( යොහන් 3:1-6 )
“යුදෙව්වරුන්ගේ ප්‍රධානියෙක්වූ නිකොදේමුස් නම් ඵරිසියෙක් සිටියේය. හෙතෙම රාත්‍රියේ උන්වහන්සේ ළඟට ඇවිත්: රබ්බි, ඔබ දෙවියන්වහන්සේ කෙරෙන් ආවාවූ ගුරුවරයෙකැයි අපි දනිමුව. මක්නිසාද තමා සමග දෙවියන්වහන්සේ නැත්නම් ඔබ කරන්නාවූ මේ හාස්කම් කරන්ට කිසිවෙකුට නුපුළුවනැයි කීවේය. යේසුස්වහන්සේ උත්තරදෙමින්: සැබවක් සැබවක් නුඹට කියමි-යමෙක් අලුතෙන් නූපන්නොත් ඔහුට දෙවියන්වහන්සේගේ රාජ්‍යය දකින්ට නොහැකියයි ඔහුට කීසේක. නිකොදේමුස් උන්වහන්සේට කථාකොට: මනුෂ්‍යයෙක් මහලුව සිටියදී උපදින්ට පුළුවන් කොහොමද? දෙවෙනි වර මවුකුසට ඇතුල්ව උපදින්ට පුළුවන්දැයි උන්වහන්සේට කීවේය. යේසුස්වහන්සේ උත්තරදෙමින්: සැබවක් සැබවක් නුඹට කියමි-යමෙක් වතුරෙන්ද ආත්මයාණන්ගෙන්ද නූපන්නොත් ඔහුට දෙවියන්වහන්සේගේ රාජ්‍යයට ඇතුල්වෙන්ට බැරිය. මාංසයෙන් උපදින දේ මාංසයය; ආත්මයාණන්ගෙන් උපදින දේ ආත්මයය.”
බයිබලයට අනුව යළි ඉපදීමේ අර්ථය කුමක්ද?
මේ ලෝකයේ, සරලවම යේසුස් වහන්සේ කෙරෙහි විශ්වාසය තැබීමෙන් යළි ඉපදීමට අවශ්‍ය බොහෝ පුද්ගලයෝ සිටිති. කෙසේවෙතත්, යළි ඉපදීම අපට භාරව තිබෙන දෙයක් නොවන බව ප්‍රථමයෙන් ඔබට පැවසීමට මම කැමැත්තෙමි. වෙනත් ආකාරයකින් පවසන්නේ නම්, එය හුදෙක්ම අපගේ ක්‍රියාවල ප්‍රතිඵලයක් ලෙස පමණක් හට ගැනෙන යමක් නොවේ.
යළි ඉපදීම කායික චිත්ත වේගයට
සහ විපර්යාසයට සම්බන්ධ ද?
නැත. යළි ඉපදීම සම්බන්ධ වනුයේ
ආධ්‍යාත්මික විපර්යාසයට ය.
එය පාපිෂ්ඨයෙකුට පාපයෙන් තොර
පුද්ගලයෙකු ලෙස යළි ඉපදෙනු පිණිස වේ.
බොහෝ ක්‍රිස්තු භක්තිකයන්ට මෙම මිථ්‍යාවබෝධය ඇත. ඔවුන් නිසැකයෙන්ම යළි ඉපදෙනු ඇතැයි ඔවුහුම විශ්වාස කරති. එබැවින්, අනෙකුත් හේතූන් අතර පහත හේතූන් කෙරෙහි ඔවුහු විශ්වාසය තබති. ඇතැමුන් නව දේවස්ථාන ගණනාවක් ඉදිකරමින් ගැලවීමට තැත් කරන අතර, ඇතැම්හු ක්‍රිස්තුස් වහන්සේගේ වචනයට තවමත් ළඟා නොවූ දුරස්ථ ස්ථානවල සිටින ජනයා අතර මිෂනාරීවරුන් ලෙස ක්‍රියා කරමින්, ක්‍රිස්තුස්වහන්සේගේ දහම දේශනා කරමින් ඔවුන්ව ඒ සඳහා කැප කරති. එමෙන්ම, අනෙකුත් පිරිස විවාහ වීම ප්‍රතික්ෂේප කොට, ඔවුන්ගේ සියලු බලය දෙවියන් වහන්සේගේ කාර්යය ලෙස ඔවුන් විශ්වාසය කරන දෙය ඉටු කරමින් වැය කරති.
මේ ඒ සියල්ල නොවේ. තම මුදලින් විශාල ප්‍රමාණයක් දේවස්ථානයට පරිත්‍යාග කරන මිනිසුන් ද සිටින අතර, එසේත් නැතහොත් ඔවුන් සෑම දිනකම තම දේවස්ථානයේ භූමිය අතු ගානු ඇත. හැම දෙයක්ම සලකා බලන කල, ඔවුහු ඔවුන්ගේ කාලය සහ දේපල දේවස්ථානයට කැප කරති. එමෙන්ම, මේ සියලු පරිශ්‍රමයන් ඔවුනට දිවියේ කිරුළ උපයා දෙනු ඇතැයි ඔවුහු විශ්වාස කරති. දෙවියන් වහන්සේ ඔවුන්ගේ ප්‍රයත්නයන් හඳුනා ගෙන, ඔවුනට යළි ඉපදීමට ඉඩ ලබා දෙනු ඇතැයි ඔවුහු විශ්වාස කරති.
මෙහි මතු වන කාරණය වන්නේ යළි ඉපදීමට අවශ්‍යතාව ඇති බොහෝ සැඳැහැති මිනිසුන් සිටීමයි. එවැනි මිනිසුන් සෑම තැනකම දක්නට හැකියි. කිසියම් දිනක දෙවියන් වහන්සේ ඔවුනට ආශිර්වාද කොට, ඔවුනට යළි ඉපදීමට ඉඩ සලසනු ඇතැයි යන අපේක්ෂාවෙන් ඔවුහු වෙහෙසී ක්‍රියා කරති. ඔවුන් විවිධ වර්ගයේ ආගමික ස්ථානවල, පූජක විද්‍යාලවල සහ සුඛස්ථානයන්වල දී හමු වෙයි. ඔවුන් යළි ඉපදීම පිළිබඳ සත්‍යය නොදැන සිටීම ඉතා අවාසනාවන්ත කරුණකි.
ඔවුන්ගේ ක්‍රියාවන්ට අනුව ඔවුන් සියල්ලන් සිතනුයේ, “මම මෙය නියමාකාරයෙන් සිදු කළහොත්, මා යළි ඉපදෙනු ඇත.”, යනුවෙනි. එබැවින්, යළි ඉපදීමට අවශ්‍ය පදනම ඔවුන් ගොඩනඟන බව විශ්වාස කරමින්, ඔවුන් මෙම වැඩ කටයුතුවලට ඔවුන්ගේ සියලු ප්‍රයත්නයන් යොදවන අතර, “පූජක වෙස්ලි මෙන්, යම් දිනක මා යළි ඉපදිය යුතුය!” යැයි සිතයි. යළි ඉපදීමේ ආශිර්වාදය පැමිණෙන්නේ කොහේ සිටද හෝ එය යමින් පවතිනුයේ කොහේටද යන්න පිළිබඳ කිසිවකුට පැවසිය නොහැකි බව අදහස් කිරීමට යොහන් 3:8 කියවමින්, ඔවුහු එම බයිබල වැකිය අර්ථකථනය කරති.
එබැවින්, යේසුස් වහන්සේ කිසියම් දිනක ඔවුනට යළි ඉපදීමට ඉඩ සලසනු ඇතැයි යන බලාපොරොත්තුවෙන් පමණක් ඔවුනට වෙහෙසී වැඩ කළ හැකියි. “මා මෙලෙස නොනවත්වා උත්සාහ කළහොත්, යේසුස් වහන්සේ මට යම් දිනක යළි ඉපදීමට ඉඩ ලබා දෙනු ඇත”, යැයි සිතන බොහෝ පුද්ගලයන් සිටියි. මම ඒ පිළිබඳ දැනුවත්භාවයකින් තොරව පවා යළි ඉපදීමට පත් වන්නෙමි. ඇතැම් උදෑසන කාලවල දී මා සරලවම යළි ඉපදීමෙන් අවදි වන අතර, මා ස්වර්ගය සඳහා දෛවගතව සිටින බව මම දනිමි.” එවැනි බලාපොරොත්තු සහ විශ්වාස කෙතරම් ඵලරහිතද!
අපට කිසි දිනක ඒ ආකාරයෙන් යළි ඉපදිය නොහැකිය! මද්‍යසාර සහ දුම්වැටිවලින් ඈත් වී සිටීම මගින් හෝ දේවස්ථානයට අනලස්ව සහභාගී වීමෙන් අපට කිසිදාක යළි ඉපදිය නොහැකිය. යේසුස් වහන්සේ පැවසූ පරිදි, දෙවියන් වහන්සේගේ රාජධානිය වෙත පිවිසීමට අප “ජලයෙන් සහ ආත්මයෙන් යළි ඉපදිය යුතුය”. එමෙන්ම, ජලය සහ ආත්මය යළි ඉපදීම සඳහා දෙවියන් වහන්සේගේ එකම කොන්දේසිය වේ.
අයෙකු ජලයෙන් සහ ආත්මයෙන් යළි ඉපදෙන්නේ නම් මිස, යේසුස් වහන්සේ ඉදිරිපිට ධර්මිෂ්ඨ වීමට අයෙකු දරන සියලු උත්සාහයන් නිෂ්ඵල වනු ඇත. අයෙකුට පූජාවන්, පරිත්‍යාග හෝ ආත්ම පරිත්‍යාග සමග කිසිදාක යළි ඉපදිය නොහැකිය. මන්දයත්, යළි ඉපදෙන්නේ කවුරුන් ද යන්න දන්නේ දෙවියන් වහන්සේ පමණි යැයි යමෙකු සිතනු ඇති අතර, ඔහු යළි ඉපදී සිටින්නේ ද නැද්ද යන්න ඔහුට දැන ගත නොහැකිය.
මේ ආකාරයෙන් සිතීම සහනය ගෙන දෙන්නක් වනු ඇති නමුත්, යළි ඉපදීම සඟවා තැබිය නොහැකිය. අයෙකු අනිවාර්යයෙන්ම තමන් විසින්ම එය දැන ගනු ලබනු ඇති අතර, අනෙකුත් අයට ද එය දැනෙනු ඇත.
ඇතැම් විට අපට එය කායිකව නොදැනෙනු ඇති නමුත්, අපට එය ඒකාන්තයෙන්ම ඉතා හොඳ ආධ්‍යාත්මික බවකින් හැඟෙනු ඇත. සැබෑ වශයෙන්ම යළි ඉපදෙන්නන් වන්නේ ජලය, රුධිරය සහ ආත්මය යන දෙවියන් වහන්සේගේ වචන ඔස්සේ යළි ඉපදෙන ඇදහිලිවන්තයන්ය. කෙසේවෙතත්, නිකොදේමුස්ට නොහැකි වූවාක් මෙන් යළි නොඉපදෙන පුද්ගලයන් හට ද එය අවබෝධ නොවනු ඇත.
එබැවින් අප සත්‍යයේ වචනවලට, එනම් යේසුස් වහන්සේගේ බෞතීස්මය සහ රුධිරයට සවන් දිය යුතු වේ. අප දෙවියන් වහන්සේගේ වචනයට සවන් දීම හා එය ඉගෙන ගැනීමත් සමග, අපට එතුළ ඇති සත්‍යය සොයා ගත හැකිවේ. එබැවින් අපගේ මනස විවෘත කර ප්‍රවේශමෙන් සවන්දීම ඉතා වැදගත් වේ.
“8හුළඟ කැමති කැමති තැනට ගසයි, එහි ශබ්දය නුඹට ඇසෙයි, නුමුත් කොතැනින් එන්නේද කියාවත් කොතැනට යන්නේද කියාවත් නුඹ දන්නේ නැත. ආත්මයාණන්ගෙන් ඉපිද සිටින සියල්ලෝම එසේමයයි කී සේක” (යොහන් 3:8).
යළි නොඉපදෙන පුද්ගලයෙකු මෙම ඡේදය යළි කියවන විට ඔහු සිතනුයේ, “ අහ්! මා යළිත් ඉපදුණු විට, මා යළි ඉපදුණු වග මට දැන ගැනීමට නොහැකි බව යේසුස් වහන්සේ පැවසූ සේක! කිසිවෙකු එය නොදනී!” එමෙන්ම, එම සිතුවිල්ල පහසුව ගෙන දෙයි. එනමුත් එය සත්‍යයක් නොවේ. සුළඟ එන්නේ කොහේ සිට ද හෝ සුළඟ යන්නේ කොහේට ද යන වග අප නොදන්නා නමුත්, දෙවියන් වහන්සේ සියල්ල දන්නා සේක.
යළි ඉපදුණු පුද්ගලයන් අතර පවා, එය ආරම්භයේ දී වටහා නොගන්නා පුද්ගලයෝ සිටිති. මෙය අවබෝධ කර ගත හැකිය. එනමුත් එවැනි පුද්ගලයෙකුගේ හදවත තුළ, යේසුස් වහන්සේගේ බෞතීස්මය සහ රුධිරය ඔස්සේ ගැලවීමේ වදන් යන ශුභාරංචිය ඇත.
මෙය යළි ඉපදීමට වාචික සාක්ෂියයි. “අහෝ, එවිට මම පාපයෙන් තොර වෙමි. එවිට, මා ගැලවීමට පත් ව, යළි ඉපදී ඇත.”, යැයි පවසමින් ශුභාරංචිය ඇසෙන පුද්ගලයෝ එය වටහා ගනිති. ජලයෙහි සහ ඔවුන්ගේ හදවතෙහි ජීවයේ ශුභාරංචිය ඔවුන් විසින් විශ්වාස කරනු ලැබ, එය රකිනු ලබන විට, ඔවුහු දෙවියන් වහන්සේගේ දරුවන් වෙමින්, ධර්මිෂ්ඨයෝ බවට පත් වෙති.
“ඔබ යළිත් ඉපදී ඇති ද?”, යැයි යමෙකු අසනු ඇත. එවිට ඔහු “තවමත් නැත.” “එසේ නම්, ඔබ ගැලවී ඇති ද?” “ඔව්, මා ගැලවී ඇති බැව් මම විශ්වාස කරමි.”, යැයි පිළිතුරු දෙනු ඇත. එනමුත් ඔහු පරස්පර විරෝධී ප්‍රකාශයක් සිදු කරයි, එසේ නොවේ ද? ඔහු එලෙස පවසනුයේ මන්දයත්, පුද්ගලයෙකු යළි ඉපදුණ විට, ඔහු ඔහුගේ මාංශයෙන් ද වෙනස් විය යුතු යැයි ඔහු සිතනා බැවිනි.
එවැනි මිනිස්සු යළි ඉපදීම ජීවන රටාවේ ප්‍රධාන වෙනසක් වැනි යමක් ලෙස සලකති. එනමුත්, සත්‍යය වන්නේ ඔවුනට ජලයෙන් සහ ජීවයෙන් යළි ඉපදීමේ ශුභාරංචිය අවබෝධ නොවීමයි.
යළි ඉපදීමේ අර්ථය නොවැටහෙන බොහෝ අය වෙති. එය කණගාටුවට කරුණකි. ඒ ගිහියන් පමණක් නොව, මෙම මිථ්‍යා විශ්වාසය යට ක්‍රියාත්මක වෙමින් සිටින දේවස්ථාන නායකයෝ බොහෝමයක් ද වෙති. යළි ඉපදෙන අපගේ හදවත් මෙම මිනිසුන් උදෙසා ශෝක වෙයි.
අපට මේ ආකාරයෙන් හැඟෙන විට, ස්වර්ගයේ සිටින අප දෙවියන් වහන්සේ වන යේසුස් වහන්සේ හට ඉන් තවත් කෙතරම් පීඩාවක් එය ඇති කරන්නේ ද? යේසුස් වහන්සේගේ බෞතීස්මයෙන් සහ කුරුසය මත උන්වහන්සේගේ රුධිරයෙන් යළි ඉපදීමේ ශුභාරංචිය විශ්වාස කිරීමෙන් අපි සැවොම යළි ඉපදෙමු.
යළි ඉපදීම සහ ගැලවීම යන්නෙන් අදහස් වන්නේ එකම කරුණයි. කෙසේවෙතත්, මෙම සත්‍යය නොදන්නා බොහෝ පිරිසක් සිටිති. ජලයේ සහ ආත්මයෙහි ශුභාරංචිය තුළ තබනා විශ්වාසය ඔස්සේ යම්කිසි පුද්ගලයෙකුගේ හදවත තුළ තිබෙන පාපය සෝදා හැර ගොස් තිබීම යළි ඉපදීම යන්නෙන් අදහස් වේ. ඉන් අදහස් වන්නේ යේසුස් වහන්සේගේ බෞතීස්මය සහ කුරුසය මත උන්වහන්සේගේ කැප කිරීම තුළ තබන විශ්වාසය ඔස්සේ ධර්මිෂ්ඨත්වයට පත්වීමය.
යළි ඉපදීමට පෙර, පුද්ගලයෝ පාපිෂ්ඨයෝ වෙති, එනමුත් පසුව, ඇත්ත වශයෙන්ම ඔවුන් සම්පූර්ණයෙන්ම පාපයෙන් තොර වන අතර, නවමු පුද්ගලයන් ලෙස යළිත් ඉපදෙයි. ඔවුන් ගැලවීමෙහි ශුභාරංචිය කෙරෙහි විශ්වාසය තැබීමෙන් දෙවියන් වහන්සේගේ දරුවෙකු බවට පත් ව ඇත.
යළිත් ඉපදීම යන්නෙන් අදහස් වනුයේ යේසුස් වහන්සේගේ බෞතීස්මය නමැති වස්ත්‍ර හැඳ, යේසුස් වහන්සේ සමග කුරුසයෙහි මිය යෑම සහ උන්වහන්සේ සමග යළි උත්ථානයට පත්වීමයි. යේසුස් වහන්සේගේ කුරුසය සහ බෞතීස්මයෙහි වචන ඔස්සේ යමෙකු ධර්මිෂ්ඨත්වයට පත් ව ඇති බැව් ඉන් අදහස් කෙරේ.
යමෙකු යමෙකුගේ මවගේ ඇකයෙන් ඉපිද ඇත්නම්, ඔහු පාපිෂ්ඨයෙකි. එනමුත් ජලයෙන් සහ ආත්මයෙන් යළි ඉපදීමේ සැබෑ ශුභාරංචිය අසා ඇති විට ඔහු එවිට යළිත් ඉපදෙන අතර ධර්මිෂ්ඨත්වයට පත් වේ.
මතුපිටින් බැලූ කල, එවැනි පුද්ගලයෙකුගේ කිසිදු වෙනසක් නොපෙනෙයි, එනමුත් ඔහු ජීවයත් සමග, ඇතුළතින් යළි ඉපිද ඇත. යළි ඉපදීම යන්නෙන් අදහස් වන්නේ මෙයයි. එනමුත් මෙම සත්‍යය දන්නේ ඉතා ස්වල්ප දෙනෙකු පමණි; ඒ දසදහසකින් එකෙකුදු නොවේ. යළි ඉපදීමේ සැබෑ අර්ථය වටහා ගන්නා පුද්ගලයන් සිටින්නේ ඉතා අල්ප දෙනෙකු බව යන කාරණයේ දී ඔබට මා සමග එකඟ විය හැකි ද?
ජලයේ සහ ආත්මයේ ශුභාරංචිය විශ්වාස කරන සහ යළි ඉපදෙන පුද්ගලයන්ට පොදු ක්‍රිස්තු භක්තිකයන්ගෙන් සැබවින්ම යළි ඉපදුණු පුද්ගලයන් වෙන්කොට හඳුනා ගත හැකිය.
එම සුළඟ පාලනය කරනුයේ යේසුස් වහන්සේය
ගැලවී ඇත්තේ කවුරුන්ද යන්න
දැන ගත හැකි වනුයේ කා හට ද?
යළි ඉපදුණු අය හට පමණි
“හුළඟ කැමති කැමති තැනට ගසයි, එහි ශබ්දය නුඹට ඇසෙයි, නුමුත් කොතැනින් එන්නේද කියාවත් කොතැනට යන්නේද කියාවත් නුඹ දන්නේ නැත. ආත්මයාණන්ගෙන් ඉපිද සිටින සියල්ලෝම එසේමයයි කීසේක.” යේසුස් වහන්සේ යළි නොඉපදී ඇති අය පිළිබඳ කතාබහ කරමින් සිටි සේක. යළි ඉපදෙන පුද්ගලයන් යළි ඉපදීම පිළිබඳ දැන සිටිය ද, නිකොදේමුස් එලෙස දැන නොසිටියේය. කවරෙහු යළි ඉපදී ඇත්ද යන්න දෙවියන් වහන්සේ දන්නා අතර, යළි ඉපදී ඇති අය ද එබැව් දනී.
කෙසේවෙතත්, යළි ඉපදී නොමැති පුද්ගලයෝ සුළඟ කොහේ සිට එන්නේ ද සහ එය කොහේට යන්නේ ද යන වග නොදන්නාක් මෙන්, පුද්ගලයෙකුට යළි ඉපදිය හැකි වන්නේ කෙසේද යන්න නොදනිති.
ඔබට මෙය වටහා ගත හැකිද? සුළඟ චලනය කරන්නේ කවුරුන්ද? දෙවියන් වහන්සේ එය සිදු කරනා සේක. සුළඟ නිර්මාණය කළේ කවුරුන් ද? ස්වර්ගයේ සිටින දෙවියන් වහන්සේ එය කළ සේක. පෘථිවිය මත දේශගුණය පාලනය කිරීම හා සුළඟ හා ජලය සම්බන්ධ කිරීම සිදු කරන්නේ කවුරුන්ද? එමෙන්ම, සියලු ජීවී වස්තූන් තුළට ජීවන හුස්ම ඇතුළත් කරන්නේ කවුරුන්ද? වෙනත් ආකාරයකින් පවසතොත්, මේ ලෝකයේ සියලු ජීවය නිර්මාණය කොට, එය ශක්තිමත් කරන්නේ කවුරුන්ද? ඒ අන් කවුරුන්වත් නොව, යේසුස් වහන්සේම විය. එමෙන්ම, යේසුස් වහන්සේ යනු දෙවියන් වහන්සේය.
ජලයෙහි, රුධිරයෙහි සහ ආත්මයෙහි ශුභාරංචිය අප නොදන්නා විට, අපට යළි ඉපදීමට නොහැකි වන අතර, අපට අන් අයට ආධ්‍යාත්මිකව ඉගැන්වීම පවා සිදු කළ නොහැකිය. යමෙකු ජලයෙන් සහ ආත්මයෙන් ඉපදුණහොත් හැරුණු කොට, ඔහුට/ඇයට යළි ඉපදිය නොහැකි බව යේසුස් වහන්සේ පැවසූ සේක.
අපව යළි උපදවන බලවත් ශුභාරංචිය වන ජලයේ සහ ආත්මයේ ශුභාරංචිය කෙරෙහි අපි විශ්වාසය තැබිය යුතු වන්නෙමු. ජලයේ සහ ආත්මයෙහි ශුභාරංචිය තුළ විශ්වාසය තබන සියලු දෙනාගේ සිත් තුළට ජීවය ඇතුළු වී වාසය කරයි.
යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මානව වර්ගයාගේ සියලු පාප රැගෙන යෑමට බෞතීස්ම වූ අතර, උන්වහන්සේ මෙම පාපයන් සඳහා වන්දි ගෙවීමට කුරුසය මත රුධිරය වැගිරූ සේක. උන්වහන්සේ විසින් යළි ඉපදීම නම් වන ගැලවීම මානව වර්ගයාගේ හදවත් තුළ බිඳෙන් බිඳ පොළඹවනු ලැබ ඇත. අප මෙම ශුභාරංචියෙහි විශ්වාසය තැබූ විට, ජීවය අපගේ ආත්මය තුළට ප්‍රවේශ වේ. මෙය යළි ඉපදීමෙහි ගැලවීමයි. යේසුස් වහන්සේගේ බෞතීස්මය සහ උන්වහන්සේගේ රුධිරය ඔස්සේ සියලු පාප සෝදා හැරීම පිළිබඳව අප විශ්වාසය තබන විට, අපි සැබවින්ම යළි ඉපදෙන්නෙමු.
උත්පත්ති 1:2 හි “පොළොව වනාහි පාළුව හිස්ව තිබුණාය; ගැඹුර පිට අන්ධකාරය විය. දෙවියන්වහන්සේගේ ආත්මය ජල මතුයෙහි හැසිරෙමින් සිටි සේක”, යැයි ලියා ඇත. දෙවියන් වහන්සේගේ ජීවය ජලය මතුපිට සැරිසරමින් සිටි බව එහි සඳහන් වේ. දෙවියන් වහන්සේගේ ජීවය පෘථිවියේ මතුපිටින් බැහැරට චලනය වෙමින් පැවතුණි.
ජීවයට පාපිෂ්ඨයන්ගේ හදවත් තුළට ඇතුළත් නොවිය හැකි බව ඉන් අදහස් කෙරේ. යළි ඉපදී නොමැති පුද්ගලයාගේ හදවත අවුල් ජාලයක් තුළ පවතින අතර, එය පාපයේ අඳුරෙන් පිරී පවතියි. එබැවින් දෙවියන් වහන්සේගේ ජීවයට එවැනි පුද්ගලයෙකුගේ හදවත තුළ වාසය කළ නොහැකි වේ.
දෙවියන් වහන්සේ උන්වහන්සේගේ ශුභාරංචියේ ආලෝකය පාපිෂ්ඨයන්ගේ හදවත් ආලෝකවත් කිරීමට යැවූ සේක. “දෙවියන්වහන්සේ: එළිය වේවයි කීසේක; එවිට එළිය විය.“ (උත්පත්ති 1:3), යැයි දෙවියන් වහන්සේ පැවසූ අතර, එමෙන්ම ආලෝකය එහි තිබිණි. පසුව, එවිට පමණක් දෙවියන් වහන්සේගේ ජීවයට සියලු මිනිසුන්ගේ හදවත් තුළ වාසය කිරීමට හැකි වුණි.
එබැවින්, දෙවියන් වහන්සේගේ ජීවය රැඳී පවතිනුයේ ජලය හා ආත්මය නමැති ශුභාරංචිය තුළ විශ්වාසය තබන, යළි උපදින පුද්ගලයන්ගේ හදවත් තුළය. ඔවුන්ගේ “යළි ඉපදීම” යන්නෙහි අර්ථය එයයි. ඒවා ඔවුන්ගේ හදවත් තුළ යළි උපදින්නේ මන්දයත්, ඔවුන් ජලයේ සහ ආත්මයේ ගැලවීමේ වදන්වලට සවන් දී, ඔවුන් එය විශ්වාසය කළ හෙයිනි!
යමෙකුට යළි ඉපදිය හැකි වනුයේ කෙසේද? “5යේසුස්වහන්සේ උත්තරදෙමින්: සැබවක් සැබවක් නුඹට කියමි-යමෙක් වතුරෙන්ද ආත්මයාණන්ගෙන්ද නූපන්නොත් ඔහුට දෙවියන්වහන්සේගේ රාජ්‍යයට ඇතුල්වෙන්ට බැරිය.”, යැයි පවසමින් යේසුස් වහන්සේ පරිසිවරයා වන නිකොදේමුස් හට විස්තර කළ සේක. “අපට ජලයෙන් සහ ආත්මයෙන් යළි ඉපදිය හැකි වන්නේ කෙසේද?”, යැයි නිකොදේමුස් ඇසුවේය. අපට අපගේ මවගේ ඇකයට යළි ඇතුළු වී, ආපසු ඉපදිය හැකි ද?” නිසැකවම, ඔහු එය මතුපිට අර්ථයෙන් වටහා ගත් අතර, මිනිසෙකුට යළි ඉපදිය හැකි වන්නේ කෙසේද යන්න ඔහුට සිතා ගැනීමට නොහැකි විය.
“ඔබ ගුරුවරයෙක්, එනමුත් ඔබ දන්නේ නැහැ ඉන් අදහස් වන්නේ කුමක් ද කියාවත්?”, යැයි යේසුස් වහන්සේ ඔහුට පැවසූ සේක. යමෙකු ජලයේ සහ ආත්මයේ ශුභාරංචියෙන් යළි ඉපදුණහොත් මිසක, ඔහුට ස්වර්ග රාජ්‍යයට ඇතුළු වීමට හෝ එය දැක බලා ගැනීමට නොහැකි වන බව යේසුස් වහන්සේ පැවසූ සේක. යේසුස් වහන්සේ යළි ඉපදීමේ සත්‍යය නිකොදේමුස් හට පැවසූ සේක.
යළි ඉපදීමෙන් තොරව යේසුස් ක්‍රිස්තුස් වහන්සේ විශ්වාස කරන බොහෝ පුද්ගලයන් සිටිනා බව සත්‍යයකි. නිකොදේමුස් වැනි බොහෝ ක්‍රිස්තියානුවෝ සැබවින්ම යළි නොඉපදෙති.
නිකොදේමුස් එකල්හි වර්තමානයේ දේවස්ථානයෙහි නායකයන්ට සමාන ආධ්‍යාත්මික නායකයෙක් විය. නූතන කාලයට අනුව, ඔහුව කොන්ග්‍රස් සභිකයෙකුට සැසඳිය හැකි විය. ආගමික සම්මතවලින් ඔහු ගුරුවරයෙකු, හෙබ්‍රෙව් නම් යුදෙව් භාෂාවේ යුදෙව් ධර්මාචාර්යවරයෙකු මෙන්ම, යුදෙව්වන්ගේ ආගමික නායකයෙකු වූයේය. ඔහු හසළ භාෂාශාස්ත්‍රඥයෙකු ද වූයේය.
එකල්හි ඊශ්‍රායලයෙහි වර්තමානයේ පවතින පාසල්වලට සැසඳිය හැකි ආයතනයක් නොතිබුණු අතර, එබැවින් සියලු මිනිස්සු “උගත් මිනිසුන්” යටතේ ඉගෙනීමට යුදෙව් භක්තිකයන්ගේ දේවස්ථානයට හෝ සම්මුති ශාලාවට ගියහ. ඔවුහු මිනිසුන්ගේ ගුරුවරු වූහ. වර්තමානයේ දී මෙන්, එකල්හි දී ද බොහෝ ව්‍යාජ ගුරුවරු සිටියහ. එමෙන්ම, ඔවුහු යළි නොඉපදීමකින් තොරව මිනිසුන්ට උගන්වමින් සිටියෝය.
වර්තමානයේ දී යළි ඉපදී නොමැති බොහෝ ආගමික නායකයෝ, දේවස්ථාන නිලධාරීහු, ගුරුවරු, දේශකයෝ, වැඩිහිටියෝ සහ දේවගැතියෝ සිටිති. නිකොදේමුස් මෙන්, යළි ඉපදීමෙහි සත්‍යතාව ඔවුහු නොදනිති. අපට යළි ඉපදීමට දෙවන වරටත් මවගේ ඇකයට ඇතුළු වීමට සිදු වන බව පවා බොහෝ අය සිතති. ඔවුනට යළි ඉපදීමට තිබෙන බව ඔවුහු දන්නා නමුත්, ඒ කෙසේදැයි නොදනිති.
එමෙන්ම, ඔවුන්ගේ නොසැලකිලිමත්කම හේතුවෙන්, අන්ධ මිනිසෙකු ඔවුන්ගේ දෑත්වලින් තේරුම් ගැනීමට නිෂ්ඵල ලෙස අලියෙකු ස්පර්ශ කරනවාක් මෙන්, ඔවුන්ගේ උපදෙස් ඔවුන්ගේ ස්වකීය පෞද්ගලික හැඟීම් සහ අත්දැකීම් මත පදනම් වේ. ඔවුහු ලෞකික අගයවලින් දේවස්ථානයෙහි දේශනා කරති. මේ හේතුවෙන්, බොහෝ භක්තිමත් මිනිසුන් යළි ඉපදීමෙන් වැළකෙයි.
යළි ඉපදීමෙන් අපගේ යහපත් ක්‍රියාවන් සමග සිදු කිරීමට කිසිවක් නොමැත. දෙවියන් වහන්සේ අපට ලබා දුන් ජලය, රුධිරය සහ ආත්මයෙහි වචන කෙරෙහි විශ්වාසය තැබීම ඔස්සේ අපි යළි ඉපදෙන්නෙමු. අපව පාපිෂ්ඨයෙකු වීමේ සිට ධර්මිෂ්ඨයෙකු බවට පත් වීම දක්වා වෙනස් කරනුයේ දෙවියන් වහන්සේගේ ශුභාරංචියයි.
“මා නුඹලාට පොළොවේ දේ කී කල්හි නුඹලා විශ්වාස නොකරනවා නම් ස්වර්ගීක දේ කීවොත් විශ්වාස කරන්නේ කෙසේද?” (යොහන් 3:12), යැයි යේසුස් වහන්සේ මෙම වචන පැවසීය. නිසැකයෙන්ම, යේසුස් වහන්සේගේ බෞතීස්මය ඔස්සේ අපගේ සියලු පාප සඳහා පාප සමාව සම්පූර්ණ කෙරුණු බව යන සත්‍යය යේසුස් වහන්සේ ඔවුනට පැවසූ විට, මිනිස්සු විශ්වාස නොකළහ. ඔවුන් විශ්වාස නොකළේ කුමක්ද? යේසුස් වහන්සේගේ ගැලවීම සහ කුරුසය මත උන්වහන්සේගේ මරණය ඔස්සේ ඔවුන්ගේ ගැලවීම සාක්ෂාත් වූ බව යන කාරණය ඔවුහු විශ්වාස නොකළහ.” “දිව්‍යමය දේවල්” පිළිබඳ උන්වහන්සේ ඔවුනට පැවසුවහොත්, මිනිසුන් උන්වහන්සේව විශ්වාස නොකරනු ඇතැයි යනුවෙන් උන්වහන්සේ පැවසූ විට අදහස් කළේ මෙය වේ.
අපගේ සියලු පාපවලින් අපව පාරිශුද්ධත්වයට පත් කිරීමට, ස්නාවක ජොහාන්තුමා විසින් යේසුස් වහන්සේව බෞතීස්ම කරනු ලැබූ අතර, උන්වහන්සේ කුරුසය මත මිය ගොස්, පසුව යළිත් ඉපදීම සඳහා පාපිෂ්ඨයන් උදෙසා මග විවර කිරීමට මළවුන්ගේන් උත්ථාන වූ සේක.
එහෙයින්, පැරණි තෙස්තමේන්තුව උපුටා දක්වමින්, යේසුස් වහන්සේ එය නිකොදේමුස් හට විස්තර කළ සේක. “ස්වර්ගයෙන් බැස්සාවූ, ස්වර්ගයෙහි සිටින්නාවූ මනුෂ්‍ය පුත්‍රයා මිස වෙන කිසිවෙක් ස්වර්ගයට නොනැංගේය. මෝසෙස් කාන්තාරයේදී සර්පයා එසවූ ලෙසම මනුෂ්‍ය පුත්‍රයාද උන්වහන්සේ කෙරෙහි අදහාගන්න සෑමදෙනම, සදාකාල ජීවනය ලබන පිණිස ඔසවනු ලබන්ට ඕනෑයයි කීසේක” (යොහන් 3:13-15). මෝසෙස් පාළුකරයේ දී සර්පයා ඔසවාගෙන යෑම, සදාකාලික ජීවනය ලබා ගැනීමට උන්වහන්සේ කෙරෙහි විශ්වාසය තබන ඕනෑම අයෙකු හට ඉඩ ලබා දීම පිණිස මනුෂ්‍ය පුත්‍රයා ද එලෙසින් ම ඔසවා තැබිය යුතුය යන්න අදහස් කෙරේ.
“මෝසෙස් කාන්තාරයේදී සර්පයා එසවූ ලෙසම මනුෂ්‍ය පුත්‍රයාද උන්වහන්සේ කෙරෙහි අදහාගන්න සෑමදෙනම,“ (යොහන් 3:14), යැයි යේසුස් වහන්සේ පැවසූ විට, උන්වහන්සේ අදහස් කළේ කුමක්ද. තමන් වහන්සේගේ බෞතීස්මය සහ රුධිරය මානව වර්ගයාගේ සියලු පාප සඳහා පාප සමාව ගෙන එනු ඇත්තේ කෙසේද යන්න විස්තර කිරීමට මෙම ඡේදය උන්වහන්සේ පැරණි තෙස්තමේන්තුවෙන් උපුටා ගත් සේක.
යේසුස් වහන්සේට කුරුසය මත මිය යෑමට, උන්වහන්සේ ඔසවනු ලබනු පිණිස, උන්වහන්සේට ප්‍රථමයෙන් ස්නාවක ජොහාන්තුමන්ගෙන් බෞතීස්ම ලැබීමෙන් ලෝකයේ පාප බැහැර කිරීමට සිදු වූ සේක. යේසුස් වහන්සේ පාපයෙන් තොර වූ හෙයින්, උන්වහන්සේට කුරුසය මත කුරුසිපත් වීමට නොහැකි වූ සේක. උන්වහන්සේ හට කුරුසය මත කුරුසිපත්වීමට, උන්වහන්සේට ස්නාවක ජොහාන්තුමන්ගෙන් බෞතීස්ම වීමට සිදු වූ අතර, ඒ අනුව උන්වහන්සේ ලෝකයේ සියලු පාප උන්වහන්සේගේ උර මතට ගත් සේක.
අපගේ සියලු පාප උන්වහන්සේ විසින් බාර ගනු ලැබීමෙන් සහ උන්වහන්සේගේ රුධිරයෙන් ඒවා සඳහා වන්දි ගෙවීමෙන් පමණක්, සියලු පාපිෂ්ඨයන් සදාකාලික නිරයට පැමිණවීමෙන් ගලවා ගැනීමට උන්වහන්සේට හැකි විය. ජලයෙන් සහ ආත්මයෙන් යළි ඉපදීමෙහි ගැලවීම යේසුස් වහන්සේ අපට ලබා දුන් සේක.
එබැවින්, ඔවුන්ගේ ගැලවුම්කරුවාණන් ලෙස යේසුස් වහන්සේ කෙරෙහි විශ්වාසය තබන පුද්ගලයෝ උන්වහන්සේ සමග මිය යන අතර, යළිත් උන්වහන්සේ සමග ඉපදෙති. පසුව, නිකොදේමුස් මෙය වටහා ගත්තේය.
සර්පයා එසවූවාක් මෙන්
යේසුස් වහන්සේ
කුරුසිපත් වූයේ ඇයි?
මන්ද යත්, උන්වහන්සේ
තමන් වහන්සේගේ බෞතීස්මය ඔස්සේ සියලු
පාප බැහැර කළ සේක
මෝසෙස් පිත්තල සර්පයා පාළුකරය තුළට ඔසවාගෙන ගියේ කෙසේද යන කතාව ඔබ දන්නවා ද? කතාව පරිච්ඡේද 21හි අංකවලින් ලියා ඇත. ඊජිප්තුවෙන් නික්ම යාමෙන් පසුව ඊශ්‍රායල ජාතිකයන්ගේ ආත්ම ඉතා අධෛර්යමත් තත්ත්වයට පත් වූ බවත්, ඒ හේතුවෙන් ඔවුන් දෙවියන් වහන්සේට සහ මෝසෙස්ට එරෙහිව කතා කිරීමට එය හේතු සාධක වූ බවත් එහි පැවසෙයි.
එහි ප්‍රතිඵලයක් ලෙස, දෙවියන් වහන්සේ බිහිසුණු සර්පයෝ මිනිසුන් අතරට එවූ අතර, එම සර්පයන් මිනිසුන්ගේ කූඩාරම්වලට ඇතුළු වී ඔවුන් සපා කා, ඔවුන්ව මරණයට පත් කළහ. එම සර්පයන් සපා දෂ්ඨ කිරීමෙන් අනතුරුව, ඔවුන්ගේ සිරුර ඉදිමෙන්නට පටන් ගත් අතර, බොහෝ දෙනෙක් ඉන් මිය ගියහ.
මිනිසුන් මරණයට පත් වීමට ඇරඹුණු විට, ඔවුන්ගේ නායකයා වන මෝසෙස් දෙවියන් වහන්සේට යාච්ඤා කළේය. “දෙවියන් වහන්ස, කරුණාකර අපව ගලවා ගන්න.” දෙවියන් වහන්සේ පිත්තලවලින් බිහිසුණු සර්පයෙකු නිර්මාණය කර, එය සාදා රිටක තබන මෙන් ඔහුට පැවසූ සේක. එදෙස බලන ඕනෑම අයෙකු ජීවත් වනු ඇතැයි උන්වහන්සේ ඔහුට පැවසූ සේක. මෝසෙස් ඔහුට පැවසූ ලෙස එය සිදු කළ අතර, දෙවියන් වහන්සේගේ වචන මිනිසුන්ට හෙළි කළේය.
ඔහුගේ වචන කෙරෙහි විශ්වාසය තබා, පිත්තල සර්පයා දෙස බැලූ ඕනෑම අයෙක් සුවය ලැබුවේය. ඒ ආකාරයෙන්ම, යක්ෂයාගේ විෂ සහිත දෂ්ඨ කිරීම්වලින් ද සුව වීමට අපට සිදු විය. ඊශ්‍රායල වැසියන් මෝසෙස්ට සවන් දුන් අතර, රිට මත වූ පිත්තල සර්පයා දෙස බැලූ අතර, එහෙයින් ඔවුහු සුවය ලැබූහ.
රිට මත සිටින සර්පයා හෙළිදරව් කිරීම, යේසුස් වහන්සේගේ බෞතීස්මය සහ කුරුසය මත උන්වහන්සේගේ මරණය ඔස්සේ යේසුස් වහන්සේ මතට සියලු මානව වර්ගයාගේ පාප සඳහා සදාකාලික නිරයට පමුණුවීම පෙන්නුම් කළේය. ලොව සියලු පාපිෂ්ඨයන්ගේ පාප සඳහා දණ්ඩනයට ලක් වීම උන්වහන්සේ තමන්වහන්සේගේ උර මතට ගත් සේක. එහෙයින්, උන්වහන්සේ අපගේ පාප සියලු දණ්ඩනයන් නිමා කළ සේක.
යේසුස් වහන්සේ සාතන්ගේ වරදෙහි බැඳීමට හේතු වන, “සර්පයාගේ විෂෙන්” මිය යෑමට දෛවෝපගත, සියලු මිනිසුන් ගලවා ගැනීමට මෙලොවට පහළ වූ සේක. අපගේ සියලු පාප සඳහා වන්දි ගෙවීමට, උන්වහන්සේ කෙරෙහි විශ්වාසය තැබූ පුද්ගලයන් ගලවා ගැනීමට යළි උත්ථාන වීමට ප්‍රථම, උන්වහන්සේට බෞතීස්ම වීමට සහ කුරුසය මත මිය යෑමට සිදු විය.
පැරණි තෙස්තමේන්තුවෙහි ඊශ්‍රායල වැසියන් රිට මත සිටින සර්පයා දෙස බලන විට ඉන් වැළකී සිටියාක් මෙන්, වර්තමානයෙහි යේසුස් වහන්සේ කෙරෙහි විශ්වාසය තබන සහ උන්වහන්සේගේ බෞතීස්මය ඔස්සේ අපගේ පාපවලට උන්වහන්සේ වන්දි ගෙවූ බව විශ්වාස කරන සියලු දෙනා හට ගැලවීමට සහ යළි ඉපදීමට හැකි වේ.
යේසුස් වහන්සේ යොර්දාන්හි දී ස්නාවක ජොහාන්තුමන් විසින් සිදු කරන ලද උන්වහන්සේගේ බෞතීස්මය, කුරුසය මත උන්වහන්සේගේ මරණය සහ උන්වහන්සේ මළවුන්ගෙන් උත්ථාන වීම ඔස්සේ ලෝකයේ සියලු පාප උදෙසා සම්පූර්ණයෙන් වන්දි ගෙවූ සේක. වර්තමානයේ දී, උන්වහන්සේ කෙරෙහි විශ්වාසය තබන සියලු දෙනා හට උන්වහන්සේගේ අනුකම්පාව ඔස්සේ ගැලවීමෙන් ආශිර්වාද ලැබිය හැකිය.
“13ස්වර්ගයෙන් බැස්සාවූ, ස්වර්ගයෙහි සිටින්නාවූ මනුෂ්‍ය පුත්‍රයා මිස වෙන කිසිවෙක් ස්වර්ගයට නොනැංගේය.” (යොහන් 3:13). අපගේ පාප සඳහා වන්දියක් ලෙස, යේසුස් වහන්සේ බෞතීස්ම වූ අතර, කුරුසය මත රුධිරය වගුරුවා, අප උදෙසා ස්වර්ගයේ දොරටු විවර කළ සේක.“ 6යේසුස්වහන්සේ ඔහුට කියනසේක්: මාර්ගයද සැබෑවද ජීවනයද මමය. මා කරණකොටගෙන මිස කිසිවෙක් පියාණන්වහන්සේ වෙතට පැමිණෙන්නේ නැත, යොහන් 14:6 හි දී යේසුස් වහන්සේ පැවසූ සේක.
යේසුස් වහන්සේ බෞතීස්ම වී, කුරුසය මත කුරුසිපත් වූයේ අප උදෙසා ස්වර්ගයේ දොරටු විවිර කිරීමට වූ හෙයින්, උන්වහන්සේ ඔස්සේ ගැලවීමෙහි විශ්වාසය තබන සියල්ලෝම ගැලවෙති. යේසුස් වහන්සේ අපගේ පාප සඳහා දැනටමත් වන්දි ගෙවා ඇත, එබැවින් ජලයෙහි, රුධිරයෙහි සහ ආත්මයෙහි සත්‍යය තුළ විශ්වාසය තබන ඕනෑම පුද්ගලයෙකු හට ස්වර්ග රාජ්‍යයට පිවිසිය හැකිය.
යේසුස් වහන්සේ ජලයේ සහ ආත්මයේ ශුභාරංචිය සමග අපව ගලවා ගත් සේක. යේසුස් වහන්සේගේ බෞතීස්මය සහ රුධිරය තුළ මෙන්ම, උන්වහන්සේ දෙවියන් වහන්සේ ය යන සත්‍යය තුළ විශ්වාසය තැබීමෙන් යළි ඉපදීම හට ගනී.
“14මෝසෙස් කාන්තාරයේදී සර්පයා එසවූ ලෙසම මනුෂ්‍ය පුත්‍රයාද උන්වහන්සේ කෙරෙහි අදහාගන්න සෑමදෙනම, 15සදාකාල ජීවනය ලබන පිණිස ඔසවනු ලබන්ට ඕනෑයයි කී සේක.” (යොහන් 3:14). මෙම බයිබල වාක්‍යයෙන් පැවසෙන්නේ කුමක්ද? යේසුස් වහන්සේට කුරුසිපත් වීමට සිදු වූයේ ඇයි? උන්වහන්සේ අප මෙන් පාප සිදු කළේද? උන්වහන්සේ අප මෙන් දුර්වල වූයේද? උන්වහන්සේ අප මෙන් අසම්පූර්ණ වූයේද? නැත, උන්වහන්සේ එලෙස නොවූ සේක.
එසේ නම්, උන්වහන්සේට කුරුසිපත් වීමට සිදු වූයේ ඇයි? ඒ අපව ගලවා ගැනීමට සහ අපගේ පාප උදෙසා වන්දි ගෙවීමට ය. උන්වහන්සේ අප සියලුදෙනා අපගේ සියලු පාපවලින් ගලවා ගැනීමට බෞතීස්ම වී, කුරුසිපත් වූ සේක.
මෙය ජලයෙන් සහ ආත්මයෙන් යළි ඉපදීම නම් වූ ගැලවීමෙහි සත්‍යය වේ. අපගේ පාප සඳහා වන්දිය වූ, යේසුස් වහන්සේගේ බෞතීස්මය සහ උන්වහන්සේගේ මරණය කෙරෙහි විශ්වාසය තබන සියලු දෙනා හට යේසුස් වහන්සේ නව දිවියක් ලබා දුන් සේක.
ජලයේ සහ ආත්මයේ අර්ථය
ජලය සහ ආත්මයෙන්
අදහස් වන්නේ කුමක්ද?
ජලය යන්නෙන් යේසුස් වහන්සේගේ බෞතීස්මය ද,
ආත්මය යන්නෙන් උන්වහන්සේ දෙවියන්
වහන්සේ වීම ද අදහස් කෙරේ.
යේසුස් වහන්සේගේ බෞතීස්මය සහ කුරුසය මත උන්වහන්සේගේ රුධිරය තුළ අප විශ්වාසය තබන විට, අප යළි ඉපදී ඇති බව බයිබලය අපට පවසයි. අපගේ පාප සඳහා වන්දිය වන, ජලයේ, රුධිරයේ සහ ආත්මයේ ශුභාරංචිය නම් වූ දෙවියන් වහන්සේගේ ලිඛිත වචන ඔස්සේ යළි ඉපදීම හෙවත් දෙවියන් වහන්සේගේ දරුවන් බවට පත් වීම ළඟා කර ගත හැකියි.
බයිබලයට අනුව, “ජලය” යනු යේසුස් වහන්සේගේ බෞතීස්මය (1 පේත්‍රැස් 3:21) වන අතර, “ආත්මය” යන්නෙන් යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ වන බව අදහස් කෙරේ. එමෙන්ම, යේසුස් වහන්සේ තමන්වහන්සේගේ බෞතීස්මය සහ රුධිරය ඔස්සේ අපගේ පාප සඳහා වන්දි ගෙවීමට, මානව වර්ගයාගේ මාංශයෙන් මෙලොවට පැමිණි සේක යන යළි ඉපදීමේ සත්‍යය මෙය වේ.
උන්වහන්සේ තමන්වහන්සේගේ බෞතීස්මය ඔස්සේ අපගේ සියලු පාප කළ අතර, කුරුසය මත මිය යෑමෙන් පාපයේ බැළය ගෙවූ සේක. කුරුසය මත බෞතීස්ම වීමෙන් සහ රුධිරය වැගිරීමෙන්, උන්වහන්සේ කෙරෙහි විශ්වාසය තැබූ සියලු දෙනා උන්වහන්සේ විසින් ගලවා ගන්නා ලද සේක.
බෞතීස්මය සහ යේසුස් වහන්සේගේ රුධිරය, අපගේ පාපවලින් අපව ගලවා ගත් අපගේ ගැලවීම නියෝජනය කරන බව අපි වටහා ගත යුතු වන්නෙමු. ජලයෙන් සහ ආත්මයෙන් ඉපදී ඇති පුද්ගලයන් හට පමණක් ස්වර්ග රාජ්‍යය දැකීමට සහ ඇතුළු වීමට හැකියාව ඇත. යේසුස් වහන්සේ උන්වහන්සේගේ බෞතීස්මය, උන්වහන්සේගේ රුධිරට සහ ආත්මය සමග අපව ගලවා ගත් සේක. ඔබ මෙය විශ්වාස කරන්නේ ද?
යේසුස් වහන්සේ ලෝකයේ පාප ගෙවීම උදෙසා මෙලොවට පහළ වූ ස්වර්ගීය උත්තම පූජකයා වන සේක. උන්වහන්සේ බෞතීස්ම වී, කුරුසය මත රුධිරය වගුරුවා, උත්ථාන වී, මෙලෙස උන්වහන්සේ කෙරෙහි විශ්වාසය තබන සියලු දෙනා හට ගැලවුම්කරු බවට පත් වූ සේක.
“සැබවක් සැබවක් නුඹලාට කියමි-බැටළුවන්ගේ දොරකඩ මමය.” යැයි යොහන් 10:7 හි යේසුස් වහන්සේ පැවසූ සේක. යේසුස් වහන්සේ ස්වර්ගයේ දොරටුව අසල නිශ්චලව සිටින සේක. අප උදෙසා දොරටුව විවර කරන්නේ කවුරුන්ද? ඒ යේසුස් වහන්සේ වන සේක.
තමන්වහන්සේගේ ගැලවීමෙහි සත්‍යය පිළිබඳ නොදැනුවත්ව, තමන්වහන්සේ කෙරෙහි විශ්වාසය තබන පුද්ගලයන් දෙස උන්වහන්සේ නොබලන සේක. යළි ඉපදීම සඳහා වන තමන් වහන්සේගේ බෞතීස්මය, රුධිරය සහ ආත්මය කෙරෙහි විශ්වාසය නොතබන පුද්ගලයන්ට උන්වහන්සේ ඉඩ නොතබන සේක. තමන්වහන්සේගේ ලිඛිත වචනය කෙරෙහි විශ්වාසය නොතබන, තමන්වහන්සේගේ පාරිශුද්ධත්වය පිළිගැනීමට ප්‍රතික්ෂේප කරන සහ දෙවියන් වහන්සේ ලෙස තමන්වහන්සේව හඳුනා නොගන්නා පුද්ගලයන් දෙස උන්වහන්සේ නොබලන සේක.
ලිඛිත සත්‍යය වන්නේ උන්වහන්සේ මාංශයෙන් මෙලොවට පැමිණි බව, එමෙන්ම, ලෝකයේ සියලු පාප සඳහා වන්දි ගෙවීමට කුරුසය මත මිය ගිය බව, අප වෙනුවෙන් විනිශ්චය ලැබීමට කුරුසය මත මිය ගිය බවත් සහ කුරුසිපත් වීමෙන් අනතුරුව තෙවන දිනයේ දී උන්වහන්සේ යළි උත්ථාන වූ බවත්ය. මෙම සත්‍යය කෙරෙහි විශ්වාසය තැබීම ප්‍රතික්ෂේප කරන ඕනෑම පුද්ගලයෙකු උන්වහන්සේ විසින් මුදා හැරෙන අතර, එම පුද්ගලයා වැනසෙනු ඇත. “මක්නිසාද පාපයේ කුලී නම් මරණයය;” (රෝම 6:23), යැයි සඳහන් වේ.
කෙසේවෙතත්, උන්වහන්සේගේ බෞතීස්මය සහ රුධිරය ඔස්සේ ගැලවීමෙහි ආශිර්වාදය කෙරෙහි විශ්වාසය තබන අය, තම හදවත් තුළින් පාරිශුද්ධත්වයට පත්ව ඇති අය හට ස්වර්ග රාජ්‍යයට පිවිසීමට ඉඩකඩ හිමි වේ. ජලය, රුධිරය සහ ආත්මයෙන් අප වෙත පැමිණි ශුභාරංචිය වන යළි ඉපදීමෙහි සැබෑ ශුභාරංචිය වන්නේ මෙයයි. ජලය සහ ආත්මයෙන් යළි ඉපදීම ස්වර්ගීය ශුභාරංචිය වන්නේය. බෞතීස්මය සහ යේසුස් වහන්සේගේ රුධිරය කෙරෙහි විශ්වාසය තබන අය හට පමණක් යළි ඉපදිය හැකිය. ජලයේ, රුධිරයේ සහ ආත්මයේ ශුභාරංචිය කෙරෙහි විශ්වාසය තබන පුද්ගලයෝ පාපයෙන් තොර වන අතර, යළි ඉපදෙන පුද්ගලයන් වන්නේ ඔවුහු වෙති.
වර්තමානයේ දී නිකොදේමුස් සත්‍යය නොදැන සිටියාක් මෙන්, බොහෝ පුද්ගලයෝ සැබෑ ශුභාරංචිය පිළිබඳ නොදැන යේසුස් වහන්සේ කෙරෙහි විශ්වාසය තබති. නිකොදේමුස් සමාජයේ කෙතරම් අවංක සාමාජිකයෙකු වූයේ ද! කෙසේවෙතත්, ඔහුට යේසුස් වහන්සේ ගෙන් සැබෑ ශුභාරංචිය අසන්නට ලැබුණු අතර, යේසුස් වහන්සේ කුරුසිපත් වූ විට, උන්වහන්සේගේ සිරුර මිහිදන් කිරීමට පුද්ගලයා ඔහු විය. ඒ වන විට, නිකොදේමුස් සම්පූර්ණ වශයෙන් විශ්වාස කිරීමට එළඹ සිටියේය.
වර්තමානයේ දී, යේසුස් වහන්සේගේ ජලය සහ ආත්මය පිළිබඳ නොදන්නා බොහෝ අය අප අතර සිටිති. තවද, සැබෑ ශුභාරංචිය ඇසීමට අවස්ථාවක් ඔවුනට තිබෙන විට, එම සත්‍යය පිළිනොගන්නා බොහෝ පුද්ගලයෝ බොහෝ දෙනෙක් සිටිති.
යේසුස් වහන්සේ අප සියලුදෙනා හට යළි ඉපදීමට හැකියාව ලබා දුන් සේක. අප යළි ඉපදීමට හේතු වූයේ කුමක්ද? ඒ ජලය, රුධිරය සහ ආත්මයයි. යේසුස් වහන්සේ තමන් වහන්සේ බෞතීස්ම වූ විට, අපගේ පාප බැහැර කළ සේක. උන්වහන්සේ කුරුසය මත මිය ගොස්, අනතුරුව මළවුන්ගෙන් උත්ථාන වූ සේක.
එමෙන්ම, උන්වහන්සේ කෙරෙහි විශ්වාසය තබන සියලු දෙනා හට තමන්වහන්සේගේ ආශිර්වාදය ලබා දෙන සේක. තමන්වහන්සේ කෙරෙහි විශ්වාසය තබන සියලු දෙනා හට යළි ඉපදීමට ඉඩ ලබා දෙන ගැලවුම්කරුවාණෝ යේසුස් වහන්සේ වන සේක. ස්වර්ගය සහ පෘථිවිය මෙන්ම, ඒවා අතර පවතින සියලු දෑ මැවූ යේසුස් වහන්සේ සමග ඔබ සැම විටම සිටිනු ඇතැයි යාච්ඤා කරන්න.
“... ධර්මිෂ්ඨකමට පමුණුවන්නාවූ කීකරුකම වේවා, නුඹලා කීකරුවන එකට දාසයන් වන බව නොදනිවුද?” යැයි යොහන් 3:16 හි සඳහන් වේ. අපි යේසුස් වහන්සේ විශ්වාස කිරීම ඔස්සේ සදාකාලික ජීවනය උපයා ගෙන ඇත්තෙමු. අපි ජලය සහ ආත්මය කෙරෙහි විශ්වාසය තැබීමෙන් යළි ඉපදී ඇත්තෙමු. ගැලවීමෙහි ශුභාරංචිය, බෞතීස්මය සහ යේසුස් වහන්සේගේ රුධිරය මෙන්ම, යේසුස් වහන්සේ ගැලවුම්කරුවාණන් සහ දෙවියන් වහන්සේ වන සේක යන කාරණයෙහි අප විශ්වාසය තැබුවහොත්, අපට ගැලවීම ලැබිය හැකිය යන්න සත්‍යයකි.
එනමුත්, අප මෙම සත්‍යය තුළ විශ්වාසය නොතැබුවහොත්, අපට සදාකාලික නිරය තුළට විසි කෙරෙනු ඇත. “මා නුඹලාට පොළොවේ දේ කී කල්හි නුඹලා විශ්වාස නොකරනවා නම් ස්වර්ගීක දේ කීවොත් විශ්වාස කරන්නේ කෙසේද?”, යැයි යේසුස් වහන්සේ නිකොදේමුස් හට පැවසූයේ මෙබැවිනි.
දෙවියන් වහන්සේ අප උදෙසා කුමක් කළේ ද? යේසුස් වහන්සේ ඔස්සේ ගැලවීම අපට යළි ඉපදීමට ඉඩ සලසා දුන්නේය. යේසුස් වහන්සේ අපව ලෝකයෙන්, යක්ෂයාගෙන් සහ ලෝකයේ පාපවලින් ගලවා ගත් සේක. මෙලොව පාපිෂ්ඨයන් පාපයේ විනිශ්චයෙන් ගලවා ගැනීමට, උන්වහන්සේ තමන්වහන්සේගේ බෞතීස්මය ඔස්සේ අපගේ සියලු පාප බැහැර කළ අතර, කුරුසය මත කුරුසිපත්ව, අනතුරුව මළවුන්ගෙන් උත්ථාන වූ සේක.
අප මෙම ගැලවීම තුළ විශ්වාසය කිරීම හෝ නොකිරීම අපගේ තෝරා ගැනීමකි. යළි ඉපදීම නමැති ගැලවීම හට ගන්නේ යේසුස් වහන්සේගේ බෞතීස්මය සහ රුධිරය ඔස්සේ ගැලවීම තුළ තබන විශ්වාසයෙනි.
දෙවියන් වහන්සේ අප වෙත පිරිනමන ලද ආශිර්වාදයන් දෙකක් තිබෙන බව පැවසෙයි. සූර්යයා සහ වාතය ඇතුළු, සොබාදහමෙහි සියලු දෑ ඇතුළත් වන සාමාන්‍ය ආශිර්වාදය ඉන් එකක් වේ. මිනිසුන් පාපිෂ්ඨයන් වුව ද, ධර්මිෂ්ඨයන් වුව ද මෙය සියලු මිනිසුන් හට ලබා දෙන හෙයින්, මෙය සාමාන්‍ය ආශිර්වාදය ලෙස හැඳින්වේ.
එසේ නම්, මේ විශේෂ ආශිර්වාදය කුමක්ද? සියලු පාපිෂ්ඨයන් මරණයෙන් සහ ඔවුන්ගේ පාපවලින් ගලවා ගන්නා, ජලයෙන් සහ ආත්මයෙන් යළි ඉපදීම මෙම විශේෂ ආශිර්වාදය වේ.
විශේෂ ආශිර්වාදය
විශේෂ ආශිර්වාදය යනු කුමක්ද?
යේසුස් වහන්සේගේ බෞතීස්මය, උන්වහන්සේගේ
කුරුසිපත් වීම සහ උන්වහන්සේගේ උත්ථානය
ඔස්සේ යළි ඉපදීමයි.
“මක්නිසාද දෙවියන්වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් දෙන තරම් ලෝකයාට ප්‍රේමකළසේක. එසේ කළේ උන්වහන්සේ කෙරෙහි අදහාගන්න සෑමදෙනම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය”, යැයි යොහන් 3:16 හි සඳහන් වේ. දෙවියන් වහන්සේගේ විශේෂ ආශිර්වාදය මින් විස්තර කෙරේ: යේසුස් වහන්සේ මිනිසෙකුගේ මාංශයෙන් මෙලොවට පැමිණි පහළ වූ අතර, උන්වහන්සේ බෞතීස්මය සහ කුරුසිපත්වීම ඔස්සේ අපගේ සියලු පාපයන් අප උදෙසා සෝදා හළ සේක. අප අපගේ සියලු පාපවලින් ගැලවී ඇති බව යන සත්‍යය දෙවියන් වහන්සේගේ විශේෂ ආශිර්වාදය වේ.
යේසුස් වහන්සේ අපව ගලවා ගෙන, අපව පාපිෂ්ඨයන්ගේ සිට ධර්මිෂ්ඨයන් දක්වා වෙනස් කළ බව සත්‍යයකි. ඔබට මෙම සත්‍යය තුළ සරලවම විශ්වාසය තැබීම මගින් දෙවියන් වහන්සේගේ විශේෂ ආශිර්වාදය ලැබිය හැකිය. ඔබ සියලු දෙනා විශ්වාස කරන්නේ ද?
ඔබේ ජීවිතය මුළුල්ලේ ඔබ කෙතරම් විශ්වසනීය ලෙස දිවි ගෙවූවද, ඔබ දෙවියන් වහන්සේගේ මෙම විශේෂ ආශිර්වාදය ප්‍රතික්ෂේප කළේ නම්, ඔබේ සියලු විශ්වාසයන් නිෂ්ඵල වනු ඇත.
මා සියලු කල්හි දේශනා කරන අතර, යළි ඉපදීමට ඇති එකම මග යේසුස් වහන්සේගේ බෞතීස්මය සහ උන්වහන්සේගේ කුරුසය කෙරෙහි තබන විශ්වාසය බව දේශනා කිරීමට මා කිසි දිනක අමතක කොට නොමැත. යේසුස් වහන්සේ ඔස්සේ යළි ඉපදීමේ ආශිර්වාදය, අප කතාබහ කරමින් සිටින “දෙවියන් වහන්සේගේ විශේෂ ආශිර්වාදය” යන වග බයිබලයෙහි ඕනෑම ග්‍රන්ථයකින් අනාවරණය වේ.යේසුස් වහන්සේගේ බෞතීස්මය සහ උන්වහන්සේගේ කුරුසිපත් වීම ඔස්සේ පාපිෂ්ඨයන්ගේ ගැලවීමට වඩා හොඳින් දෙවියන් වහන්සේගේ ආශිර්වාදය නිරූපණය කරන කිසිවක් නොමැත.
යේසුස් වහන්සේගේ බෞතීස්මය සහ උන්වහන්සේගේ කුරුසිපත් වීම දෙවියන් වහන්සේගේ විශේෂ ආශිර්වාදය වේ. මෙලොව ව්‍යාජ දේශකයන්ට මේ පිළිබඳ පැවසීමට කිසිවක් නොමැත. මෙම ව්‍යාජ දේශකයෝ කිතුණු දහමෙහි සහ මානුෂිකත්වයේ සදාචාරයන් සමග සන්නද්ධ වූ, ආලෝකයෙහි දේවදූත ඇඳුම්වලින් පෙනී සිටිති. ඔව්, මෙය සැබෑවකි. ඔවුන් සිදු කරන ප්‍රාතිහාර්යයන්, රෝගී වූවන් සුව කිරීම යන සියලු දේවල්වලට දෙවියන් වහන්සේගේ විශේෂ ආශිර්වාදය සමග කිරීමට කිසිවක් නොමැති නම්, ඒවා සියල්ල අවැඩ වේ.
පාපිෂ්ඨයන් වන අප හට පාප සමාව නම් ශුභාරංචිය ලබා දුන්නේ දෙවියන් වහන්සේගේ මෙම විශේෂ ශුභාරංචිය යි. උන්වහන්සේගේ විශේෂ ශුභාරංචියත් සමග, දෙවියන් වහන්සේ අපට යළි ඉපදීමට ඉඩ ලබා දුන් සේක. උන්වහන්සේගේ බෞතීස්මය, රුධිරය, මරණය සහ උත්ථානය ඔස්සේ උන්වහන්සේ අපව අලුත් කළ සේක. උන්වහන්සේ අපව පාපයෙන් තොර, උන්වහන්සේගේ දරුවන් බවට පත් කළ සේක.
ඔබ මෙය විශ්වාස කරන්නේ ද? ඔව්. ― ඔබ සැබවින්ම ආශිර්වාද ලබා තිබේද?― ඔව්. ― යේසුස් වහන්සේගේ බෞතීස්මය සහ උන්වහන්සේගේ රුධිරය, මරණය හා උත්ථානය, දෙවියන් වහන්සේ ජලය සහ ආත්මය ඔස්සේ අපට ලබා දුන් විශේෂ ආශිර්වාදය වේ. මෙය විශේෂ ආශිර්වාදයෙහි ශුභාරංචිය වේ. උන්වහන්සේගේ විශේෂ ආශිර්වාදය ඔස්සේ අපව ගලවා ගැනීම සඳහා ස්වාමීන් හට ස්තූතිය පුද කරන්න.
බෞතීස්මයෙහි සහ රුධිරයෙහි ශුභාරංචිය, ජලයෙන් සහ ආත්මයෙන් යළි ඉපදීම නමැති දෙවියන් වහන්සේගේ විශේෂ ශුභාරංචිය පිළිබඳ වර්තමානයේ දී බොහෝ භක්තිමත් ක්‍රිස්තු භක්තිකයන් නොදැනුවත්ව සිටීම අනුකම්පාවට කාරණයකි. ඔවුහු අන්ධ ලෙස ඔවුන්ගේම දේවධර්මය සහ ආගමික සදාචාර තුළ මාර්ග සෙවීමට උත්සාහ කරති. ඔවුන් කෙතරම් මුළා වී ඇතිද?
කිතුණු දහම දිගු කලක සිට අප සමග පැවතී ඇත. එය ප්‍රතිසංස්කරණයේ පටන් ආසන්න වශයෙන් වසර පහක් ගත වී ඇත. එනමුත්, යළි ඉපදීමේ සත්‍යය සහ දෙවියන් වහන්සේගේ විශේෂ ආශිර්වාදය පිළිබඳ නොදත් බොහෝ දෙනා කොරියාවේ මෙන්ම, ලෝකයේ සෙසු පෙදෙස්වල ද තවමත් සිටිති.
කෙසේවෙතත්, මෙලොව අවසානයට ළගා වන යුගයක අප සිටින හෙයින්, ඔවුනට සත්‍යය දැන ගැනීමට උන්වහන්සේ ඉඩ සලසනු ඇතැයි මම බලාපොරොත්තු වන අතර, විශ්වාස ද කරමි.
පාපිෂ්ඨයන් හට ධර්මිෂ්ඨත්වයට පත් වීමට සහ අනතුරුව ස්වර්ග රාජ්‍යයට ඇතුළු වීම සඳහා යළි ඉපදීමට මෙන්ම, ජලයේ සහ ආත්මයේ සත්‍යය පිළිගැනීමට සිදු වේ. බොහෝ ක්‍රිස්තු භක්තිකයෝ යළි ඉපදීමට වෙහෙසී ක්‍රියා කරති.
කෙසේවෙතත්, ඔවුන් යළි ඉපදීමෙහි සැබෑ අර්ථය පිළිබඳ නොදැනුවත්ව උත්සාහ කරන්නේ නම්, ඔවුන්ගේ විශ්වාසය නිෂ්ඵල වේ. ස්වර්ග රාජ්‍යයට ඇතුළු වීමට ඔවුනට යළි ඉපදීමට සිදු වන බව ඔවුන් පවසන නමුත්, යළි ඉපදීමෙහි සත්‍යය පිළිබඳ ඔවුනට ඉඟියක් නොමැත.
ඔවුන් ඉතාමත් භක්තිමත්ව අදහන හෙයින් සහ ඔවුන්ගේ හදවත් තුළ ගින්න ඔවුනට දැනෙන හෙයින්, ඔවුනට යළි ඉපදිය හැකි බවට ඔවුහු එය හුදෙක් උපකල්පනය කරන කරති. එහෙත්, පෞද්ගලික හැඟීම් හෝ උද්යෝගී ආගමික ක්‍රියා මත පදනම්ව යළි ඉපදීමට උත්සාහ දැරීම සාවද්‍ය භක්තියකට පමණක් මඟ පාදනු ඇත.
අපට සැබවින්ම යළි ඉපදීමට මඟ පාදන දෙවියන් වහන්සේගේ වචනය
විශ්වාසය සහ ආගම අතර
වෙනස කුමක්ද?
විශ්වාසය යනු යේසුස් වහන්සේ අපව ගලවා ගැනීමට
සිදු කළ දෑ ඇදහීම වන අතර, ආගම යනු අයෙකුගේ
ස්වකීය සිතුවිලි සහ ක්‍රියා මත යැපීමය.
ජලය, රුධිරය සහ ආත්මය කෙරෙහි විශ්වාසය තැබීමෙන් පමණක් අපට යළි ඉපදිය හැකි බව 1 යොහන් 5:4-8 හි පැහැදිලිව සඳහන් වේ. අප යළි ඉපදීමට නම්, සත්‍යයේ වචනය වන, දෙවියන් වහන්සේ ලිඛිත වචනය ඔස්සේ පමණක් අපට යළි ඉපදිය හැකි අප මනසේ තබා ගත යුතුය. දෘෂ්ටීන්, දිව තුළින් කතා කිරීම් සහ උද්වේගකාරී අත්දැකීම් මගින් අපට කිසිදාක යළි ඉපදීමට මඟ නොපෙන්වනු ඇත.
යම් පුද්ගලයෙකු ජලය සහ ආත්මයෙන් යළි ඉපදී නොමැති නම් මිස, එම පුද්ගලයාට ස්වර්ග රාජ්‍යයට ඇතුළු විය නොහැකි බව යේසුස් වහන්සේ යොහන් පරිච්ඡේද 3 හි සඳහන් කළ සේක. යමෙකුට යළි ඉපදීමට නම්, සාමාන්‍යයෙන් එම පුද්ගලයාට යේසුස් වහන්සේ කෙරෙහි දෙවරක් විශ්වාසය තැබීමට සිදු වේ. පළමුව, යම් පුද්ගලයෙකු දෙවියන් වහන්සේගේ නියමය ඔස්සේ ඔහුගේ පාප හඳුනා ගනිමින්, යේසුස් වහන්සේ කෙරෙහි ආගමික ආකාරයෙන් විශ්වාස කිරීමට නැඹුරු වෙයි. යමෙකු යේසුස් වහන්සේ කෙරෙහි පළමු වරට විශ්වාසය තබනුයේ දෙවියන් වහන්සේගේ නියමය සහ ඔහු සැබවින්ම කෙතරම් දරුණු පාපිෂ්ඨයෙකු දැයි යන වටහා ගැනීම ඔස්සේ ය.
මෙලොව පවතින නොයෙක් ආගම් අතරින් එකක් ලෙස ගෙන, අප යේසුස් වහන්සේ කෙරෙහි විශ්වාසය තැබිය යුතු නොවේ. ක්‍රිස්තියානි ධර්මය තවත් එක් ආගමක් පමණක් නොවේ. එය විශ්වාසය ඔස්සේ සදාකාලික ජීවනය ලබා ගැනීමට ඇති එකම මඟ වේ.
ආගමක් ලෙස යේසුස් වහන්සේ කෙරෙහි විශ්වාසය තබන ඕනෑම අයෙකු අවසානයේ දී හිස් අතින් දිවි ගෙවනු ඇත. ඔහු පාපයෙන්, අවුල්ජාලයකින් සහ හිස්බවින් පිරුණු හදවතක් සමග ඉතිරි වනු ඇත. මෙය සැබෑව නොවේද? අවසානයේ දී බයිබලයේ පරිසිවරුන් මෙන් කුහකයෙකු බවට පත් වීමට ඔබට අවශ්‍ය නොවනු ඇත.
සෑම පුද්ගලයෙකුටම යළි ඉපදෙන ක්‍රිස්තියානුවෙකු වීමට අවශ්‍ය වේ. කෙසේවෙතත්, යමෙකු ආගමක් ලෙස ක්‍රිස්තියානි ධර්මය කෙරෙහි විශ්වාසය තබන්නේ නම්, ඔහු පාපයෙන් පිරුණු හදවතක් සමග කුහකයෙකු බවට අවසානයේ දී පත් වනු ඇත. යළි ඉපදීමෙහි සත්‍යය දැන ගැනීමට අප එළඹිය යුතු වේ.
යළි ඉපදීමකින් තොරව ක්‍රිස්තියානි ධර්මය, ආගමක් ලෙස විශ්වාස කරන ඕනෑම අයෙකු ව්‍යාකූලත්වයට පත් වනු ඇති අතර, ඔහුගේ හදවත හිස්බවින් සමන්විත වනු ඇත. යමෙකු යේසුස් වහන්සේ කෙරෙහි විශ්වාසය තැබුව ද, ඔහු යළි නොඉපදී ඇත්නම්, ඔහුගේ විශ්වාසය සාවද්‍ය වේ. එහෙයින්, ඔහු සියලු දෙනා ඉදිරිපිට ශුද්ධවන්තයෙකු ලෙස පෙනී සිටීමට මහත් සේ වෙහෙසෙන නමුත්, අවසානවන්ත ලෙස එසේ වීමට අපොහොසත් ව, අවසානයේ දී ව්‍යාජ පුද්ගලයෙකු බවට පත් වනු ඇත.
ඔබ ක්‍රිස්තියානි ධර්මය ආගමක් ලෙස විශ්වාස කරන තාක් කල්, ඔබ සැමවිටම පාපිෂ්ඨයෙකු, කුහකයෙකු වන අතර, ඔබේ පාප පිළිබඳ වැළපෙමින් ඔබේ දින ගත කරනු ඇත. ඔබට ඔබගේ පාපවලින් තොර වීමට අවශ්‍ය නම්, ඔබට ලිඛිත සත්‍යයෙහි, ජලය, රුධිරය සහ ආත්මයෙහි ශුභාරංචිය කෙරෙහි විශ්වාසය තැබිය යුතු වේ.
යේසුස් වහන්සේගේ බෞතීස්මය ඔස්සේ ගැලවීමෙහි රහස සොයා යෑම
අපව යළි ඉපදීමට
පත් කරනුයේ කුමක්ද?
යේසුස් වහන්සේගේ බෞතීස්මය, කුරුසය මත
උන්වහන්සේගේ මරණය, සහ
උන්වහන්සේගේ යළි උත්ථාන වීමයි
කිසි දිනක වෙනස් නොවන, දෙවියන් වහන්සේගේ වචනය ඔස්සේ ඕනෑම අයෙකු හට යළි ඉපදිය හැකි බව බයිබලය අපට පවසයි. 1 පේදුරු 3:21 හි ධර්මදූත පේදුරුගේ වචන දෙස අපි දැන් අවධානය යොමු කරමු.“ ඊට සමානව තිබෙන බව්තීස්මයේ* වතුරෙන් යහපත් හෘදයසාක්ෂියකින් දෙවියන් වහන්සේ සෙවීමෙන් දැන් නුඹලාත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මළවුන්ගෙන් නැගිටීම කරණකොටගෙන ගැලවෙන්නහුය.”
යේසුස් වහන්සේගේ බෞතීස්මය අපව ගලවා ගන්නා ආදර්ශය වන බව බයිබලයෙහි සඳහන් වේ. යේසුස් වහන්සේ කෙරෙහි විශ්වාසය තබන සියලු දෙනා අපගේ ස්වකීය බෞතීස්මය පිළිබඳව නොව, එනමුදු යේසුස් වහන්සේගේ බෞතීස්මය පිළිබඳ දැන සිටිය යුතු වේ. යේසුස් වහන්සේගේ බෞතීස්මය පාපිෂ්ඨයන් වන අප හට නව දිවියක් ලබා දෙයි. එය විශ්වාස කරන්න, එවිට, ඔබ යළිත් ඉපදී ගැලවීමෙහි ආශිර්වාදය ලබා ගනු ඇත.
යේසුස් වහන්සේගේ බෞතීස්මය තුළ තබන විශ්වාසය ඔස්සේ ගැලවීම ලබා ගැනෙන බව යන්න අවබෝධ කර ගැනීම මගින්, අපට ගැලවිය හැකි අතර, ධර්මිෂ්ඨත්වයට පත් වී, සදාකාලික ජීවනය උපයා ගත හැකි වේ. වෙනත් ආකාරයකින් පවසතොත්, දෙවියන් වහන්සේගේ වචන ඔස්සේ ගැලවීමෙහි සත්‍යය තුළ අප විශ්වාසය තබන විට, සියලු කාලයන් සඳහා අපගේ පාප සෝදා හැරෙනු ඇත.
යළි ඉපදීම යනු දෙවන වරට යළි ඉපදෙනු ලැබීම ය. අප බොහෝ දෙනෙකු යේසුස් වහන්සේ කෙරෙහි ආගමක් මෙන් විශ්වාසය තැබීම ඔස්සේ සාමාන්‍යයෙන් අරඹන අතර, ඉන් අනතුරුව අපට සත්‍යය වැටහෙන විට, අපි විශ්වාසය ඔස්සේ යළි ඉපදෙන්නෙමු. යේසුස් වහන්සේ යන නාමයෙන්,“ න්වහන්සේට යේසුස් යන නාමය තබාපන්න; මක්නිසාද තමන්ගේ සෙනඟ ඔවුන්ගේ පාපවලින් ගළවන්නේ උන්වහන්සේයයි කීවේය. (මතෙව් 1:21). , යන්න අර්ථවත් වේ.
අප යේසුස් වහන්සේ කෙරෙහි විශ්වාසය තබන විට සහ උන්වහන්සේ සියලු මානව වර්ගයා සඳහා සිදු කොට ඇති මෙහෙය නියමාකාරයෙන් දැන ගන්නා විට, අප අපගේ පාපවලින් නිදහස් වන අතර, අලුත්ම පුද්ගලයින් ලෙස අපි යළි ඉපදෙන්නෙමු. පළමුව අප ආගමක් ලෙස යේසුස් වහන්සේ කෙරෙහි විශ්වාසය තබන අතර, අනතුරුව, අප යේසුස් වහන්සේගේ බෞතීස්මය සහ උන්වහන්සේගේ රුධිරය පිළිබඳව අසා දැන, එය තුළ විශ්වාසය තබන විට, අපි යළි ඉපදෙන්නෙමු.
අපව යළි ඉපදීමට පත් කරන සත්‍යය කුමක්ද? පළමුව, ඒ යේසුස් වහන්සේගේ බෞතීස්මය වන අතර, දෙවනුව, උන්වහන්සේ කුරුසය මත හෙලූ රුධිරය ද, අවසාන වශයෙන්, මළවුන්ගෙන් උන්වහන්සේ උත්ථාන වීම ද වේ. අපගේ ගැළවුම්කරුවාණන් වන, දෙවියන් වහන්සේ ලෙස යේසුස් වහන්සේ කෙරෙහි විශ්වාසය තැබීම, යළි ඉපදීම යන්නෙන් අදහස් වේ. පැරණි තෙස්තමේන්තුවෙහි මිනිසුන් යළි ඉපදීම ලැබුවේ කෙසේද යන්න අපි දැන් විමසා බලමු.
පැරණි තෙස්තමේන්තුවෙහි පාපය සඳහා වන්දිය: අත් තැබීම සහ රුධිරය පිදීම
පැරණි තෙස්තමේන්තුවෙහි යළි ඉපදීම යනු කුමක්ද? පළමුව, අපි ලෙවී කතාව පරිච්ඡේද 1 දැන් කියවා, ඉන් යළි ඉපදීම පිළිබඳ පැවසෙනුයේ කුමක්දැයි බලමු.
ලෙවී කතාව 1:1-5හි, “ස්වාමීන්වහන්සේ මෝසෙස්ට හඬගසා සම්මුඛවීමේ කූඩාරමේ සිට ඔහුට කථාකොට: නුඹ ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකරමින් මෙසේ කියාපන්නැයි කීසේක-නුඹලාගෙන් යම් මනුෂ්‍යයෙක් ස්වාමීන්වහන්සේට පූජාවක් ඔප්පුකරන කල සිව්පාවුන්ගෙන් එනම් ගව රැළෙන්ද එළු බැටළු රැළෙන්ද නුඹලාගේ පූජාව ඔප්පුකරපල්ලා. ඉදින් ඔහුගේ පූජාව ගව රැළෙන් වූ දවන පූජාවක් නම්, ඔහු කැලල් නැති පිරිමි සතෙකු ඔප්පුකළ යුතුය. ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි පිළිගනු ලබන පිණිස ඔහු ඌ සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩදී ඔප්පුකළ යුතුය. ඔහු තමාගේ අත දවන පූජා සතාගේ ඉස පිට තබාවා. එය ඔහු උදෙසා සමගිකම් කිරීමට ඔහු නිසා පිළිගනු ලබන්නේය. ඔහු ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ගොනා මැරිය යුතුය. ආරොන්ගේ පුත්‍රයන්වූ පූජකයන්ද ලේ ඔප්පුකොට සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ළඟ තිබෙන පූජාසනය පිට හාත්පසින් ඒ ලේ ඉසිය යුතුය.”
ඊශ්‍රායල ජනතාවට යාඥික පද්ධතිය ඔස්සේ එක්සේසත් විය හැකි වන්නේ කෙසේද යන්න දෙවියන් වහන්සේ අපට ලෙවී කතාවෙහි පවසන සේක. අප සියලු දෙනා දැන ගත යුතු සහ අවබෝධ කර ගත යුතු සත්‍යය එය වේ. එබැවින් අපි දැන් මෙම වචන සමාලෝචනය කරමු.
දෙවියන් වහන්සේ මෝසෙස් කැඳවා, යුදෙව්වන් රැස් වන දේවස්ථානයේ සිට ඔහුට කතා කළ සේක. එය ඊශ්‍රායල ජාතිකයන්ගේ පාප සඳහා පාප සමාව ලබා දීම සම්බන්ධව විය. ඊශ්‍රායල ජනතාව දෙවියන් වහන්සේගේ නියමයට අවනතව පාප ක්‍රියා සිදු කළ විට, දෙවියන් වහන්සේ හට නිකැළැල්ව පශු සම්පත පිදීමෙන් ඔවුන්ගේ පාප සඳහා සමාව ලබා ගැනීමට ඔවුනට හැකි විය.
මෙම යාඥික සත්ත්වයන් දෙවියන් වහන්සේ විසින් නිශ්චිත කරනු ලබන සත්ත්වයන් විය යුතු වූ අතර, ඔවුන් නිකැළැල් ව සිටිය යුතු විය. එමෙන්ම, දෙවියන් වහන්සේ විසින් නියම කරන ලද චාරිත්‍රයට අනුව එම සතුන් පූජා කළ යුතු විය. මෙම යාගයෙහි ස්වරූපය පහත පරිදි විය.
පැරණි තෙස්තමේන්තු සමයේ දී ඕනෑම පුද්ගලයෙකු පාප ක්‍රියා සිදු කළේ නම්, ඔහුට පාප සමාව ලබා ගැනීම සඳහා පූජාවක් පිදීමට සිදු විය. පළමුව, පූජාව නිකැළැල් විය යුතු වූ අතර, අනතුරුව පාපිෂ්ඨයා හට ඔහුගේ පාප, පූජා කරන එම සත්ත්වයාගේ හිස මතට බැර කිරීම සඳහා ඒ මත ඔහුගේ අත් තැබීමට සිදු වූයේය.
එය සත්ත්වයා මිය යෑමෙන් අනතුරුව, එම සත්ත්වයාගේ රුධිරය පූජාසනයේ චන්ද්‍රශිඛාවන් මත තවරන්නට ද, ඉතිරි රුධිරය පොාළාව මත හළන්නට ද සිදු විය. මෝක්ෂයෙහි ආශිර්වාදය ලෙස දෙවියන් වහන්සේ උන්වහන්සේගේ ජනයා හට ලබා දී ඇති ශුද්ධ වූ යුදෙව් දේවස්ථානයේ චාරිත්‍රය මෙය විය.
දෙවියන් වහන්සේගේ නියමය සහ ආඥාවන් ඔවුන් “සිදු කළ යුතු දෑ,” හෝ “සිදු නොකළ යුතු දෑ” වශයෙන් විස්තර කරමින් ලිපි 613කින් සමන්විත වේ. දෙවියන් වහන්සේ නියමය සහ උන්වහන්සේගේ ආඥාවන් ඊශ්‍රායල ජනයාට ලබා දුන් සේක. දෙවියන් වහන්සේගේ නියමය සහ දේව ආඥාවන් පිළිබඳ ජනතාව දැනුවත්ව සිටියත්, ඒ සියලු දෙනා ආදම්ගෙන් උරුම වූ පාප වර්ග දොළහක් සමග ඉපදී සිටි හෙයින්, ඔවුනට එම නියමයන්ට හා දේව ආඥාවන්ට අනුකූලව දිවි ගෙවීමට නොහැකි විය.
එබැවින්, ඔවුනට දෙවියන් වහන්සේ ඉදිරිපිට දී නිවැරදි දේ සිදු කිරීමට ඇති හැකියාව අහිමි වුණි. ඊශ්‍රායල ජනයාට ධර්මිෂ්ඨ වීමට තිබූ හැකියාව අහිමි විය. සැබවින්ම, පාපයෙන් ඉවත්ව සිටීමට ඉතා අසීරුවෙන් ප්‍රයත්න දරන අතරතුර පවා, ඔවුනට දිගින් දිගටම පාප සිදු කිරීමෙන් වැළකී සිටීමට නොහැකි විය. යළි ඉපදීම සහ පාපිෂ්ඨයන් ලෙස මිය යෑම සියලු මානව වර්ගයාගේ දෛවය වේ.
එනමුත් දෙවියන් වහන්සේ, උන්වහන්සේගේ අසීමාන්තික අනුකම්පාවෙන්, තමන් වහන්සේගේ ජනතාව වෙත ඔවුනට ඔවුන්ගේ පාප සමා කර ගැනීමට යාඥික පද්ධතියක් ලබා දුන් සේක. ඊශ්‍රායල ජනතාවට සහ ලොව වෙසෙන සියලු ජනයා හට ඔවුන්ගේ පාපවලින් ගැලවීමට හැකි වන සේ, උන්වහන්සේ ශුද්ධ වූ යුදෙව් දේවස්ථානයේ චාරිත්‍රය එම ජනයාට සැපයූ සේක. සියලු මානව වර්ගයා වෙත උන්වහන්සේ දක්වන ධර්මිෂ්ඨ ප්‍රේමය යාඥික පද්ධතිය ඔස්සේ උන්වහන්සේ අනාවරණය කළ සේක. උන්වහන්සේ ගැලවීම සඳහා මාර්ගය ලෝකයා හට පෙන්වා දුන් සේක.
දෙවියන් වහන්සේ ජනතාවට යාඥික පද්ධතිය ලබා දුන් අතර, පූජාවේ දේවගැති කටයුතු කිරීමට ලෙවී නිවාසය ප්‍රව්‍රජීත කළ සේක. ඊශ්‍රායලයෙහි ගෝත්‍ර 12 අතර, ඊශ්‍රායල ජනතාවගේ පූජාවේ දේවගැති තැන දැරීමට ලෙවී නිවාසය පමණක් ප්‍රව්‍රජිත කෙරිණි.
මෝසෙස් සහ ආරෝන් ලෙවීගේ නිවාසයේ සිටියහ. එමෙන්ම, ශුද්ධ වූ යුදෙව් දේවස්ථානයේ පූජාව පාලනය කරන නියමයන් සහ නියාමන මෙන්ම, අත් තැබීම මගින් පාප සමා කිරීමේ ශුභාරංචිය සම්බන්ධව බයිබලයෙහි සඳහන් වේ.
එහෙයින්, අප ලෙවීවරුන්ගේ පූජාමය චාරිත්‍ර සැබවින්ම වටහා ගත් විට, අපට අප විසින් යළි ඉපදෙනු ලැබිය හැකි වේ. ශුද්ධ වූ යුදෙව් දේවස්ථානයෙහි පූජාව සම්බන්ධව දෙවියන් වහන්සේගේ වචනය අප අධ්‍යනනය කළ යුත්තේ මෙබැවිනි. මෙය පැරණි තෙස්තමේන්තුවෙහි වඩාත් වැදගත්ම කොටස වේ. අවසාන වශයෙන්, අප නව තෙස්තමේන්තුවට පැමිණෙන විට, අපට ජලය සහ ආත්මය ඔස්සේ යළි ඉපදීමේ ආශිර්වාද සතු වේ.
පැරණි තෙස්තමේන්තුවෙහි පාප සඳහා සමාව
දෙවියන් වහන්සේගේ
ලක්ෂණ මොනවාද?
යුක්තිය සහ ප්‍රේමය
දෙවියන් වහන්සේ යුදෙව්වන් රැස්වන ශුද්ධ දේවස්ථානයට ලෙවී නිවාසයේ මෝසෙස් ව කැඳවා, ඔහුගේ සහෝදරයා වන ආරෝන් උත්තම පූජකවරයා ලෙස පැවිදි කළ සේක. ආරෝන්ට මිනිසුන්ගේ පාප, පාප පූජාව මතට බාර කිරීමට සිදු විය.
ලෙවීකතාව 1:2 හි සඳහන් ව ඇති පරිදි, දෙවියන් වහන්සේ මෝසෙස් හට පැවසූයේ මෙය යි.“ නුඹ ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකරමින් මෙසේ කියාපන්නැයි කීසේක-නුඹලාගෙන් යම් මනුෂ්‍යයෙක් ස්වාමීන්වහන්සේට පූජාවක් ඔප්පුකරන කල සිව්පාවුන්ගෙන් එනම් ගව රැළෙන්ද එළු බැටළු රැළෙන්ද නුඹලාගේ පූජාව ඔප්පුකරපල්ලා.’” දෙවියන් වහන්සේ යාඥික පූජා මෙහි දී නිශ්චය කරන සේක. ඕනෑම පුද්ගලයෙකු ඔහුගේ පාප සඳහා පාප සමාව සොයන්නේ නම්, ඔහුට ඔහුගේ පශුසම්පතින් ගොනෙකු හෝ බැටළුවෙකු පූජා කිරීමට සිදු විය.
“ඉදින් ඔහුගේ පූජාව ගව රැළෙන් වූ දවන පූජාවක් නම්, ඔහු කැලල් නැති පිරිමි සතෙකු ඔප්පුකළ යුතුය. ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි පිළිගනු ලබන පිණිස ඔහු ඌ සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩදී ඔප්පුකළ යුතුය.” (ලෙවීකථාව 1:3)., යැයි ද දෙවියන් වහන්සේ ඔවුනට පැවසූ සේක.
තම පාප උදෙසා මිය යෑමට නියමිත ව සිටි පුද්ගලයාගේ දිවිය වෙනුවට දෙවියන් වහන්සේ විසින් පූජාව පිළිගත් සේක. ඊශ්‍රායල වැසියන්ට එම සත්ත්වයන්ගේ හිස් මත ඔවුන්ගේ අත් තැබීමෙන් ඔවුන්ගේ පාප ඒ මතට බාර කිරීමට හැකි විය. බිළි පූජා කරන සත්ත්වයා එම පුද්ගලයාගේ ස්වකීය කැමැත්තෙන් පූජා කළ යුතු විය. 4 බයිබල වැකියෙන් පැවසෙන්නේ කුමක්දැයි අපි දැන් බලමු.
“ඔහු තමාගේ අත දවන පූජා සතාගේ ඉස පිට තබාවා. එය ඔහු උදෙසා සමගිකම් කිරීමට ඔහු නිසා පිළිගනු ලබන්නේය.” එහෙයින් එම පූජාව දෙවියන් වහන්සේ විසින් පිළිගනු ලබනු ඇත. පාපිෂ්ඨයෙකු දැවුණු පූජාවේ හිස මත ඔහුගේ දෑත් තබන විට, ඔහුගේ පාප සත්ත්වයාගේ හිස මතට බාර කෙරේ. එබැවින්, පාපිෂ්ඨයෙකුට දෙවියන් වහන්සේ ඉදිරිපිට එම හිස මත ඔහුගේ දෑත් තැබීමට සිදු වූ අතර, එවිට උන්වහන්සේ එය පිළිගෙන, ඔහුගේ පාප සඳහා පාප සමාව ලබා දෙනු ඇත.
පූජාව සිදු කරන පුද්ගලයා අනතුරුව එම සත්ත්වයා ඝාතනය කරන අතර, එම සත්ත්වයාගේ රුධිරය පූජාසනයේ චන්ද්‍රශිඛාවන් මත තබා, ඉතිරි රුධිරය පූජාසනය ඉදිරිපිට භුමියෙහි වත්කරයි. තම පාප සඳහා ගෙවීමට සහ එම පාපවලින් නිදහස් වීමට, දෙවියන් වහන්සේ විසින් නියම කරන ලද නියමයන්වලට අනුව පූජාව පිදීමට අයෙකුට සිදු විය.
“ඔහු ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ගොනා මැරිය යුතුය. ආරොන්ගේ පුත්‍රයන්වූ පූජකයන්ද ලේ ඔප්පුකොට සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ළඟ තිබෙන පූජාසනය පිට හාත්පසින් ඒ ලේ ඉසිය යුතුය.”, යැයි ලෙවීකතාව 1:5හි සඳහන් වේ. යුදෙව්වන්ගේ දේවස්ථානය තුළ, ද්වාරය අසල, සිව් කොණ චන්ද්‍රශිඛාවන් මත දැවුණු පූජාවන්ගෙන් යුත් පූජාසනය විය.
ඔහුගේ පාප බාර කිරීම සඳහා දැවුණු පූජාවේ හිස මත ඔහුගේ දෑත් තැබීමෙන් අනතුරුව, පාපිෂ්ඨයාට බිළි පූජා කෙරෙන සත්ත්වයා ඝාතනය කිරීමට සිදු වූ අතර, පූජකයා එම සත්ත්වයාගේ රුධිරය චන්ද්‍රශිඛාවන් මතට ඉස්සේ ය. පූජාසනයේ චන්ද්‍රශිඛාවන් මගින් පාප උදෙසා විනිශ්චය නිරූපණය කෙරේ. එහෙයින්, මෙම චන්ද්‍රශිඛාවන් මත රුධිරය දැමීමෙන් පාපිෂ්ඨයා වෙනුවට මෙම සත්ත්වයා හට රුධිරට වගුරුවා, ඔහුගේ පාපවලට වන්දි ගෙවීමට සිදු වූ බව අදහස් කෙරේ. දෙවියන් වහන්සේ පූජාසනයේ චන්ද්‍රශිඛාවන් මත තිබෙන රුධිරය දෙස බලා, පාපිෂ්ඨයාගේ පාප සමා කළ සේක.
පාප පූජාවට රුධිරය වැගිරීමට සිදු වූයේ ඇයි? මන්ද යත්,“ පාපයේ කුලී නම් මරණයය” (රෝම 6:23) වන හෙයින් සහ මාංශයෙහි ජීවය රුධිරය තුළ පවතින හෙයිනි. “ව්‍යවස්ථාවේ ප්‍රකාරයට සියලු දේවල්ම ලෙයින් පවිත්‍රකරනු ලැබේයයි කියන්ට පුළුවන්වා වාගේ පෙනේ, ලේ වැගිරීමක්ද නැතුව ක්ෂමාකිරීමකුත් නැත.” (හෙබ්‍රෙව් 9:22), යැයි එබැවින් හේබ්‍රෙව් හි සඳහන් වේ. එබැවින්, පාප පූජාවේ රුධිරය වැගිරීම, පාපයෙහි බැලය මරණය වේය යන, දෙවියන් වහන්සේගේ නියමය සැපිරුවේය.
සියලු අයිතිවාසිකම් අනුව, පූජා කරන ලද රුධිරය පාපිෂ්ඨයාගෙන් පැමිණ තිබිය යුතුව තිබුණ ද, ඔහු වෙනුවෙන් සිදු කළ පාප පූජාව පාප සමාව සඳහා විය යුතුව තිබිණි. පාපයේ බැලය ගෙවා දැමූ බව සංකේතවත් කිරීමට, අනතුරුව පූජකයා චන්ද්‍රශිඛාවන් මත රුධිරය දැමුවේය.
අප නව තෙස්තමේන්තුවෙහි එළිදරව් 20: 11-15 කියවුවහොත්, චන්ද්‍රශිඛාවන් විනිශ්වයේ ග්‍රන්ථය සංකේතවත් කරන බව අපට පෙනී යයි. එබැවින්, චන්ද්‍රශිඛාවන් මත රුධිරය දැමීම යනු විනිශ්චයේ ග්‍රන්ථයෙහි රුධිරය දැමීමය. අත් තැබීම මගින් සහ පාප පූජාවේ රුධිරය මගින් පාප සඳහා වන විනිශ්චය සැපිරූ බව සාක්ෂි දැරීමට එලෙස සිදු කෙරිණි.
ස්ථාන දෙකක දී පාප සටහන් කෙරේ
දෙවියන් වහන්සේ ඉදිරිපිට මානව වර්ගයාගේ සියලු පාප ස්ථාන දෙකක දී වාර්තා කෙරේ. ඉන් එකක් ඔවුන්ගේ හදවත්වල පුවරු වන අතර, අනෙක දෙවියන් වහන්සේ ඉදිරිපිට විවෘත කරන ලද විනිශ්චයේ ග්‍රන්ථය වේ.
“යූදාවරුන්ගේ පාපය යකඩ පන්හිඳකින්ද වජ්‍ර තුඩකින්ද ලියා තිබේ. ඒක ඔවුන්ගේ සිත නැමති පුවරුවේද ඔවුන්ගේ පූජාසනයන්හි අංවලද කොටා තිබේ” , යැයි ජෙරමියා 17:1 හි සඳහන් වේ.
“මක්නිසාද මාංසයේ පණ තිබෙන්නේ ලෙයෙහිය.”, යැයි ලෙවීකතාව 17:11 හි සඳහන් වේ. රුධිරය මාංශයෙහි ජීවය වන අතර, අපගේ පාප මෙම රුධිරයෙන් පමණක් ගෙවිය හැකි වේ. එබැවින්, රුධිරය පූජාසනයේ චන්ද්‍රශිඛාවන් මත දැමිණි. නියමයට අනුව, සියලු දෑ මුළුමනින්ම පාහේ රුධිරයෙන් පවිත්‍ර වන අතර, රුධිරය වැගිරීමකින් තොරව කිසිදු පාප සමාවක් නොමැත (හේබ්‍රෙව් 9:22)
“ඔහු දවන පූජා සතා හමගසා උගේ කොට්ඨාසවලට කැපිය යුතුය. පූජකවූ ආරොන්ගේ පුත්‍රයෝ පූජාසනය පිට ගිනි දල්වා ගිනි පිට දර පිළිවෙළින් තබත්වා. ආරොන්ගේ පුත්‍රයන්වූ පූජකයන් හිසද තෙලද යන කොට්ඨාස පූජාසනය මතුයෙහි ගින්න පිට තිබෙන දර උඩ පිළිවෙළින් තැබිය යුතුය. එහෙත් ඔහු උගේ අතුණුද උගේ කකුල්ද වතුරෙන් සේදිය යුතුය. එය ස්වාමීන්වහන්සේට ගින්නෙන් කළ මිහිරි සුවඳක් ඇති ගිනි පූජාවක් වන දවන පූජාවක් කොට පූජකයා විසින් ඒ සියල්ල පූජාසනය පිට දැවිය යුතුය.” (ලෙවී කථාව 1:6-9).
ඉන් අනතුරුව, පූජකයෝ දැවුණු පූජාව කෑලිවලට කපා දෑමූ අතර, ඒවා පූජාසනය මත ගින්නෙහි තැබූහ. මිනිසුන් දෙවියන් වහන්සේ ඉදිරිපිට පාප සිදු කළ විට, ඔවුනට ඒ ආකාරයෙන් මිය යෑමට සිදු වූ බවත්, රුධිරය වගුරුවා නිරයේ ගිනිදැල් තුළට විසි වන්නට සිදු වූ බවත් අදහස් කිරීමට මෙම චාරිත්‍රය සිදු කෙරිණි. කෙසේවෙතත්, මිනිසුන්ට ඔවුන්ගේ පාප සඳහා සමාව ලබා ගැනීමට හැකි වන පරිදි, විනිශ්චය පාප පූජාව ඔස්සේ සිදු කෙරිණි.
දැවුණු පූජාවන් පිදීම දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨ විනිශ්චයෙහි චාරිත්‍රය විය. සියලු මානව වර්ගය උදෙසා පාප සමා කිරීමේ චාරිත්‍රය තුළට දෙවියන් වහන්සේ තමන් වහන්සේගේ නියමයන්, එනම්, ධර්මිෂ්ඨත්වයෙහි නියමය සහ ප්‍රේමයෙහි නියමය ඇතුළත් කළ සේක.
දෙවියන් වහන්සේ ධර්මිෂ්ඨ වන හෙයින්, උන්වහන්සේට විනිශ්චය කොට, ඔවුනට මරණ දණ්ඩනය ලබා දීමට සිදු විය. එහෙත්, උන්වහන්සේ තමන් වහන්සේගේ ජනතාවට ප්‍රේම කළ හෙයින්, ඔවුනට පාප පූජාව වෙත ඔවුන්ගේ පාප බාර කිරීමට උන්වහන්සේ ඉඩ ලබා දුන් සේක. නව තෙස්තමේන්තුවෙහි, අප සමිදාණන් අපට ප්‍රේම කළ හෙයින්, බෞතීස්ම වී පාපිෂ්ඨයන් වන අප හට උන්වහන්සේ පාප පූජාවක් බවට පත් වීමට කුරුසිපත් වූ සේක.යේසුස් වහන්සේගේ බෞතීස්මය සහ කුරුසය මත උන්වහන්සේගේ මරණය ලෝකයේ සියලු පාප මකා දැමුවේය.
පැරණි තෙස්තමේන්තුවෙහි දිනක පාප සඳහා පාප සමාව
පැරණි තෙස්තමේන්තුවෙහි
නිකැළැල් පාප පූජාව
මගින් සංකේතවත් කරන්නේ
කවුරුන්වද?
යේසුස් ක්‍රිස්තුස් වහන්සේවය
අපි දැන් ලෙවීකතාව 4:27 කියවමු. “පොදු සෙනඟගෙන් කිසිවෙක් නොකටයුතුයයි ස්වාමීන්වහන්සේ අණකළ දේවලින් යමක් නොදැනුවත්ව කිරීමෙන් වැරදිකාරයෙක් වී නම්, ඔහු තමා කළ පාපය ඔහු දැනගත්තොත් තමා කළාවූ පාපය නිසා එළුවන්ගෙන් කැලල් නැති ගෑනු සතෙකු ඔහුගේ පූජාව පිණිස ගෙනා යුතුය. ඔහු තමාගේ අත පාප පූජාවේ හිස පිට තබා දවන පූජාවේ ස්ථානයෙහි පාප පූජාවේ සතා මරාවා. පූජකයාද උගේ ලෙයින් මඳක් තමාගේ ඇඟිල්ලට ගෙන දවන පූජාසනයේ අං පිට ගා උගේ ලේ සියල්ල පූජාසනය මුල වත්කෙරේවා. ශාන්ති පූජාවලින් තෙල ගත්තාක් මෙන් උගේ තෙල සියල්ල ගෙනවුත් එය ස්වාමීන්වහන්සේට මිහිරි සුවඳක් කොට පූජාසනය පිට දැවිය යුතුය. මෙසේ පූජකයා ඔහු උදෙසා සමගිකම් කරන්නේය, ඔහුද ක්ෂමාකරනු ලබන්නේය.” (ලෙවී කථාව 4:27-31).
ආදම්ගෙන් පැවත එන්නන් වන, ඊශ්‍රායලයේ ජනතාව ඇතුළු, ලොව සියලු දෙනා මෙලොවට බිහි වූයේ පාපයෙන් පිරී ගොසිනි. එබැවින්, අපගේ හදවත් පාපයෙන් පිරී තිබේ. පුද්ගලයෙකුගේ හදවත තුළ දුෂ්ඨ සිතුවිලි, කාමමිථ්‍යාචාර, මෛථූනයෙහි යෙදීම්, ඝාතන සිදු කිරීම්, සොරකම්, මසුරුකම සහ අඥාන බව වැනි සියලු වර්ගයේ පාප ඇත.
පාපිෂ්ඨයෙකුට දිනක පාප සඳහා සමාව ලබා ගැනීමට අවශ්‍ය වූයේ නම්, ඔහුට ශුද්ධ වූ යුදෙව් දේවස්ථානය කරා නිකැළැල් සත්ත්වයෙකු ගෙන ඒමට සිදු විය. අනතුරුව, ඔහුගේ පාප එම සත්ත්වයාට බාර කිරීමට, එම සත්ත්වයාගේ හිස මත ඔහුගේ දෑත් තැබීමටත්, එම බිළි පූජාව මරා දමා, එහි රුධිරය දෙවියන් වහන්සේ ඉදිරියෙහි පූජා කරනු පිණිස පූජකයා හට දීමටත් ඔහුට සිදු විය. පාපිෂ්ඨයාට ඔහුගේ පාප සඳහා සමාව ලබා ගත හැකි වනු පිණිස, එවිට පූජකයා පූජාවෙහි සෙසු කටයුතු පවත්වා ගෙන යනු ඇත.
දෙවියන් වහන්සේගේ නියමය හෝ දේවාඥාවලින් තොරව, මිනිසුන් ඔවුන් පාප සිදු කර ඇති ද හෝ නොමැති ද යන්න නොදැන ගනු ඇත. දෙවියන් වහන්සේගේ නියමය හෝ දේවාඥා දෙස අප බලන කල, අපි අපගේ පාප හඳුනා ගන්නෙමු. අපගේ පාප, අපගේ සම්මතයන් මගින් නොව, දෙවියන් වහන්සේගේ නියමය හෝ දේවාඥාවලින් විනිශ්චය කෙරේ.
ඊශ්‍රායලයෙහි පොදු ජනතාව පාප සිදු කළේ ඔවුනට එය කිරීමට අවශ්‍ය වූ හෙයින් නොව, නමුදු, ඔවුන් ඔවුන්ගේ හදවත් තුළ සියලු වර්ගයේ පාප සමග ඉපද සිටි හෙයිනි. මිනිසා ඔහුගේ දුර්වලතා හේතුවෙන් සිදු කරන පාප අපරාධ ලෙස හැඳින්වේ. මානව වර්ගයාගේ සියලු අපරාධ සහ අයුක්තිසහගත ක්‍රියාවන් පාපයට ඇතුළත් වේ.
සියලු මිනිසුන් අසම්පූර්ණ ජීවීන් වේ. ඊශ්‍රායල ජනයා ද අසම්පූර්ණ වූ හෙයින්, ඔවුන් පාපිෂ්ඨයන් වූ අතර, පාප සිදු කළහ. අප සිදු කරන සියලු අපරාධයන් සහ අයුක්තීන් පහත ආකාරයෙන් වර්ග කළ හැකිය. අපගේ සිත් තුළ දුෂ්ඨ සිතුවිලි පවතින විට, ඒවා පාප නමින් හැඳින්වෙන අතර, අප ඒවා ක්‍රියාත්මක කරන විට, ඒවා වැරදි ක්‍රියා සිදු කිරීම් ලෙස හැඳින්වේ.ලෝකයේ පාපවලට මෙම දෙවර්ගයම ඇතුළත් වේ.
පැරණි තෙස්තමේන්තුවෙහි, අත් තැබීම ඔස්සේ පාප පූජාවේ හිස මතට පාප බාර කෙරිණි. ඉන් අනතුරුව, පාපිෂ්ඨයා පාපයෙන් තොර වූ අතර, ඔහුගේ පාප සඳහා ඔහුට මරණයට පත් වීමට අවශ්‍ය නොවීය. මෙම යාඥික පද්ධතිය එහෙයින් දෙවියන් වහන්සේගේ යුක්තිසහගත විනිශ්චය සහ ප්‍රේමයෙහි සෙවණැල්ල වේ.
මන්දයත්, දෙවියන් වහන්සේ පෘථිවියෙන් අපව නිර්මාණය කළ හෙයින්, ආරම්භයේ දී අප හුදෙක්ම දුහුවිලි පමණක් විය. පූජාසනයේ චන්ද්‍රශිඛාවන් මත රුධිරය දමමින්, එමෙන්ම, ඉතිරි රුධිරය පූජාසනයේ පාදමට වත් කිරීමෙන්, ඊශ්‍රායල වැසියන් ඔවුන්ගේ පාප සඳහා වන්දි ගෙවා ඇති බවත්, ඔවුන්ගේ හදවත් පුවරුවලින් සියලු පාප මකා දමා ඇති බවත් අදහස් වුණි.
සමිදාණන් වෙත පිදෙන මිහිරි සුගන්ධයක් සඳහා පූජකවරයා විසින් පූජාසනය මත මේදය දහනය කෙරේ. බයිබලයෙහි මේදය යන්නෙන් ශුද්ධ වූ ආත්මය අර්ථවත් කෙරේ. එබැවින්, අපගේ පාප සඳහා සමාව ලබා ගැනීමට, දෙවියන් වහන්සේ නියම කළ ආකාරයට අප එය කළ යුතු වේ. දෙවියන් වහන්සේ නිසි ලෙස සිතූ අයුරින් අපගේ පාප සඳහා සමාව අප හදවත් තුළට ගැනීම ද අප කළ යුතුව තිබේ.
පාප පූජාව බැටළු පැටවෙකු, එළුවෙකු හෝ හරක් පැටවෙකු විය යුතු දෙවියන් වහන්සේ ඊශ්‍රායල ජනතාවට පැවසූ සේක. පැරණි තෙස්තමේන්තුවෙහි පාප පූජාවන් තෝරා ගත් ඒවා විය. හරක් පැටවා යනු පිරිසිදු සත්ත්වයෙකි. සියලු මානව වර්ගයා සඳහා පාප පූජාවක් බවට පත් වීමට ශුද්ධ වූ ආත්මය මගින් පිළිසිඳ ගත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේව අනාවරණය කරන හෙයින්, එම පාප පූජා නිකැළැල් ඒවා විය යුතු විය.
පැරණි තෙස්තමේන්තුවෙහි ජනයා නිකැළැල් පාප පූජාවේ හිස මත ඔවුන්ගේ දෑත් තැබීමෙන්, ඔවුන්ගේ පාප ඊට බාර කළහ. පූජකවරු ඔවුන්ගේ පාප සඳහා වන්දි ගෙවීමට පූජාව පුද කළහ. ඊශ්‍රායල ජනතාව ඔවුන්ගේ පාප සඳහා සමාව ලබා ගත්තේ මෙලෙසිනි.
පාප සමා කිරීමේ දිනයෙහි චාරිත්‍රය
ඊශ්‍රායල ජනතාවට පාප සමා
කිරීමේ දි දිනයේ දී පූජාව පුද කිරීමට
අවශ්‍ය වූයේ ඇයි?
මන්දයත්, ඔවුන් මරණය දක්වා නොකඩවා
පාප සිදු කළ හෙයිනි. දෛනික පාප පූජාවන් මගින්
ඔවුනට දෙවියන් වහන්සේ ඉදිරිපිට දී පාපයෙන්
පිරිසිදු වීමට නොහැකි විය.
කෙසේවෙතත්, ඔවුන් පාපයක් සිදු කළ සෑම වරක දී ම ඔවුනට පූජාවක් පිදීමට වූ හෙයින්, ඔවුන්ගේ පාප සඳහා සමාව ලබා ගැනීමට අවශ්‍ය වූ සියලු පූජාවන් සැපයීම කළ නොහැකි කාර්යයක් විය. එබැවින්, ක්‍රමක්‍රමයෙන්, ඔවුහු නොසැලකිලිමත් බවට පත් වූහ. සෑම දිනකම ඔවුන්ගේ පාප සඳහා පපා සමා කිරීම නිමක් නොමැති කර්තව්‍යයක් ලෙස පෙනී ගිය අතර, මෙම චාරිත්‍රය එක්ව සිදු කිරීමෙන් මෙම කාර්යය සිදු කළ හැකි බව ඔවුනට හැඟෙන්නට විය.
අප කෙතරම් අසීරුවෙන් උත්සාහ කළ ද, අපගේ සියලු පාප සඳහා ප්‍රමාණවත් වන තරම් පූජාවන් අපට කිසිදාක පූජා කළ නොහැකිය. දෙවියන් වහන්සේ අප උදෙසා සූදානම් කරන ලද ගැලවීමේ නියමය තුළ අපගේ හදවතට හැඟුණු විශ්වාසය තැබීම ඔස්සේ, අපගේ පාප සඳහා සැබෑ වන්දිය එහෙයින් ලබා දිය යුතු වේ.
මන්දයත්, අපගේ දුර්වලතා හේතුවෙන්, අප දෙවියන් වහන්සේගේ නියමයෙන් ජීවත් වීමට කෙතරම් උත්සාහ දැරුව ද, අප කෙතරම් අසම්පූර්ණ ද සහ අප කෙතරම් දුර්වල ද යන්න පිළිබඳ අප වඩාත් දැනුවත්බාවයට පත් වීම පමණක් සිදු වේ. එබැවින්, දෙවියන් වහන්සේ ඊශ්‍රායල ජනයාට සමස්ත වසරේ ම පාප එක්වර සමා කර ගැනීමට ක්‍රමවේදයක් ලබා දුන් සේක (ලෙවී කථාව 16:17-22)
“එය නුඹලාට නිරන්තර පනතක් වන්නේය. සත්වෙනි මාසේ දසවෙනි දිනදී නුඹලාගේ ප්‍රාණවලට පීඩාකරගත යුතුය, ස්වදේශියාවත් නුඹලා අතරේ වසන විදේශියාවත් කිසිම වැඩක් නොකළ යුතුය. මක්නිසාද නුඹලාගේ සියලු පාපවලින් නුඹලා ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි පවිත්‍රවෙන පිණිස නුඹලා පවිත්‍රකරනු ලැබීමට ඒ දවසේ නුඹලා උදෙසා සමගිකමක් කරනු ලබන්නේය. ඒක නුඹලාට ශුද්ධවූ නිවාඩුවක් වන සබතක්ය, නුඹලා නුඹලාගේ ආත්මවලට දුක් දිය යුතුය. එය සදාකාල නියෝගයක්ය.” (ලෙවී කථාව 16:29-31)., යැයි ලෙවීකතාවෙහි සඳහන් වේ.
එබැවින්, වසර තුළ දී ඊශ්‍රායල ජනතාව විසින් සිදු කර ඇති සියලු පාප සඳහා හත්වන මාසයේ දහවන දිනයේ දී පාප සමාව සඳහා පූජාවේ දේව ගැති කටයුතු වසරකට වරක් උත්තම පූජකයා විසින් සිදු කළ විට, ඊශ්‍රායල ජනයාට මානසික සුවයක් හිමි විය. ඔවුන්ගේ පාප සෝදා හරිනු ලැබීමත් සමග, ඔවුන්ගේ මනස එම දිනයේ දී සාමකාමීබවින් යුත් විය.
සත්වන මාසයේ දසවන දින,මුළු මහත් ඊශ්‍රායලයේ ම නියෝජිතයා ලෙස, උත්තම පූජකයවරයා වන ආරෝන් හට පාප සමා කිරීමේ පූජාවේ දේවගැති තැන හොබවන්නට සිදු විය. මෙම අවස්ථාවේ දී, අනෙකුත් පූජකවරුන් හට ශුද්ධ වූ මෙම විශේෂ යුදෙව් දේවස්ථානයට පිවිසීමට නොහැකි විය. සියල්ලටම ප්‍රථමයෙන්, ආරෝන් හට තමන් සහ තමන්ගේ නිවාසය උදෙසා පාප සමා කිරීමේ පූජාවේ දේවගැති කාර්යයන් සිදු කිරීමට සිදු වූයේ මන්දයත්, ඔහු සහ ඔහුගේ නිවාසය ද පාප සිදු කොට ඇති බැවිනි.
ඔහු මෙවැනි ජනතාව සඳහා පූජාවේ දේවගැති තැන හෙබවූයේ ය. “ඔහු එළුවන් දෙදෙනා රැගෙන ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ළඟ සිටවන්නේය. එවිට ආරොන් එළුවන් ගැන පස ඇට දැමිය යුතුය: ස්වාමීන්වහන්සේට එක පස ඇටයක්ය, අශාශෙල්ට එක පස ඇටයක්ය. (*හෙවත්, නිදහස්කර හැරීමට දාදුව වැටුණු) පසඇට දැමීමෙන් ස්වාමීන්වහන්සේට වූ එළුවා ගෙනැවිත් ආරොන් පාප පූජාවක් කොට ඔප්පුකරන්නේය. එහෙත් පසඇට දැමීමෙන් අශාශෙල්ට වූ එළුවා අශාශෙල් උදෙසා වනාන්තරයෙහි නිදහසට ඇරීමට උගෙන් සමගිකමක් කරන පිණිස ඌ පණපිටින් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සිටවනු ලැබේවා. (* හෙවත්, නිදහස්කර හැරීමට දාදුව වැටුණු)” (ලෙවී කථාව 16:7-10).
ඔහු ඔහුගේ නිවස සහ ඔහු උදෙසා පාප සමා කිරීමේ චාරිත්‍රය සිදු කිරීමෙන් අනතුරුව, ආරෝන් “ එළුවන් දෙදෙනා සඳහා ඉඩ ප්‍රමාණ වෙන් කළේය.” එක් වෙන් කළ ඉඩ ප්‍රමාණයක් සමිදාණන් උදෙසා වූ අතර, අනෙක් ඉඩ ප්‍රමාණය බිළි පූජා කෙරෙන “අසාසෙල්” නමැති එළුවා සඳහා විය.
පළමුව, එළුවන් දෙදෙනාගෙන් එක් එළුවෙකු සමිදාණන් වෙත පුද කෙරිණි. මෙහි දී, උත්තම පූජකවරයා මිනිසුන් විසින් වසර තුළ දී සිදු කොට ඇති පාප එළුවාට බාර කිරීම පිණිස, එම මිනිසුන් වෙනුවෙන් එළුවා මත ඔහුගේ දෑත් තැබුවේය.
එම රුධිරය වඩාත් ශුද්ධ වූ ස්ථානය තුළ තිබෙන කරුණාසනයට ගෙන ගිය අතර, එහි සත් වරක් ඒවා ඉසිනු ලැබීය. ඊශ්‍රායල ජනතාවට පසු ගිය වසරේ දී ඔවුන් සිදු කළ සියලු පාප සඳහා සමාව හිමි විය. ඊශ්‍රායල ජනතාව ඔවුන්ගේ පාප සඳහා මිය යෑම වෙනුවට, උත්තම පූජකවරයා වන ආරෝන් ඔවුන්ගේ එම පාප, පාප පූජාවේ හිස මතට බාර කොට, ඔවුන් උදෙසා එම සත්ත්වයාට විනිශ්චය ලබා ගැනීමට ඉඩ දුන්නේ ය. ඉන් අනතුරුව, ඔහු අනෙකුත් පණ ඇති එළුවා දෙවියන් වහන්සේ ඉදිරිපිට පූජා කළේය. මෙම ජනයා උදෙසා සිදු කළ පූජාව එය විය.
මිනිසුන් උදෙසා
සියලු මිනිසුන් ඉදිරිපිට දී, ආරෝන් දෙවෙනි එළුවා මත තම දෑත් තබා, දෙවියන් වහන්සේ ඉදිරිපිට දී පාපොච්ඡාරණය කළේය. “සමිඳාණෙනි, ඊශ්‍රායල ජනයා ඝාතන, අනාචාරය, සොරකම, මසුරුකම, වංචාව... වැනි ක්‍රියාවන් සිදු කර ඇති අතර, ඔවුන් දේව මූර්ති ඉදිරිපිට හිස නමා ආචාර කොට ඇත. ඔවුන් සභත් ශුද්ධබාවය රැක ගෙන නොමැති අතර, ඔබේ නාමය නිෂ්ඵල ලෙස හඬගා ඇත.එමෙන්ම, ඔවුන් ඔබේ නියමයන් සහ දේවාඥාවන්වල කොන්දේසි උල්ලංඝනය කොට ඇත.” අනතුරුව, ඔහු ඔහුගේ දෑත් ඉවතට ගත්තේ ය. මේ සමග, සමස්ත වර්ෂය සඳහා වන සියලු පාප, පාප පූජාවට බාර කෙරිණි.
අපි දැන් ලෙවීකතාව 16:21 කියවමු. “ආරොන්ද තමාගේ අත් දෙක පණ පිටින් සිටින එළුවාගේ හිස පිට තබා ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ සියලු අයුතුකම්ද ඔවුන්ගේ සියලු අපරාධයන්ද එනම් ඔවුන්ගේ සියලු පව් කියා දෙමින් ඒවා එළුවාගේ හිස පිට තබා සූදානම්ව සිටින මනුෂ්‍යයෙකු අත ඌ වනාන්තරයට යැවිය යුතුය.” ඉන් පසු, බිළි දුන් එළුවා පාළුකරය පුරා ඉබා ගාතේ සැරිසරනු ඇති අතර, පසුව ඌගේ හිස මත ඊශ්‍රායල වැසියන්ගේ පාප තබා ගෙන මිය යනු ඇත. හේබ්‍රෙව් බසෙහි “අසාසෙල්” යන බිළි දුන් එළුවාගෙන් “නිවා දැමීම” යන්න අදහස් කෙරේ. ඊශ්‍රායලයේ සියලු ජනයා වෙනුවට, සමිදාණන් ඉඳිරිපිට දී පාප පූජාව මුදා හළ බව මින් අර්ථවත් වේ.
එබැවින්, ආරෝන්ගේ අත් තැබීම ඔස්සේ ඊශ්‍රායලයේ පාප බිළි දුන් එළුවාට බාර කෙරිණි. මේ ආකාරයෙන් ඊශ්‍රායල ජනතාවට ඔවුන්ගේ පාප සඳහා සමාව ලබා දෙනු ලැබිණි. උත්තම පූජකයා ඔහුගේ දෑත් එළුවා මත තබා, එම සත්ත්වයා පාළුකරය දෙසට යොමු කරන අයුරු ඔවුන් දුටු විට, පාප සමා කිරීමේ චාරිත්‍රය කෙරෙහි විශ්වාසය තබන සියලු ඊශ්‍රායල ජනතාවට ඔවුන්ගේ පාප සමා කිරීම සම්බන්ධව විශ්වාසය ඇති විය. පැරණි තෙස්තමේන්තුවේ සියලු චාරිත්‍ර, නව තෙස්තමේන්තුවේ ‘යළි ඉපදීමේ ශුභාරංචියෙහි’ සෙවණැල්ල විය.
පැරණි තෙස්තමේන්තුවේ දී, අත් තැබීම සහ රුධිරය පූජා කිරීම පාපයෙන් ගැලවීමේ ශුභාරංචිය විය. එය මූලික වශයෙන් නව තෙස්තමේන්තුවේ දී ද එලෙසින්ම පැවතිණි.
නව තෙස්තමේන්තුවෙහි ගැලවීමේ ශුභාරංචිය
නව තෙස්තමේන්තුවෙහි මිනිසුන්ගේ සියලු පාප සමා කළේ කෙසේද?
“ඈ පුත්‍රයෙකු වදන්නීය; උන්වහන්සේට යේසුස් යන නාමය තබාපන්න; මක්නිසාද තමන්ගේ සෙනඟ ඔවුන්ගේ පාපවලින් ගළවන්නේ උන්වහන්සේයයි කීවේය. මේ සියල්ල සිද්ධවූයේ-බලව, කන්‍යාව ගර්භිණීව පුත්‍රයෙකු වදන්නීය; උන්වහන්සේට එම්මානුවෙල් යන නාමය තබනවා ඇත කියා ස්වාමීන්වහන්සේ අනාගතවක්තෘ ලවා කියෙවු කීම සම්පූර්ණවන පිණිසය. ඒ නාමයේ අර්ථය නම් දෙවියන්වහන්සේ අප සමගය යනුයි. එවිට යෝසෙප් නින්දෙන් පිබිද, ස්වාමීන්වහන්සේගේ දූතයා ඔහුට අණකළ ලෙස කරනුයේ, තමාගේ භාර්යාව පාවාගත්තේය; නුමුත් ඈ පුත්‍රයෙකු වදන තුරු ඔහු ඈ නොහැඳින්නේය. ඔහු උන්වහන්සේට යේසුස් යන නාමය තැබීය.” යැයි මතෙව් 1:21-25 හි සඳහන් වේ.
අපගේ සමිදාණන් වන යේසුස් වහන්සේ පාපයෙන් සියලු මානව වර්ගයා ගලවා ගනු පිණිස, ඉමැනුවෙල්‍ගේ නාමයෙන් මෙලොවට පැමිණි සේක. එබැවින්, උන්වහන්සේ යේසුස් නම් වූ සේක. යේසුස් වහන්සේ ලෝකයේ සියලු පාප රැගෙන යාමට පැමිණි සේක. උන්වහන්සේ මානව වර්ගයාගේ ගැලවුම්කරුවාණන් බවට පත් වීමට මාංශයෙන් පැමිණි සේක. උන්වහන්සේ අපගේ ගැලවීම සැපිරූ අතර, අපව සදාකාලිකවම පාපයෙන් නිදහස් කළ සේක.
යළි ඉපදීමේ ශුභාරංචිය
එසේම, යේසුස් වහන්සේ අපව ගලවා ගත්තේ කෙසේද? උන්වහන්සේ තමන්වහන්සේගේ බෞතීස්මය ඔස්සේ එය සිදු කළ සේක. අපි දැන් මතෙව් 3:13-17 දෙස බලමු.
“එකල යේසුස්වහන්සේ යොහන්ගෙන් බව්තීස්මය ලබන පිණිස ගලීලයේ සිට යොර්දානට ආසේක. (අවගාහනය) නුමුත් යොහන් උන්වහන්සේ වලක්වමින්: ඔබගෙන් බව්තීස්මය ලබන්ට මට යුතුව තිබියදී ඔබ මා වෙතට එනසේක්දැයි කීවේය. (අවගාහනය) යේසුස්වහන්සේ ඔහුට උත්තරදෙමින්: දැනට ඉඩහරින්න. මක්නිසාද මෙසේ සියලු ධර්මිෂ්ඨකම් සම්පූර්ණකරන්ට අපට සුදුසුයයි කීසේක. එවිට ඔහු උන්වහන්සේට ඉඩහැරියේය. යේසුස්වහන්සේ බව්තීස්ම* ලැබ එකෙණෙහිම දියෙන් ගොඩනැගුණුසේක. බලව, අහස උන්වහන්සේට විවරවිය, දෙවියන්වහන්සේගේ ආත්මයාණන් පරෙවියෙකු මෙන් බසිනවාද තමන් පිටට පැමිණෙනවාද උන්වහන්සේ දුටුසේක; තවද: මොහු මාගේ ප්‍රේමවන්ත පුත්‍රයාය, මොහු කෙරෙහි ඉතා ප්‍රසන්නව සිටිමියි අහසෙන් හඬක් විය.”
නව තෙස්තමේන්තුවේ දී, යේසුස් වහන්සේ හට වසර 30ක් ලැබූ පසු, උන්වහන්සේ යොර්දාන්හි ස්නාවක ජොහන්තුමා වෙත පැමිණි සේක. උන්වහන්සේ ඔහුගෙන් බෞතීස්ම වූ අතර, සියලු පාපිෂ්ඨයන්ගේ පාප බැහැර කළ සේක. එලෙස සිදු කිරීමෙන්, උන්වහන්සේ දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨත්වය සැපිරූ සේක.
යේසුස් වහන්සේ යොර්දාන්හි දී බෞතීස්ම වූයේ මන්ද?
ශුභාරංචියෙහි අනාවරණය
වන්නේ කුමක්ද?
දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨත්වය වේ
ස්වර්ගීය උත්තම පූජකවරයා මානව වර්ගයාගේ අවසන් උත්තම පූජකවරයා හමු වූ අවස්ථාව දෙස අපි දැන් බලමු. ලෝකයේ සියලු පාප සඳහා බෞතීස්මය ඔස්සේ පාප සමාව අත් කර ගත් දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨත්වය අපට මෙහිදී අවබෝධ වේ.
යේසුස් වහන්සේව බෞතීස්ම කළ ස්නාවක ජොහන්තුමා, කාන්තාවන් ගෙන් උපත ලද අය අතර වඩාත් උතුම් පුද්ගලයා වූයේය. “11සැබවක් නුඹලාට කියමි: ස්ත්‍රීන්ගෙන් උපන්නවුන් අතරෙන් යොහන් බව්තීස්තට* වඩා උතුම් කෙනෙක් නොනැගුටුණේය. නුමුත් ස්වර්ගරාජ්‍යයෙහි කුඩා තැනැත්තේ ඔහුට වඩා උතුම්ය.”, යනුවෙන් යේසුස් වහන්සේ මතෙව් 11.11 හි සාක්ෂ්‍ය දරා ඇත. පාප සමා කිරීමේ දිනයේ දී උත්තම පූජකයා වන ආරෝන් පාප පූජාවේ හිස මත දෑත් තැබූ විට, මිනිසුන්ගේ පාපවලට සමාව හිමි වූවාක් මෙන්, නව තෙස්තමේන්තුවේ දී, ස්නාවක ජොහන්තුමා විසින් යේසුස් වහන්සේව බෞතීස්ම කරනු ලැබූ විට, ලෝකයේ සියලු පාපවලට සමාව හිමි වුණි.
යළි ඉපදීමේ ශුභාරංචිය යනු අපගේ සියලු අතීත, වර්තමාන සහ අනාගත පාප සඳහා සම්පූර්ණ පාප සමාව ලබා දීමේ ශුභාරංචිය යි. එබැවින්, යේසුස් වහන්සේගේ බෞතීස්මය ඔස්සේ ගැලවීමේ ශුභාරංචිය, ලෝකයේ සියලු ජනයා ගලවා ගත් උන්වහන්සේගේ ධර්මිෂ්ඨත්වය සපුරාලීම සඳහා දෙවියන් වහන්සේ විසින් ලියා දක්වන ලද ශුභාරංචිය විය. යේසුස් වහන්සේ ලෝකයේ පාප සමා කිරීම සඳහා වඩාත් සුදුසුම ආකාරයෙන් බෞතීස්ම කෙරිණි.
“සියලු ධර්මිෂ්ඨත්වය” සපුරාලීම යනුවෙන් අදහස් වන්නේ කුමක්ද? දෙවියන් වහන්සේ ලෝකයේ සියලු පාප වඩාත් සුදුසුම ආකාරයෙන් සෝදා හළ බව ඉන් අදහස් කෙරේ. යේසුස් වහන්සේ මානව වර්ගයාගේ සියලු පාප සෝදා හැරීමට බෞතීස්ම වූ සේක. “17කුමක්හෙයින්ද ධර්මිෂ්ඨයා ඇදහිල්ලෙන් ජීවත්වේයයි ලියා තිබෙන ලෙස, ඇදහීමෙන් පැමිණෙන දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම ඇදහීම පිණිස එහි එළිදරව්වී තිබේ.“ (රෝම 1:17).
ස්නාවක ජොහන්තුමා සහ කුරුසය මත සිදු වූ යේසුස් වහන්සේගේ මරණය ඔස්සේ ලෝකයේ සියලු පාප සෝදා හරිනු පිණිස, ස්වකීය පුත්‍රයාණන් වූ යේසුස් වහන්සේ මෙලොවට එවීමට දෙවියන් වහන්සේ ගත් තීරණයෙන් උන්වහන්සේගේ ධර්මිෂ්ඨත්වය පිළිබිඹු විය.
නව තෙස්තමේන්තුවේ දී, දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨත්වය, යේසුස් වහන්සේගේ බෞතීස්මය සහ උන්වහන්සේගේ රුධිරය ඔස්සේ ප්‍රකාශ කෙරිණි. අප ධර්මිෂ්ඨත්වයට පත් වූයේ මන්ද යත්, යේසුස් වහන්සේ ආසන්න වශයෙන් සහශ්‍ර දෙකකට ප්‍රථම යොර්දාන්හි දී මානව වර්ගයාගේ සියලු පාප බැහැර කළ හෙයිනි. දෙවියන් වහන්සේගේ ගැලවීම අපගේ හදවත් තුළින් අප පිළිගත් විට, දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨත්වය සැබවින්ම සපුරාලනු ලැබේ.
“යේසුස්වහන්සේ ඔහුට උත්තරදෙමින්: දැනට ඉඩහරින්න. මක්නිසාද මෙසේ සියලු ධර්මිෂ්ඨකම් සම්පූර්ණකරන්ට අපට සුදුසුයයි කීසේක. එවිට ඔහු උන්වහන්සේට ඉඩහැරියේය. යේසුස්වහන්සේ බව්තීස්ම* ලැබ එකෙණෙහිම දියෙන් ගොඩනැගුණුසේක. බලව, අහස උන්වහන්සේට විවරවිය, දෙවියන්වහන්සේගේ ආත්මයාණන් පරෙවියෙකු මෙන් බසිනවාද තමන් පිටට පැමිණෙනවාද උන්වහන්සේ දුටුසේක; තවද: මොහු මාගේ ප්‍රේමවන්ත පුත්‍රයාය, මොහු කෙරෙහි ඉතා ප්‍රසන්නව සිටිමියි අහසෙන් හඬක් විය.” (මතෙව් 3:15-17).
දෙවියන් වහන්සේ තමන්වහන්සේගේ පුත්‍රයාගේ බෞතීස්මය ගැලවීමෙහි සියලු ධර්මිෂ්ඨත්වයට උන්වහන්සේ විසින්ම සාක්ෂි දැරූ බවට මෙම ඡේදයෙන් අනාවරණය වේ. “ස්නාවක ජොහන්තුමන් විසින් බෞතීස්ම කරන ලද යේසුස් වහන්සේ, දැන් සැබවින්ම මාගේ පුත්‍රයා වන සේක.”, යැයි උන්වහන්සේ අපට පවසමින් සිටි සේක. සියලු මානව වර්ගයාගේ පාප සමාව සඳහා තමන්වහන්සේගේ පුත්‍රයා බෞතීස්ම වූ බවට දෙවියන් වහන්සේ සාක්ෂි දැරූ සේක. තමන්වහන්සේගේ පුත්‍රයා වන යේසුස් වහන්සේගේ ශුද්ධ වූ කාර්යයන් නිෂ්ඵල බවට පත් නොවන පිණිස, උන්වහන්සේ එලෙස සිදු කළ සේක.
යේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් වන අතර, ලොව පාපිෂ්ඨයන්ගේ ගැලවුම්කරුවාණන් ද වන සේක.“මොහු කෙරෙහි ඉතා ප්‍රසන්නව සිටිමියි,”, යැයි දෙවියන් වහන්සේ පැවසූ සේක. යේසුස් වහන්සේ පියාණන් වහන්සේගේ කැමැත්තට අවනත වී, උන්වහන්සේගේ බෞතීස්මය ඔස්සේ මානව වර්ගයාගේ සියලු පාප බැහැර කළ බව සත්‍යයකි.
බෞතීස්මය යන වචනයෙන් “සේදීම, බාර කිරීම, වළලා දැමීම” යන්න අර්ථවත් වේ. යේසුස් වහන්සේ බෞතීස්ම වූ විට අපගේ සියලු පාප උන්වහන්සේ වෙත බාර කෙරුණු හෙයින්, ලෝකයේ සියලු පාපවලින් ගැලවීමට අපට කළ හැකි සියල්ල වන්නේ මෙම ශුභාරංචිය කෙරෙහි විශ්වාසය තැබීමය.
පැරණි තෙස්තමේන්තුවෙහි ගැලවීමේ සියලු අනාවැකි සපුරාලීම, නව තෙස්තමේන්තුවෙහි යේසුස් වහන්සේගේ බෞතීස්මය ඔස්සේ අත්පත් කෙරිණි. එබැවින්, පැරණි තෙස්තමේන්තුවෙහි අනාවැකි අවසානයේ දී නව තෙස්තමේන්තුවෙහි ප්‍රතිපූරණ සොයා ගෙන ඇත. පැරණි තෙස්තමේන්තුවෙහි ඊශ්‍රායල ජනයා වසරකට වරක් ඔවුන්ගේ පාප සඳහා සමාව ලබා ගත්තාක් මෙන්, යේසුස් වහන්සේ වෙත ජනතාවගේ පාප බාර කෙරුණු අතර, නව තෙස්තමේන්තුවේ දී එම පාප සඳහා සදාකාලික සමාව හිමි විය.
ලෙවීකතාව 16:29 මතෙව් 3:15හි මූර්තිය වේ. යේසුස් වහන්සේ ලෝකයේ සියලු පාප බාර ගැනීමට බෞතීස්ම වූ සේක. උන්වහන්සේගේ බෞතීස්මයට ස්තූතිවන්ත වන්නට, උන්වහන්සේගේ සදාකාලික පාප සමාව කෙරෙහි විශ්වාසය තබන සියලු දෙනා ගැලවුණු අතර, ඔවුන්ගේ සියලු පාප ඔවුන්ගේ හදවත් පුවරුවලින් මකා දැමුණි.
ඔබ යේසුස් වහන්සේගේ බෞතීස්මය සහ කුරුසය මත උන්වහන්සේගේ මරණයේ සත්‍යය හඳුනා නොගෙන, ඔබේ හදවතින් එය විශ්වාස නොකරන්නේ නම්, ඔබ කෙතරම් ධාර්මික දිවියක් ගත කළ ද, ඔබට කිසිදාක ඔබේ පාපවලින් පිරිසිදු විය නොහැකිය. දෙවියන් වහන්සේගේ වචනය සපුරාලනු ලැබූයේ සහ අපගේ පාප මකා දමනු ලැබූයේ යේසුස් වහන්සේගේ බෞතීස්මය විසින් ම පමණි. සැබෑ ගැලවීම සාක්ෂාත් කර ගනුයේ අපගේ සියලු පාපවලින් නිදහස් වීම ඔස්සේ ය, වෙනත් වචනයකින් පවසන්නේ නම්, යේසුස් වහන්සේගේ බෞතීස්මය ඔස්සේ ය.
මෙය මනසේ ධාරණය කර ගනිමින්, ඔබ කුමක් කරනු ඇති ද? ඔබ මෙම ගැලවීම ඔබේ හදවතට පිළිගන්නේ ද? නැතහොත් ඔබ එලෙස නොකරනු ඇති ද? මෙය මිනිසාගේ චවනය නොවන නමුත්, දෙවියන් වහන්සේ විසින් ම වදාරනු ලැබූ වචනය වේ. යේසුස් වහන්සේ උන්වහන්සේගේ බෞතීස්මය ඔස්සේ ඔබේ සියලු පාප බැහැර කළ හෙයින්, උන්වහන්සේ කුරුසය මත මිය ගිය සේක. යේසුස් වහන්සේගේ කුරුසිපත් වීම උන්වහන්සේගේ බෞතීස්මයෙහි ප්‍රතිඵලය වූ බව ඔබ පිළිනොගන්නේ ද?
“නුමුත් යමෙක් දෙවියන්වහන්සේට ප්‍රේමකෙරේ නම්, ඔහු උන්වහන්සේ විසින් දන්නා ලද්දේය. ඉතින් දේවතාවන්ට පුදන ලද කෑම ගැන වනාහි, දේවතාවෙක් ලෝකයෙහි කිසිත් නැති බවත්, එකම දෙවිකෙනෙක් මිස අන් දෙවිකෙනෙක් නැති බවත් දනිමුව.”, යැයි රෝම 8:3:4 හි සඳහන් වේ.
මන්දයත්, මාංශයෙහි පවතින දුර්වලතා හේතුවෙන් දුර්වල ජීවීන් ලෙස අපට දෙවියන් වහන්සේගේ නියමය සහ දේවාඥාවන්ට අනුකූලව කටයුතු කළ නොහැකි හෙයින්, යේසුස් වහන්සේ මාංශයෙහි සියලු පාප උන්වහන්සේගේ කර මතට ගෙන බැහැර කළ සේක. යේසුස් වහන්සේගේ බෞතීස්මයෙහි සත්‍යය මෙය වේ. යේසුස් වහන්සේගේ බෞතීස්මය කුරුසය මත උන්වහන්සේගේ මරණයට පෙරනිමිති දැක්වූයේය. මෙය දෙවියන් වහන්සේගේ මුල් ශුභාරංචියෙහි ප්‍රඥාවයි.
කුරුසය මත යේසුස් වහන්සේගේ මරණය කෙරෙහි පමණක් ඔබ විශ්වාසය තබමින් සිට ඇත්නම්, දැන් ආපසු හැරී, යේසුස් වහන්සේගේ බෞතීස්මය ඔස්සේ ගැලවීමේ ශුභාරංචිය ඔබේ හදවතින් පිළිගන්න. එවිට සහ එවිට පමණක්, ඔබට සැබවින් ම දෙවියන් වහන්සේගේ දරුවෙකු බවට පත් විය හැකි වනු ඇත.
මුල් ශුභාරංචිය
මුල් ශුභාරංචිය කුමක්ද?
ජලයේ සහ ආත්මයේ ශුභාරංචිය
පාප සමා කිරීමේ ශුභාරංචිය මුල් ශුභාරංචිය වේ. දෙවියන් වහන්සේගේ බෞතීස්මය, උන්වහන්සේගේ මරණය සහ දෙවියන් වහන්සේ අපට අනාවරණය කළ උත්ථානයෙහි ශුභාරංචිය මෙයයි. යේසුස් වහන්සේ යොර්දාන්හි බෞතීස්ම වීමෙන් එක්වර පාප සෝදා හළ අතර, මෙම සත්‍යය කෙරෙහි විශ්වාසය තබන සියල්ලන් හට මේ ඔස්සේ ගැලවීම ලබා දුන් සේක. අපගේ විශ්වාසය ඔස්සේ, අනාගතයෙහි අපගේ සියලු පාප ද සෝදා හැර ඇත.
දැන්, යේසුස් වහන්සේගේ බෞතීස්මය සහ කුරුසය මත උන්වහන්සේගේ රුධිරය කෙරෙහි විශ්වාසය තබන ඕනෑම අයෙකු සදාකාලිකවම ලෝකයේ සියලු පාපවලින් ගැලවෙන්නේ ය. ඔබ විශ්වාස කරන්නේ ද? ඔබේ පිළිතුර “ඔව්, මම එසේ කරමි.”නම්, එවිට ඔබ සැබවින්ම ධර්මිෂ්ඨත්වයට පත් වනු ඇත.
යේසුස් වහන්සේ බෞතීස්ම වීමෙන් අනතුරුව හට ගත් සිදුවීම් අපි කෙටියෙන් සාරාංශගත කරමු. “පසුවදා ඔහු තමා ළඟට යේසුස්වහන්සේ එනවා දැක කථාකොට: අන්න, ලෝකයේ පාපය දුරුකරන දෙවියන්වහන්සේගේ බැටළු පැටියාණෝ!”, යැයි යොහන් 1:29 හි සඳහන් වේ.
ලෝකයේ පාප බැහැර කළ දෙවියන් වහන්සේගේ බැටළු පැටවාණන් යේසුස් වහන්සේ වූ බවට ස්නාවක ජොහාන්තුමා සාක්ෂි දැරුවේය. ස්නාවක ජොහාන්තුමා යොර්දාන්හි දී යේසුස් වහන්සේව බෞතීස්ම කළ විට, ලෝකයේ සියලු පාප උන්වහන්සේ වෙත බාර කොට ඇත. ඊට අමතරව, ස්නාවක ජොහාන්තුමා ඔහු විසින්ම යේසුස් වහන්සේව බෞතීස්ම කළ හෙයින්, “අන්න, ලෝකයේ පාපය දුරුකරන දෙවියන්වහන්සේගේ බැටළු පැටියාණෝ!” යන්නට ඔහුට සාක්ෂි දැරිය හැකි වූයේය. යේසුස් වහන්සේ බෞතීස්ම වූ අතර, ලෝකයේ පාප බැහැර කළ සේක. එමෙන්ම, මෙය යළි ඉපදීමේ ශුභාරංචිය වන්නේය.

“පසුවදා ඔහු තමා ළඟට යේසුස්වහන්සේ එනවා දැක කථාකොට: අන්න, ලෝකයේ පාපය දුරුකරන දෙවියන්වහන්සේගේ බැටළු පැටියාණෝ!” (යොහන් 1:29). යේසුස් වහන්සේ උන්වහන්සේගේ බෞතීස්මය ඔස්සේ ලෝකයේ සියලු පාප බැහැර කළ සේක.
ඔබගේ උපතේ සිට ඔබේ දසවන උපන් දිනය දක්වා ඔබ සිදු කළ පාප මෙලොව පාප තුළ ඇතුළත් වේ. එම පාප යේසුස් වහන්සේ වෙත බාර කෙරුණු බවට ඔබ විශ්වාස කරන්නේ ද?― ඔව්, මම විශ්වාස කරමි. ― ඔබ ඔබට වයස අවුරුදු 11 සිට 20 දක්වා සිදු කළ අපරාධ පිළිබඳ කෙසේද? එම පාප ද යේසුස් වහන්සේට බාර කෙරුණු බවට ඔබ විශ්වාස කරන්නේ ද? ― ඔව්, මම එසේ කරමි. ―
ඔබ අනාගතයේ දී සිදු කරනු ඇති පාප, පාප අතර තිබෙන්නේ ද?― ඔව්, ඒවා ද ඊට ඇතුළත් වේ.― එසේ නම්, ඒවා යේසුස් වහන්සේට බාර කෙරුණේ කිනම් වේලාවේ ද?― ඔව්, ඒවා බාර කෙරුණි. ― ඔබේ සියලු පාප යේසුස් වහන්සේට බාර කොට ඇති බව ඔබ සැබවින්ම විශ්වාස කරන්නේ ද? ― ඔව්, මම විශ්වාස කරමි.― ලෝකයේ සියලු පාප යේසුස් වහන්සේගේ බෞතීස්මය ඔස්සේ උන්වහන්සේට බාර කෙරුණු බව ඔබ විශ්වාස කරන්නේ ද? ―ඔව්, මම එසේ කරමි.―
ඔබට සැබවින්ම ලෝකයේ පාපවලින් ගැලවීමට අවශ්‍ය වන්නේ ද? ඔබේ එසේ විශ්වාස කරන්නේ නම්, යේසුස් වහන්සේගේ බෞතීස්මය සහ කුරුසය මත උන්වහන්සේගේ රුධිරයෙහි ශුභාරංචිය කෙරෙහි විශ්වාසය තබන්න. ඔබ විශ්වාසය තැබූ විගස, ඔබ ගැලවී ඇත. ඔබ මෙය විශ්වාස කරන්නේ ද? මෙය යළි ඉපදීමෙහි සැබෑ ගැලවීම යි. යේසුස් වහන්සේගේ බෞතීස්මය සහ උන්වහන්සේගේ රුධිරය යළි ඉපදීමෙහි මුල් ශුභාරංචිය යි. එය ලොව සිටින සියලු පාපිෂ්ඨයන් උදෙසා දෙවියන් වහන්සේ ලබා දුන් ආශිර්වාදය වේ.
යේසුස් වහන්සේගේ බෞතීස්මය සහ උන්වහන්සේගේ කුරුසය ඔස්සේ යළි ඉපදීමෙහි ගැලවීම විශ්වාස කිරීම, උන්වහන්සේගේ ප්‍රේමය ගෞරවයෙන් සැලකීම යනු සැබෑ විශ්වාසය ඇති කර ගැනීම සහ සැබවින්ම යළි ඉපදීම වේ. යළි ඉපදීමේ සලකුණු වන්නේ ජලය සහ යේසුස් වහන්සේගේ රුධිරය යි. ඔබට ඇත්තේ බයිබලයේ සඳහන් වී ඇති සත්‍යයේ වචන පිළිගැනීමට පමණි.
ආගම සහ විශ්වාසය
යළි ඉපදෙන්නන්ගේ හදවත් තුළ
අපට ඇති සාක්ෂ්‍යය කුමක්ද?
යේසුස් වහන්සේ උන්වහන්සේගේ බෞතීස්මයෙන්
සහ රුධිරයෙන් අපගේ සියලු පාප
මකා දැමූ බව
දෙවියන් වහන්සේගේ පාරිශුද්ධ වූ වචනය ප්‍රතික්ෂේප කරමින්, අයෙකුගේ ස්වකීය සිතුවිලිවලට අනුකූලව යේසුස් වහන්සේ ඇදහීම ආගමෙහි අර්ථය වේ. කෙසේවෙතත්, පාපයෙන් ගැලවීම අයෙකුගේ සිතුවිලිවලින් දුරස් වේ. විශ්වාසය යනු අයෙකුගේ ස්වකීය සිතුවිලි ප්‍රතික්ෂේප කරමින්, පැරණි සහ නව තෙස්තමේන්තුවෙහි සියලු වචන කෙරෙහි විශ්වාසය තැබීම ය. එය, බයිබලයෙහි එය සඳහන් වී ඇති පරිදි පිළිගැනීම සහ ජලය සහ රුධිරය, එනම්, යේසුස් වහන්සේගේ බෞතීස්මය සහ කුරුසය මත උන්වහන්සේගේ මරණය ඔස්සේ පිළිගැනීම වේ. මුල් ශුභාරංචියෙහි ප්‍රඥාව අයෙකුගේ හදවතට ධාරණය කර ගැනීමෙන් පමණක්, එම පුද්ගලයා හට ගැලවීමට හැකි වේ.
යේසුස් වහන්සේගේ බෞතීස්ම රහිතව අපගේ පාප බාර කිරීමක් නොතිබෙන අතර, රුධිරය වැගිරවීමකින් තොරව එම පාප සඳහා පාප සමාවක් නොතිබේ. අපගේ සියලු පාප, යේසුස් වහන්සේ ඒවා තමන්වහන්සේ මතට රැගෙන කුරුසය වෙත ගොස්, අප උදෙසා රුධිරය වැගිරවීමට ප්‍රථම ඒවා බාර කෙරිණි. ශුභාරංචිය ඔස්සේ යළි ඉපදීම සම්බන්ධව, අප යේසුස් වහන්සේගේ බෞතීස්මය සහ කුරුසය මත උන්වහන්සේගේ රුධිරය තුළ විශ්වාසය තබන විට, ලෝකයේ සියලු පාපවලින් අපි නිදහස්බාවයට පත් වන්නෙමු.
යේසුස් ක්‍රිස්තුස් වහන්සේ බෞතීස්ම වන විට, උන්වහන්සේ සම්පූර්ණයෙන්ම අපගේ සියලු පාපවලින් අපව පිරිසිදු කළ බවට විශ්වාස කිරීම සැබෑ විශ්වාසය වේ. එය උන්වහන්සේ අපගේ සියලු පාප උදෙසා කුරුසය මත විනිශ්චය ලබා ගත් බවට විශ්වාස කිරීම ය. අප දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨ ගැලවීම විශ්වාස කළ යුතු වේ. යේසුස් වහන්සේගේ බෞතීස්මය සහ කුරුසය මත උන්වහන්සේගේ රුධිරය ඔස්සේ අපව ගලවා ගැනීමට තරම් බොහෝ සෙයින් දෙවියන් වහන්සේ අප සියලු දෙනා හට ප්‍රේම කළ සේක. අප මෙම ශුභාරංචිය කෙරෙහි විශ්වාසය තබන විට, අප අපගේ සියලු පාපවලින් ගැලවෙනු ඇති අතර, විනිශ්චයෙන් නිදහස් වී, දෙවියන් වහන්සේ ඉදිරිපිට ධර්මිෂ්ඨත්වයට පත් වේ.
“සමිදාණෙනි, මම විශ්වාස කරමි. මා ගැලවීමට සුදුසු නොවන නමුදු, යේසුස් වහන්සේගේ බෞතීස්මය, උන්වහන්සේගේ කුරුසිපත් වීම සහ උත්ථානයේ ශුභාරංචිය කෙරෙහි මම විශ්වාසය තබමි.” යළි ඉපදීමේ ශුභාරංචියෙහි ආශිර්වාදය සඳහා අප ස්තූතිවන්ත විය යුත්තේ සමිඳුන් හට පමණි. යළි ඉපදීමෙහි මුල් ශුභාරංචියෙහි විශ්වාසය තැබීම යනු සැබෑ විශ්වාසය යි.
යළි ඉපදීමෙහි සත්‍යය යනු මෙයයි; “මෙසේ ඇසීමෙන් ඇදහිල්ලද ක්‍රිස්තුස්වහන්සේගේ වචනයෙන් ඇසීමද පැමිණෙන්නේය.” (රෝම 10:17). “නුඹලා සැබෑව දැනගන්නවා ඇත, සැබෑවද නුඹලා නිදහස්කරන්නේයයි කීසේක.” (යොහන් 8:32). යේසුස්වහන්සේ දෙවියන්වහන්සේගේ පුත්‍රයා බව විශ්වාසකරන තැනැත්තා මිස ලෝකයෙන් ජයගන්නේ වෙන කවුද? වතුර සහ ලේ කරණකොටගෙන ආ තැනන්වහන්සේ නම් මුන්වහන්සේය, එනම් යේසුස් ක්‍රිස්තුස්වහන්සේය; වතුරෙන් පමණක් නොව වතුරෙන් සහ ලෙයින්ය. සාක්ෂිදෙන්නේ ආත්මයාණන්වහන්සේය. මක්නිසාද ආත්මයාණන්වහන්සේ සත්‍යතාවය. සාක්ෂිදරන තුන්දෙනෙක් සිටිති: ආත්මයාණන්වහන්සේය, වතුරය, ලේය. මේ තුන්දෙනම එකඟවෙති. අප සැබවින්ම සත්‍යය දත යුතු වේ, එමෙන්ම අප ඊට සාක්ෂ්‍ය දරන ජලය, රුධිරය සහ ආත්මය තුළ විශ්වාසය තැබිය යුතු වේ (1 යොහන් 5:5-8).
“සත්‍යය ඔබව නිදහස් කරයි.” මේවා ජලය සහ රුධිරය පිළිබඳ යේසුස් වහන්සේගේ වදන් වේ. ඔබ නිදහස් වී සිටින්නේ ද? අප ශ්‍රද්ධාසම්පන්න ද නැතහොත් විශ්වාසනීය ද? යේසුස් වහන්සේට අවශ්‍ය වන්නේ ජලය සහ ආත්මයෙන් යළි ඉපදීමේ ශුභාරංචිය කෙරෙහි විශ්වාසය තබන පුද්ගලයන් පමණි.
යේසුස් වහන්සේගේ බෞතීස්මය සහ රුධිරය කෙරෙහි ඔබ විශ්වාසය තබන්නේ නම්, ඔබ ඔබේ හදවත තුළ පාපයෙන් තොර පුද්ගලයෙකු වේ. කෙසේවෙතත්, ඔබ හුදෙක්ම ආගමක කොටසක් ලෙස යේසුස් වහන්සේව අදහන්නේ නම්, යේසුස් වහන්සේගේ ගැලවීම තුළ ඔබට සම්පූර්ණ විශ්වාසය නොමැති හෙයින්, ඔබ තවමත් දිවි ගෙවනුයේ පාපයෙනි. ශ්‍රද්ධාවන්ත පුද්ගලයෝ පසුතැවීමෙන් යාච්ඤා කරන සෑම වරක දී ම ඔවුන්ගේ පාප සඳහා ගැලවීම ලබා ගැනීමට උත්සාහ දරති.
එබැවින්, එවැනි මිනිසුන් හට කිසිදාක ඔවුන්ගේ පාපවලින් සම්පූර්ණයෙන්ම ගැලවීම ලබා ගත නොහැකි වේ. ඔවුන් ඔවුන්ගේ දිවිය පුරා පශ්චත්තාපයට පත් වූව ද, යේසුස් වහන්සේගේ බෞතීස්මය සහ කුරුසය මත උන්වහන්සේගේ රුධිරයෙන් ලබා ගන්නා පරිපූර්ණ පාප සමාව ප්‍රතිස්ථාපනය කිරීමට එයට නොහැකිය. අනාගතයේ පාප ද ඇතුළුව, ලෝකයේ සියලු පාප සෝදා හළ, යේසුස් වහන්සේගේ ශුභාරංචිය කෙරෙහි විශ්වාසය තැබීම ඔස්සේ අපි ගැලවීම ලබා ගනිමු.
යළි ඉපදීමේ ශුභාරංචියට දිනපතා පසුතැවිලිවීම ආදේශනය කළ නොහැකි බව මම ඔබට යළිත් පවසමි. සියලු ක්‍රිස්තු භක්තිකයන් දැන් යළි ඉපදීමේ ශුභාරංචිය ඔස්සේ පාප සමාව කෙරෙහි විශ්වාසය තැබිය යුතු වේ.
අපට කිසිදාක අපගේ පාප සඳහා සම්පූර්ණයෙන් පශ්චත්තාප විය නොහැකි ය. වැරදි පශ්චත්තාපය මගින් අයෙකුට දෙවියන් වහන්සේ කරා මඟ නොපෑදෙනු ඇති නමුදු, ඔහුගේ ආත්මය පමණක් සනසාලනු ලැබේ. වැරදි පශ්චත්තාපය යනු දෙවියන් වහන්සේගේ කැමැත්ත කිසිදාක සැලකිල්ලට නොගන්නා, එක් පසෙකට බර වූ පාපොච්ඡාරණයකි. මෙය දෙවියන් වහන්සේ අපගෙන් අපේක්ෂා කරන යමක් නොවේ.
සැබෑ පශ්චත්තාපය යනු කුමක්ද? එනම් දෙවියන් වහන්සේ වෙත ආපසු යාම වේ. එනම්, යේසුස් වහන්සේගේ ගැලවීමේ වචනය වෙත ආපසු පැමිණ, එම වචනය ලියා ඇති ආකාරයෙන් එය විශ්වාස කිරීම ය. අපව ගලවා ගන්නා ශුභාරංචිය වන්නේ යේසුස් වහන්සේගේ බෞතීස්මය උන්වහන්සේගේ කුරුසිපත් වීම සහ යළි උත්ථානයෙහි ශුභාරංචියයි. අප මෙම ශුභාරංචිය කෙරෙහි විශ්වාසය තබන විට, අප එවිට ගැලවීම ලබා සදාකාලිකව පවත්නා ජීවනය උපයා ගනී.
මෙය යළි ඉපදීමේ ශුභාරංචියෙහි ප්‍රඥාව වේ; එනම්, අපට යළි ඉපදීමට ඉඩ ලබා දෙන යේසුස් වහන්සේගේ බෞතීස්මය සහ උන්වහන්සේගේ රුධිරය මෙන්ම, දෙවියන් වහන්සේගේ රාජධානියෙහි ශුභාරංචිය කෙරෙහි විශ්වාසය තැබීමය.
අප ජලයෙන් සහ ආත්මයෙන් යළි ඉපදිය යුතු බවට යේසුස් වහන්සේ පැවසූ විට, අප උන්වහන්සේගේ බෞතීස්මය සහ කුරුසය මත උන්වහන්සේගේ රුධිරය කෙරෙහි විශ්වාසය තැබීමෙන් යළි ඉපදිය යුතු බව උන්වහන්සේ ඉන් අදහස් කළ සේක. එවිට අපට දෙවියන් වහන්සේගේ රාජධානියට පිවිසීමට සහ එහි දිවි ගෙවීමට හැකි වේ. අප උන්වහන්සේගේ වචනය විශ්වාස කළ යුතු වේ. යේසුස් වහන්සේගේ බෞතීස්මය සහ කුරුසය මත උන්වහන්සේගේ රුධිරය යන අපගේ පාප සමාව සඳහා සාක්ෂ්‍ය දරන කරුණු ද්විත්ත්වය අපට යළි ඉපදීමට වඩ සලසන වචන වේ.
ඔබ දැන් යළි ඉපදීමේ ශුභාරංචිය සහ පාප සමා කිරීම කෙරෙහි විශ්වාසය තබන්නේ ද? යේසුස් වහන්සේගේ බෞතීස්මය සහ කුරුසය මත උන්වහන්සේගේ රුධිරය තුළ තබන විශ්වාසය ලොව පවතින සියලු පාපවලින් අපව ගලවා ගන්නේ ය. අපට මෙම විශ්වාසයෙන් යළි ඉපදිය හැකි වේ. යේසුස් වහන්සේ ලොව සිටින සියලු පාපිෂ්ඨයන්ගේ පාප සෝදා හළ බව බයිබලය පවසන හෙයින්, අප එය විශ්වාස කොට යළි නොඉපදීමට කටයුතු නොකරන්නේ මන්ද?
යේසුස් වහන්සේගේ බෞතීස්මය සහ උන්වහන්සේගේ කුරුසිපත් වීම යන අපගේ යළි ඉපදීමට පත් වීම සඳහා සාක්ෂ්‍ය දරන කරුණු ද්විත්ත්වය කෙරෙහි විශ්වාසය තබන පුද්ගලයෝ සැබවින්ම යළි ඉපදෙති (1 යොහන් 5:3-10). ඔබ යේසුස් වහන්සේ කෙරෙහි විශ්වාසය තබන විට, ඔබ ජලය, රුධිරය සහ ආත්මයෙහි ශුභාරංචිය මඟ නොහැරිය යුතුය.
සේනාපති නාමන් ලාදුරු රෝගයෙන් (2 රාජාවලිය 5) සම්පූර්ණයෙන් සුවය ලැබීමට යොර්දාන්හි දී සත් වරක් සෝදා පිරිසිදු වූවාක් මෙන්, යේසුස් වහන්සේ යොර්දාන්හි දී සියලු දෙනා උදෙසා එක්වර ලෝකයේ සියලු පාප සෝදා හළ බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස අපට සදාකාලික පවත්නා ගැලවීම ලබා දුන් බවත් අප විශ්වාස කළ යුතුය.
මන්දයත් යේසුස් වහන්සේ අපට ප්‍රේම කළ හෙයින්, පාප සමා කිරීමේ ශුභාරංචිය තුළ විශ්වාසය තැබීමෙන් අපට ලෝකයේ සියලු පාපවලින් ගැලවී, සදාකාලිකව පවත්නා ජීවය ලැබිය හැකි වේ. අපි සියලු දෙනා දැන් යළි ඉපදීමේ ශුභාරංචිය කෙරෙහි විශ්වාසය තබා, දෙවියන් වහන්සේගේ ගැලවීම ලබා ගනිමු.