( යෙසායා 28:13-14 )
“එබැවින් ඔවුන් ගොස් පස්සට වැටී පොඩිවී මලපතක වැටී අසුවෙන පිණිස: අණ පිට අණය, අණ පිට අණය; පනත පිට පනතය, පනත පිට පනතය; මෙහි ටිකක්ය, එහි ටිකක්ය යන පිළිවෙළින් ස්වාමීන්වහන්සේගේ වචනය ඔවුන්ට වන්නේය. එබැවින් යෙරුසලමෙහි සිටින මේ සෙනඟ ආණ්ඩුකරන නින්දාකාර මනුෂ්‍යයෙනි, ස්වාමීන්වහන්සේගේ වචනය අසාපල්ලා.”
බයිබලය හා සම්බන්ධ මිථ්‍යාලබ්ධිය
බයිබලය විසින් “මිථ්‍යාලබ්ධික” යන
වචනය නිර්චවනය කරනු
ලබන්නේ කෙසේද?
යේසුස් වහන්සේ කෙරෙහි විශ්වාසය තැබුව ද,
ඔහුගේ හදවත තුළ පාපය දරන පුද්ගලයා මිථ්‍යාලබ්ධිකයෙකු
ලෙස බයිබලය විසින් නිර්වචනය
කරනු ලැබේ.
විශේෂයෙන්ම දියුණු වෙමින් පවතින රටවල, වර්තමානයේ දී ව්‍යාජ පුවත් ලේඛනයෙහි යෙදෙන්නෝ සිටිති. ඔවුහු පුවත් කතුවරයන් ලෙස මවා පෑවද, ඔවුන්ගෙන් පීඩාවට පත් වන පුද්ගලයන් සිදු කොට ඇති යමක් නිරාවරණය කරන බවට එම පුද්ගලයන්ට තර්ජනය කරමින්, සාමාන්‍යයෙන් එම පුද්ගලයන්ගෙන් බලෙන් මුදල් ලබා ගනිති. ව්‍යාජ යන වචනයෙන් අව්‍යාජ ලෙස පෙනුණ ද, සැබෑ දෙයක් නොවන යමක් අර්ථවත් කෙරේ. වෙනත් ආකාරයකින් පැවසුවහොත්, බාහිර පෙනුමට වඩා යමක සැබෑ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වන යමක් ඉන් අදහස් කෙරේ.
“මිථ්‍යාලබ්ධික” සහ “ව්‍යාජ” යන වචන විශේෂයෙන්ම ක්‍රිස්තියානු දේවස්ථානවල බොහෝ විට නිරන්තරයෙන් භාවිත කෙරේ.
“මිථ්‍යාලබ්ධික” යනු කුමක්ද සහ “ව්‍යාජ” යන්නෙන් හැඳින්වෙන්නේ කුමක්ද යන්න පිළිබඳ සුපැහැදිලි නිර්චවන කිහිපයක් තිබුණ ද, බයිබලයට දැඩි සේ අනුකූල වන පරිදි මෙම සංකල්ප උගන්වන පුද්ගලයන් සිටින්නේ අතළොස්සකි.
මෙම වාතාවරණයන් යටතේ, බයිබලය විසින් “මිථ්‍යාලබ්ධිය” ලෙස නිර්වචනය කරන්නේ කුමක්ද යන්න අනාවරණය කිරීමට සහ මෙම විෂය පථය පිළිබඳ යම් විචක්ෂණයක් ලබා දීමට මා යුතුකමින් බැඳී සිටින්නේ යැයි මට හැඟෙයි. දෛනික ජීවිතයෙහි මිථ්‍යාලබ්ධිය සඳහා යම් නිදසුන් කිහිපයක් මෙන්ම, ඒ පිළිබඳ අපට එක්ව එහෙයින් සිතන්නට ඉඩ ලබා දෙන කරුණු කිහිපයක් ද පෙන්වා දීමට මට අවශ්‍ය යි. දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය තබන ඕනෑම පුද්ගලයෙකු හට ඔවුන්ගේ ජීවිත තුළ අවම වශයෙන් එක් වරක් හෝ ඒ පිළිබඳව සිතන්නට සිදු වේ.
තීතස් 3:10 – 11හි මිථ්‍යාලබ්ධික පුද්ගලයෙකු අගති සහිත සහ පාප කිරීමෙහි නිරතව සිටින, ස්වයං පරිභවයට පත් වන පුද්ගලයෙකු ලෙස නිර්චවනය කරයි. මිථ්‍යාලබ්ධිකයෙකු යනු තමන්ව පාපිෂ්ඨයෙකු ලෙස හෙළා දකින පුද්ගලයෙකි. එබැවින්, යේසුස් වහන්සේ කෙරෙහි විශ්වාසය තබන, එනමුත් ඔවුන්ගේ හදවත් තුළ පාපය පුද්ගලයෝ දෙවියන් වහන්සේ ඉදිරිපිට මිථ්‍යාලබ්ධිකයෝ වෙති.
යේසුස් වහන්සේ උන්වහන්සේගේ බෞතීස්මය ඔස්සේ සියලු පාප බැහැර කළ සේක. එනමුත් මිථ්‍යාලබ්ධිකයෝ පාපිෂ්ඨයන්ට ගැලවීම ගෙන දෙන සැබෑ ශුභාරංචිය විශ්වාස කිරීමට ප්‍රතික්ශේප කළ අතර, පාපිෂ්ඨයන්ගේ තත්ත්වයන්ට වැටී ඔවුන් හා එක් වීම පිළිබඳ තමන්වම හෙළා දකිති.
ඔබ මිථ්‍යාලබ්ධිකයෙකු ද? අපට අවංක සහ සැබවින්ම විශ්වසනීය දිවියක් ගත කිරීමට අවශ්‍ය වන්නේ නම්, අප මේ පිළිබඳව සිතිය යුතු වේ.
ඔබ තවමත් ජලයේ සහ ආත්මයේ ශුභාරංචිය අසා නැත්නම්, ඔබ යේසුස් වහන්සේ කෙරෙහි විශ්වාසය තැබුව ද ඔබව පාපිෂ්ඨයෙකු ලෙස ඔබම හෙළා නොදකින්නේ ද? ඔබ ඔබව පාපිෂ්ඨයෙකු ලෙස සලකන්නේ නම්, එවිට ඔබ යේසුස් වහන්සේගේ පරිපූර්ණ ගැලවීම සහ ජලයේ සහ ආත්මයේ ශුභාරංචිය සුළු කොට තැකීමෙන්, උන්වහන්සේට අනර්ථයක් සිදු කරන්නේ ය.
අයෙකු දෙවියන් වහන්සේ ඉදිරිපිට පාපිෂ්ඨයෙකු යැයි හැඳින්වීම, ඔහු දෙවියන් වහන්සේගේ දරුවෙකු නොවන බව පිළිගැනීමකි. “සමිඳුනි, මම පාපිෂ්ඨයෙක් වෙමි,” යැයි යේසුස් වහන්සේට පාපොච්ඡාරණය කර පුද්ගලයන්ට ඔවුන්ගේ විශ්වාසය පිළිබඳ යළි සලකා බැලීමට සිදු වේ.
යේසුස් වහන්සේ ලෝකයේ සියලු පාප බැහැර කොට, ඔබව සදාකාලිකව නිරයට පැමිණවීමෙන් සම්පූර්ණයෙන්ම ගලවා ගත් විට, ඔබ යේසුස් වහන්සේ කෙරෙහි විශ්වාසය තබමින්, තමන් පාපිෂ්ඨයෙකු යැයි පැවසිය හැක්කේ කෙසේද? යේසුස් වහන්සේ උන්වහන්සේගේ බෞතීස්මය ඔස්සේ ඔබේ සියලු පාප බැහැර කොට, ඒවා සඳහා කුරුසය මත මුළුමනින්ම විනිශ්චයට ලක් වූ විට, උන්වහන්සේ නොමිලයේ ලබා දුන් එම ගැලවීමේ ත්‍යාගය ඔබට ප්‍රතික්ශේප කළ හැකි වනුයේ කෙසේද?
එවැනි මිනිසුන් මිථ්‍යලබ්ධිකයන් වනුයේ මන්දයත්, ඔවුන් දෙවියන් වහන්සේගේ වචනයට අමතරව, පාපිෂ්ඨයන් වීමට ස්වෙච්ඡා ක්‍රියාකරුවන් වේ. දෙවියන් වහන්සේ ඉදිරිපිට මිථ්‍යාලබ්ධිය සිදු කිරීම වැළැක්වීම සඳහා ඔබ ජලයේ සහ ආත්මයේ ශුභාරංචිය දත යුතු වේ.
යේසුස් වහන්සේ කෙරෙහි විශ්වාසය තබන, එනමුත් යළි නොඉපදෙන ඕනෑම අයෙකු මිථ්‍යාලබ්ධිකයෙකු වේ. මන්දයත්, ඔහුගේ හදවත තුළ තවමත් පාපය තිබෙන හෙයිනි.
මන්දයත්, දෙවියන් වහන්සේ අපගේ පාප ද ඇතුළුව, ලෝකයේ සියලු පාප බැහැර කළ හෙයින්, අප විසින් ගැලවීමේ මෙම ආශිර්වාදය නොසලකා හරිනු ලබන්නේ නම්, අපි දෙවියන් වහන්සේ ඉදිරිපිට මිථ්‍යාලබ්ධිකයෝ වන්නෙමු. මන්ද යත් දෙවියන් වහන්සේ ශුද්ධවන්ත වන හෙයින්, අපගේ හදවත් තුළ පාපය ඇත්නම්, අප මිථ්‍යාලබ්ධිකයෝ වන්නෙමු. අපට සැබවින්ම ධර්මිෂ්ඨත්වයට පත් වන්නට අවශ්‍ය නම්, අපට යේසුස් වහන්සේගේ බෞතීස්මය සහ කුරුසය මත උන්වහන්සේගේ රුධිරය කෙරෙහි විශ්වාසය තැබීමට සිදු වේ.
බයිබලය තුළ මිථ්‍යාලබ්ධියෙහි මූලාරම්භය
පූජකයෙකු සඳහා වඩාත් වැදගත්
සුදුසුකම වන්නේ කුමක්ද?
ඔහු යළි ඉපදී ඇත්තෙකු වීමයි
අපි දැන් 1 රාජාවලිය 12:25-26 දෙස බලමු. “යෙරොබොවම් වනාහි එප්‍රායිම් කඳුරටෙහි ෂෙකෙම් ගොඩනගා එහි වාසය කෙළේය; ඔහු එතැනින් ගොස් පෙනුයෙල් ගොඩනැගුවේය. තවද යෙරොබොවම් තමාගේ සිතින් සිතනුයේ: ඉතින් රාජ්‍යය දාවිත්ගේ වංශයට හැරීයන්නේය.” ජෙරෝබෝම් සොලමන්ගේ එක් යටත් නිලධාරියෙකු විය. සොලමන් ඔහුගේ පසු කාලීන වර්ෂවල දී දූෂණමය තත්ත්වයට පත් වූ විට, ජෙරෝබෝම් රජුට විරුද්ධව කැරලි ගසා, සොලමන්ගේ පුත්‍රයා වන, රෙහෝබෝම්ගේ කාලයේ දී ඊශ්‍රායලයේ ගෝත්‍ර දහයක රජු බවට අනතුරුව පත් වූයේය.
ජෙරෝබෝම් ඊශ්‍රායලයේ රජු බවට පත් වූ විට ඔහුගේ පළමු සැලකිල්ල යොමු වූයේ ඔහුගේ ජනයා සිද්ධස්ථානයක් තිබූ ජුදා වෙත ආපසු පැමිණෙනු ඇත යන්නටයි.
එබැවින්, මෙය සිදුවීම වැළැක්වීමට අදහසක් ඔහු ගෙන ආවේය. ඔහු බීතල් සහ ඩෑන් යන පෙදෙස්වල රත්‍රන් වසු පැවට් දෙදෙනෙකු සෑදූ අතර, ඔවුනට වන්දනාමාන කරන මෙන් ඔහුගේ ජනතාවට නියෝග කළේය.1 රාජාවලිය 12:28 හි, “එවිට රජ මන්ත්‍රණයකොට රන් වස්සන් දෙන්නෙක් සාදවා”, යැයි සඳහන් වේ. ඔහු බීතල්හි එක් ප්‍රතිමාවක් ද, ඩෑන් හි අනෙක් ප්‍රතිමාව ද පිහිටුවීමෙන් අනතුරුව, ඒවා වන්දනාමාන කිරීම දරුණු පාපයක් වේ යන සත්‍යය නොතකමින්, ඒවාට වන්දනාමාන කරන මෙන් ඔහුගේ ජනතාවට තදින් පැවසූයේය. මෙම වන්දනා කිරීමට මඟ පෙන්වීම සඳහා ඔහු අත්තනෝමතික ලෙස පූජකවරුන් පවා පත් කළේය.
“මේ දෙයට පසුවවත් යෙරොබොවම් තමාගේ නපුරු මාර්ගයෙන් නොහැරී, නැවතත් සියලු මිනිසුන්ගෙන් උස් තැන්වලට පූජකයන් පත්කෙළේය. කැමතිවූ කොයි අය නුමුත් උස් තැන්වල පූජකයන් වීමට ඔහු කැපකෙළේය.” (1 රාජාවලිය 13:33). මිථ්‍යාලබ්ධියෙහි මූලාරම්භය එයයි.
වර්තමානයේ දී පවා, දෙවියන් වහන්සේගේ කාර්යයන් සිදු කිරීමට ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වන ඕනෑම අයෙකු පත් කිරීමට මිථ්‍යාලබ්ධිකයෝ පෙළඹෙති. යමෙකු ජලයෙන් සහ ආත්මයෙන් යළි ඉපදී නැති වුවත්, දේවධර්මය පිළිබඳ වූ පූජක විද්‍යාලයකින් උපාධියක් ලබන ඕනෑම අයෙකුට දේවගැතිවරයෙකු, ක්‍රිස්තු ධර්ම ප්‍රචාරකයෙකු, ධර්මදූතයෙකු සහ ස්ථවිරයෙකු බවට පත් විය හැකියි.
යළි ඉපදී නොමැති අයෙකුට දේවගැතිවරයෙකු බවට පත් විය හැක්කේ කෙසේද? එවැනි පුද්ගලයෙකුව පූජකවරයෙකු ලෙස පත් කරන්නේ නම්, ඔහුව තෝරා පත් කරන දේවස්ථානය මිථ්‍යාලබ්ධිකයන් නිෂ්පාදනය කිරීම සඳහා වන නිෂ්පාදනාගාරයක් බවට පත් වේ.
අප දැන් යළිත් මිථ්‍යාලබ්ධියෙහි මූලාරම්භය පිළිබඳව සිතමු. පළමුව, ජෙරෝබෝම් ඔහුගේ දේශපාලනික බලය පවත්වා ගෙන යෑම පිණිස දෙවියන් වහන්සේ සඳහා රත්‍රන් වසු පැටවුන් ආදේශ කළේය. දෙවනුව, ඔහු පූජකවරයෙකු බවට පත් වීමට ස්වෙච්ඡාවෙන් ක්‍රියා කරන ඕනෑම අයෙකුව අභිෂේක කළේය. වෙනත් ආකාරයකින් පවසන්නේ නම්, ඔහු සාමාන්‍ය ජනයා පූජකවරුන් ලෙස අභිෂේක කළේය. එම චාරිත්‍රය අදටත් නොකඩවා ක්‍රියාත්මක වේ.
ජෙරෝබෝම්ගේ කාලයෙන් පසුව ද මිථ්‍යාලබ්ධියෙහි ඉතිහාසය මැනවින් අඛණ්ඩව ක්‍රියාත්මක විණි. ජලයෙන් සහ ආත්මයෙන් නොඉපදෙන පුද්ගලයන්ට පූජකවරුන් බවට පත් වීමට කිසිදාක ඉඩ නොසැලසිය යුතුය.
දේව ධර්මය හා සම්බන්ධ පූජක විද්‍යාලයකින් පමණක් උපාධියක් ලබන ඕනෑම අයෙකුට දේවගැතිවරයෙකු හෝ ක්‍රිස්තු ධර්ම ප්‍රචාරකයෙකු බවට පත් විය හැකි ද? දෙවියන් වහන්සේ විසින් ඔවුන්ව තවමත් නොපිළිගන්නා ලදී යන සත්‍යය නොතකමින් ඔවුන් දෙවියන් වහන්සේ සේවය කිරීම නිවැරදි වන්නේ ද? කිසිදාක නැත. දෙවියන් වහන්සේ විසින් පිළිගන්නා ලද පුද්ගලයන් හට පමණක් උන්වහන්සේගේ දේවසේවකයන් බවට පත් වීමට ඉඩ සැලසිය යුතුය. දෙවියන් වහන්සේ විසින් පිළිගනු ලබන අය ජලයෙන් සහ ආත්මයෙන් යළි උපදින අය වෙති.
ජෙරෝබෝම්ගේ පාපය දෙවියන් වහන්සේගේ දේව උදහස තවත් ඉහළ නැංවූ බව 1 රාජාවලිය 12:25-26 සහ 1 රාජාවලිය පරිච්ඡේද 13 හි සඳහන් වේ. අප සියලු දෙනා මේ ඉතිහාසය දත යුතු අතර, යමෙකු මේ සමඟ සමීප නොමැති නම්, ඔහු බයිබලය වෙත ආපසු ගොස්, මෙය සොයා බැලිය යුතුය.
දෙවියන් සඳහා වන ඔබගේ දේව සේවයට රත්‍රන් වසු පැටවුන් ආදේශ කරන්නේ නම් යළිත් වරක් සිතා බලන්න. ඔබ අහම්බෙන් හෝ ජලයෙන් සහ ආත්මයෙන් යළි ඉපදීමේ ශුභාරංචිය කරා ඔබේ අනුගාමිකයන් යළි පැමිණෙනු පිණිස, ලෞකික ආශිර්වාදයන් මත අවධාරිතය තබන්නේ ද?
ඔබ ඔබගේ අනුගාමිකයන්ට ඔවුන් යේසුස් වහන්සේ කෙරෙහි විශ්වාසය තැබුවහොත් ඔවුනට රෝගයෙන් සුව විය හැකි යැයි පවසන්නේ ද? ඔවුන් ධන සම්පතින් ආශිර්වාද ලබනු ඇතැයි ඔබ ඔවුනට පවසනු ඇති ද? ඔබ යළි නොඉපදෙන පුද්ගලයන් දේවගැතිවරුන් හෝ ඔබේ දේවස්ථානයෙහි කාර්ය මණ්ඩල සාමාජිකයන් බවට පත් කොට, ඔබේ නිකාය සත්‍යලබ්ධික නිකායක් යැයි පවසන්නේ ද? ඔබ එලෙස සිදු කරන්නේ නම්, ඔබ දෙවියන් වහන්සේ ඉදිරිපිට ජෙරෝබෝම් පාපය සිදු කරන අතර, උන්වහන්සේගේ උදහස ඉහළ නංවන්නේ ය.
මිථ්‍යාලබ්ධිකයෝ රත්‍රන් වසු පැටවුන්ට දෙවියන්ට සේ වන්දනාමාන කරති
වර්තමානයේ දී පවා, රත්‍රන් වසු පැටවුන්ට වන්දනාමාන කරන මිථ්‍යාලබ්ධිකයෝ බොහෝ පිරිසක් සිටිති. සොලමන් දැවුණු පූජා දහසක් දෙවියන් වහන්සේට පූජා කළ විට, දෙවියන් වහන්සේ ඔහුට ආශිර්වාද කළ බව ඔවුහු පවසති. “සාලමොන් තමාගේ පියවූ දාවිත්ගේ නියෝග ලෙස හැසිර ස්වාමීන්වහන්සේට ප්‍රේම කෙළේය. නුමුත් ඔහු උස් තැන් පිට පූජා හා සුවඳ දුම් ඔප්පුකෙළේය. ගිබියොන් ප්‍රධාන උස් තැනවූ බැවින් පූජා ඔප්පුකරන පිණිස රජ එතැනට ගියේය. දවන පූජා දහසක් සාලමොන් ඒ පූජාසනය පිට පුදකෙළේය. ගිබියොන්හිදී ස්වාමීන්වහන්සේ රාත්‍රියේ ස්වප්නයකින් සාලමොන්ට පෙනුණුසේක. තවද දෙවියන්වහන්සේ කථාකොට: මා විසින් නුඹට දිය යුතු දෙය ඉල්ලන්නැයි කීසේක”, යැයි I රාජාවලිය 3:3-5 හි සඳහන් වේ.
“සොලමන්ගේ දැවුණු පූජා දහසක්” යන වංචනික පොරොන්දුව යටතේ ඔවුහු ඔවුන්ගේ අනුගාමිකයන් බලවත් ලෙස රවටා මුදල් ලබා ගනිති. එමෙන්ම, එම අනුවණ අනුගාමිකයන්ගේ මුදල් බලෙන් ලබා ගැනේ. ඔවුන්ගේ දෙවියන් වහන්සේ ලෙස රත්‍රන් වසු පැටවුන් වන්දනාමාන කරන පුද්ගලයන්ට ස්වකීය මුදල් අහිමි වන අතර, එම මුදල් අති විශාල දේවස්ථාන ගොඩනැඟිලි ඉදිකිරීමට දායක වීම් ලෙස භාවිත කෙරේ. ඒ ඔවුන්ගේ දේවස්ථාන ප්‍රමාණයෙන් කුඩා වන හෙයින් නොව, එනමුදු, ඔවුනට ඔවුන්ගේ අනුගාමිකයන්ගෙන් මුදල් බලෙන් ලබා ගැනීමට අවශ්‍ය වන හෙයිනි.
ඔවුන්ගේ සමූහයන්ට වන්දනාමාන කිරීමට රත්‍රන් වසු පැටවුන් සකස් කිරීම, මිථ්‍යාලබ්ධිකයන් විසින් එම සමූහයන්ගේ මුදල් බලෙන් පැහැර ගැනීමට සාදා ගත් හේතුවක් පමණක් විය. දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය තබන අපව කිසිදාක අනුවණයන් ලෙස සලකනු නොලැබිය යුතුය. ඔබ ඔබගේ මුදල් රත්‍රන් වසු පැටවුන් නැමඳීමට පූජා කරන්නේ නම්, එය දෙවියන්ට පූජා නොකෙරෙන නමුදු, අවසානයේ දී ජෙරෝබෝම් මෙන් කෑදරකමින් පිරී සිටින ව්‍යාජ - පූජකවරුන්ගේ සාක්කුවලට එම මුදල් සතු වේ. ඔබ එවැනි මිථ්‍යාලබ්ධිකයන්ගේ උගුල්වලට කිසිදාක හසු නොවිය යුතුය.
එසේ නම්, සොලමන්ගේ දහසක් වූ දැවුණු පූජාවලින් දෙවියන් වහන්සේ සන්තෘප්ත වූයේ මන්ද? මන්දයත්, සොලමන් ඔහුගේ ස්වකීය පාප දත් බැවින්, ඒවා සඳහා ඔහුට මරණයට පත් වීමට සිදු වන බව පිළිගෙන, විශ්වාසයට අනුකූලව පූජාවන් පුද කළ හෙයිනි. ඔහු දෙවියන් වහන්සේගේ ගැලවීම උදෙසා දැවුණු පූජා දහසක් කෘතඥතාවෙන් පූජා කළේය. ජලයෙන් සහ ආත්මයෙන් ගැලවීම පිළිබඳ සිතමින්, සොලමන් දිනපතා දැවුණු පූජා දහසක් පූජා කළේය.
දැන්, ඔබ කවදාකවත් ව්‍යාජ පූජකයන්ට නොරැවටෙනු පිණිස, මිථ්‍යාලබ්ධියෙහි සැබෑ අර්ථය මතකයෙහි තබා ගත යුතුයි.
යළි ඉපදීමෙන් තොරව දේවගැති කාර්යයන් සිදු කරන පුද්ගලයෝ මිථ්‍යාලබ්ධිකයෝ වෙති
යළි ඉපදීම සම්බන්ධව මිථ්‍යාලබ්ධිකයන්
පවසන්නේ කුමක්ද?
ඔවුන් දර්ශනයන්, සිහින සහ විවිධ වර්ගයේ
ආධ්‍යාත්මික අත්දැකීම් සමඟ යළි ඉපදී ඇති
බව ඔවුහු පවසති
තමන් පවා විශ්වාසයෙන් නොඉපදී ඇති, එනමුත් අන් අයට යළි ඉපදීම උගන්වන බොහෝ දෙනෙක් වෙති. ඔවුහු සියලුදෙනා මිථ්‍යාලබ්ධිකයෝ ය. ඔවුන් ජලයේ සහ ආත්මයේ ශුභාරංචිය පිළිබඳ නොදන්නා හෙයින්, ඔවුනට යළි ඉපදීමට නොහැකිව සිටිය දී, ඔවුහු අන් අයට යළි ඉපදීමට පවසති. අපට සිනාසීම පමණක් කළ හැකිය.
ව්‍යාජ පූජකයෝ ජලයේ සහ ආත්මයේ ශුභාරංචිය විකෘති කරමින්, සාවද්‍ය ශුභාරංචියක් දේශනා කරති. ඔවුහු මිනිසුන්ට දිනපතා තම පාපයන් සෝදා හැර ගැනීමට පවසති.
“ගොස් කඳුමුදුන්වල යාච්ඤා කරන්න, උපවාස කිරීමට උත්සාහ කරන්න, දෙවියන් වහන්සේගේ කාර්යය සඳහා ඔබව කැප කරන්න, හිමිදිරිය උදා වන විටම යාච්ඤා කරන්න, කීකරු වන්න, දේවස්ථාන ගොඩනැඟිලි සඳහා මුදල් විශාල ප්‍රමාණයක් පූජා කරන්න, එනමුත් ඔබ ඔබගේ පාප වග බලා ගන්නා බවට කල්පනාවෙන් සිටින්න.”, යැයි ඔවුහු පවසති.
වරක්, අයෙකු යළි ඉපදී ඇති බවට සාක්ෂි දරන බව මට අසන්නට ලැබුණි. සිහිනයකින් ඔහු පේළියක සිටගෙන සිටි බවත්, ඔහුගේ වාරය පැමිණි විට, යේසුස් වහන්සේ ඔහුගේ නම හඩඟා ඇමතූ බවත් ඔහු පැවසුවේය. ඔහුගේ යළි ඉපදීම සඳහා සාක්ෂිය එය වූ බව ඔහු පැවසුවේය. එනමුත්, ඔහුගේ අවබෝධය නිවැරදි එකක් වන්නේ ද? යේසුස් වහන්සේ එලෙස නොපැවසූ සේක.
යොහන් 3:5 හි “යේසුස්වහන්සේ උත්තරදෙමින්: සැබවක් සැබවක් නුඹට කියමි-යමෙක් වතුරෙන්ද ආත්මයාණන්ගෙන්ද නූපන්නොත් ඔහුට දෙවියන්වහන්සේගේ රාජ්‍යයට ඇතුල්වෙන්ට බැරිය.“ , යැයි උන්වහන්සේ පවසන සේක. ජලයෙන් සහ ආත්මයෙන් ඉපදෙන අය හට පමණක් සැබවින්ම සැබෑ පූජකයන් බවට පත් විය හැකි බව දෙවියන් වහන්සේ පවසන සේක. යමෙකු තමන් යළි ඉපදී ඇත්තේ සිහින, මනස්සෘෂ්ටි, ආධ්‍යාත්මික ආභ්ලාදයන් හෝ පශ්චත්තාප වීමේ යාච්ඤාවලින් යළි ඉපදී ඇතැයි විශ්වාස කරන්නේ නම්, ඔහු මිථ්‍යාලබ්ධිකයෙකි.
මෙකල්හි, බොහෝ මිනිස්සු දෙවියන් වහන්සේගේ ලිඛිත වචනය කෙරෙහි විශ්වාසය නොතබන අතර, ජලයෙන් සහ ආත්මයෙන් යළි ඉපදීම වෙනුවට, ඔවුන්ගේ යම්කිසි නිකායකට අයත් ධර්මයන් පිළිගනිති. ජලයෙන් සහ ආත්මයෙන් යළි ඉපදීමේ ශුභාරංචිය දේශනා කිරීමට ප්‍රතික්ෂේප කරන පුද්ගලයෝ ව්‍යාජ - ක්‍රිස්තු භක්තිකයෝ සහ මිථ්‍යාලබ්ධිකයෝ වෙති.
සංශෝධකයෝ සහ පවතින ක්‍රිස්තු ධර්මය
සැබෑ ශුභාරංචිය අනෙකුත් ආගම්වලින්
මිශ්‍ර වන්නට සහ විකෘති වන්නට
ඇරඹූයේ කෙදිනක සිටද?
ක්‍රි.ව. 313 දී රෝමානු අධිරාජ්‍යවරයෙකු
වන කොන්ස්ටන්ටයින් මිලාන් රාජආඥාව
ප්‍රකාශයට පත් කළ කාලයේ දී පටන්ය
ක්‍රිස්තියානි දහමෙහි නිකායයන් ස්ථාපනය වූයේ කවදාද? ප්‍රෙස්බිටේරියන් (වැඩිමහල්ලන්ගේ පාලනයේ පවත්නා ක්‍රිස්තියානි නිකායකි), මෙතෝදිස්ත, බැප්ටිස්ට්වාදී, රෙපරමාදු නිකාය, ශුද්ධත්වය සහ පූර්ණ ශුභාරංචිය යනාදී විවිධ නිකායන් ඇරඹුණේ කවදාද? ප්‍රතිසංස්කරණය හට ගත්තේ වසර 500කට පමණ ඉහත දී පමණි.
පූර්ව ක්‍රිස්තු භක්තිකයන් යනු යේසුස් වහන්සේ මෙලොව වැඩ සිටින විට උන්වහන්සේව අනුගමනය කළ පිරිසය. “ක්‍රිස්තු භක්තිකයන්” යනුවෙන් අර්ථවත් වන්නේ “ක්‍රිස්තුස් වහන්සේව අනුගමනය කරන පුද්ගලයන්” වය.
ප්‍රථම ක්‍රිස්තියානුවන් වූයේ ධර්මදූතයන් සහ ඔවුන්ගේ ශික්ෂණයන්ය. දේවස්ථානයේ ධර්මදූතයන් සහ පියවරු ක්‍රි.ව. 313 දක්වා සැබෑ ශුභාරංචිය අනුගමනය කළහ. කෙසේවෙතත්, මහා කොන්ස්ටන්ටයින්ගේ මිලාන් රාජආඥාවෙන් පසු, ක්‍රිස්තියානුවන් සහ මිථ්‍යාලබ්ධිකයන් එකිනෙකා හා මුහු වන්නට ඇරඹිණි. වසර 1000කට අධික කලක් පැවති අඳුරු යුගය එහි ප්‍රතිඵලය විය.
පසුකාලීනව, 16 වන සියවස පූර්ව භාගයේ දී, “17කුමක්හෙයින්ද ධර්මිෂ්ඨයා ඇදහිල්ලෙන් ජීවත්වේයයි ලියා තිබෙන ලෙස“ (රෝම 1:17) යැයි පවසමින්, මාර්ටින් ලූතර් ප්‍රතිශෝධනය ප්‍රකාශයට පත් කළේය. මද කලකට පසුව, 1500~1600 කාලය අතරතුර දී,ජෝන් කැල්වින් සහ ජෝන් ක්නොක්ස් වැනි ප්‍රතිසංස්කාරකවරු කතෝලික දහමින් එපිටට ව්‍යාපාරය මෙහෙය වූහ. ප්‍රතිශෝධනය අත්පත් කර ගත් සියල්ල මෙය විය.
මෙම ප්‍රතිශෝධනය සරලවම රෝමානු කතෝලික දේවස්ථානවලින් වෙන්ව, නව දේවස්ථාන පිහිටුවීමට තැත් කළ ප්‍රයත්නයක් විය. ප්‍රතිසංස්කාරකවරු කතෝලික දහම මූලික වශයෙන් ප්‍රතික්ෂේප කිරීමක් ඔවුන් විසින්ම සිදු කරනු ලැබීමට උත්සාහ නොකළහ.
ඔවුන්ගේ අරමුණ වූයේ ජලයෙන් සහ ආත්මයෙන් යළි ඉපදීම කෙරෙහි තබන විශ්වාසය ප්‍රවර්ධනය කිරීම නොව, නමුදු, රෝමානු කතෝලික දේවස්ථානයේ බලවත් පීඩාව සහ දූෂණයෙන් ඔවුන්ව නිදහස් කර ගැනීමය. රෝමානු කතෝලික දේවස්ථානය මෙම ව්‍යාපාරය රෙපරමාදුවාදය ලෙස හඳුන්වයි. එහි අරුත වන්නේ උද්ඝෝෂකයන් යන්නයි.
මේ කාලයේ දී, අදණ්ඩනාවසරයන් විශාල මුදල් ප්‍රමාණයක් වැය කොට මිල දී ගත් විට, මිනිසුන්ට ඔවුන්ගේ මුතුන් මිත්තන් ස්වර්ගයට යැවිය හැකි යැයි පවසමින්, රෝමානු කතෝලික දේවස්ථාන ඔවුන්ව පෙළඹවීය. කතෝලික දහම මූලික වශයෙන් සාවද්‍ය වූයේ යැයි ලූතර්ට නොවැටහුණි. ඔහු ශාන්ත පීතරගේ ආසන දෙව්මැදුරෙහි ඉදිකිරීම් සඳහා මූල්‍යනය කිරීමට රෝමානු කතෝලික දේවස්ථාන අදණ්ඩනාවසරයන් විකිණීම නැවැත්වීමට පමණක් තැත් කරමින් සිටියේය.
එහි ප්‍රතිඵලයක් ලෙස, නූතන රෙපරමාදු දේවස්ථානවල කතෝලික දේවස්ථානයන්හි බොහෝ අවශේෂයන් අපට දැක බලා ගත හැකිය: ළදරු බෞතීස්මය, රෝමානු කතෝලික දේවස්ථානය යටතේ සිදු කරන පාපොච්ඡාරණයට සමාන පශ්චත්තාප යාච්ඤාවන්, ශුද්ධ වූ චාරිත්‍ර, දේව ධර්මය හා සම්බන්ධ පූජක විද්‍යාලවලින් උපාධි ලබන පුද්ගලයන් පමණක් දේවගැතිවරුන් ලෙස පිළිගැනීම, ප්‍රතාපවත් සහ උත්කර්ෂවත් දේවස්ථාන යන මේ සියල්ල රෝමානු කතෝලික දේවස්ථානවල ශේෂ වූ දේවල් වේ.
1500 වසරේ පූර්ව භාගයේ දී සිදු වූ ප්‍රතිශෝධනයේ සිට ගණන් කළ විට, රෙපරමාදුවාදයෙහි ඉතිහාසය වසර 500ක් පමණ පැවතිණි. මෙම 1500 වන වසර ප්‍රතිශෝධනයේ 481 වැනි සංවත්සරය වේ. මාටින් ලූතර් ඔහුගේ මවට එරෙහිව විරුද්ධත්වය පෑවේ වසර 481 පෙර පමණි යැයි ඔබට නොවැටහෙනු ඇත. එහි තුලනාත්මක තාරුණ්‍යය හමුවේ නීත්‍යානුකූලත්වයට හුදෙක් හිමිකම් පෑමට එහෙයින් රෙපරමාදුවාදයට නොහැකිවිය. ක්‍රිස්තියානි දහමේ ප්‍රතිශෝධනය තවමත් සිදු වෙමින් පවතියි. එමෙන්ම, එය නොකඩවා සිදු විය යුතුය.
කෙසේවෙතත්, අප සිත්හි තබා ගත යුතු එක් දෙයක් ඇත. ස්වර්ග රාජ්‍යයට පිවිසිය හැකි වනුයේ ජලයෙන් සහ ආත්මයෙන් ඉපදෙන අයට පමණක් බව අපි කිසිදාක අමතක නොකළ යුතුය. අපි දැන් එය දේශනා කරමු! ජලයෙන් සහ ආත්මයෙන් යළි ඉපදීමේ ශුභාරංචිය වන යේසුස් වහන්සේගේ ශුභාරංචිය ඔබ දේශනා කරන්නේද? එසේත් නොමැති නම්, ඔබ දෙවියන් වහන්සේගේ මෙහෙකරුවකු නොවේ. දෙවියන් වහන්සේට අප විශ්වාස කිරීමට අවශ්‍ය වන “ජලයෙන් සහ ආත්මයෙන් යළි ඉපදීමේ ශුභාරංචිය” එයයි. යේසුස් වහන්සේ යොහන් පරිච්ඡේද 3 හි නිකොදේමුස්ට ඉගැන්වූයේ ද එයයි.
බයිබල කතාබහ ජලයෙන් සහ ආත්මයෙන් ඉපදීමේ ශුභාරංචිය පිළිබඳව පමණක් කතාබස් කරන්නේ ද, නැතහොත් සමාජයේ යහපත උදෙසා ක්‍රියා කිරීම සහ ශුද්ධ වූ දිවියක් ගෙවීම වැනි අනෙකුත් දෑ සම්බන්ධයෙන් ද කතාබස් කරන්නේ ද? අනිවාර්යයෙන්ම, දෙවැන්න ද වැදගත් වේ. කෙසේවෙතත්, ඔබ ජලයෙන් සහ ආත්මයෙන් යළි ඉපදුණු විට, ඔබට එය සිදු කළ හැකියි. දෙවියන් වහන්සේගේ කැමැත්ත වනුයේ අප ශුභාරංචිය තුළ විශ්වාසය තැබීමය.
මිථ්‍යාලබ්ධියෙහි ඉගැන්වීම්
මිථ්‍යාලබ්ධිකයෙකු
යනු කවරෙකුද?
යේසුස් වහන්සේ කෙරෙහි විශ්වාසය තැබුවද,
තවමත් පාපිෂ්ඨයෙකු වන තැනැත්තා
ව්‍යාජ ක්‍රිස්තියානි, මිථ්‍යලබ්ධික විශ්වාසය ලොව තුළ සශ්‍රීකවීමට ආරම්භ වූයේ කෙදිනක සිටද?
1 රාජාවලිය පරිච්ඡේද 12-13 හි සඳහන් ව ඇති පරිදි, ජෙරෝබෝම්ගේ සමයේ දී ඊශ්‍රායල මිනිසුන් රාජධානී දෙකකට වෙන් කරනා තුරු, ඔවුහු එක් දෙවියන් වහන්සේ කෙනෙකු පමණක් වන්දනාමාන කළහ. එකල්හි සිට ක්‍රිස්තුස් වහන්සේ මෙලොවට සැපත් වීමට පෙර, මිථ්‍යාලබ්ධික විශ්වාසය සශ්‍රීක වීමට ඇරඹිණි. වර්තමානයේ දී ද ගැඹුරින් ක්‍රියා කරන මිථ්‍යාලබ්ධිකයෝ බොහෝ දෙනෙකු සිටිති.
යෙසායා පරිච්ඡේද 28 සහ තීතස් 3:10-11හි ඔවුන්ගේ ව්‍යාජ ක්‍රිස්තියානි ඉගැන්වීම් පිළිබඳ බයිබලය සාකච්ඡාවට බඳුන් කරයි. මිථ්‍යාලබ්ධිකයන් යනු යේසුස් වහන්සේ කෙරෙහි විශ්වාසය තැබුව ද, ඔවුන්ගේ හදවත් තුළ තවමත් පාපය සතු වන පුද්ගලයන් බව බයිබලය පවසයි. එවැනි ඕනෑම පුද්ගලයෙකු මිථ්‍යාලබ්ධිකයෙකු වේ.
එමෙන්ම, ඔවුහු යෙසායා 28: 9-10 හි සඳහන්ව ඇති පරිදි, “උන්වහන්සේ* දැනගැන්ම උගන්වන්නේ කාටද? පණිවිඩය තේරුම්කරදෙන්නේ කාටද? කිරිවැරූවන්ට සහ තනෙන් වෙන්වුණ දරුවන්ටද? (නොහොත්, ඔහු) මක්නිසාද අණ පිට අණය, අණ පිට අණය; පනත පිට පනතය, පනත පිට පනතය; මෙහි ටිකක්ය, එහි ටිකක්ය”, යනුවෙන් උගන්වති.
මිථ්‍යාලබ්ධිකයෝ ශික්ෂා පදයක් මතින් ශික්ෂා පදයක් එක් කරති. මින් අදහස් වන්නේ කුමක්ද? “ප්‍රවේශම් වන්න, ප්‍රවේශම් වන්න, යේසුස් වහන්සේ තුළ තබා ඇති ඔවුන්ගේ විශ්වාසය ඔස්සේ යළි ඉපදුණේ යැයි පවසන්නන්ගෙන් ප්‍රවේශම් වන්න.”, යැයි ඉන් අදහස් වේ. කුමන කාරණයක දී වුවත් ඔබට ප්‍රවේශම් වන ලෙස පමණක් ඔවුහු පවසති. ඔබ මිථ්‍යාලබ්ධියට හසු නොවනු පිණිස, සවන් නොදෙන මෙන්, සවන්දීමට නොයන මෙන් ඔවුහු පවසති.
කෙසේවෙතත්, ඔවුන් සතුව පවතින්නේ සත්‍යලබ්ධික විශ්වාසය බව ඔවුන් එතරම් විශ්වාසයෙන් පසුවන්නේ නම්, ඔවුන්ගේ ඇදහිලි දෙවියන් වහන්සේගේ වචනයෙන් වෙනස් වන්නේ යැයි පවසන පුද්ගලයන් පලවා හරින්නට ඔවුනට නොහැකි වන්නේ මන්ද? එය ඉතා දුක්ඛදායකය. ඔවුන් සත්‍යලබ්ධික ක්‍රිස්තියානුවන් යැයි පැවසුව ද, ඔවුන් මිථ්‍යාලබ්ධිය යැයි හඳුන්වන කරුණ මැඩපැවැත්වීමට ඔවුනට වචන සතු නොවේ. සැබෑ ක්‍රිස්තියානුවන්ට දෙවියන් වහන්සේගේ වචනය සමඟ ඕනෑම මිථ්‍යාලබ්ධිකයෙකු පරදවා ජය ගත හැකිය.
මෙදිනවල දී, සත්‍යලබ්ධික වනු ඇති ක්‍රිස්තියානුවන් යළි ඉපදෙන්නන්ගේ ඇදහිලි වෙනස් වන හෙයින්, ඔවුන්ව “මිථ්‍යාලබ්ධිකයන්” ලෙස හෙළා දකිති. ජලයේ සහ ආත්මයේ ශුභාරංචිය කෙරෙහි අප විශ්වාසය තබන විට දී, අප මිථ්‍යාලබ්ධිකයන් වන්නේ කෙසේද?
මිථ්‍යාලබ්ධිකයන් යැයි පවසන පුද්ගලයන් ජලයේ සහ ආත්මයේ ශුභාරංචිය දේශනා කරන්නේ නම්, ඔවුහු සැබෑ සත්‍යලබ්ධික ක්‍රිස්තියානුවෝ වෙති. එලෙසම, සත්‍යලබ්ධිකයන් වනු ඇති ක්‍රිස්තියානුවෝ ජලයේ සහ ආත්මයේ ශුභාරංචිය දේශනා නොකරති, එබැවින් ඔවුහු මිථ්‍යාලබ්ධිකයෝ වෙති.
“සත්‍යලබ්ධිකත්වය” සහ “මිථ්‍යාලබ්ධිකත්වය” යන්නෙහි වෙනස රඳා පවතින්නේ ඔවුන් ජලයේ සහ ආත්මයේ ශුභාරංචිය දේශනා කරන්නේ ද සහ ඔවුන් යේසුස් වහන්සේ කෙරෙහි විශ්වාසය තබන්නේ හා ඔවුන්ගේ හදවත් තුළ පාප සතු වන්නේ ද නොවන්නේ ද යන කාරණය මතය. ඔවුන් දෙවියන් වහන්සේගේ වචනය කෙරෙහි විශ්වාසය තබන්නේ නම් සහ ජලයෙන් සහ ආත්මයෙන් ඔවුන් ඉපදී ඇත්නම්, ඔවුන් මිථ්‍යාලබ්ධිකයන් වන්නේ කෙසේද?
යේසුස් වහන්සේගේ බෞතීස්මය සහ කුරුසය මත උන්වහන්සේගේ රුධිරය කෙරෙහි විශ්වාසය තබා, පාපයෙන් සම්පූර්ණයෙන්ම පිරිසිඳු වීම මිථ්‍යාලබ්ධිය වන්නේද? ජලයේ සහ ආත්මයේ ශුභාරංචිය කෙරෙහි විශ්වාසය නොතැබීම “සත්‍යලබ්ධිකත්වය” වන්නේද?
බයිබලය සම්බන්ධව අවිනිශ්චිතව සිට ඉන් ඈත්ව සිටින, එනමුත් “සත්‍යලබ්ධික” ක්‍රිස්තියානුවන් යැයි පවසන යම්කිසි නිකායකට අයත් පුද්ගලයන් බොහෝ දෙනෙක් සිටිති. ඔවුන් බයිබලයෙහි නිශ්චිත කොට ඇති පරිදි ජලයෙන් සහ ආත්මයෙන් යළි ඉපදීම සම්බන්ධව අවිනිශ්චිත බවින් යුතුව ඈත්ව සිටින්නේ මන්දයත්, ඔවුන් යේසුස් වහන්සේගේ බෞතීස්මය (ජලය) ප්‍රතික්ෂේප කරමින්, කුරුසය මත රුධිරය පමණක් දේශනා කරන හෙයිනි.
වර්තමානයේ දී රෝමානු කතෝලික දේවස්ථානය සහ රෙපරමාදු දේවස්ථානය අතර පවතින වෙනස කුමක්ද? රෝමානු කතෝලික දේවස්ථානයට එරෙහිව ප්‍රතිශෝධකයන් කැරලි ගසන්නට පටන් ගත් විටම, රෝමානු කතෝලික දේවස්ථානයෙන් පිටතට ඔවුන් පැමිණ, රෙපරමාදුවාදය ගොඩනැඟූ විගස, අප ද අන්ධ ක්‍රිස්තියානුවන් සහ ව්‍යාජ පූජකයන්ට එරෙහිව කැරලි ගැසිය යුතුය. සැබෑ ශුභාරංචියට අපගේ දෑස් විවර කොට, සැබෑ විශ්වාසය තබමින්, ජලයේ සහ ආත්මයේ ශුභාරංචිය ඔස්සේ සම්පූර්ණයෙන් අපට ගැලවීමට හැකි වනුයේ එවිට පමණි.
මිථ්‍යාලබ්ධිකයන් වීම වැළැක්වීමට
අප සිදු කළ යුත්තේ කුමක්ද?
අප ජලයෙන් සහ ආත්මයෙන්
යළි ඉපදිය යුතු වේ.
යේසුස් වහන්සේගේ බෞතීස්මය සහ කුරුසය මත උන්වහන්සේගේ රුධිරයෙහි ශුභාරංචිය තුළ විශ්වාසය තබන පුද්ගලයන් පමණක් සැබෑ සත්‍යය අනුගමනය කරන බව බයිබලය අපට පවසයි. යේසුස් වහන්සේ එලෙසින් නිකොදේමුස්ට පැවසූ බව යොහන් 3: 1-12 හි සඳහන් වේ.
මිථ්‍යාලබ්ධිකයෝ ඔවුන්ගේ අනුගාමිකයන්ට ඔවුන්ගේ විශ්වාසය තුළ සැදැහැවත් වන මෙන් සැම විටම ඔවුන්ව පොළඹවති. හිමිදිරිය උදාවෙත්ම යාච්ඤා කිරීමට ද, වඩා වෙහෙසී ක්‍රියා කිරීමට ද ඔවුන් තම අනුගාමිකයන්ව පොළඹවයි. එය අන්ධ මිනිසුන්ව දිවීමට පොළඹවන්නාක් මෙනි.
ඔබ කෙතරම් වෙහෙසී යාච්ඤා කළ ද, ඔබ ජලයෙන් සහ ආත්මයෙන් යළි නොඉපදෙන්නේ නම් මිස, ඉන් ඇතිවන පලක් නැත. ජලයෙන් සහ ආත්මයෙන් ඉපදෙන පුද්ගලයන් ධාර්මික බව අප පවසන විට, මිථ්‍යාලබ්ධිකයන් රෝම 3:10 හි එන “ඒ ගැන මෙසේ ලියා තිබේ: ධර්මිෂ්ඨ කෙනෙක් නැත, එසේය, එක්කෙනෙක්වත් නැත;“ යන්නට එරෙහිව ක්‍රියා කරයි. මෙම බයිබල වැකිය සමඟ, ඔවුහු අදහන්නන් මිථ්‍යාලබ්ධිකයන් යනුවෙන් ලේබල් ගසති.
කෙසේවෙතත්, යථාර්ථයෙන් ගත් කල, මිථ්‍යාලබ්ධිකයන් වන්නේ ඔවුහුය. බයිබල වැකියෙහි සැබෑ අර්ථය ඉන් ඇසෙන පරිදි සරල නොවේ. මිථ්‍යාලබ්ධිකයන් සම්පූර්ණ බයිබලය කියවා නොමැත. මෙලොව තුළ එකුදු හෝ ධර්මිෂ්ඨ මිනිසෙකු නැතැයි ප්‍රේරිත පාවුළුතුමා පැවසුවේය. දෙවියන් වහන්සේගේ ගැලවීමත් සමඟ, සියලු මානව වර්ගයා ඔවුන්ගේ පාපයෙන් නිදහස් කිරීමට මෙලොවට යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පැමිණීමට ප්‍රථම, මෙලොව කිසිදු ධර්මිෂ්ඨයෙකු නොසිටි බව පවසන බයිබල වැකියක් පමණක් පැරණි තෙස්තමේන්තුවෙන් උපුටා ගනිමින් පමණක් ඔහු සිටියේය. කෙසේවෙතත්, යේසුස් වහන්සේ විසින් ගලවා ගන්නා ලද පුද්ගලයන් ධර්මිෂ්ඨත්වයට පත්ව ඇත.
අප සම්පූර්ණ පරිච්ඡේදය කියවුවහොත්, අපට සත්‍යය දැකිය හැකි වේ. මිථ්‍යාලබ්ධිකයෝ ඔවුන්ගේ විශ්වාසයෙන් වෙනස්වන ඇදහීමක් තිබෙන පුද්ගලයන්ගෙන් ප්‍රවේශම් වන්නැයි ඔවුන්ගේ අනුගාමිකයන්ට අවවාද කරති. සත්‍යලබ්ධික දේවස්ථාන ලෙස ඔවුන් හඳුනා ගන්නා ඒවා හැරුණුකොට, අන් කවර හෝ ස්ථානයක නැමදීම ඔවුහු ඔවුන්ගේ අනුගාමිකයන්ට තහනම් කරති. එබැවින්, ඔවුන්ගේ ආගමික සමූහ ජලයෙන් සහ ආත්මයෙන් ශුභාරංචිය දේශනා කරන දේවස්ථානවලට යාමට බිය වෙති.
ඔවුන් සැබෑ ශුභාරංචියට බිහිරිබවට පත් වන අතර, ඔවුනට යළි ඉපදීමට නොහැකි වේ. සැබවින්ම මේවා නිරයෙහි පුත්‍රයන් සහ දියණියන් ගොඩනඟන සාවද්‍ය නායකයන්ගේ ඉගැන්වීම්ය. ඔවුන්ව දෙවියන් වහන්සේ විසින් විනිශ්චය කරනු ලැබෙනු ඇත. මිථ්‍යාලබ්ධිකයන්ට ආපසු දෙවියන් වහන්සේ වෙත යෑමට සිදු වේ.
මිථ්‍යාලබ්ධිකයන් යනු කවුරුන් ද? ඔවුන් ජලයේ සහ ආත්මයේ ශුභාරංචිය තුළ විශ්වාසය තැබීමෙන් ගැලවුණු පුද්ගලයන් ද, නැතහොත් යේසුස් වහන්සේ කෙරෙහි විශ්වාසය තබනවා යැයි පැවසුවත්, ජලයෙන් සහ ආත්මයෙන් යළි ඉපදීමට අපොහොසත් වූ පුද්ගලයන් ද?
“ස්වනින්දිතයා” යේසුස් වහන්සේ කෙරෙහි විශ්වාසය තබන, නමුත් “තමන් විසින් තමන්ව ම හෙළා දකින” පුද්ගලයින් මිථ්‍යාලබ්ධිකයන් බව තීතස් 3:11 හි පැවසෙයි.
ජලයෙන් සහ ආත්මයෙන් යළි ඉපදීමේ ශුභාරංචිය දේශනා කරන පුනර්ජීවන රැස්වීම් භයානක යැයි පවසමින්, ඒවාට නොයන මෙන් ඔවුහු තම අනුගාමිකයන්ට උගන්වති. “සත්‍යලබ්ධිකයෙකු” පරස්පර විශ්වාසයන්ට බිය විය හැක්කේ කෙසේද? ඔවුන් බියෙන් පසු වන්නේ මන්ද යත්, ඔවුනට ඔවුන්ගේ පාර්ශ්වයෙහි සත්‍යය නොතිබෙන හෙයිනි.“ මක්නිසාද අණ පිට අණය, අණ පිට අණය; පනත පිට පනතය, පනත පිට පනතය; මෙහි ටිකක්ය, එහි ටිකක්ය.“ මිථ්‍යාලබ්ධිකයන්ගේ ඉගැන්වීම් එපරිදි ය.
මිථ්‍යාලබ්ධික පූජකයෝ මේ පොතෙන් බිඳක්, අර පොතෙන් බිඳක්, දාර්ශනිකයන්ගේ වචනවලින් ද, සාහිත්‍යයෙන් ද උපුටා ගනිමින්, ඒවා ඔවුන්ගේ ස්වකීය සිතුවිලි සමඟ මිශ්‍ර කරමින්, සියල්ල සිත්ළඟන්නා අයුරින් නිර්මාණය කරති.
ඔවුන්ගේ අනුගාමිකයන් නූගත් යැයි ඔවුන් විශ්වාස කරන අතර, එම අනුගාමිකයන්ට ලෞකික ඉගැන්වීම් සිදු කිරීමට ඔවුහු වෙර දරති. සැබෑ දේවස්ථාන දෙවියන් වහන්සේගේ වචනය දේශනා කරන අතර, අදහන්නන් දෙවියන් වහන්සේගේ වචනය සම්බන්ධව දැනුවත්භාවය ලබා දෙයි. මිනිසුන් ලොව ආකාර තුළ දැනුවත්භාවය ලබා ගැනීමට දේවස්ථානයට නොපැමිණෙයි. බොහෝ විට, ඔවුන් දේවස්ථානයට පැමිණෙන්නේ ලොව තුළ ඔවුනට නොඇසෙන ස්වර්ගීය දේවල්වලට සවන් දීමටය. ඔවුන් පැමිණෙන්නේ යේසුස් වහන්සේගේ වචනයට සවන් දීමටය.
මිනිසුන් ඔවුන්ගේ දේවස්ථානයට පාපිෂ්ඨයන් මෙන් පැමිණෙන නමුදු, ඔවුනට පාපයක් නොමැති ධර්මිෂ්ඨ අදහන්නන් ලෙස දේවස්ථානයෙන් මතුවීමට අවශ්‍ය වේ. මිථ්‍යාලබ්ධික පූජකයන් ඔවුනට උගන්වන්නේ මොනවාද? දේව සේවකයන් විසින් සැබෑ ශුභාරංචිය දේශනය කරන පුනර්ජීවන හමු වෙත නොයන මෙන් ඔවුහු ඔවුන්ගේ අනුගාමිකයන්ට පවසති. ඔවුහු ඔවුන්ගේ අනුගාමිකයන් ජලයෙන් සහ ආත්මයෙන් යළි ඉපදීම වළක්වති.
එය ඉතා අනුවණ ක්‍රියාවකි. ඔවුනට ඔවුන්ගේ අනුගාමිකයන් මුළා කිරීමට හැකි වෙනු ඇති නමුදු, ඔවුනට කිසිදාක දෙවියන් වහන්සේ මුළා කළ නොහැකිය.
ව්‍යාජ පූජකයන් හට ඔවුන්ගේ
අනුගාමිකයන් ජලයෙන් සහ ආත්මයෙන්
යළි ඉපදවිය හැකි වන්නේ ද?
නැත. යළි ඉපදුණු පුද්ගලයන් හට පමණක්
අනෙකුත් පුද්ගලයන් යළි ඉපදවීමට හැකි වේ.
මිථ්‍යාලබ්ධිකයිනි, ඔබ දෙවියන් වහන්සේගේ සැබෑ සේවකයන් වන්නේ නම්, ආත්මය ඔබට නින්දා කරන හඬ ඔබට නෑසෙන්නේ ද? ඔබ ආපසු හැරිය යුතු වේ. ජලයෙන් සහ ආත්මයෙන් යළි ඉපදීමේ ශුභාරංචිය සැබෑ දේව සේවකයන් විසින් දේශනා කරනු ලබන පුනර්ජීවන හමුවලට ඔබේ අනුගාමිකයන් සහභාගී වීමට බාධා සිදු කිරීම ඔබ නවතා දැමිය යුතුයි.
මිථ්‍යාලබ්ධිකයන් ඔවුන්ගේ අනුගාමිකයන්ට හුදෙක්ම ඔවුන්ගේ දේවධර්මයෙන් පමණක් දැනුම ලබා දෙන හෙයින්, ඔවුනට අනෙකුත් න්‍යායන් හමු වූ කල, ඔවුන් පරාජයට පත් වේ. එය ඉතා දුක්ඛිත තත්ත්වයකි. ව්‍යාජ - පූජකයෝ දේව වචනයෙන් තොරව දේවගැති කාර්යය කිරීමට දක්ෂය. ඔවුන් ස්වකීය මුළා වූ වැටහීම් මත පමණක් පදනම්ව දේශනා කිරීම, උපදේශනය සහ දේවගැති කාර්යයන් සිදු කරයි. දෙවියන් වහන්සේගේ වචනයෙන් තොරව දේවගැති කාර්යයන් සහ දේශන කරන පුද්ගලයන් මිථ්‍යාලබ්ධිකයන් සහ බැලමෙහෙකම් කරන්නන් වේ (යොහන් 10:13).
ව්‍යාජ දේවගැතිවරුන් මිථ්‍යාලබ්ධිකයන් වන්නේ මන්දයත්, ඔවුන්ගේ අභ්‍යන්තර සහ බාහිර ආත්ම වෙනස් නිසාය. ඇතැම් මිනිසුන් ස්ථාපිත නිකායන්වලට නොගැළපෙන දේවස්ථාන මිථ්‍යාලබ්ධික දේවස්ථාන යැයි නිර්වචනය කරයි. කෙසේවෙතත්, එවැනි දේවස්ථානවලින් කිහිපයකට කිසිදු නිකායකට ඇතුළත් වීමට අවශ්‍ය නොවන්නේ මන්දයත්, බොහෝ දේවස්ථාන බයිබලයෙහි සැබෑ ඉගැන්වීම්වලින් බොහෝ දුරස්ව ක්‍රියාත්මක වන හෙයිනි.
මිථ්‍යාලබ්ධිකයෝ ඔවුන්ගේ ස්වකීය පාප ගැටලුව කිසිදාක විසඳා ගෙන නොමැති වුවත්, ඔවුන්ගේ අනුගාමිකයන්ට එයින් ගැලවෙන මෙන් පවසති. ඔවුන් ජෙරෝබෝම් නමැති පාපය සිදු කරයි. ඕනෑම පුද්ගලයෙකුට ඔහුගේ හදවත තුළ තවමත් පාපය තිබුණ ද දෙවියන් වහන්සේගේ කාර්යයන් සිදු කිරීමට තැත් කරන්නේ නම්, ඔහුගේ පාප සහ දෙවියන් වහන්සේගේ ශුද්ධත්වය මුළුමනින්ම එකට එකක් නොගැළපෙන බව ඔහු වටහා ගත යුතු වේ. ඔහු මිථ්‍යාලබ්ධිකයෙකු බව ඔහු දත යුතුය.
එබැවින්, දේශනා කරන හෝ දේවස්ථානය තුළ රාජකාරීන් සිදු කිරීමට තිබෙන කිසියම් පුද්ගලයෙකු තවමත් පාපිෂ්ඨයෙකු නම්, ඔහු මිථ්‍යාලබ්ධිකයෙකු බව ඔහු විසින් අවබෝධ කර ගනු ලැබිය යුතුය. ඔහු මිථ්‍යාලබ්ධිකයෙකු වන්නේ මන්දයත්, ඔහු ක්‍රිස්තුස් වහන්සේගේ ගැලවීම, ජලයෙන් සහ ආත්මයෙන් යළි ඉපදීමේ ශුභාරංචිය නොදන්නා හෙයිනි. යමෙකු මිථ්‍යාලබ්ධිකයෙකුගෙන් බයිබලය හදාරා, අනතුරුව ඒ ආකාරයෙන්ම අනෙකුත් පුද්ගලයන්ට එය උගන්වන්නේ නම්, ඔහු මිථ්‍යාලබ්ධිකයෙකු බවට පත් වෙයි.
ගසක ඵලයෙන් අපට ගස ගැන දත හැකිය. යේසුස් වහන්සේගේ බෞතීස්මය සහ උන්වහන්සේගේ රුධිරය කෙරෙහි විශ්වාසය තබමින් ධර්මිෂ්ඨත්වයට පත්ව ඇති අයට පමණක් ධර්මිෂ්ඨත්වය උසුලා ගත හැකි වන අතර, තවමත් පාපිෂ්ඨයන් වන අය පාපිෂ්ඨයන් ලෙස දරා සිටීමට නියම වී සිටී.“ 17එසේම සියලු හොඳ ගස් හොඳ ඵල දරයි; නුමුත් නරක ගහ නරක ඵල දරයි” (මතෙව් 7:17).
මිථ්‍යාලබ්ධික පූජකයන් ඔවුන්ගේ ධර්මදේශනවල දේශනා කරන්නේ මොනවාද?
මිථ්‍යාලබ්ධික පූජකයන් ඔවුන්ගේ
ධර්මදේශනවල දේශනා කරන්නේ
මොනවාද?
ලෞකිකමය දේවධර්මය සහ
මිනිසාගේ සිතුවිලි
ව්‍යාජ පූජකයන් මේ ගැන, ඒ ගැන සෙවිල්ලෙන් පසුවේ. ඔවුන් බෙහෙවින් ප්‍රවේශම්සහගත වන්නේ ඇයි? ජලයෙන් සහ ආත්මයෙන් යළි ඉපදීමේ පළුදු නොවූ විශ්වාසයක් ඔවුන් සතු නොවන හෙයින්, ඔවුන්ගේ මුසාවන් අනාවරණය නොවනු පිණිස, ඔවුනට සෝදිසියෙන් පසුවීමට සිදුවේ.
මිථ්‍යාලබ්ධිකයන් මෙහෙන් බිඳක්, එහෙන් බිඳක් ගෙන ධර්මය දෙසයි. ඔවුහු මිනිසුන් රවටමින්, ශුභාරංචියේ සැබෑ අර්ථය නොදනිමින් උගන්වති.
“එබැවින් ඔවුන් ගොස් පස්සට වැටී පොඩිවී මලපතක වැටී අසුවෙන පිණිස: අණ පිට අණය, අණ පිට අණය; පනත පිට පනතය, පනත පිට පනතය; මෙහි ටිකක්ය, එහි ටිකක්ය යන පිළිවෙළින් ස්වාමීන්වහන්සේගේ වචනය ඔවුන්ට වන්නේය” (යෙසායා 28:13).
“මෙම වචනවලින් ග්‍රීක භාෂාවෙන් ද, හේබ්‍රෙව් භාෂාවෙන් ද මෙසේ සහ මෙසේ අදහස් වේ. එමෙන්ම, එවැනි සහ එවැනි න්‍යායන් ඇත.” යැයි පෙළින් පෙළට ඔවුහු පවසති. හුදෙක්ම කළු සහ සුදු පදවලින් ප්‍රකාශිත ගැලවීමේ න්‍යායකට ඔවුන් මුහුණ දුන්හොත්, ඔවුනට ප්‍රවේශම් වන්න යැයි ද ඔවුහු අවවාද කරති. “මාර්ටින් ලූතර් මෙසේ පැවසූ බවත්, ජෝන් කැල්වින් එසේ පැවසූ බවත් සහ ඒ අතරතුර ජෝන් නොක්ස් එවැනි හා එවැනි දෑ පැවසූ බවත් ඔවුන් පවසන අතර, ඒ සියල්ල ඒවායේ ස්වකීය ආකාරයෙන් අර්ථයක් හඟවන බව අපි සිතන්නෙමු.”
ඔවුන් කතාබහ කරමින් සිටින්නේ කුමක්ද යන්න පිළිබඳව හෝ ඔවුන් විශ්වාසය තබා ඇත්තේ කුමක් තුළ ද යන්න පවා ඔවුහු නොදනිති. සැබෑ විශ්වාසය සතු පුද්ගලයාට කළු සහ සුදු පදයන් තුළ සත්‍යය ප්‍රකාශ කළ හැකිය. සැබෑ අදහන්නන්ට යළි ඉපදුණු අයගේ සහ යළි ඉපදී නොමැති අයගේ වෙනස පැහැදිලිව පැවසිය හැකිය. ජලයෙන් සහ ආත්මයෙන් යළි ඉපදීමේ ශුභාරංචිය අපි පැහැදිලිව දේශනා කරන්නෙමු.
එහෙත්, මිථ්‍යාලබ්ධිකයන් පසුවන්නේ ව්‍යාකූල ලෝකයක් තුළ ය. ඔවුන්ගේ ඇදහිල්ල වවුලෙකු මෙනි. දවස පුරා ගුහාවක් තුළ කල් ගත කිරීමට වවුලෙකු ප්‍රිය කරන්නාක් සේ, මිථ්‍යාලබ්ධිකයන් මෙම න්‍යායට සහ ඒ න්‍යායට ප්‍රිය වී, එය සහ මෙය තුළ විශ්වාසය තබයි. සත්‍යය කුමක් දැයි ඔවුන් කිසිදාක නොදනී. මිථ්‍යාලබ්ධික පූජකයෙකු නිරයට යන විට, ඔහුගේ අනුගාමිකයන් ඔහුව අමිහිරි අන්තයට කැටුව යයි. බොහෝ පුද්ගලයන් අවසානයේ නිරයෙන් කෙළවර දකිනුයේ මන්දයත්, ඔවුන් සාවද්‍ය ශාස්තෘවරයන් කෙරෙහි විශ්වාසය තබන හෙයිනි.
ඔබේ දේවගැතිවරයා ජලයෙන් සහ ආත්මයෙන් යළි ඉපදී ඇත්තේ ද? ඔහු බයිලබයෙහි සඳහන්ව ඇති පරිදි යළි ඉපදීමේ ශුභාරංචියේ වචන දේශනා කරන්නේ ද? ඔහු එසේ කරන්නේ නම්, ඔබ සැබවින්ම වාසනාවන්ත වන අතර, ඔහු එලෙස නොකරන්නේ නම්, ඔබ ශාපලද්දෙකි. ඔබ ජලයෙන් සහ ආත්මයෙන් යළි ඉපදී නොමැති නම්, ජලයෙහි සහ ආත්මයෙහි ශුභාරංචියට ඔබ සවන් දිය යුතු අතර, එය විස්තර කරන පොත් කියවා, යළි ඉපදිය යුතුය.
මිථ්‍යාලබ්ධිකයන් ජලයෙන් සහ ආත්මයෙන් යළි ඉපදීමේ ශුභාරංචියට අකමැත්තෝ වෙති. “යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපගේ පාප මකා දැමීමට මෙහි පැමිණි අතර, උන්වහන්සේ එය පමණක් සිදු කළ සේක. උන්වහන්සේ තවමත් අපගේ පාප සෝදා හරිමින් සිටින අතර, අනාගතයෙහි ද එලෙස කිරීමට අඛණ්ඩව ක්‍රියා කරනු ඇත.”, යැයි ඔවුහු දේශනා කරති. මෙය සැබෑවක් වන්නේ කෙසේද? ඔවුන් ධර්මිෂ්ඨ බව ඔවුන්ම පවසයි. එක් මොහොතක දී ඔවුන් ධර්මිෂ්ඨයන් වන අතර, ඊළඟ මොහොතේ දී පාපිෂ්ඨයන් වේ.
ඔවුන්ගේ ධර්මය සාවද්‍ය දේවධර්මයකි. එය අසත්‍යයකි. මේ මොහොතේ දී ධර්මිෂ්ඨයෙකු වන, පසුව පාපිෂ්ඨයෙකු වන ඕනෑම පුද්ගලයෙකු සාවද්‍ය ශාස්තෘවරයෙක් වන්නේය. තමන්වම හෙළා දකිනා, තමන්වම දූෂණය කරනා ඕනෑම පුද්ගලයෙකු ද එලෙස වේ.
දෙවියන් වහන්සේගේ ශාපය ඇත්තේ මිථ්‍යාලබ්ධිකයන්ගේ අනුගාමිකයන් මතය
මිථ්‍යාලබ්ධිකයන් වඩාත් අවධාරණයක්
තබන්නේ කුමක් මත ද?
කාර්යයන් මත
මිථ්‍යාලබ්ධිකයෝ ස්ථීර පුද්ගලයන් නොවෙති. ඔවුන්ගේ අනුගාමිකයන් ඔවුන් වෙත ගොස්, ඔවුන්ගෙන් යළි ඉපදෙනුයේ කෙසේදැයි විමසූ විට, ඔවුනට තම අනුගාමිකයන්ට ජලයෙන් හා ආත්මයෙන් යළි ඉපදීමට මඟ පෙන්වා දීමට නොහැකි වේ. සත්තකින්ම, ඔවුන් සිදු කරනුයේ අපූර්ව සිහිනවලින් යළි ඉපදිය හැකි යැයි යන හාස්‍යජනක අදහස ඔවුන්ගේ අනුගාමිකයන් හට ලබා දීමයි. එය ඉතාමත් හාස්‍යජනකය.
“යමෙක් වතුරෙන්ද ආත්මයාණන්ගෙන්ද නූපන්නොත් ඔහුට දෙවියන්වහන්සේගේ රාජ්‍යයට ඇතුල්වෙන්ට බැරිය", යැයි යොහන් පරිච්ඡේද 3හි දී යේසුස් වහන්සේ පැවසූ සේක. කෙසේවෙතත්, මෙදිනවල යළි ඉපදෙන ධර්මිෂ්ඨ පුද්ගලයන් බිය සැක නැති මිථ්‍යාලබ්ධිකයන් ලෙස හැඳින්වේ.
මිථ්‍යාලබ්ධික පූජකවරුන් ඔවුන් නිහතමානී යැයි පවසා ගන්නා හෙයින්, ඔවුනට ධර්මිෂ්ඨ යනුවෙන් හැඳින්විය නොහැකි බව පවසයි. “දේශකයෙකු ජලයෙන් සහ ආත්මයෙන් යළි ඉපදීමේ ආශිර්වාදය පිළිබඳ සාකච්ඡා කිරීමට සැලසුම් කරනා කිසිදු පුනර්ජීවන හමුවකට සහභාගී නොවන්න. ඔබ යළි ඉපදුණහොත්, ඔබ මිථ්‍යාලබ්ධිකයෙකු වනු ඇත. ඔබව මෙම දේවස්ථානය හෙළා දකිනු ඇත. ඔබට අප සමඟ සිටීමට අවශ්‍ය නම්, පාපිෂ්ඨයෙකු ලෙස රැඳෙන්න, එවිට දෙවියන් වහන්සේ කාලය පැමිණි විට ඔබව ධර්මිෂ්ඨත්වයට පත් කරනු ඇත.”, යැයි ඔවුහු ඔවුන්ගේ අනුගාමිකයන්ට පවසති. ඔවුන් පවසන්නේ එය යි. ඔවුන් සැබවින්ම අර්ථවත් කරනුයේ යළි ඉපදීම හෝ නොඉපදීම තීරණය කිරීම ඔබ සතු කාරණයක් බවයි.
“ඔබට අප සමඟ රැඳීමට සිදු වෙන නමුත්, යළි ඉපදීම ඔබ සතු වගකීමකි. එහෙයින්, ඔබේ ස්වෝත්සාහයෙන් උත්හාස කරන්න. ඔබ දැන් සිටින ආකාරයට රැඳෙන්න, කාලය පැමිණි විට දෙවියන් වහන්සේ ඉදිරියට යන්න, එවිට ඔබට සත්‍යය හමුවනු ඇත. ඉන්පසු සිදු වනු ඇත්තේ කුමක්දැයි මම නොදනිමි. නමුත් මෙය සත්‍යලබ්ධික දේවස්ථානයකි, එබැවින් ඔබට අප සමඟ රැඳීමට සිදුවේ.”, යැයි මිථ්‍යාලබ්ධිකයෝ ඔවුන්ගේ අනුගාමිකයන්ට පවසති. ඔබ මෙය සත්‍යයක් යැයි සිතන්නේද?
මෙම මිථ්‍යාලබ්ධික පූජකයෝ මෙයින් බිඳක් හා එයින් බිඳක් ගෙන, ඔවුන්ගේ ම න්‍යායන් ගොඩනඟා ගනිති. එවිට ඔවුනට එය පමණක් එකම සත්‍යය බවට පත් වෙයි. ඔවුහු ජලය සහ ආත්මය පිළිබඳ අපට පවසන දේව වචනය පිළිබඳ නොදනිති.
මිථ්‍යාලබ්ධිකයෝ ඔවුන්ගේ ස්වකීය සිතුවිලිවලට අනුව බයිබලය අර්ථකථනය කරති. බයිබලය එහි සඳහන්ව ඇති වචනවල ස්වරූපයෙන්ම අප අරථකථනය කළ යුතුව ඇති නමුත්, ඔවුන් එය අර්ථකථනය කරනුයේ ඔවුන්ගේ ම ආකාරයකිනි. ක්‍රිස්තියානි දහමෙහි බොහෝ දේවධර්මධරයන් සහ නිකායන් ඇත්තේ එහෙයිනි.
මිථ්‍යාලබ්ධික නිකාය සහ දේවධර්මධරයන් බොහෝ දෙනෙකු සිටිනා හෙයින්, ගණනය කළ නොහැකි ප්‍රමාණයක මිථ්‍යාලබ්ධික ග්‍රන්ථ තිබේ. ව්‍යාජ පූජකයෝ ඔවුන් දේශනා සිදු කරන විටථ මෙම ග්‍රන්ථයෙන් බිඳක් හා එම ග්‍රන්ථයෙන් බිඳක් වශයෙන් උපුටා හැර දක්වති. කෙසේවෙතත්, සැබෑ පූජකයෝ හුදෙක්ම බයිබලයෙන් පමණක් දේශනා කරති.
මිථ්‍යාලබ්ධිකයෝ ඔවුන්ගේ විවිධ උපාය මාර්ග ඔස්සේ ඔවුන්ගේ අනුගාමිකයන්ගේ මුදල් බලෙන් ලබා ගනිති. ඔවුහු මෙලොවෙහි කා බී දිවි ගෙවන අතර, ඔවුන් යළි ඉපදීමට අපොහොසත් වන හෙයින්, අවසානයේ නිරයට යති. දෙවියන් වහන්සේ ඔවුනට සකස් කොට ඇති අවසානය වන්නේ මෙයයි.
දෙවියන් වහන්සේ ඔවුන්ව ආරම්භයේ දී ඉවසා දරා ගන්නා සේක. එනමුත්, ජලයෙන් සහ ආත්මයෙන් යළි ඉපදීමේ ආශිර්වාදය පිළිගැනීම අචලව ප්‍රතික්ශේප කරන පුද්ගලයන්ව උන්වහන්සේ නිරයට පිටත් කර හරිනු ඇත.
දෙවියන් වහන්සේ මිථ්‍යාලබ්ධිකයන් විනිශ්චය කරනු ඇත. මිථ්‍යාලබ්ධිකයෝ මහත් උනන්දුවෙන් දෙවියන් වහන්සේ තුළ විශ්වාසය තබන අතර, ආරම්භයේ දී බයිබල විවරණය සහ දේවධර්මය පිළිබඳ වූ කාර්යයන් සහිත පොත් වෙලුම් ගණනින් පරිභෝජනය කරති. එනමුත්, අනතුරුව කෙමෙන් කෙමෙන්, ඔවුන්ගේ අනුගාමිකයන්ට යළි කිසිදාක ඉපදීමට නොහැකි වන සේ, ඔවුහු මිනිසෙකුගේ ශික්ෂා පදවලින් දේශනා කිරීමට ආරම්භ කරති.
මිථ්‍යාලබ්ධිකයෝ ද ඔවුන්ගේ ලෞකික කාර්යයන් කෙරෙහි අතිමහත් අවධාරණයක් තැබීමට පෙළඹෙති. ජලයෙන් සහ ආත්මයෙන් යළි ඉපදීමේ ශුභාරංචිය දේශනා නොකරන ඕනෑම දේවගැතිවරයෙකු දෙවියන් වහන්සේ ඉදිරිපිට මිථ්‍යාලබ්ධිකයෙකු වේ.
ඔවුහු කිසිදු නිමක් නැති අවසානයක් වෙත යෑමට ඔවුන්ගේ අනුගාමිකයන් පීඩනයට ලක් කරති. ඔවුන් තම අනුගාමිකයන්ට මුළු රැය පුරා යාච්ඤා කෙරෙන දින 40 වැඩසටහන්, හිමිදිරි උදෑසන යාච්ඤා කෙරෙන දින 100 වැඩසටහන්, කඳු මත සිට සිදු කරන යාච්ඤා, දැවුණු පූජා දහසක්, පුනර්ජීවන හමු සඳහා දායකවීම් යනාදී වැඩසටහන් සඳහා සහභාගී වන මෙන් බලාත්කාරකම් කරති. සෑම අදහන්නෙකුම කෙතරම් ප්‍රමාණයකින් දායක වී ඇති දැයි පෙන්වීමට ඔවුහු ප්‍රස්ථාරයක් පවා අඳිති. ඔවුන්ගේ කාර්යයන්හි ඵලය දෙස පමණක් බලා, ඔවුන් මිථ්‍යාලබ්ධිකයන් බව අපට පැවසිය හැකිය.
දෙවියන් වහන්සේගේ සාපය ඔවුන්ගේ අනුගාමිකයන්ට ද සිදු වේ. යළි ඉපදීමෙන් තොරව දේශනාවන්හි යෙදෙන දේවගැතිවරයන් සහ ඔවුන්ගේ අනුගාමිකයන් යන සියල්ලන් දෙවියන් වහන්සේගේ සාපය යටතට වැටෙයි.
මිථ්‍යාලබ්ධිකයෝ ඔවුන්ගේ අනුගාමිකයන්ගේ මනස් කියවීමට උත්සාහ දරති
මිථ්‍යාලබ්ධිකයන් ඔවුන්ගේ
අනුගාමිකයන්ගේ මනස් කියවීමට උත්සාහ
කරනුයේ මන්ද?
ඔවුන් යළි ඉපදී නැති හෙයින්,
නමුත් ඔවුන්ගේ හදවත් තුළ ආත්මයෙන් තොරව,
කුහකත්වයෙන් දේවගැතිකම් සිදු කරයි.
මිථ්‍යාලබ්ධික පූජකයෝ සෑම දිනකම හඬති. ඔවුනට දේවස්ථානයෙහි ජ්‍යෙෂ්ඨ උපස්ථායකයින් සහ උපස්ථායිකාවන්, සාමාන්‍ය උපස්ථායකයින් සහ ගිහියන් පවා සතුටු කරන බව තහවුරු කිරීමට සිදුවේ. ඔවුන් සෑම දිනකම ඉහළට ගමන් කරනුයේ එලෙසිනි.
ඔවුහු සෑම දිනකම මිථ්‍යාලබ්ධිකයන් ලෙස හැසිරෙති. “ශුද්ධවන්ත මෙන්ම, අනුකම්පා සහගතය...” ඔවුන් පාපයෙන් පිරී සිටින නමුත්, ඔවුනට ශුද්ධ වූ දේවල් සම්බන්ධව කතා කිරීමට සිදුවේ. එබැවින්, ඔවුන් ගතව යන සෑම දිනයක් සමඟම වඩා කුහකත්වයෙන් පිරී පුද්ගලයන් බවට පත්වේ.
“තමන් තුළ ආත්මය නොමැතිව දේවගැති කාර්යයන් ඉටු කිරීම සාපයකි.”, යැයි දේශකයෙක් වරක් පැවසුවේය. මින් අදහස් වනුයේ කුමක්ද යත්, ගැලවීමෙන් තොරව දෙවියන් වහන්සේගේ කාර්යය සිදු කිරීම මිථ්‍යාලබ්ධික වන බවත්, එය ශාපලත් දිවියක් බවත්ය. ඔබ මෙම මිථ්‍යාලබ්ධිකයන් අතරින් අයෙකු නම්, ඔබට ජලයෙන් සහ ආත්මයෙන් යළි ඉපදීමට සිදුවේ.
යේසුස් වහන්සේ කෙරෙහි විශ්වාසය තබන, එනමුත් යළි ඉපදී නොමැති ඕනෑම අයෙකු මිථ්‍යාලබ්ධිකයෙකි. මීට අමතරව, සෑම අයෙකුටම ජලයෙන් සහ ආත්මයෙන් යළි ඉපදීමේ ශුභාරංචිය වෙත ආපසු හැරී යෑමට සිදුවේ. ජලයෙන් සහ ආත්මයෙන් යළි ඉපදෙන ධර්මිෂ්ඨයන් හට පමණක් අනෙක් පුද්ගලයන්ට ශුභාරංචිය දේශනා කළ හැකිය.
මිථ්‍යාලබ්ධිකයෝ හුදෙක් ම සාමය උදෙසා පමණක් හඬ නඟති
මිථ්‍යාලබ්ධික පූජකයන් ඔවුන්ගේ
අනුගාමිකයන් තෘප්තිමත්
කරනුයේ කෙසේද?
ඔවුන්ගේ අනුගාමිකයන් පාපිෂ්ඨයන් වුවත්, ඔවුනට
ස්වර්ග රාජ්‍යයට පිවිසිය හැකි වන බව පවසමින්,
ඔවුහු සැම විටම සාමය උදෙසා හඬ නඟති.
“එබැවින් යෙරුසලමෙහි සිටින මේ සෙනඟ ආණ්ඩුකරන නින්දාකාර මනුෂ්‍යයෙනි, ස්වාමීන්වහන්සේගේ වචනය අසාපල්ලා. අපි මරණය සමග ගිවිසුමක් කොට පාතාලය සමග පොරොන්දුවකට බැඳී සිටිමුව; ගලාඑන විපත පැමිණෙන විට එය අප වෙතට නොඑන්නේය; මක්නිසාද අපි බොරුව අපේ රක්ෂාස්ථානය කරගන වංචාකමෙහි සැඟවී සිටිමුයයි නුඹලා කීවහුය (හෙබ්‍රෙව්: ෂෙයෝල)”, යැයි යෙසායා 28:14-15 හි සඳහන් වේ.
මෙහි සිටින අවඥා සහගත මිනිසුන් කවුරුන්ද? තම ස්වකීය නොමනා විශ්වාසයන් සමඟ මුහු කරමින්, දෙවියන් වහන්සේගේ වචනය දේශනා කරන්නේ ඔවුහුය. දේශකයෙකුගේ සිතුවිලි කුමක් වුවත්, දේවධර්මය කුමක් පැවසුවත්, ඔහු බයිබලයෙහි සැබෑ අර්ථකථනයක් පිරිනැමිය යුතුවේ. එහෙත්, මිථ්‍යාලබ්ධික පූජකයෝ ඔවුනට සුදුසු යැයි හැඟෙන ආකාරයෙන් බයිබලය දේශනා කරති. මොවුහු අවඥා සහගත පුද්ගලයෝ වෙති.
“අපි මරණය සමග ගිවිසුමක් කොට පාතාලය* සමග පොරොන්දුවකට බැඳී සිටිමුව; ගලාඑන විපත පැමිණෙන විට එය අප වෙතට නොඑන්නේය;”
දඬුවම ඔවුන් හරහා නොයනු ඇති බවට මිථ්‍යාලබ්ධිකයෝ පවසති. ඔවුහු මිනිසුන්ට කණගාටු නොවන ලෙස පවසති. විනාශය සහ නිරය ඔවුන් සඳහා රැඳී සිටින නමුත්, ඔවුන් පවසනුයේ කණගාටු නොවන ලෙසත්, විනාශය සහ නිරය ඔවුන් සඳහා නොපවතින බවත්ය. එබැවින්, ඔබ ජීවත් වන්නට පතන්නේ නම්, එවැනි මිථ්‍යාලබ්ධිකයන්ගෙන් ඔබට ඈත් වී විසීමට සිදුවේ.
ඔබට ජලයෙන් සහ ආත්මයෙන් යළි ඉපදීමට සිදු නොවන බව මිථ්‍යාලබ්ධිකයෝ පවසති. එය සත්‍යයක්ද? නැත, සැබවින්ම නැත. ඔබ ජලයෙන් සහ ආත්මයෙන් යළි ඉපදුණහොත් මිස, ඔබට ස්වර්ග රාජ්‍යයට ඇතුළු විය නොහැකිය.
ස්වර්ග රාජ්‍යයට ඇතුළු වීමේ කිසිදු ගැටලුවක් නොමැතිද? මෙය නිරයෙහි දැවුණාට කිසිදු ගැටලුවක් නැතිදැයි අසන්නාක් මෙනි. ගැටලු දෙකටම පිළිතුරු නැත යන්න පැවසීමට අවශ්‍ය නොවේ. දැන් අපි සියලුදෙනා ජලයෙන් සහ ආත්මයෙන් යළි ඉපදීමේ ශුභාරංචිය තුළ විශ්වාසය තබා, එක්ව ස්වර්ග රාජ්‍යයට පිවිසෙමු.
මිථ්‍යාලබ්ධික පූජකයෝ ඔවුන්ගේ මිනිසුන්ට ඔවුන් යේසුස් වහන්සේ කෙරෙහි විශ්වාසය තබන හෙයින්, පාපිෂ්ඨයන් ලෙස සිටීම ඔවුනට කිසිදු ගැටලුවක් නොවන බවත්, ඔවුන් නිරයට පත් නොවනු ඇති බවත් පවසමින්, එම ජනතාව නොමඟ යවති.
ඔබ පාපිෂ්ඨයෙකු වුවත්, යේසුස් වහන්සේ ඔබව රැකබලා ගන්නේද? පාපිෂ්ඨයෙකුට ස්වර්ගයට යා හැකිද? ඔබ පාපිෂ්ඨයෙකු වුවත් ඔබ නිරයට යෑම ඔබට වැළැක්විය හැකි ද? ඔබ යේසුස් වහන්සේ කෙරෙහි විශ්වාසය තබන විට, ඔබේ හදවත තුළ පාපය තිබුණත්, ඔබට නිරයට යෑමට අවශ්‍ය නොවන බව බයිබලයෙහි සඳහන් වන්නේ ද?
මිථ්‍යාලබ්ධිකයෝ ඔවුන් වෙත මරණය නොපැමිණෙනු පිණිස, මරණය සමඟ ගිවිසුමක් සාදා ගෙන ඇති බව පවසති. අදහන්නෙකුට ඔහුගේ හදවත තුළ පාපය තිබුණත්, නිරය වෙත ඔහුගේ දඬුවම් නියම වීම ඔහුට වළක්වා ගත හැකි බව ඔවුහු පවසති. එය සැබවින්ම මේ ආකාරයෙන් සිදු වන බව ඔබ සිතන්නේද?
මිථ්‍යාලබ්ධිකයෝ ඔවුන්ගේ මිනිසුන්ට මරණය සහ නිරය ඔවුන් වෙනුවෙන් බලා නොසිටින බව පවසමින්, එම මිනිසුන් විශ්වාසයෙන් දිරි ගන්වති. මිථ්‍යාලබ්ධික පූජකයෝ යළි ඉපදී නොමැති පුද්ගලයන් දේවස්ථාන උපස්ථායකයින්, ස්ථවිරයන්, දේවගැතිවරුන් ලෙස පත් කරති. එහෙත්, ඔවුන් ජලයේ සහ ආත්මයේ ශුභාරංචිය කෙරෙහි විශ්වාසය නොතබන හෙයින්, ඔවුන් සියලු දෙනා අවසානයේ දී නිරයට පත් වන බව ඔවුන් දත යුතුය. ඔවුන් සිදු කළ යුත්තේ ඔවුන්ගේ අනුගාමිකයන් තුළ ජලයේ සහ ආත්මයේ ශුභාරංචිය තුළ විශ්වාසය කෙමෙන් කෙමෙන් ඇති කිරීමය.
අදහන්නන්, පාපිෂ්ඨයන් වුවත්, ස්වර්ගයට පිවිසීමට තවමත් සුදුසුකම් ලබන්නේද? පාපිෂ්ඨයෙකුට ස්වර්ගයට යා හැකිද? පාපිෂ්ඨයන්ට ස්වර්ගයට යා හැකි බව බයිබලය සඳහන් කරන්නේද? නැත. පාපය සහිත ධර්මිෂ්ඨ මිනිසෙකු සිටිය හැකිද? මේවා මිථ්‍යාදෘෂ්ටියේ සහ ව්‍යාජ - දේවධර්මයේ ඉගැන්වීම් වේ.
“මක්නිසාද පාපයේ කුලී නම් මරණයය;” (රෝම 6:23) යැයි බයිබලය පවසයි. එය දෙවියන් වහන්සේගේ නියමයයි. උන්වහන්සේ සියලු පාපිෂ්ඨයන් ඍජුවම නිරයට යවන සේක. මෙම දරුණු ඉරණමට පරස්පර ලෙස, කෙසේවෙතත්, ජලයෙන් සහ ආත්මයෙන් ඉපදුණු සියලු දෙනා ස්වර්ගයට පිළිගැනෙයි.
“අපි මරණය සමග ගිවිසුමක් කොට පාතාලය* සමග පොරොන්දුවකට බැඳී සිටිමුව; ගලාඑන විපත පැමිණෙන විට එය අප වෙතට නොඑන්නේය; මක්නිසාද අපි බොරුව අපේ රක්ෂාස්ථානය කරගන වංචාකමෙහි සැඟවී සිටිමුයයි නුඹලා කීවහුය.” මිථ්‍යාලබ්ධික පූජකයෝ එම බලපෑමට වචන පවසන අතර, ඔවුන්ගේ හදවත් තුළ ඔවුනට පාප තිබුණද, ඔවුන් නිරයට නොයනු ඇති බව ස්ථීරවම විශ්වාස කරති. ඔවුන් සාවද්‍ය සහ අසත්‍ය දේවධර්මයක් පිටුපස සැඟව සිටින හෙයින්, දෙවියන් වහන්සේට ඔවුනට උපකාර කිරීමට කිසිවක් කළ නොහැකි වේ. ඔවුහු තනිවම ඔවුන්ගේ දේවධර්මය තුළ විශ්වාසය තබති. ඔවුන් දෙවියන් වහන්සේගේ වචනය වෙනුවට ඔවුන්ගේ දේවධර්මය තුළ විශ්වාසය තබන හෙයින්, ඔවුන් මිථ්‍යාලබ්ධිකයන් වන අතර, නිරය සඳහා දෛවෝපගත පාපිෂ්ඨයෝ වෙති. එවැනි පුද්ගලයන් රාශියක් සිටීම කෙතරම් කනස්සලුදායක තත්ත්වයක් වන්නේද?
මිථ්‍යාලබ්ධිකයෝ මුදල් කෙරෙහි පමණක් උනන්දු වෙති
මිථ්‍යාලබ්ධික පූජකයන්ගේ
අරමුණ කුමක්ද?
ඔවුන්ගේ අනුගාමිකයන්ගේ හැකිතාක්
උපරිමයෙන් බලහත්කාරයෙන්
මුදල් ලබා ගැනීමටය.
මිථ්‍යාලබ්ධිකයන් සහ ව්‍යාජ පූජකයන් මුදල් කෙරෙහි පමණක් උනන්දුව දක්වයි. ඔවුහු ගිජු පුද්ගලයෝ වෙති. “මේ පුද්ගලයා මගේ දේවස්ථානයට පැමිණියහොත් කෙතරම් මුදලක් මට පිරිනමනු ඇති ද?” ඔවුහු ඔහු විසින් ගෙවනු ලබනු ඇති මුදල් ප්‍රමාණය පිළිබඳ සිතති. මෙය රත්‍රන් වහු පැටවෙකුට වන්දනා කිරීමක් වැනිය. “ස්වාමීනී, කරුණාකර මා හට සාර්ථකත්වයට පත් වීමට ඉඩ දෙන්න, මට මුදල් විශාල ප්‍රමාණයක් උපයා ගැනීමට ඉඩ දෙන්න.”, යැයි ව්‍යාජ පූජකයෝ මිනිසුන්ට එලෙස යාච්ඤා කරන මෙන් උගන්වති.
“ඔබ යේසුස් වහන්සේ කෙරෙහි විශ්වාසය තබන්නේ නම්, ඔබ බොහෝ මුදලක් උපයනු ඇති අතර, ඔබ නිසරු වන විට සරුබවට පත් වනු ඇත, එමෙන්ම, ඔබ ඔබේ ව්‍යාපාරයෙහි සාර්ථකත්වයට පත් වනු ඇත” යැයි ඔවුහු පවසති.
එබැවින්, බොහෝ මිනිසුන් මෙවැනි ව්‍යාජ පූජකයන් විසින් රැවටෙනු ඇති අතර, ඔවුන්ගේ මුදල් එම පූජකයන් විසින් බලෙන් ලබා ගන්නා අතර, ඔවුන්ගේ කරදර වෙනුවෙන් මොවුහු නිරයට පත් වෙති. මෙය කෙතරම් අසාධරණයක් ද! මෙම මිථ්‍යාලබ්ධික මන්ත්‍රය යටතට යමෙකු පැමිණෙන්නේ නම්, ඔහු ඔහුගේ මායාකරුවන්ට කෙතරම් මුදලක් වැය කොට ඇත්තේ ද යන වග දැන ගැනීමෙන් විශ්මයට පත් වනු ඇත. ඔහු ඔවුන්ව අනුගමනය කරමින්, ඔවුන් වෙනුවෙන් වෙහෙසී ක්‍රියා කිරීම වෙනුවෙන් ඔහුගේ අනුවණකමට ඔහුට ස්වයං දෝෂාරෝපණය සිදු කරගනු ඇත.
විශේෂයෙන්ම, මිථ්‍යාලබ්ධිකයෝ නීත්‍යානුකූල ආගමක් ලෙස ඔවුන් සලකන ආගම ඉතා ළැදිව අනුගමනය කරන්නෝ වෙති. ඔවුන්ගේ අනුගාමිකයෝ තමන්ව හිමිදිරි උදෑසන යාච්ඤා, කඳුකරයෙහි යාච්ඤා, විශේෂ කැපකිරීම්, මුදලින් කොටසක් ගෙවීම, සතිපතා පූජා කිරීම් යනාදිය සඳහා ඔවුන්ව කැප කරති. ඔවුන්ගේ අනුගාමිකයන්ගෙන් මුදල් ලබා ගැනීමට බොහෝ හේතු ඇත.
ඔවුන්ගේ අනුගාමිකයන් වෙහෙසී ක්‍රියා කරන නමුත්, කිසිවෙකු ජලයේ සහ ආත්මයේ ශුභාරංචිය ඔවුනට උගන්වා නොමැති හෙයින්, ඔවුන්ගේ හදවත් තුළ තවමත් පාපය ඇත. ඇතැමුන් ඒ පිළිබඳ විමසන නමුත්, ඔවුනට කිසි දිනක ඍජු පිළිතුරක් නොලැබෙයි. ජලයෙන් සහ ආත්මයෙන් යළි නොඉපදෙන ඕනෑම අයෙකු මිථ්‍යාලබ්ධිකයෙකු වේ.
අනුකම්පා සහගත මිථ්‍යාලබ්ධිකයන් සහ ඔවුන්ගේ අනුගාමිකයන්
ලොව වඩාත් අනුකම්පා සහගත
වන්නේ කවුරුන්ද?
ජලයෙන් සහ ආත්මයෙන් යළි නොඉපදී,
දේවගැති කාර්යයන් සිදු කරන පුද්ගලයන්ය.
“යෙරොබොවම් වනාහි එප්‍රායිම් කඳුරටෙහි ෂෙකෙම් ගොඩනගා එහි වාසය කෙළේය; ඔහු එතැනින් ගොස් පෙනුයෙල් ගොඩනැගුවේය. තවද යෙරොබොවම් තමාගේ සිතින් සිතනුයේ: ඉතින් රාජ්‍යය දාවිත්ගේ වංශයට හැරීයන්නේය. මේ සෙනඟ යෙරුසලමේ තිබෙන ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි පූජා ඔප්පුකරන්ට ගියොත් මේ සෙනඟගේ සිත් තමුන්ගේ ස්වාමිවූ යූදාවරුන්ගේ රජවූ රෙහොබොවම් වෙතට හැරී යන්නේය; තවද ඔවුන් මා මරා යූදාහි රජවූ රෙහොබොවම් වෙතට හැරී යනවා ඇතැයි කීවේය. එවිට රජ මන්ත්‍රණයකොට රන් වස්සන් දෙන්නෙක් සාදවා: යෙරුසලමට නැගීයාම නුඹලාට අමාරු වැඩිය; ඉශ්‍රායෙල්වරුනි, නුඹලා මිසර දේශයෙන් ගෙනාවාවූ නුඹලාගේ දෙවිවරු මේයයි ඔවුන්ට කීවේය. ඔහු එකෙක් බෙතෙල්හි සිටවා අනිකා දාන්හි තැබීය. ඒ කාරණය පාපයක් විය, මක්නිසාද මිනිස්සු ඒ ඉදිරියෙහි වඳින පිණිස දාන් දක්වා ගියේය. ඔහු උස්තැන් ගෙවල් කොට, ලෙවී පුත්‍රයන් නුවූ මුළු සෙනඟ අතරෙන් පූජකයන් පත්කෙළේය. තවද යූදාහි පවත්වන මංගල්‍යය මෙන් යෙරොබොවම් අටවෙනි මාසයේ පසළොස්වෙනි දා මංගල්‍යයක් නියමකොට පූජාසනය පිට පූජා ඔප්පුකෙළේය; ඔහු බෙතෙල්හිදීත් එසේම කරමින් තමා සෑදූ වස්සන්ට පූජාකෙළේය. තමා සෑදූ උස් තැන්වල පූජකයන් ඔහු බෙතෙල්හි සිටෙවුවේය. ඔහු බෙතෙල්හි සෑදූ පූජාසනයට තමාගේම සිතින් නියමකරගත් මාසය වන අටවෙනි මාසේ පසළොස්වෙනි දා ගියේය. ඔහු ඉශ්‍රායෙල් පුත්‍රයන්ට මංගල්‍යයක් නියමකොට, සුවඳ දුම් ඔප්පුකරන පිණිස පූජාසනයට නැගී ගියේය (1 රාජාවලිය 12:25-33).
මෙදිනවල දී ඔවුන් විශාල දේවස්ථාන ඉදිකරන අතර, ඔවුන්ගේ අනුගාමිකයන්ගෙන් බලෙන් මුදල් ලබා ගනී. ඔවුන් විශිෂ්ඨ දේවස්ථානයක් ඉදිකිරීම සඳහා බැංකුවලින් ණය ලබා ගන්නා ලෙස ඔවුන්ගේ අනුගාමිකයන්ට පවසයි. ඔවුන් ආගමික සමූහයේ චිත්තවේග ක්‍රියාකාරී තත්ත්වයට ගෙන, ධනය එකතු කිරීමේ බන්දේසි අතිනත යවයි. කෙටි වේලාවක් තුළ දී මුදල්, මුදු, රත්‍රන් ඔරලෝසුවලින් එම බන්දේසිය පිරී යයි. මිථ්‍යාලබ්ධිකයන් ක්‍රියා කරනුයේ මෙලෙසිනි. මෙය සෑම සියලු මිථ්‍යාලබ්ධික දේවස්ථානයක ම මේ ආකාරයෙන් සිදු වේ.
බාහිරව පෙනෙනුයේ ඔවුන් ආධ්‍යාත්මික දේවල් කෙරෙහි උනන්දු වන බව වුවත්, සැබවින්ම ඔවුන් උනන්දු වන්නේ මුදල් කෙරෙහිය. මුදල් පිළිබඳ පමණක් සැලකිල්ලක් දක්වන දේවස්ථානවලින් ඈත්ව සිටින මෙන් මම ඔබට උපදෙස් දෙමි. කරුණාකර පොහොසතුන්ට පමණක් ලෙන්ගතුව සලකන දේවස්ථානවලට නොයන්න. එක් එක් ආගමික සමූහයන්හි රැස් කළ මුදල් ප්‍රමාණය නිවේදනය කිරීම වැරදි ක්‍රියාවක් වනුයේ මන්ද යත්, ඔවුන් එය සිදු කරනුයේ මුදල් ආකර්ෂණය කර ගැනීමේ බලාපොරොත්තු ඇතිව වීම හේතුවෙනි.
මිථ්‍යාලබ්ධිකයෝ ඔවුන්ගේ අනුගාමිකයන්ට ඔවුන් පොළඹවනසුලු වචන පවසති.
“ඔබ යේසුස් වහන්සේ කෙරෙහි විශ්වාසය තැබුවහොත් ඔබ ආශිර්වාද ලද්දෙකු වනු ඇත.”
“ඔබේ කාර්යයන් දෙවියන් වහන්සේ උදෙසා කැප කරන්න. ඔබ කාර්යයන් වැඩි වැඩියෙන් කරන පමණට, ඔබට වැඩි වැඩියෙන් ආශිර්වාද ලැබෙනු ඇත.”
“ඔබ ස්ථවිරයෙකු ලෙස සේවය කරන්නේ නම්, ඔබ බොහෝ සෙයින් ආශිර්වාද ලබනු ඇත.”
එහි ප්‍රතිඵලයක් ලෙස, ඔවුහු අනුගාමිකයන් ස්ථවිරයන් වීමට එකිනෙකා සමඟ තරඟ කරති. කිසිදු වන්දියක් නොතිබුණේ නම්, ස්ථවිරයකු ලෙස සේවය කිරීමට අවශ්‍ය වනුයේ කා හටද? එමෙන්ම, ස්ථවිරයන් මූල්‍යමය වශයෙන් ද මැනවින් ක්‍රියා කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ඔවුන් නිකාය ධර්මය තුළ කෙතරම් ගැඹුරින් විශ්වාසය තබන්නේ ද යන්න මත පදනම්ව තෝරා පත් කෙරෙන්නේ ද, ඔවුන් සමාජය තුළ කෙතරම් කැපී පෙනෙන්නේ ද, එමෙන්ම, ඔවුනට දේවස්ථානයට කෙතරම් මුදලකින් දායක විය හැකි ද? එය සත්‍යයකි.
මිථ්‍යාලබ්ධිකයන් සැලකිලිමත් වනුයේ මුදල් පිළිබඳව පමණි. ඔවුන් විශාල දේවස්ථාන ඉදිකිරීමෙහිලා උනන්දු වෙයි. තම අනුගාමිකයන් තමන්ට විශාල මුදලක් ලබා දෙන තාක්, ඔවුන් නිරයට පත් වුවද ඒ පිළිබඳව ඔවුහු නොතකති.
මිථ්‍යාලබ්ධිකයන් යනු ඔවුන්ගේ එදා වේල සඳහා ක්‍රියා කරන පිරිසකි. ඔවුහු සිත්ගන්නා මාතෘකාවලින් ඔවුන්ගේ මිනිසුන් උගුලට හසු කර ගනිති. ඔවුහු අහම්බයෙන් ඔවුන්ගේ අනුගාමිකයන්ට මාතෘකා නිකුත් කරති (එසෙකියෙල් 13:17-19). ඔවුන්ව දේවස්ථානයට ඇද බැඳ තබා, එහි ධනය ඉහළ නැංවීම මින් අදහස් කෙරේ. මිථ්‍යාලබ්ධිකයන් ජලයේ සහ ආත්මයේ ශුභාරංචිය දේශනා නොකරයි. ඔවුන් ඔවුන්ව පමණක් පොහොසත් කර ගනී.
දේවස්ථානයකට මාස කිහිපයක් සහභාගී වූ පුද්ගලයෙකුට පවා උපස්ථායකයෙකු විය හැකිය. එමෙන්ම, ඔහු ධර්මය බෙහෙවින් සමීප වන්නේ නම් සහ මනා මූල්‍යමය පසුබිමක් ඔහු සතු වන්නේ නම්, ඔහු ස්ථවිරයෙකු දක්වා උසස් කෙරේ. මේ සියල්ල රත්‍රන් වසු පැටවෙකුගෙන් දෙවියන් වහන්සේ ප්‍රතිස්ථාපනය කළ ජෙරෝබෝම්ගේ ලැජ්ජා සහගත පාප සම්ප්‍රදායට ඇතුළත් වේ.
මිථ්‍යාලබ්ධිකයන් රත්‍රන් වසු පැටවුන්ට වන්දනාමාන කරයි. ඔවුන් ඔවුන්ගේ මිනිසුන්ට යළි ඉපදීමට උපකාර නොකරයි. ඔවුන් ඔවුන්ගේ අනුගාමිකයන්ට ලෞකික ආශිර්වාදවල පොරොන්දු ලබා දෙමින්, ඔවුන්ව පොළඹවමින්, ඔවුන්ගෙන් මුදල් ලබා ගනී. ඔවුන්ගේ දේවස්ථානය මනා මූල්‍යමය පසුබිමකින් පවතින තාක් කල්, ඔවුන්ගේ අනුගාමිකයන්ට නිරයට යෑමේ දඬුවම ලැබේද යන්න පිළිබඳ ඔවුහු නොතකති.
මිථ්‍යාලබ්ධිකයන් ඔවුන්ගේ අනුශාසනා තුළ ඔවුන් තබන ස්ථීර විශ්වාසය මඳය
මිථ්‍යාලබ්ධිකයෝ ඔවුන් පවසන දෙය කෙරෙහි දක්වන ස්ථීර භාවයේ මඳ බව හේතුවෙන්, බොහෝ විට “අනුමාන වශයෙන්” හෝ “ඇතැම් විට” යැයි පවසති. ඔවුනට දෙවියන් වහන්සේගේ වචනය කෙරෙහි විශ්වාසයක් නොතිබෙන අතර, ඔවුන් දේශනා කරන දෙය සම්බන්ධව ඔවුහු සැබවින්ම විශ්වාසය නොතබති. ඔවුන්ගේ ඇදහිලි පද්ධතිය දෙවියන් වහන්සේගේ වචනයෙහි විශ්වාසය තුළ නොපවතියි. “එය ..... යනුවෙන් පැවසිය හැකිය” යැයි ඔවුහු පවසති. ඔවුහු කිසිදාක ස්ථීර වශයෙන් හා පැහැදිලිව කතා නොකරති. ඔවුන් තම අනුගාමිකයන්ට මුසාවන් ඉගැන්වීමට වඩා කිසිවක් උගන්වා නොසිටින්නේ නම් වඩා යහපත් වනු ඇත.
මිථ්‍යාලබ්ධිකයන්ට මිනිසුන්ට ජලයෙන් සහ ආත්මයෙන් යළි ඉපදීමට මඟ පෙන්වා දිය නොහැකිය. ඔවුන් හුදෙක්ම සිදු කරනුයේ බොහෝ මිනිසුන්ට නිරය වෙත යෑමේ දඬුවම නියම කිරීමයි.
මිථ්‍යාලබ්ධිකයෝ සාවද්‍ය ශාස්තෘවරුන්ගේ කාර්යභාරය රඟ දක්වති
ආත්මයට එරෙහිව සිදු කරන
දේවාපහාසනයෙහි අන්තර්ගතව
ඇත්තේ කුමක්ද?
යේසුස් වහන්සේගේ බෞතීස්මය කෙරෙහි විශ්වාසය
නොතබන පාපිෂ්ඨයෙකු ලෙස දිවි ගෙවමින්,
උන්වහන්සේ කෙරෙහි විශ්වාසය තැබීමය.
යේසුස් වහන්සේ කෙරෙහි විශ්වාසය තබන නමුත් අවසානයේ දී නිරයට පත් වන මිනිසුන් පිළිබඳ මතෙව් පරිච්ඡේද 7 න් අපට පවසයි. මිථ්‍යාලබ්ධිකයන් අවසාන දිනයේ දී දෙවියන් වහන්සේ ඉදිරිපිට විරෝධය පළ කරනු ඇත. බයිබලයෙහි සඳහන් ව ඇති පරිදි, “ඒ දවසේදී බොහෝ දෙනෙක්: ස්වාමිනි, ස්වාමිනි, ඔබගේ නාමයෙන් අනාගත වචන නොකියෙමුද? ඔබගේ නාමයෙන් යක්ෂයන් දුරු නොකෙළෙමුද? ඔබගේ නාමයෙන් නොයෙක් බලවත් ක්‍රියා නොකෙළෙමුදැයි මට කියනවා ඇත. එවිට මම: කිසිකලෙකත් නුඹලා නොහැඳින්නෙමි. අධර්මිෂ්ඨකම් කරන්නෙනි, මා කෙරෙන් අහක්ව පලයල්ලායයි ඔවුන්ට කියන්නෙමි!” (මතෙව් 7:22-23).
යේසුස් වහන්සේ මිනිසාගේ සියලු පාප සෝදා හළ බව ඔවුහු විශ්වාස නොකළහ; ඔවුහු ජලයේ සහ ආත්මයේ ශුභාරංචිය විශ්වාස නොකළහ.
ඔවුහු නොපනත්කම පුරුදු පුහුණු කළහ. මින් අදහස් වන්නේ කුමක්ද? ඔවුන්ගේ හදවත් තුළ තවමත් පාපය තිබිය දී, යේසුස් වහන්සේ කෙරෙහි විශ්වාසය තබන මෙන් ඔවුන් තම මිනිසුන්ට පවසන බව මින් අදහස් කෙරේ. මෙතරම් මෙහි තිබෙන වරද කුමක්දැයි ඔබ මවිත වනු ඇති නමුත්, එය දෙවියන් වහන්සේට එරෙහිව සිදු කරන බලවත් වරදකි.
පාපිෂ්ඨයෙකු සෙසු පුද්ගලයන්ට යේසුස් වහන්සේ කෙරෙහි විශ්වාසය තැබීමේ අවශ්‍යතාව දේශනා කරන විට, ඔහු ජලයෙන් සහ ආත්මයෙන් නොඉපදුණු පුද්ගලයෙකු වූ හෙයින්, ඔහුට අන් පුද්ගලයන්ට යළි ඉපදීමට මඟ පෙන්විය නොහැකිය. එබැවින් මිථ්‍යාලබ්ධිකයන් නිපදවනුයේ යේසුස් වහන්සේ කෙරෙහි විශ්වාසය තබන පාපිෂ්ඨයන් පමණි. නොපනත්කම පුරුදු පුහුණු කිරීම ආත්මයට එරෙහිව සිදු කරන පාපයකි.
මිථ්‍යාලබ්ධිකයන් දෙවියන් වහන්සේගේ වචනය කෙරෙහි විශ්වාසය තැබුවේ හෝ ශුභාරංචිය සඳහන්ව ඇති පරිදි දේශනා කළේ හෝ ඔවුහු තම අනුගාමිකයන්ගෙන් බලෙන් මුදල් ලබා ගැනීම පමණක් සිදු කළහ. ඔවුන් යේසුස් වහන්සේ කෙරෙහි විශ්වාසය තැබුව ද, පාපිෂ්ඨයන් වේ. ඔවුන් යළි ඉපදී නොමැති පුද්ගලයන් ව සිටිය දී, සෙසු පුද්ගලයන්ට මඟ පෙන්වීමට තැත් කරයි. මේ අයුරින් ඔවුහු නොපනත්කම පුරුදු පුහුණු කරති.
මිථ්‍යාලබ්ධිකයෝ ධර්මිෂ්ඨයන්ගේ නිෂ්ප්‍රභ වන්නා වූ අනුකාරකයන් වෙති
අප යළි ඉපදී ඇති යළි ඉපදී නැති පුද්ගලයන්
වෙන්කොට හඳුනා ගන්නේ කෙසේද?
ඔවුන් සතුව පාපය තිබේ ද නොතිබේ ද යන වග
පරීක්ෂා කිරීමෙන් අපට වෙන්කොට
හඳුනා ගත හැකි වේ.
තමන් පාපිෂ්ඨයන් යැයි පවසන සාවද්‍ය දේශකයන්ට නොරැවටෙන්න. ඔබේ මුදල් ඔවුනට පූජා නොකරන්න. ඔබ වෙහෙසී උපයා ගත් මුදල එම පාපිෂ්ඨයන් ලබා නොදෙන්න.
ඔබේ පාපවලට ඔබට උපකාර කළ නොහැකි දේශකයන්ට ඔබ මුදල් දෙන්නේ මන්ද? ඔබේ මුදල් දේවස්ථානයට දීමට ලබා දීමට අවශ්‍ය නම්, අඩුම තරමින් ජලයේ සහ ආත්මයේ ශුභාරංචිය ඔස්සේ ඔබේ පාප මකා දැමෙන තුරු රැඳී සිටින්න.
කලාවේ අනුකරණ තිබෙන්නාක් මෙන්, ජීවිතයේ ද අනුකරණ ඇත. නිදසුනක් ලෙස, හදවතෙහි සියලු පාප මකා හැරිය නොහැකි අනුකරණාත්මක ආගම් ද ඇත. ඔබට අනුකරණාත්මක ආගමක් හඳුනා ගත හැක්කේ කෙසේද? අනුකරණයක් යනු බාහිරව අව්‍යාජ ලෙස පෙනුණ ද, සත්‍ය වශයෙන්ම, සැබෑ දෙයින් බොහෝ දුරට වෙනස් ව යමකි.
ඔබට ඔබ සඳහා තීරණය කිරීමට සිදු වේ. සැබෑ දේශකයෝ කවරෙහු ද? මිථ්‍යාලබ්ධිකයෝ කවරෙහු ද? සත්‍යලබ්ධික විශ්වාසය යනු කුමක්ද? සත්‍යලබ්ධිකයා යේසුස් වහන්සේ සහ උන්වහන්සේගේ ගැලවීමේ ශක්තිය කෙරෙහි විශ්වාසය තබයි. ඔවුන්ගේ හදවත තුළ පාප නොමැත. එහෙත් මිථ්‍යාලබ්ධිකයන්ගේ හදවත් තුළ පාප ඇත.
සියලු මිනිසුන් මෙම මිථ්‍යාලබ්ධිකයන් මෙන් වන්නේ ද? එය බොහෝ විට එසේ විය හැකිය. කෙසේවෙතත්, අපි දැන් ආපසු බයිබලය වෙත අවධානය යොමු කරමු. යේසුස් වහන්සේ කෙරෙහි විශ්වාසය තබන, එහෙත් යළි නොඉපදෙන ඕනෑම අයෙකු මිථ්‍යාලබ්ධිකයෙකු වේ. යළි ඉපදෙන පුද්ගලයන් සත්‍යලබ්ධිකයන් වන බව මින් පැහැදිලි ය. එබැවින්, යළි නොඉපදෙන පුද්ගලයන් මිථ්‍යාලබ්ධිකයන් වේ. මිථ්‍යාලබ්ධිකයන් යනු යේසුස් වහන්සේ කෙරෙහි විශ්වාසය තබන, එහෙත් ඔවුන්ගේ හදවත් තුළ පාපය තිබෙන පුද්ගලයන් වේ.
මිථ්‍යාලබ්ධිකයන් යනු ධර්මිෂ්ඨත්වයේ අනුකරණයන්ය. පාපයෙන් පිරිසිදු බවට පත් වීමට තිබෙන මග වන්නේ යේසුස් වහන්සේ කෙරෙහි විශ්වාසය තැබීම බව ඔවුන් දැන සිටිනු ඇති නමුත්, අවසනාවකට මෙන් ඔවුන්ගේ හදවත් තුළ තවමත් පාපය ඇත. ඔවුන් තමන් පාපිෂ්ඨයන් යැයි විශ්වාසය කරයි. ඔවුනට තවමත් ස්වර්ගයට යා හැකි බවත්, ඔවුන් දෙවියන් වහන්සේ වන්දනා කරනා බවත් ඔවුහු පවසති. ඔවුන් ධර්මිෂ්ඨ යැයි බෙහෙවින් පෙනී ගිය ද, අපි අනුකරණවලට නොරැවටී සිටිමු.
දෙවියන් වහන්සේගේ විනිශ්චය මිථ්‍යාලබ්ධිකයන් උදෙසා රැඳී සිටියි
පිවිතුරු ශුභාරංචිය වෙනස්
වූයේ මන්ද?
මන්දයත්, ව්‍යාජ පූජකයන් සහ මිථ්‍යාලබ්ධිකයන්
පිවිතුරු ශුභාරංචිය සමඟ මිනිසුන් සතු වූ
වැරදි විශ්වාසයන් මිශ්‍ර කළේය.
“එබැවින් සේනාවල ස්වාමීන්වහන්සේද ඉශ්‍රායෙල්ගේ පරාක්‍රමයාණන්වහන්සේද වන ස්වාමීන්වහන්සේ කියනසේක්: අහෝ, මාගේ එදිරිකාරයන්ගෙන් මම නිදහස්වී, මාගේ සතුරන්ගෙන් පළිගන්නෙමි. මාගේ අත නුඹ පිටට හරවා, නුඹේ බොර සහමුලින්ම ඉවත්කර, නුඹේ තුත්තනාගම් සියල්ලම පහකරන්නෙමි. මම පළමු ලෙස නුඹේ විනිශ්චයකාරයන්ද මුලදී තිබුණු ලෙස නුඹේ මන්ත්‍රීවරුන්ද නැවත පිහිටුවන්නෙමි. ඉන්පසු නුඹ ධර්මිෂ්ඨකමේ නුවරය, විශ්වාස නගරයයයි කියනු ලබන්නීය. සියොන විනිශ්චය කරණකොටගෙනද ඈ තුළ [දෙවියන්වහන්සේ වෙතට] හැරෙන්නෝ ධර්මිෂ්ඨකම කරණකොටගෙනද මුදනු ලබන්නෝය. නුමුත් ද්‍රෝහිකම් කරන්නන්ගේද පව්කාරයන්ගේද විනාශය එකවිටම සිදුවන්නේය, ස්වාමීන්වහන්සේ අත්හරින්නෝ විනාශවන්නෝය. මක්නිසාද නුඹලා ආශාවූ අලෝන ගස් නිසා ඔව්හු ලජ්ජාවන්නෝය, නුඹලා තෝරාගත් උයන් නිසා නුඹලා වියවුල්වන්නහුය. මක්නිසාද නුඹලා කොල පරවෙන අලෝන ගසක් මෙන්ද දියනැති උයනක් මෙන්ද වෙනවා ඇත. බලවතා හණ මෙන්ද ඔහුගේ වැඩේ ගිනි පුපුරක් මෙන්ද වී, කිසිවෙකු විසින් නිවන්නේ නැතුව, එකට දාලායනවා ඇතැයි කියනසේක“ (යෙසායා 1:24-31).
අප මිනිසුන් කෙරෙහි විශ්වාසය තබන්නේ නම්, අප මිනිසුන් හේතුවෙන් ලැජ්ජාවට පත් විය යුතු බව දෙවියන් වහන්සේ අපට පවසන සේක. අප උදෙසා තෝරා ගෙන තිබෙන දේවස්ථානය හේතුවෙන් අප ලැජ්ජාවට පත් විය යුතු බවත්, මෙම ලැජ්ජාව ජලය නොමැතිව පවතින උද්‍යානයක් මෙන් දුර්වර්ණ වී යන පත්‍ර ඇති රුකක් සේ වනු ඇති බවත් උන්වහන්සේ අපට පවසන සේක.
දෙවියන් වහන්සේගේ වචනයට වඩා මානව වර්ගයාගේ ශික්ෂා පද කෙරෙහි විශ්වාසය තබන ව්‍යාජ පූජකයන් සහ ඔවුන්ගේ අනුගාමිකයන් වහා ඇවිලෙනු ඇති බවත්, ඔවුන්ගේ කාර්යයන් ගිනි පුළිඟු මෙන් විහිදෙනු ඇති බවත් උන්වහන්සේ අපට පවසන සේක. දෙපාර්ශ්වය ම නිරයේ ඇවිලෙනු ඇත. ගැලවීමට නොහැකි වූ ව්‍යාජ පූජකයන් සහ මිථ්‍යාලබ්ධිකයන් සහ පාපිෂ්ඨයන් සහ ධර්මිෂ්ඨයන්ගේ සතුරන් දෙවියන් වහන්සේගේ අග්නි ජාලාවෙන් විනිශ්චයට ලක් වනු ඇත.
හුදෙක් දේව ධර්මය මත පදනම්ව ගොඩ නැඟුණු දේවස්ථාන පිටතින් ගරුගම්භීර ලෙස පෙනුණ ද, ඇතුළතින් ඒවා හිස් ය. දෙවියන් වහන්සේගේ වචනයේ සහ ජලයෙන් සහ ආත්මයෙන් යළි ඉපදීමේ ශුභාරංචිය මත පිහිටුවනු නොලැබූ ඕනෑම දේවස්ථානයක් ජලය නොමැති උද්‍යානයක් වැනිය.
එය ගසක් වනු ඇති නමුත්, එය ඵල දැරීමට නොහැකි මළ ගසකි. ළිඳකට ජලය නොමැති නම්, එය තවදුරටත් ළිඳක් නොවනු ඇත.
“බලවතා හණ මෙන්ද ඔහුගේ වැඩේ ගිනි පුපුරක් මෙන්ද වී, කිසිවෙකු විසින් නිවන්නේ නැතුව, එකට දාලායනවා ඇතැයි කියන සේක” ජීවය නොමැති පුද්ගලයන් අනෙකුත් පුද්ගලයන්ට ශක්තිමත් ලෙස පෙනෙණු ඇති නමුත්, දෙවියන් වහන්සේගේ දෑසින් ඔවුන් නිරයේ ගිනිවලට බැඳුණු පුළුන් වැනිය.
“දූමා ගැන දිව්‍ය ප්‍රකාශනයය” (යෙසායා 21:11), දැයි දෙවියන් වහන්සේ විමසන සේක. සදාකාලික ජීවනය තිබෙන ධර්මිෂ්ඨයන් ජලයේ සහ ආත්මයේ ශුභාරංචිය රැය අන්ධකාරයේ දී දේශනා කළ යුතුය.
දෙවියන් වහන්සේ ආලෝකය වන අතර, සාතන් අන්ධකාරය වේ. දෙවියන් වහන්සේ ජනතාවට ධර්මිෂ්ඨත්වය කරා මඟ පෙන්වන අතර, සාතන් මිනිසුන්ට අවුල් ජාලයකින් යුත් දේවස්ථාන සහ වැරදි දේවධර්මය කරා මඟ පෙන්වයි.
යෙසායා නම් ශාස්තෘවරයාගේ කාලයේ දී, ජනතාවගේ විශ්වාසය වර්තමානයේ දී මෙන් ව්‍යාකූල විය. ඔවුහු දෙවියන් වහන්සේ වචනය දේවධර්මයන් සහ මානව ලෝකයේ ශික්ෂා පද සමඟ මුසු කළහ. ඔවුන් මානව වර්ගයාගේ ව්‍යාකූල නිෂ්පාදන සමඟ ඊශ්‍රායලයේ ජනයා කෙතරම් නොමඟ හැරියේ ද යත්, දෙවියන් වහන්සේ ඔවුන්ගෙන් ඉවත් වීමට තීරණය කළ සේක.
“මාගේ අත නුඹ පිටට හරවා, නුඹේ බොර සහමුලින්ම ඉවත්කර, නුඹේ තුත්තනාගම් සියල්ලම පහකරන්නෙමි. මම පළමු ලෙස නුඹේ විනිශ්චයකාරයන්ද මුලදී තිබුණු ලෙස නුඹේ මන්ත්‍රීවරුන්ද නැවත පිහිටුවන්නෙමි. ඉන්පසු නුඹ ධර්මිෂ්ඨකමේ නුවරය, විශ්වාස නගරයයයි කියනු ලබන්නීය. සියොන විනිශ්චය කරණකොටගෙනද ඈ තුළ [දෙවියන්වහන්සේ වෙතට] හැරෙන්නෝ ධර්මිෂ්ඨකම කරණකොටගෙනද මුදනු ලබන්නෝය. නුමුත් ද්‍රෝහිකම් කරන්නන්ගේද පව්කාරයන්ගේද විනාශය එකවිටම සිදුවන්නේය, ස්වාමීන්වහන්සේ අත්හරින්නෝ විනාශවන්නෝය. දෙවියන් වහන්සේ විසින් කිසිදිනක දී පිළිගනු නොලබන පූජාවන්, දෙවියන් වහන්සේගේ සත්‍යය සහ මානව වර්ගයාගේ න්‍යායන්වල මිශ්‍රණයක් වන්නා වූ මිශ්‍ර ලෝහ වැනි ය.
දෙවියන් වහන්සේ කිසිදිනක දී මිශ්‍රිත පූජාවන් පිළිගනු නොලබන සේක. ඒවා මිනිස් ඇසට පාරිශුද්ධ ලෙස පෙනෙනු ඇති නමුත්, ඒවා මානව වර්ගයාගේ වැරදි විශ්වාසයන් සමඟ මිශ්‍රිතව ඇතිනම්, ඒවා අපවිත්‍ර දේ සමඟ මිශ්‍රව පවතින හෙයින්, දෙවියන් වහන්සේට පිළිගත නොහැකි යමක් වනු ඇත.
දෙවියන් වහන්සේ ඊශ්‍රායලයේ ජනතාවට, විශේෂයෙන්ම මිථ්‍යාලබ්ධිකයින්, ව්‍යාජ දේශකයින් සහ පාපිෂ්ඨයන්ට පරිභව කළ සේක.
අප නික්මයාම හෝ ගණන් කථාව කියෙව්වොත්, දෙවියන් වහන්සේ ඔවුන්ට මුලින් පරිභව නොකළ බව අපට පෙනේ. දෙවියන් වහන්සේ ඊශ්‍රායලයේ ජනතාවට උපකාර කළ අතර, ඔවුනට ආශිර්වාද පිරිනැමූ සේක. එහෙත් ජොශුවාගේ මරණයෙන් පසු, විනිශ්චයකරුවන්ගෙන්, ඊශ්‍රායල ජනතාව ආක්‍රමණයට ලක් විය.
කෙසේවෙතත්, ඔවුන් ඔවුන්ගේ මඟෙහි යාමට තෝරා ගත්හ. එකල්හි, දෙවියන් වහන්සේ ජෙරමියා ශාස්තෘවරයා පිටත් කොට ඊශ්‍රායලයට බාබිලෝන් වෙත යටත් වන පැවසූ සේක.
මිනිසුන්ට බාබිලෝන් වෙත යටත් වන මෙන් ජෙරමියා මිනිසුන්ට පැවසූවේය. ධාර්මිකයන් විසින් මිථ්‍යාලබ්ධිකයන් අනුගමනය කරන පුද්ගලයන්ට ජලයේ සහ ආත්මයේ ශුභාරංචිය වෙත යටත් වන මෙන් පවසන සත්‍යය සංකේතවත් කරමින්, මෙහි ආධ්‍යාත්මික අර්ථයක් ඇත.
දෙවියන් වහන්සේ මිථ්‍යාලබ්ධිකයන්ට තරවටු කරන සේක
දෙවියන් වහන්සේ මිථ්‍යාලබ්ධිකයන්ට
තරවටු කරනුයේ මන්ද?
මන්ද යත්, ඔවුන් දෙවියන් වහන්සේ වෙනුවට
දේව ප්‍රතිමාවලට මෙහෙවර කළ හෙයිනි.
දේව සේවකයන් ඊශ්‍රායල ජනතාවට පරිභව කළේ මන්ද? මන්දයත්, ඔවුහු පූජා පද්ධතිය වෙනස් කොට, පූජකයන් වීමට සාමාන්‍ය ජනතාව පත් කොට, පූජා කිරීමේ දින වෙනස් කළහ.
ඔවුහු පාප සමා කිරීමේ දිනය සත් වන මාසයේ දස වන දිනයේ සිට අට වන මාසයේ පහළොස්වන දිනය දක්වා වෙනස් කළ අතර, ලෙවීවරුන්ට බාහිරව පූජකයන් පත් කළහ. ඒ අනුව යළි ඉපදීමේ මාර්ගය ඔවුන් විසින් අවහිර කරන ලදී.
දෙවියන් වහන්සේ ව්‍යාජ දේශකයන්ට පරිභව කළ සේක. දෙවියන් වහන්සේ වෙනුවට රත්‍රන් වසු පැටවුන්ට මෙහෙවර කළ අය මිථ්‍යාලබ්ධික පූජකයන් විය.
සත්‍ය වශයෙන්ම, දෙවියන් වහන්සේ ඔවුනට පරිභව කළේ දේව ප්‍රතිමා වන්දනාමාන කිරීම සඳහා පමණක් නොවේ. ඔබත් මමත් ඇතැම් විට දේව ප්‍රතිමාවන්ට වන්දනාමාන නොකරන්නේද? අප බොහෝ විට පාප සිදු කරන අතර, එහෙත් අපගේ අයුක්තිය බරපතල පාප ලෙස නොසලකනුයේ මන්දයත්, අප දෙවියන් වහන්සේගේ කරුණාව තුළ සිටිනා හෙයින් පමණි. එහෙත් රත්‍රන් වසු පැටවුන්ගෙන් දෙවියන් වහන්සේව ප්‍රතිස්ථාපනය කිරීමට සමාව දිය නොහැකිය. එලෙසින්ම, පූජා පද්ධතිය වෙනස් කිරීම පූජකභාවයට සාමාන්‍ය ජනයා පත් කිරීමට ද එයම අදාළ වේ.
ඒවා කෙතරම් දරුණු පාප ද! ඒවා වඩාත් බරපතලම පාප වේ. අයෙකුට රත්‍රන් වසු පැටවුන් වෙනුවෙන් දෙවියන් වහන්සේ හුවමාරු කිරීමට සමාව ලබා දිය හැක්කේ කෙසේද. දෙවියන් වහන්සේගේ බලවත් කෝපය හට ගත්තේ ජෙරෝබෝම්ගේ වරදින් බව බයිබලයෙහි සඳහන් වේ.
දෙවියන් වහන්සේ පැරණි තෙස්තමේන්තුවෙහි උන්වහන්සේගේ බලවත් කෝපය පෙන්නුම් කළ සේ, උන්වහන්සේ දැන් උන්වහන්සේට එරෙහිව සිටින පාපිෂ්ඨයන් විනාශ කරන සේක. රත්‍රන් වසු පැටවුන් වන්දනා කිරීම අත්නොහරින පුද්ගලයන්ට උන්වහන්සේ ශාප කරන බව දෙවියන් විසින් ඊශ්‍රායලයට පවසන ලදී.
මිථ්‍යාලබ්ධිකයන් නියමයෙන් පිටත පූජාවන් සිදු කරයි
දෙවියන් වහන්සේට පූජාවන් සිදු
කිරීමට ප්‍රථම අප කළ යුත්තේ
කුමක්ද?
අපගේ සියලු පාප සෝදා
හැර ගනු ලැබීමය.
ඊශ්‍රායලයේ රජවරුන් සහ මිථ්‍යාලබ්ධික පූජකයන් දෙවියන් වහන්සේට එරෙහිව සිටි අතර, ඔවුහු පූජා පද්ධතිය නොතැකූ පිරිසක් පූජක භාවයට පත් කළහ. අගති සහිත මනසක් සතු ජෙරෝබෝම් ලෙවී ගෝත්‍රයේ නොවන පූජකයෙකු පැවිදි කළේය.
ලෙවී නිවාසයෙන් පැමිණෙන අය හට පමණක් පූජකයන් බවට පත් වී, යුදෙව්වන්ගේ දේවස්ථානයේ සේවය කළ හැකි විය. වඩාත් නිවැරදිව පවසන්නේ නම්, පූජකයන්ට ආරෝන්ගේ ගෝත්‍රයෙන් පැමිණි අය වීමට සිදු විය. මෙය දෙවියන් වහන්සේගේ සදාකාලික නියමය විය. එහෙත් ජෙරෝබෝම් ලෙවී නිවාසයෙන් බාහිරව පූජකයන් පැවිදි කළ අතර, රත්‍රන් වසු පැටවුන්ට පූජාවන් සිදු කිරීමට ඉඩ ලබා දුන්නේය. මෙය දෙවියන් වහන්සේගේ බලවත් කෝපයට මඟ පෑදූයේ මන්දැයි අප දත යුතු වේ.
අදටත්, යළි ඉපදී නොමැති පුද්ගලයන්ට දේවගැතිවරුන්, ස්ථවිරයන් සහ දේවස්ථානයේ උපස්ථායකයන් බවට පත් විය හැකියි. මෙය දෙවියන් වහන්සේගේ නියමයට එරෙහිව යන අතර, දෙවියන් වහන්සේගේ බලවත් කෝපයට තුඩු දෙයි. දෙවියන් වහන්සේ නියමයට පටහැනි පූජාවන්ගෙන් සතුටට පත් වන්නේද? මිථ්‍යා ලබ්ධිකයන්ට ඔවුන්ගේ රත්‍රන් වසු පැටවුන් විනාශ කර, යළි ඉපදීම සඳහා දෙවියන් වහන්සේ වෙත නැවත යාමට සිදු වේ.
යෙසායා 1:10-17,“ සොදොමේ ආණ්ඩුකාරයෙනි, ස්වාමීන්වහන්සේගේ වචනය අසාපල්ලා; ගොමොරාවේ සෙනඟෙනි, අපේ දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවට කන්දීපල්ලා. නුඹලාගේ පූජා රාශියෙන් මට කම් කිම්දැයි ස්වාමීන්වහන්සේ කියනසේක. මුළු බැටළු පූජාවලින්ද තරකළ සතුන්ගේ තෙලින්ද පිරී සිටිමි; ගොනුන්ගෙත් බැටළුවස්සන්ගෙත් එළුවන්ගෙත් ලෙයට මම ප්‍රසන්න නොවෙමි. නුඹලා මා ඉදිරියෙහි පෙනෙන්ට එන කල එසේ මාගේ මිදුල් පාගන්ට කියා නුඹලාගෙන් ඉල්ලුවේ කව්ද? නිෂ්ඵල පූජා තවත් නොගෙනෙල්ලා; දුම් පූජාව මට පිළිකුලක්ය; අමාවකද සබත් දවසද සභා රැස්කිරීමද එසේමය. දුෂ්ටකම සහිත මංගල්‍ය රැස්වීම මට ඉවසන්ට බැරිය. නුඹලාගේ අමාවක්වලටද නියම මංගල්‍යවලටද මාගේ ආත්මය ද්වේෂකරයි. ඒවා මට බරක්ය; ඒවා උසුලා වෙහෙසව සිටිමි. නුඹලාගේ අත් විදහනකල මාගේ ඇස් නුඹලාගෙන් සඟවාගන්නෙමි. එසේය, නුඹලා යාච්ඤා බොහොමයක් කරන කල්හිත් මම නොඅසන්නෙමි. නුඹලාගේ අත් ලෙයින් පිරී තිබේ. නුඹලා සෝදාගෙන පවිත්‍රවෙයල්ලා; නුඹලාගේ ක්‍රියාවල නපුරුකම මාගේ ඇස් ඉදිරියෙන් පහකර නපුරුකම් කිරීමෙන් වැලකියල්ලා. යහපත්කම්කරන්ට ඉගෙනගනිල්ලා; යුක්තිය සොයා, බලාත්කාරය මැඩපවත්වාපල්ලා, මවුපියන් නැත්තාට යුක්තිය කර, වැන්දඹුවගේ නඩුව අසාපල්ලා”, යැයි පවසයි.
අප මෙම ඡේදය ප්‍රවේශමෙන් කියවා බැලුවහොත්, ඊශ්‍රායලයේ ආගමික නායකයන් ඉතා ධර්මිෂ්ඨ වූ බව අපට පෙනී යයි. එහෙත් ඔවුන්ගේ ධර්මිෂ්ඨත්වය නොතකමින්, ඔවුන් විනාශයට පත් කෙරුණේ මන්ද යත්, ඔවුන් වැරදි පූජාවන් පිළිගැන් වීම සහ දෙවියන් වහන්සේගේ නියමයට අකීකරු වීම සිදු කළ හෙයිනි.
ඔවුන් දෙවියන් වහන්සේට පූජාවන් සිදු කළ විට, නියමය අනුගමනය කිරීම හෝ දේව වචනයට සවන් දීමක් සිදු නොකළ බව අපට පෙනේ. මෙම නායකයන් කෙතරම් කැප වී සිටියේ ද යත්, ඔවුහු දෙවියන් වහන්සේ ඉදිරියේ දී අසංඛ්‍යාත ගණනක පූජාවන් සිදු කළහ. යුදෙව්වන්ගේ දේවස්ථානය තුළ රුධිරය ගංඟාවක් සේ ගලා ගිය බව බයිබලය පවසයි.
කෙසේවෙතත්, ඔවුන් සිදු කළ දේ දෙස දෙවියන් වහන්සේ බැලූ විට, එය ගොමෝරාගේ පාපය මෙන් වූ බව උන්වහන්සේ පැවසූ සේක. ඔවුන් තමන්වහන්සේගේ ඉදිරිපිට පූජාවන් සිදු කරමින් සිටි බව උන්වහන්සේ දුටු නමුත්, සැබවින්ම, ඔවුන් සිදු කරමින් සිටියේ පාපයන්ය. කිසිවිටෙකත් පූජාවන් නොගෙනවිත් සිටීම වඩා හොඳ යැයි උන්වහන්සේ පැවසූ සේක. උන්වහන්සේට ඒවා ලැබීමට අවශ්‍ය නොවීය.
ඔවුන් රත්‍රන් වසු පැටවුන් ඉදිරිපිට පූජා සිදු කිරීමත් සමඟ, දෙවියන් වහන්සේට ඔවුන්ගේ පාපවලට සමාව දීමට නොහැකි විය. උන්වහන්සේට තවදුරටත් එය ඉවසා දරා සිටීමට නොහැකි විය. උන්වහන්සේ අණ කළ ආකාරයට ඔවුන් උන්වහන්සේට පූජා පිදිය යුතු බව උන්වහන්සේ ඔවුනට පැවසූ සේක. එසේ කළ නොහැකි නම්, කිසිකලෙකත් ඔවුන් පූජාවන් පුද නොකර සිටීම ඔවුනට වඩා යහපත් වනු ඇත.
ඔවුන්ගේ පූජාවන් දෙවියන් වහන්සේට නිවැරදි ආකාරයෙන් පුද නොකෙරුණු අතර, එහි ප්‍රතිඵලයක් ලෙස, පූජකවරු දෙවියන් වහන්සේට එරෙහිව පාප සිදු කළහ. ඔබේ පාප සෝදා හැරීමකින් තොරව, දෙවියන් වහන්සේට මෙහෙවර කිරීම සහ උන්වහන්සේගේ කාර්යයන් සිදු කිරීම උන්වහන්සේ ඉදිරිපිට බලවත් පාපයක් වන බව ඔබ දත යුතුය.
මිථ්‍යාලබ්ධිකයන් පාසල් ගුරුවරුන් වැනි ය.
මිථ්‍යාලබ්ධිකයන් උගන්වන්නේ
මොනවාද?
ඔවුන් උගන්වනුයේ යළි ඉපදිය හැක්කේ
කෙසේද යන්න නොව, සදාචාරයන්ය.
මිථ්‍යාලබ්ධිකයෝ බාහිර වශයෙන් ශුද්ධවන්තයින් ලෙස පෙනේ. ඔවුන් ධර්මාසනයේ අසුන් ගත් විට, ඔවුන් කෙතරම් සිත් ළඟන්නේ දැයි පවසන්නේ නම්, බොහෝ දෙනෙක් ඔවුන්ගේ පෙනුමට රැවටෙති. ඔවුහු ඉතා තාර්කික යැයි හැඟෙයි. එමෙන්ම, මිනිසුන්ට යහපත් පුද්ගලයන් වන්න යැයි ඔවා දෙමින්, ඔවුන් සැමවිටම ඔවුන්ගේ දේශනා අවසන් කරයි. එය කුමන වර්ගයේ දේශනයක් ද? ඔවුන්ගේ දේශනා සහ පාසල් ගුරුවරුන්ගේ පාඩම් අතර වෙනස කුමක්ද?
යළි ඉපදෙන්නන් එක්ව දෙවියන් වන්දනා කිරීමට පැමිණෙන ස්ථානය දෙවියන් වහන්සේගේ දේවස්ථානයයි. මේ වර්ගයේ දේවස්ථානයක් පමණක් සැබෑ දේවස්ථානයක් වේ. සැබෑ දේවස්ථානයක් විසින් දෙවියන් වහන්සේ ඉදිරිපිට හැසිරිය යුත්තේ කෙසේද යන්න උගන්වනු නොලබයි. සැබෑ දේවස්ථානයේ දේශකයා ජලයේ සහ ආත්මයේ ශුභාරංචිය දේශනා කරයි. ඔබ කෙතරම් දුර්වල වුවත්, දෙවියන් වහන්සේ ඔබේ සියලු පාප සෝදා හළ සේක.
මිථ්‍යාලබ්ධික දේශකයන් ඔවුන්ගේ අනුගාමිකයන්ට ඔවුන් මත දැඩි බරක් තබමින්, “මේක කරන්න, අරක කරන්න,” යැයි පවසන නමුත්, ඔවුන්ව චලනය කිරීමට ඇඟිල්ලක් හෝ සෙලවීමට ඔවුන් අකමැතිය.
මිථ්‍යාලබ්ධික දේශකයෙකු ඔහුගේ දරුවාට මිල අධික වයලීනයක් මිල දී ගන්නා අතර, එම දරුවාව අධ්‍යාපනය හැදෑරීම සඳහා විදේශ රටකට යවයි. පූජකයෙකුට එවැනි දෙයක් කිරීමේ මිල දරා ගන්නේ කෙසේද? ඔහුට මුදල් ලැබෙන්නේ කොහෙන්ද? ඔහුට එපමණ මුදල් ඇත්නම්, ඔහු එය ශුභාරංචිය දේශනා කිරීම සඳහා වැය නොකළ යුතුද? දේශකයෙකු මිල අධික මෝටර් රථයක් පැදවිය යුතු ද? ඔහු ගෞරවයට පාත්‍ර වීමට සුඛෝපභෝගී මෝටර් රථයක් පැදවිය යුතුද? මිල අධික මෝටර් රථයක් පදවන දේශකයෙකු සොරෙකු වේ. ඔහුගේ අනුගාමිකයන්ට සුසංහිත මෝටර් රථයක් මිල දී ගැනීමට පවා නොහැකි වන විට, ඔහු ඩිලුක්ස් මාදිලියේ රථයක් සතු කර ගැනීම නිවැරදි වන්නේ කෙසේද? ඔහුගේ ක්‍රියා කලාපය දෙස බැලීමෙන් පවා ඔහු මිථ්‍යාලබ්ධික දේශකයෙකු යැයි අපට පැවසිය හැකිය.
මිථ්‍යාලබ්ධික දේශකයෝ විශාල මුදල් ප්‍රමාණයක් ඉල්ලා සිටිති. ඇතැම් දේවස්ථාන ඔවුන්ගේ දේශකයන්ට මසකට ඩොලර් 10,000ට අධික ප්‍රමාණයක් ගෙවති. එමෙන්ම, මෙය නිල ගෙවීම පමණි. ඔවුනට, නම් වශයෙන් පවසන්නේ නම්, අධ්‍යාපනික ගාස්තු, පොත් සඳහා ගාස්තු, ළමා රැකවරණ ගාස්තු, පරීක්ෂණ චාරිකා ගාස්තු පවා ගෙවනු ලැබේ.
එහෙත්, ඔවුනට ප්‍රමාණවත් පරිදි නොගෙවන්නේ යැයි තවමත් ඇතැම් අය පැමිණිලි කරති. ඔවුනට මසකට ඩොලර් 10,000 ක් හිමි වන අතර, තවත් මුදල් ඉල්ලා සිටියි. ඩොලර් 10,000 එතරම් අඩු වැටුපක්ද? දේශකයෙකු ජලයේ සහ ආත්මයේ ශුභාරංචිය දේශනා කරන විට, ඔහුට ලැබීමට ප්‍රමාණවත් තරම් ඉපැයීමෙන් සෑහිමකට පත් විය යුතුය.
සෑබෑ දේශකයෙකු දෙවියන් වහන්සේගේ සැනසීම සහ සාමය ලබා ගනියි. එහෙත්, සාමය නොමැති මිථ්‍යාලබ්ධික දේශකයෙකු මුදල් වන්දියක් සඳහා ඉල්ලා සිටියි. එවැනි දේශකයන් සැබවින්ම රත්‍රන් වසු පැටවුන් වන්දනා කරමින් සිටියි.
දෙවියන් වහන්සේගේ දේවස්ථානය ඇතැම් විට සියොන් යනුවෙන් ද හැඳින්වේ. සියොන් තරම් අලංකාර දේවස්ථානයක් තවත් නැත. ජලයේ සහ ආත්මයේ ශුභාරංචිය දේශනා කරන ස්ථානය දෙවියන් වහන්සේගේ දේවස්ථානය වේ.
“අනේ, විශ්වාස නුවර වේශ්‍යාවක් වූ හැටි! ඒක යුක්තියෙන් පිරී තිබුණේය! එහි වාසයකළේ ධර්මිෂ්ඨකමය, නුමුත් දැන් සිටින්නේ මිනීමරන්නෝය.”, යැයි යෙසායා 1:21 හි පැවසෙයි. “එය අයුක්තියෙන් පිරී පැවතිණි.”, යැයි පවසමින් දෙවියන් වහන්සේගේ දේවස්ථානය යෙසායා විස්තර කරයි.
දෙවියන් වහන්සේ යුක්තිගරුක සහ සාධාරණ වන සේක. අප අසම්පූර්ණ වන හෙයින්, අප ආදම්ගෙන් පැවත ගෙන එන්නන් වන හෙයින් සහ පාප කිරීමට ඉපදී සිටින හෙයින්, ජලයෙන් සහ ආත්මයෙන් අපගේ පාපා සෝදා හැරීමට යේසුස් වහන්සේ මෙලොවට පැමිණි සේක. දෙවියන් වහන්සේ කෙතරම් සාධාරණ වන්නේ ද යනු මෙයයි.
පැරණි තෙස්තමේන්තුවෙහි, මිනිස්සු ඔවුන් අප්‍රමාණ බව දැනගත් විට, දෙවියන් වහන්සේ වෙත පැමිණ, පූජා සිදු කළහ.“ “මම ඒ ඒ ආකාරයට වැරදි ක්‍රියා සිදු කළෙමි. ඒ වැරදීමෙනි.” අනතුරුව ඔවුන්ට ඔවුන්ගේ දෛනික පාප සඳහා සමාව ලැබුණු අතර, පාප සමා කිරීමේ දිනයේ දී ඔවුන්ගේ වසරේ පාප සඳහා ඔවුනට සමාව ලබා ගැනීමට හැකි විය.
මේ ආකාරයෙන්ම, නව තෙස්තමේන්තුවෙහි, යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මෙලොවට පැමිණ, එක් වරක් සහ සියල්ලන් උදෙසා මානව වර්ගයාගේ පාප සෝදා හැරීම බෞතීස්මය ලබා, කුරුසිපත් වූ සේක.
එහෙත් නව වසරේ දේව සේවයේ දී, “දයාබර දෙවියන් වහන්ස, මා පසු ගිය වසරේ දී සිදු කළ පාප සඳහා මට සමාව ලබා දුන මැනව. එමෙන්ම, කරුණාකර මෙම නව වසරේ දී මට ආශිර්වාද කරන්න.” , යැයි බොහෝ මිනිස්සු හඬ නඟා යදිමින්, පශ්චත්තාප වෙති. එවැනි මිනිසුන් මිථ්‍යාලබ්ධිකයෝ වෙති.
එසේ නම්, ජලයෙන් සහ ආත්මයෙන් යළි ඉපදීමේ සත්‍යය වන්නේ කුමක්ද? යේසුස් වහන්සේ මෙලොවට වසර 2,000කට පමණ ඉහත දී පැමිණි අතර, එක් වරක් සහ සියල්ලන් උදෙසා පාප සෝදා හළ සේක. ජලය සහ රුධිරයත් සමඟ, උන්වහන්සේ මෙලොව සියලු පාපයෙන් අපව ගලවා ගත් සේක. එහෙත් අප දිනපතා උන්වහන්සේගෙන් සමාව අයැද සිටින්නේ නම්, උන්වහන්සේ කුමක් පවසනු ඇති ද?
“අනේ, විශ්වාස නුවර වේශ්‍යාවක් වූ හැටි! ඒක යුක්තියෙන් පිරී තිබුණේය! එහි වාසයකළේ ධර්මිෂ්ඨකමය, නුමුත් දැන් සිටින්නේ මිනීමරන්නෝය” උන්වහන්සේට පාපිෂ්ඨයෙකු යැයි පවසන ඕනෑම අයෙකු මිථ්‍යාලබ්ධිකයෙකු වේ.
මිථ්‍යාලබ්ධික පූජකයන්ට ජලයෙන් සහ ආත්මයෙන් යළි ඉපදීමේ ශුභාරංචිය දේශනා කළ නොහැකිය
දෙවියන් වහන්සේට පාපිෂ්ඨයන්ගේ
යාච්ඤා ඇසෙන්නේද?
නැත. උන්වහන්සේට ඒවා නොඇසෙන්නේ මන්ද යත්,
ඔවුන්ගේ පාප ඔවුන්ව දෙවියන් වහන්සේ ගෙන්
වෙන් කරන හෙයිනි.
අපගේ දෙවියන් වහන්සේ උන්වහන්සේ තුළ විශ්වාසය තබන අය කැඳවන අතර, මිනීමරුවන් සඳහා උන්වහන්සේගෙන් සමාව අයදියි. ඔවුන් සමාව අයදින හෙයින් සහ ඔවුන් ද පාපිෂ්ඨයන් වන හෙයින්, යේසුස් වහන්සේට යළි පැමිණ ඔවුන්ගේ පාප සඳහා දෙවන වරකට මිය යෑම ඔවුන් අපේක්ෂා කරන්නේද? බෞතීස්මය සහ යේසුස් වහන්සේගේ කුරුසිය ගැලවීමෙහි යතාර්ථය වේ.
පේත්‍රැස් 3:21 හි යේසුස් වහන්සේගේ බෞතීස්මය අපගේ ගැලවීමෙහි ආදර්ශය වන බව පැවසෙයි. යේසුස් වහන්සේ වරක් මානව වර්ගයා පාපයෙන් ගලවා ගැනීමට මිය ගිය සේක. උන්වහන්සේ සියල්ලන් උදෙසා මානව වර්ගයාගේ පාප සෝදා හළ අතර, ඉන් දින තුනකට පසු යළි උත්ථාන වූ සේක. උන්වහන්සේ දැන් දෙවියන් වහන්සේගේ දකුණු හස්තය අසල හිඳ සිටින සේක.
යේසුස් ක්‍රිස්තුස් වහන්සේ වරක් බෞතීස්ම වී, අපව සදාකාලිකව පාපයෙන් ගලවා ගැනීම සඳහා කුරුසය මත වරක් මිය ගිය සේක. උන්වහන්සේ තිස් හැවිරිදි වියෙහි පසු වන විට, ස්නාවක ජොහාන්තුමා විසින් බෞතීස්ම කරන ලදී. උන්වහන්සේ වරක් අපව ලෝකයේ සියලු පාපවලින් ගලවා ගැනීම සඳහා මිය ගිය සේක. සියලු කාලයන් උදෙසා විනිශ්චය ලබා දී ඇති බව මින් අර්ථවත් නොවන්නේ ද?
මිථ්‍යාලබ්ධිකයන් ඔවුන් තවමත් පාපිෂ්ඨයන් බව පවසන්නේ නම්, ඔවුන් දෙවියන් වහන්සේගෙන් දෙවන වරකට යළි මෙලොවට පැමිණ, යළිත් කුරුසිපත් වන මෙන් ඉල්ලා සිටීමක් සිදු කරයි. සැබවින්ම, ඔවුන් සමාව ඉල්ලන සෑම වරකදීම උන්වහන්සේට එලෙස සිදු කරමින් සිටීමට සිදු වනු ඇත.
ජලයේ සහ ආත්මයේ ශුභාරංචිය කෙරෙහි විශ්වාසය තබන පුද්ගලයන් සදාකාලිකවම පාපයෙන් ගැලවෙන අතර, ධර්මිෂ්ඨත්වයට පත්ව, දෙවියන් වහන්සේගේ ආශිර්වාදය සහ සදාකාලික ජීවනය ලැබීමට ස්වර්ගයට යති. ධර්මිෂ්ඨයන් හමු වන ඕනෑම අයෙකුට ජලය සහ ආත්මය ඔස්සේ ගැලවීමට හැකි වන සේම, දෙවියන් වහන්සේගේ ආශිර්වාදලත් පුද්ගලයන්ගෙන් අයෙකු බවට පත් වීමට හැකි වේ. දෙවියන් වහන්සේ ඉදිරිපිට ධර්මිෂ්ඨ ගැලවීම අයැද සිටින අයෙකු ආශිර්වාද ලද්දෙකු බවට පත් වේ.
අපි දැන් යෙසායා 1:18-20 කියවමු. “ඉතින් වරෙල්ලා, අපි කාරණා කථාකරගනිමුයයි ස්වාමීන්වහන්සේ කියනසේක. නුඹලාගේ පව් රතු පාට මෙන් තිබෙන නුමුත්, ඒවා හිම මෙන් සුදු වන්නේය; ඒවා ලාක්ෂා මෙන් රතුව තිබෙන නුමුත් සුදු ලොම් මෙන් වන්නේය. නුඹලා කැමතිව කීකරුවන්නහු නම්, දේශයේ සාරවත්කම භුක්තිවිඳින්නහුය. නුඹලා අකමැතිව කැරළිගසන්නහු නම්, කඩුවෙන් මැරුම්කන්නහුය. මක්නිසාද ස්වාමීන්වහන්සේගේ මුඛය එය වදාළසේක.”
අප ජලයේ සහ ආත්මයේ ශුභාරංචියට අවනත වන්නේ නම්, අප භුමියෙහි යහපත් දෑ භූක්ති විඳිනු ඇති නමුත්, අප එය ප්‍රතික්ෂේප කොට කැරලි ගසන්නේ නම්, අප කඩුවෙන් වැනසීමට ලක් වනු ඇති බව දෙවියන් වහන්සේ පවසන සේක.
“දැන් එන්න, අපි දැන් එකට එක්ව මෙය කියවමු. අපි දැන් කතා කරමු. ඔබ අප්‍රමාණවත් ද? ඔබ අධර්මිෂ්ඨද? ඔබ ඔබට පමණට වඩා ආදරේ කරන්නේද? ඔබට නියෝගවලින් ජීවත් විය නොහැකිද? නීතිය ආධිපත්‍ය දරන දෙය ඔබට සිදු කළ නොහැකිද? ඔබ දනී, එහෙත් ප්‍රගුණ කළ නොහැකිද? එසේ නම්, මා වෙත එන්න. ඔබේ පාප තද රත් පැහැ වුවත්, ඒවා හිම මෙන් සුදු පැහැ විය යුතුය; ඒවා ලෝහිත වර්ණ වුවත්, ඒවා වූල් මෙන් විය යුතුය.”, යැයි දෙවියන් වහන්සේ පැවසූ සේක. දෙවියන් වහන්සේ යුක්තිසහගතව පාපිෂ්ඨයන් ගලවා ගෙන, ඔවුන් ධර්මිෂ්ඨත්වයට පැමිණ වූ බව මින් අදහස් වේ.
දෙවියන් වහන්සේ ආදම් සහ ඒවා නිර්මාණය කළ විය, කිසිදු පාපයක් නොතිබුණි. එහෙත් සාතන් ඉතා ඉක්මනින් අවස්ථාවට පැමිණියේ ය. ඔහු ඔවුන්ව පාප කිරීමට යොමු කරමින්, දෙවියන් වහන්සේට අකීකරු වීමටත්, සියලු මානව වර්ගයා පාපිෂ්ඨයන් බවට පත් කිරීමටත් ක්‍රියා කළේය. මානව දයාවේ පරිහානියට සාතන් හේතු විය. ආරම්භයේ දී, ආදම් සහ ඒවා දෙවියන් වහන්සේ ඉදිරිපිට පාපිෂ්ඨයෝ නොවූහ. ඔවුහු ඊඩ්න් උද්‍යානයේ දෙවියන් වහන්සේ සමඟ විසූහ. එහෙත් ඔවුන් පාපිෂ්ටයන් බවට පත් විය. ඉතින් දැන්, දෙවියන් වහන්සේ අප අමතන සේක. එන්න, අපි එක්ව හේතු වෙමු. අපි එක්ව හේතු වෙමු!
“ඔබ මෙලොව කෙතරම් ප්‍රමාණයක පාප සිදු කර ඇත්තේද? එසේම, දැන් ඔබ මිය යෑමට පෙර කොපමණ පාප ප්‍රමාණයක් සිදු කරනු ඇතිද?”
“අහෝ, දෙවියන් වහන්ස, පාප සිදු කර සිටිය නොහැකියි. අප කෙතරම් අසීරුවෙන් උත්සාහ දැරුවත්, අපට පාපයෙන් පිරිසිඳු විය නොහැකියි.”
“හොඳයි, ඔබ මේ වන තෙක් කෙතරම් පාප ප්‍රමාණයක් සිදු කර ඇත්තේද?”
“හොඳයි, ස්වාමීනී, මට සියල්ල මතක නැත, එහෙත් කරුණු කිහිපයක් හොඳින් මනසේ රැඳී තිබේ. ඔබට ඒ කාලය මතකද? මා පවසන්නේ කුමක් ගැනද යන්න ඔබ දන්නවා...ඒ වගේම අනෙක් කාලයත් තිබෙනවා, එහෙම නේද...”
”ඉතින් දැන් මට පවසන්න”, යැයි එවිට දෙවියන් වහන්සේ පවසන සේක. ඒ සියල්ල යැයි ඔබ සිතනවාද? ඒවාට අමතරව තවත් කෙතරම් දෑ තිබෙන්නේ ද යන්න ඔබ දන්නවාද? කෙසේවෙතත්, ඔබට මතකයේ තිබෙන සියලු පාප, ඔබට අමතක වී ඇති සියලු පාප සහ ඔබ අනාගතයේ දී සිදු කරනු ඇති සියලු පාප පවා, ඒ සියල්ලම මම සදාකාලිකවම සෝදා හළෙමි. එහෙත් ඒ ඔබගේ පාප පමණක් නොව, ඔබේ දරුවන්ගේ සහ ඔවුන්ගේ දරුවන්ගේ සිට ඔබගෙන් පැවත එන්නන්ගේ සියලු පාප පවා මම සෝදා හළෙමි. මම ධාර්මික දෙවියන් වහන්සේ වෙමි. මම සියල්ලන් උදෙසා වරක් ඔබේ පාප සෝදා හළෙමි.”
ආදම්ගේ පාපයේ සිට මිහිමත අවසන් පුද්ගලයාගේ පාප දක්වා, මානව වර්ගයාගේ සියලු පාප සෝදා හළ දෙවියන් වහන්සේ ඇල්ෆා සහ ඔමෙගා, එනම් ආරම්භය සහ අවසානය වන්නේය.
“මම ගැලවුම්කරු මෙන්ම සර්වබලධාරී දෙවියන් වහන්සේ වෙමි.”
මම, කරුණාවන්ත ජෙහෝවා දෙවිඳු වෙමි.”
කරුණාව වඩාත් හොඳින් ලැබීමට සුදුසු අය මාගේ කරුණාවට පාත්‍ර වනු ඇති සේම, දයාව හොඳින් ලැබීමට සුදුසු අය මාගේ දයාවට පාත්‍ර වනු ඇත.”
අප උන්වහන්සේගේ දයාව අයැද සිටින්නේ නම් සහ අප උන්වහන්සේට අවංක වන්නේ නම්, අපට දෙවියන් වහන්සේගේ කරුණාව ලැබිය හැකිය. අපගේ පියාණන්ට අප සියලු දෙනාට ආශිර්වාද ලබා දීමට අවශ්‍ය වේ. අප සියලු දෙනා ධර්මිෂ්ඨත්වයට පත් කිරීමට උන්වහන්සේට අවශ්‍යයි. උන්වහන්සේගේ ප්‍රේමය සහ දයාව තුළ, අප සියලු දෙනා උන්වහන්සේගේ ධර්මිෂ්ඨ දරුවන් බවට පත් කිරීමට උන්වහන්සේට අවශ්‍ය වේ.
අප යළි ඉපදීමෙන් පසු කුමක් කරනු
දැකීමට දෙවියන් වහන්සේට අවශ්‍ය වන්නේද?
මුළු ලොව පුරා අප විසින් ශුභාරංචිය දේශනා කරන
අයුරු දැකීමට උන්වහන්සේට අවශ්‍ය වේ.
අප හිම මෙන් සුදු පැහැති වීමට උන්වහන්සේට අවශ්‍ය වේ. යේසුස් වහන්සේ උන්වහන්සේගේ බෞතීස්මය සහ රුධිරය ඔස්සේ වරක් සහ සියල්ලන් උදෙසා මානව වර්ගයාගේ පාප සෝදා හළ සේක. දේවස්ථානයකට සියලු අදහන්නන් උදෙසා පාපයේ සහ ජීවිතයේ ගැටලු විසඳීමට නොහැකි නම්, එය දෙවියන් වහන්සේගේ සැබෑ දේවස්ථානයක් යැයි හැඳින්විය නොහැකිය.
“මට පාප තිබේ. මා කුමක් කළ යුතුද? මා බොහෝ වාර ගණනක් පසුතැවිලි වී ඇති නමුත්, මාගේ පාප ඉවතට නොගියේය. මට තවදුරටත් මෙලෙස සිදු කළ නොහැකිය. මට මාගේ ආගමික ජීවිතයත් සමඟ ඉදිරියට යා හැකි යැයි මම නොසිතමි.” පූජකයෙකුට එවැනි පුද්ගලයෙකු සඳහා ඔහුගේ ගැටලුවලට නිවැරදි පිළිතුර ලබා දිය නොහැකි නම්, ඔහු මිථ්‍යාලබ්ධිකයෙකි. “එය ඔබට භාරයි. ඔබ ගොස් කඳුමුදුන්වල සිට යාච්ඤා කරන්න. දින 40ක් නිරාහාරව සිටීමෙන් උත්සාහ කර බලන්න”, යැයි ඔහු පවසනු ඇත.
මිථ්‍යාලබ්ධික පූජකයන් සහ ආගමික නායකයන් කෙතරම් අපවිත්‍ර දෑ වලින් පිරී පවතින්නේද යත්, ඔවුහු ජලයේ සහ ආත්මයේ ශුභාරංචිය පවා නොදනිති. ඔවුන්ගේ ආත්මයන් කෙළවර වනුයේ නිරයෙන්ද නැතහොත් ස්වර්ගයෙන්ද යන වග ඔවුහු නොදනිති.
එම නායකයෝ දෙවියන් වහන්සේ ඉදිරිපිට නිවැරදි අය නොවෙති. ඔවුහු ව්‍යාජ ක්‍රිස්තියානුවන් සහ මිථ්‍යාලබ්ධිකයන් වෙති. ඔවුන් පිටතින් යේසුස් වහන්සේ විශ්වාස කරන්නේ යැයි පෙනුණ ද, ඔවුන්ගේ හදවත් තවමත් පාපයෙන් පිරී පවතියි. ඔවුන් ඔවුන්ගේ පාපවලින් සෝදා හරිනු ලැබ නොමැත. සියලු පාප සෝදා හැරිය හැකි ජලයේ සහ ආත්මයේ ශුභාරංචිය දේශනා කිරීමට ඔවුනට නොහැකිය. අපි ඔවුනට නොරැවටී සිටිමු.
“භේදකාර මනුෂ්‍යයා පෙරළී ඉන්න බවත් දැනගනම පව්කරන බවත් නුඹ දන්න බැවින්, පළමුවෙනි දෙවෙනි අවවාදයෙන් පසු ඔහු එපා කරපන්න” යැයි මිථ්‍යාලබ්ධිකයන් පිළිබඳව තීතස් 3:10-11 සඳහන් වේ. මන්ද යත්, ඔවුන් යේසුස් වහන්සේ කෙරෙහි විශ්වාසය තැබුව ද, යළි නොඉපදෙන හෙයින්, ඔවුන් ඔවුන්ව පාපිෂ්ඨයන් ලෙස හෙළා දකින හෙයිනි. ඔවුනට කළ හැක්කේ අන් කිසියක් නොව, නිරයට යෑම යැයි පවසමින්, ඔවුන් ජලයේ සහ ආත්මයේ ශුභාරංචිය නොසලකා හැර, හෙළා දකියි.
ඔවුහු ක්‍රිස්තියානි ධර්මයේ සිටින මිථ්‍යාලබ්ධිකයෝ වෙති. යේසුස් වහන්සේ කෙරෙහි විශ්වාසය තබන සහ පාපය සතු ඕනෑම පුද්ගලයෙකු මිථ්‍යාලබ්ධිකයෙකි. මිථ්‍යාලබ්ධිකයන් දෙවියන් වහන්සේගෙන් වෙනස් වේ. දෙවියන් වහන්සේ ශුද්ධවන්තය. එහෙත් ඔවුහු ශුද්ධවන්ත නොවෙති. ජලයේ සහ ආත්මයේ ශුභාරංචිය කෙරෙහි විශ්වාසය තබන අය ඔවුන්ගේ පාපවලින් පවිත්‍ර වෙති. එබැවින්, යේසුස් වහන්සේ කෙරෙහි විශ්වාසය තබන, එහෙත් පාපය සතු ඕනෑම පුද්ගලයෙකු මිථ්‍යාලබ්ධිකයෙකි. තමන් දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය තබන නමුත් තවමත් පාපිෂ්ඨයෙකැයි පවසන අයගෙන් අප ඈත් වී සිටිය යුතුය.
අපි දැන් ශුභාරංචිය තවමත් අසා නොමැති පුද්ගලයන්ට සහ විශ්වාස කිරීමට අවශ්‍ය, එහෙත් එය නොදන්නා හෙයින් එලෙස සිදු කිරීමට නොහැකි අයට ශුභාරංචිය පවසමු. ඔවුනට යළි ඉපදීමට අපි උපකාර කරමු. අපි ජලයේ සහ ආත්මයේ ශුභාරංචි මාර්ගයෙහි සිට ගෙන සිටින අය පළවා හරිමු.
අපි මුළු ලොව පුරා ජලයේ සහ ආත්මයේ ශුභාරංචිය දේශනා කළ යුතු වන්නෙමු. ඒ එසේ වේවා!