර්දාන් දක්වා ජොහාන්තුමා වෙත පැමිණි සේක.” , සඳහන් වේ. යේසුස් වහන්සේ උන්වහන්සේ උපතින් දින 8 කට පසු චර්මච්ඡේදනය කෙරුණු අතර, එතැන් සිට උන්වහන්සේට වයස අවුරුදු 30 ක් වන තුරු, උන්වහන්සේ පිළිබඳ වාර්තා කිහිපයක් තිබේ.
පැරණි තෙස්තමේන්තුවට අනුව, යේසුස් වහන්සේට වයස අවුරුදු 30 වන තෙක් බලා සිටීමට සිදු වූයේ උන්වහන්සේ නීත්‍යානුකූල ස්වර්ගීය උත්තම පූජකයා බවට පත් වන තුරු ය. ද්විතීය කථාවෙහි දෙවියන් වහන්සේ මෝසෙස්ට පැවසුවේ උත්තම පූජකයාට උත්තම පූජකබාවයට දේවගැතිකම් කිරීමට පෙර, ඔහු අවම වශයෙන් 30 හැවිරිදි වියෙහිවත් සිටිය යුතු බවයි. යේසුස් වහන්සේ ස්වර්ගීය උත්තම පූජකයා වූ සේක. ඔබ මෙය විශ්වාස කරන්නේ ද?
නව තෙස්තමේන්තුවෙහි මතෙව් 3:13-14 හි, මෙසේ පැවසෙයි, “යේසුස් වහන්සේ ජෝන්ගෙන් භෞතිස්ම වීමට ගලීලයේ සිට යොර්දාන් අසල ජොහාන්තුමා වෙත පැමිණි සේක. එමෙන්ම, , ‘මට ඔබගෙන් බෞතීස්ම වීමට අවශ්‍යයි’ යනුවෙන් උන්වහන්සේ විසින් පවසනු ලැබීම වැළැක් වීමට ජොහාන්තුමා උත්සාහ දැරුවේ ය.’” මානව වර්ගයාගේ නියෝජිතයා කවුද?ජොන් නම් බෞතීස්මවරයා. එසේනම්, ස්වර්ගයේ නියෝජිතයා කවුද? ඒ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ය. නියෝජිතයින් හමුවිය. එසේ නම් වඩා උසස් කවුද? ඇත්ත වශයෙන්ම, ස්වර්ගයේ නියෝජිතයා වඩා උසස් ය.
එබැවින් ඒ දවස්වල ස්නාවක ජොහාන්තුමා, “පොළොං රැළ! පසුතැවිලි වෙයල්ලා! ” යැයි පවසමින් ආගමික නායකයන්ට මොරගැසීමට තරම් නිර්භීත වූව ද, හදිසියේම යේසුස් වහන්සේ ඉදිරියෙහි නිහතමානී වූයේය. “මට ඔබගෙන් බෞතීස්ම වීමට අවශ්‍ය යි. ඔබ මා වෙත පැමිණෙනවා ද?”
මේ අවස්ථාවේ දී යේසුස් වහන්සේ, “දැන් එසේ වීමට අවසර දෙන්න. මක්නිසාද යත් සියලු ධර්මිෂ්ඨකම් ඉටු කිරීම එය අපට සුදුසුය.” යැයි පැවසූ සේක.යේසුස් වහන්සේ මෙලොවට පැමිණියේ දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨබව ඉටු කිරීමටයි, එමෙන්ම, ස්නාවක ජොහාන්තුමා උන්වහන්සේව බෞතීස්ම කළ විට, එය ඉටු වුණි.
“දැනට ඉඩහරින්න. මක්නිසාද මෙසේ සියලු ධර්මිෂ්ඨකම් සම්පූර්ණකරන්ට අපට සුදුසුයයි කීසේක. එවිට ඔහු උන්වහන්සේට ඉඩහැරියේය. 16යේසුස්වහන්සේ බෞතීස්ම* ලැබ එකෙණෙහිම දියෙන් ගොඩනැගුණුසේක. බලව, අහස උන්වහන්සේට විවරවිය, දෙවියන්වහන්සේගේ ආත්මයාණන් පරෙවියෙකු මෙන් බසිනවාද තමන් පිටට පැමිණෙනවාද උන්වහන්සේ දුටුසේක; 17තවද: මොහු මාගේ ප්‍රේමවන්ත පුත්‍රයාය, මොහු කෙරෙහි ඉතා ප්‍රසන්නව සිටිමියි අහසෙන් හඬක් විය.”
උන්වහන්සේ බෞතීස්ම වූ විට සිදු වූයේ මෙය යි. ස්නාවක ජොහාන්තුමා විසින් උන්වහන්සේව බෞතීස්ම කරන ලද පසු, ලොව සියලු පාප භාරගත් විට ස්වර්ගයේ දොරටු විවර විය.
“12යොහන් බව්තීස්තගේ දවස්වල පටන් මේ දක්වා ස්වර්ගරාජ්‍යය බලාත්කාරයෙන් ගනු ලැබේ, බලාත්කාර කරන්නෝ ඒක බලයෙන් අල්ලාගනිති.” (මතෙව් 11:12).
සියලු අනාගතවක්තෘවරුන් සහ දෙවියන් වහන්සේගේ නියමය විසින් ස්නාවක ජොහාන්තුමා දක්වා අනාවැකි පළ කර තිබුණි. “ස්නාවක ජොහාන්තුමාගේ කාලයේ සිට මේ දක්වා ස්වර්ග රාජ්‍යය ප්‍රචණ්ඩත්වයට ගොදුරු වන අතර, ප්‍රචණ්ඩයා එය බලහත්කාරයෙන් අල්ලා ගනී.” උන්වහන්සේගේ බෞතීස්මය විශ්වාස කරන සෑම අයෙකුටම ස්වර්ග රාජ්‍යයට ව්‍යතිරේකයකින් තොරව ඇතුළු විය හැකිය.
“මා ද ඔබව හෙළා නොදකිමි”
යේසුස් වහන්සේ කුරුසියේ දී විනිශ්චයට
ලක් වූයේ මන් ද?
උන්වහන්සේ අපගේ සියලු පාපයන්
භාර ගත් බැවිනි.
යේසුස් වහන්සේ බෞතීස්ම වූයේ ස්නාවක ජොහාන්තුමා විසින් වූ අතර, උන්වහන්සේ ලෝකයේ සියලු පාප ඉවත් කළ සේක. පසුව, කාමමිථ්‍යාචාරයේ යෙදුණු ස්ත්‍රියට උන්වහන්සේ පැවසුවේ “මම ඔබව හෙළාදකින්නේ නොදකිමි.” යන්න යි. උන්වහන්සේ ස්ත්‍රිය හෙළා දුටුවේ නැත, මන්ද යත් උන්වහන්සේ යොර්දානයේදී ලෝකයේ සියලු පාප ඉවත් කළ අතර, එම පාපයන් වෙනුවෙන් විනිශ්චය කළ යුතුව තිබුණේ ස්ත්‍රිය නොව උන්වහන්සේව ය.
යේසුස් වහන්සේ ලොව සියලු පාප මකා දැමූ සේක. 23මක්නිසාද පාපයේ කුලී නම් මරණයය;” (රෝම 6:23) හෙයින් උන්වහන්සේට කුරුසියේ විඳ දරාගැනීමට සිදුවනු ඇති වේදනාවට උන්වහන්සේ කෙතරම් බිය වූවා ද යන්න අපට අවබෝධ කර ගත හැකියි. මෙම විනිශ්චය උන් වහන්සේගෙන් ඉවතට ගන්නා ලෙස ඔහු ඔලිව්ස් කන්දේ දී තුන් වරක් දෙවියන් වහන්සේට යාච්ඥා කළ සේක. යේසුස් වහන්සේ ද අනෙක් මිනිසුන් මෙන් මාංශ හා රුධිරය විය, එබැවින් උන් වහන්සේ වේදනාවට බිය වූ බව තේරුම් ගත හැකිය. විනිශ්චය ඉටු කිරීම සඳහා යේසුස් වහන්සේට ලේ ගැලීමට සිදු විය.
පැරණි තෙස්තමේන්තුවේ පාප පූජාවලට පාපයන් සඳහා වන්දි ගෙවීමට ලේ ගැලීමට සිදු වූවා සේම, උන් වහන්සේ ව කුරුසියේ පූජා කිරීමට සිදුවිය. උන් වහන්සේ ඒ වන විටත් ලෝකයේ සියලු පාප ඉවත් කර තිබූ අතර දැන් අපගේ ගැලවීම උදෙසා උන්වහන්සේගේ ජීවිතය දීමට උන්වහන්සේට සිදුවිය. දෙවියන් වහන්සේ ඉදිරියෙහි උන්වහන්සේ විනිශ්චය ලක් විය යුතු බව උන්වහන්සේ දැන සිටි සේක.
යේසුස් වහන්සේගේ සිතේ කිසිදු පාපයක් නොතිබුණි, නමුත් භෞතිස්වීමෙන් සියලු පාප උන්වහන්සේ වෙතට පැවරී තිබූ හෙයින්, දෙවියන් වහන්සේට දැන් තමාගේම පුත්‍රයාව විනිශ්චය කිරීමට සිදුවිය. මේ අනුව, මුලින්ම, දෙවියන් වහන්සේගේ යුක්තිය ඉෂ්ට වූ අතර, දෙවනුව, අපගේ ගැලවීම උදෙසා උන්වහන්සේ උන්වහන්සේගේ ප්‍රේමය අපට ලබා දුන් සේක. එබැවින්, යේසුස් වහන්සේව කුරුසියේ විනිශ්චය කිරීමට සිදු විය.
“මම ඔබව හෙළා දැකීම හෝ විනිශ්චය කිරීම සිදු නොකරමි.” අපගේ හිතාමතා හෝ නොදැනුවත්ව, හඳුනාගත් හෝ හඳුනා නොගත් සියලු පාප දෙවියන් වහන්සේ විසින් විනිශ්චය කළ යුතුව තිබුණි.
ෙකෙසේවෙතත්, දෙවියන් වහන්සේ අපව විනිශ්චය නොකළ සේක. දෙවියන් වහන්සේ බෞතීස්මයෙන් අපගේ සියලු පාපයන් උන් වහන්සේ වෙතට ගෙන ගිය යේසුස් වහන්සේ විනිශ්චය කළ සේක. දෙවියන් වහන්සේ පව්කාරයන්ව විනිශ්චය කිරීමට අකමැති වූයේ උන් වහන්සේගේ ප්‍රේමය හා දයානුකම්පාව හේතුවෙනි. බෞතීස්මය සහ කුරුසියේ රුධිරය උන් වහන්සේ අප කෙරෙහි දැක් වූ ගැලවීමේ ප්‍රේමයයි. “16මක්නිසාද දෙවියන්වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් දෙන තරම් ලෝකයාට ප්‍රේමකළසේක. එසේ කළේ උන්වහන්සේ කෙරෙහි අදහාගන්න සෑමදෙනම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය” (ජොහාන් 3:16).
උන්වහන්සේගේ ප්‍රේමය ගැන අප දන්නේ මෙලෙස ය. යේසුස් වහන්සේ කාමමිථ්‍යාචාරයේ යෙදුණු ස්ත්‍රිය හෙළා නොදුටු සේක.
ඇය ඉතා කාමමිථ්‍යාචාරයට හසු වූ නිසා ඇය පව්කාරියක් බව ඇය දැන සිටියාය. ඇගේ හදවත තුළ පමණක් නොව, ඇගේ මාංසයේ ද ඈ පාප ගෙන ගියාය. ඇගේ පාපය ප්‍රතික්ෂේප කිරීමට ඇයට ක්‍රමයක් නොවීය. කෙසේවෙතත්, යේසුස් වහන්සේ ඇගේ සියලු පාප ඉවත් කළ බව ඇය විශ්වාස කළ හෙයින් ඇය ගැලවූවා ය. යේසුස් වහන්සේගේ ගැලවීම ගැන අප විශ්වාස කරන්නේ නම්, අප ගැලවෙනු ඇත. එය විශ්වාස කරන්න! එය අපගේ ම යහපත උදෙසා ය.
වඩාත් ආශිර්වාද ලද්දෝ
කවරෙහු ද?
කිසිදු පාපයක් නොමැති පුද්ගලයෝ
සියලු ජනයා පව් කරති. සියලු ජනයා කාමමිථ්‍යාචාරය සිදු කරති. එනමුත් සියලු මිනිසුන් ඔවුන්ගේ පාප වෙනුවෙන් විනිශ්චය කරනු නොලැබේ. අප සියල්ලන්ම පව් කර ඇත, නමුත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ගැලවීම විශ්වාස කරන ජනයාගේ හදවත් තුළ පාපයන් රහිත ය. යේසුස් වහන්සේගේ ගැලවීම විශ්වාස කරන පුද්ගලයා වඩාත් සතුටින් සිටින පුද්ගලයා වේ. ඔවුන්ගේ සියලු පාපවලින් ගැලවුණු අය වඩාත් ආශීර්වාද ලද්දෝ වෙති. වෙනත් වචනවලින් කිවහොත්, ඔවුන් දැන් යේසුස් වහන්සේ තුළ ධර්මිෂ්ඨ ය.
රෝම 4: 7 හි දෙවියන් වහන්සේ සන්තෝෂය ගැන අපට පවසන සේක, “නොපනත් ක්‍රියාවන්ට සමාව දී,තම පව් වසන් කරන අය භාග්‍යවන්තයෝය.” අප මැරෙන තුරු අපි සියල්ලෝම පව් කරන්නෙමු. අපි දෙවියන් වහන්සේ ඉදිරියෙහි නොපනත් සහ අසම්පූර්ණ ය. උන්වහන්සේගේ නියමය දැනගත් පසුව පවා, අපි දිගින් දිගටම පාප කරන්නෙමු. අපි ඉතා දුර්වල වන්නෙමු.
නමුත් දෙවියන් වහන්සේ බෞතීස්මයෙන් හා ඔහුගේ එකම පුත්‍රයාගේ රුධිරයෙන් අපව ගළවා ගත් අතර, ඔබ සහ මම, අප තවදුරටත් පව්කාරයන් නොවන බවත්, අප දැන් උන් වහන්සේ ඉදිරියෙහි ධර්මිෂ්ඨබවත් උන්වහන්සේ අපට පවසන සේක. අප ඔහුගේ දරුවන් යැයි උන්වහන්සේ අපට පවසන සේක.
ජලයේ හා ආත්මයේ ශුභාරංචිය සදාකාලික ගැලවීමේ ශුභාරංචියයි. ඔබ එය විශ්වාස කරන්නේ ද? උන්වහන්සේ ඇදහිලිවන්තයන් ධර්මිෂ්ඨයන්, ගළවනලද පුද්ගලයන් සහ ඔහුගේ දරුවන් ලෙස හඳුන්වන සේක. මෙලොව ප්‍රීතිමත්ම පුද්ගලයා කවුරුන් ද? සැබෑ ශුභාරංචිය විශ්වාස කිරීමෙන් ගැලවිමට පත් සහ තවමත් එය විශ්වාස කරන තැනැත්තා ය. ඔබ ගැලවී තිබේද?
යේසුස් වහන්සේ ඔබේ පාප කිරීම අතහැරියාද? නැත, උන්වහන්සේ ඔබගේ සියලු පාපයන් උන්වහන්සේගේ බෞතීස්මයෙන් ලබා ගත් සේක. එය විශ්වාස කරන්න. විශ්වාස කර ඔබගේ සියලු පාප ගළවා ගන්න. අපි ජොහාන්තුමා 1:29 කියවමු.
කොස්සකින් අතු ගෑවිලා යනවාක් මෙනි
යේසුස් වහන්සේ කොපමණ
පාපයන් ප්‍රමාණයක්
භාර ගත්තේ ද?
ලොව සියලු පාපයන්ය
“29පසුවදා ඔහු තමා ළඟට යේසුස්වහන්සේ එනවා දැක කථාකොට: අන්න, ලෝකයේ පාපය දුරුකරන දෙවියන්වහන්සේගේ බැටළු පැටියාණෝ!” (යොහාන් 1:29)
ස්නාවක ජොහාන්තුමා ලෝකයේ සියලු පාපයන් යොර්දාන් නදියේ දී යේසුස් වෙතට භාර දුන්නේය. ලෝකයේ සියලු පාප ඉවත් කළ දෙවියන් වහන්සේගේ බැටළුපැටවා යේසුස් වහන්සේ බව ඊළඟ දවසේ ඔහු දෑසින් දුටුවේය. ලෝකයේ සියලු පාප උන් වහන්සේ තම දෙවුරට ගත් සේක.
ලෝකයේ සියලු පාපයන් යනු මැවිල්ලෙහි සිට අවසානය දක්වාම මේ ලෝකයේ මිනිසුන් කරන සියලු පාපයන් ය. මීට අවුරුදු 2000 කට පමණ පෙර, යේසුස් වහන්සේ ලෝකයේ සියලු පාප ඉවත් කර අපව ගළවා ගත් සේක. දෙවියන් වහන්සේගේ බැටළුපැටවාණන් වශයෙන්, උන් වහන්සේ අපගේ සියලු පාප ඉවත් කර අප උදෙසා උන්වහන්සේ විනිශ්චයට ලක් කරනු ලැබිණි.
මනුෂ්‍යයන් වන අප කරන ඕනෑම පාපයක් යේසුස් වහන්සේට පැවරිණි. උන්වහන්සේ ලෝකයේ සියලු පාප ඉවත් කළ දෙවියන් වහන්සේගේ බැටළුපැටවාණෝ බවට පත් වූ සේක.
යේසුස් වහන්සේ මෙලොවට පැමිණියේ ලෝකයේ සියලු පව්කාරයන්ව ගලවා ගනු ලබන තැනැත්තා ලෙස, නිහතමානී මිනිසෙකු ලෙස ය. අප පාප සිදු කරන්නේ අප දුර්වල, දුෂ්ට, නූගත්, සහ අප අඥාන හා අසම්පූර්ණ නිසා ය. වෙනත් වචනවලින් කිවහොත්, අප පාප කරන්නේ අපගේ පොදු මුතුන් මිත්තෙකු වූ ආදම්ගෙන් අපට පාපය උරුම වූ බැවිනි. යොර්දාන්හි බෞතීස්ම වීමෙන් මේ සියලු පාප අතුගා දමා යේසුස්ගේ හිස මත තැබුණි. උන්වහන්සේ ඒ සියල්ල අවසන් කළේ කුරුසියේ උන් වහන්සේගේ මාංසය මිය යාමට ලක් කරමිනි. උන්වහන්සේව වළලා දැමිණි, නමුත් තෙවැනි දින දෙවියන් වහන්සේ යේසුස් වහන්සේව මළවුන්ගෙන් උත්ථාන කළ සේක.
සියලු පව්කාරයන්ගේ ගැලවුම්කරුවා වශයෙන්, ජයග්‍රාහී ලීලාවෙන්, විනිශ්චයකරු ලෙස, උන්වහන්සේ දැන් දෙවියන් වහන්සේගේ දකුණු අත පැත්තේ හිඳින සේක. උන්වහන්සේට දැන් අපව නැවත නැවතත් ගළවා ගැනීමට දෙයක් නොමැත. අප කළ යුතු සියල්ල වන්නේ ගැලවීම ලැබීමට උන්වහන්සේව විශ්වාස කිරීමයි. සදාකාලික ජීවනය එය විශ්වාස කරන්නන් සඳහා රැඳී සිටින අතර, විනාශය විශ්වාස නොකරන අය සඳහා රැඳී සිටී. වෙනත් තේරීමක් නැත.
යේසුස් වහන්සේ ඔබ සියල්ලන් බේරාගත් සේක. ඔබ මිහිපිට සිටින ප්‍රීතිමත්ම ජනතාවයි. ඔබගේ දුර්වලකම් හේතුවෙන් අනාගතයේ දී ඔබ නියත වශයෙන්ම පාප කරනු ඇත, නමුත් උන්වහන්සේ එම සියලු පාප ද භාර ගත් සේක.
ඔබේ සිතේ කිසියම් පාපයක් ඉතිරිව තිබේද? -නැත-
යේසුස් වහන්සේ ඒ සියල්ල ගත්තාද? -ඔව්! උන්වහන්සේ එසේ කළ සේක.—
සියලුම මිනිසුන් එක හා සමාන ය. ඔහුගේ / ඇයගේ අසල්වැසියාට වඩා කිසිවෙකු පාරිශුද්ධ නැත. නමුත් බොහෝ අය කුහකයන් වන බැවින් ඔවුන් පව්කාරයන් නොවන බව විශ්වාස කළත්, නිසැකයෙන් ම ඔවුහු ද පව්කාරයෝ වෙති. පාපය පෝෂණය කරන හරිතාගාරය මේ ලෝකයයි.
කාන්තාවෝ තම නිවෙස්වලින් පිටතට යන විට, ඔවුන් රතු තොල් ආලේපන ගා, මුහුණෙහි පියරු ගා, කොණ්ඩය බොකුටු කර, ලස්සන ඇඳුම් ඇඳගෙන, උස සපත්තු පැළඳ යති.... පිරිමි ද බාබර් කෙනෙකු වෙත ගොස් කොණ්ඩය කපා ගෙන, ජේත්තු වී, පිරිසිදු කමිස ඇඳ, විලාසිතාමය ටයි පටි බැඳ, සපත්තු ඔප දමති.
නමුත් ඔවුන් පිටතින් කුමාරවරුන් හා කුමාරිකාවන් මෙන් පෙනුනද, ඔවුන් සැබවින්ම ඇතුළතින් අපිරිසිදු ය.
මුදල් මිනිසුන් සතුටු කරවයි ද? සෞඛ්‍යය මිනිසුන් සතුටු කරයිද? නැත. සදාකාලික ගැලවීම, සියලු පාපයන්ට සමාව දීම පමණක් සැබවින්ම මිනිසුන් සතුටට පත් කරයි. පුද්ගලයෙකු පිටතින් කොතරම් සතුටින් පෙනුණ ද, ඔහුගේ / ඇයගේ හදවත තුළ පාපයක් ඇත්නම් එම පුද්ගලයා නරුමයෙකි. එවැනි පුද්ගලයෙකු විනිශ්චයට බියෙන් ජීවත් වේ.
ගැලවුණු පුද්ගලයෙකු බැණීමක දී පවා සිංහයෙකු මෙන් නිර්භීත ය. ඔහුගේ / ඇයගේ හදවතේ කිසිදු පාපයක් නොමැත. “ස්වාමීනි, ඔබ මා වැනි පව්කාරයෙකුව බේරාගත් සේක. ඔබ මාගේ සියලු පාප මකා දැමූ සේක. ඔබගේ ආදරය ලැබීමට මා නුසුදුසු බව මම දනිමි, නමුත් මාව ගළවා ගැනීම සම්බන්ධව මම ඔබට ප්‍රශංසා කරමි. මාගේ සියලු පාපවලින් මම සදාකාලිකව මිදීමි. දෙවියන් වහන්සේට මහිමය වේ වා! ”
ගැලවීමලත් පුද්ගලයෙකු සැබවින්ම ප්‍රීතීමත් අයෙකි. උන්වහන්සේගේ ගැලවීමේ කරුණාවෙන් ආශීර්වාද ලත් පුද්ගලයෙකු සැබවින්ම ප්‍රීතිමත් අයෙකි.
යේසුස් වහන්සේ, ‘ලෝකයේ පාපය දුරු කරන, දෙවියන් වහන්සේගේ බැටළුපැටවාණෝ’ අපගේ සියලු පාප ඉවත් කර ඇති නිසා, අපි පාපයෙන් තොර වූ අය වන්නෙමු. උන්වහන්සේ කුරුසියේ දී අපට ගැලවීම ‘අවසන්’ කළ සේක. ඔබගේ සහ මගේ ඇතුළු අපගේ සියලු පාප ‘ලෝකයේ පාපයට’ ඇතුළත් කර ඇති අතර, එබැවින් අපි සියල්ලෝම ගැලවීම ලබන්නෙමු.
දෙවියන් වහන්සේගේ කැමැත්තෙන්
අප යේසුස් වහන්සේ තුළ සිටින
විට අපගේ හදවත් තුළ පාපය
තිබෙන්නේ ද?
නැත, අප තුළ පාපය නැත.
හිතවත් මිත්‍රවරුනි, කාමමිථ්‍යාචාරයට හසු වූ ස්ත්‍රිය යේසුස් වහන්සේගේ වචන විශ්වාස කළ අතර, ඇය ගැල වූවාය. ඇගේ කථාව බයිබලයේ සටහන් වී ඇත්තේ උන්වහන්සේගේ සදාකාලික ගැලවීමෙන් ඇය ආශීර්වාද ලද බැවිනි. කෙසේවෙතත්, කුහක පැරණි ධර්මාචාරීහු සහ ව්‍යාජ භක්තියෝ යේසුස් වහන්සේගෙන් පලා ගියහ.
ඔබ යේසුස් වහන්සේව විශ්වාස කරන්නේ නම්, ඔබ එන තුරු බලා සිටින්නේ ස්වර්ගයයි, නමුත් ඔබ යේසුස් වහන්සේව අත්හරින්නේ නම්, ඔබ නිරයට යනු ඇත. ඔබ උන් වහන්සේගේ ධර්මිෂ්ඨ ක්‍රියාවන් විශ්වාස කරන්නේ නම්, එය ස්වර්ගය හා සමාන ය, නමුත් ඔබ උන් වහන්සේගේ ක්‍රියා විශ්වාස නොකරන්නේ නම්, එය නිරය හා සමාන ය. ගැලවීම යනු කිසියම් පුද්ගලයෙකුගේ ප්‍රයත්නයන් දක්වා නොව, යේසුස් වහන්සේගේ ගැලවීම දක්වා ය.
අපි හෙබ්‍රෙව් 10 කියවමු. “1මක්නිසාද ව්‍යවස්ථාව මතු පැමිණෙන යහපත් දේවල ඡායාවක් මිස නියම රූපයම නොවන බැවින්, ඔවුන් අවුරුදුපතා නිතර ඔප්පුකරන ඒ පූජාවලින්, ළඟාවෙන්නන් සම්පූර්ණකරන්ට කිසිකලක නුපුළුවන. 2පුළුවන් නම්, නමස්කාරකරන්නන් වරක් පවිත්‍ර කරනලදුව, පව් ගැන ඔවුන්ට තවත් හැඟීමක් නැති බැවින්, ඒ පූජා ඔප්පු කිරීම නවතින්නේ නැද්ද? 3නුමුත් ඒ යාගවලින් අවුරුදුපතා පව් ගැන සිහිකිරීමක් ඇත්තේය. 4මක්නිසාද ගොනුන්ගෙත් එළුවන්ගෙත් ලෙයින් පව් පහකරන්ට නුපුළුවන. 5එහෙයින් උන්වහන්සේ ලෝකයට එන කල කථාකර: ඔබ පූජාවටත් පඬුරටත් කැමති නොවී, ශරීරයක් මට සූදානම්කරදුන්සේක; 6මුළු දවන පූජාවලටත් පාප පූජාවලටත් ඔබ ප්‍රසන්න නුවූසේක. 7එවිට මම කථාකොට: දෙවියන්වහන්ස, මෙන්න, (පොත් කාණ්ඩයේ මා ගැන ලියා තිබෙන ලෙස) ඔබගේ කැමැත්ත කරන්ට ඇවිත් සිටිමියි කීසේක. 8ව්‍යවස්ථාවේ හැටියට ඔප්පුකරන පූජාවලටත් පඬුරුවලටත් මුළු දවන පූජාවලටත් පාප පූජාවලටත් ඔබ කැමතිවන්නේවත් සතුටුවන්නේවත් නැතැයි ඉහත කී පසු: 9මෙන්න, ඔබගේ කැමැත්ත කරන්ට මම ඇවිත් සිටිමියි උන්වහන්සේ කීසේක. උන්වහන්සේ දෙවෙනි එක පිහිටුවන පිණිස පළමුවෙනි එක අහක්කරනසේක. 10ඒ කැමැත්ත පරිද්දෙන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරය එකම වරක් පූජාකිරීම කරණකොටගෙන අපි පිරිසිදුකරනු ලැබ සිටිමුව” (හෙබ්‍රෙව් 10:1-10).
“දෙවියන් වහන්සේගේ කැමැත්තෙන්” අපගේ සියලු පාප එකවරම ගැනීමට යේසුස් වහන්සේ සිය ජීවිතය පූජා කළ අතර, එකවරම සියල්ලට විනිශ්චය කරනු ලැබ, නැවත පණ උපදවනු ලැබිණි.
එබැවින් අපව පාපයෙන් පිරිසිදු කර ඇත. “පාපයෙන් පිරිසිදු කර ඇත” (හෙබ්‍රෙව් 10:10) ලියා ඇත්තේ වර්තමාන සම්පූර්ණ කාලයෙනි. ඉන් අදහස් වන්නේ අපගේ ගැලවීම සැබවින්ම සම්පූර්ණ වූ බව සහ නැවත සඳහන් කිරීමක් අවශ්‍ය නොවන බව යි. ඔබ පාපයෙන් පිරිසිදු වී ඇත.
“11තවද සියලු පූජකයෝ සිටගෙන, දවස්පතා සේවය කරමින්, කිසි කලෙකත් පාපය පහකරන්ට නොහැකිවූ එම පූජාවල් බොහෝ වර ඔප්පුකරති. 12නුමුත් මුන්වහන්සේ සෑම කලටම පව් නිසා එක පූජාවක් ඔප්පුකොට, දෙවියන්වහන්සේගේ දකුණු පැත්තේ හිඳගත්සේක. 13එතැන් පටන් තමන්ගේ සතුරන් තමන්ගේ පාපුටුව කරන තුරු උන්වහන්සේ බලාසිටිනසේක. 14මක්නිසාද උන්වහන්සේ පිරිසිදුකරනු ලබන්නන් එක පූජාවකින් සෑම කලටම සම්පූර්ණ කළ සේක” (හෙබ්‍රෙව් 10:11-14).
ඔබ සියල්ලන්ම සඳහටම පාපයෙන් පිරිසිදු වේ. ඔබ හෙට පාපයන් සිදු කළහොත්, ඔබ නැවත පව්කාරයෙක් වේවි ද? යේසුස් වහන්සේ එම පාප ඉවත් කළේ නැද්ද? උන්වහන්සේ එසේ කළ සේක. උන්වහන්සේ අනාගතයේ පාපයන් ද ඉවත් කළ සේක.
“15ශුද්ධාත්මයාණන්වහන්සෙත් අපට සාක්ෂිදෙමින්: 16ඒ දවස්වලට පසුව මා විසින් ඔවුන් සමග කරන ගිවිසුම නම්, මාගේ ව්‍යවස්ථා ඔවුන්ගේ සිත්වල තබා, ඒවා ඔවුන්ගේ සිහියේ ලියන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේකැයි කී පසු, උන්වහන්සේ කථාකොට: 17ඔවුන්ගේ පාපවල් සහ අධර්මිෂ්ඨකම් තවත් සිහි නොකරන්නෙමියි කියනසේක. 18ඉඳින් ඒවාට කමාව තිබෙන තැන, පාපය ගැන පූජා ඔප්පුකිරීමක් තවත් නැත” (හෙබ්‍රෙව් 10:15-18).
‘මේවායින් සමාව ඇත’ යන වාක්‍යයෙන් අදහස් කරන්නේ උන් වහන්සේ ලෝකයේ සියලු පාප දුරු කළ බවයි. ජේසුස් වහන්සේ අපගේ ගැලවුම්කරුවා ය, මාගේ ගැලවුම්කරුවාණෝ ය. එමෙන්ම, ඔබගේ ද ගැලවුම්කරුවාණෝ ය. යේසුස් වහන්සේව විශ්වාස කිරීම අපව ගලවා ගෙන ඇත.මෙය යේසුස් වහන්සේගේ ගැලවීම වන අතර, දෙවියන් වහන්සේගෙන් ලද උතුම්ම ප්‍රසාදය සහ ත්‍යාගය යි. සියලු පාපවලින් ගැලවුණු ඔබත් මමත් සියල්ලන්ටම වඩා ආශීර්වාද ලද්දෝය!