( 1 යොහන් 1:9 )
“අපේ පාපවල් කියාදෙමු නම්, අපේ පව් අපට කමාකරන්ටත් සියලු අධර්මිෂ්ඨකමින් අප පවිත්‍රකරන්ටත් උන්වහන්සේ විශ්වාසව ධර්මිෂ්ඨව සිටිනසේක.”
රුධිරයේ ශුභාරංචිය අර්ධ ශුභාරංචියකි
රුධිරයේ ශුභාරංචිය සමඟ පමණක් අපට
ස්වර්ග රාජ්‍යයට ඇතුළු විය හැකි ද?
කෙදිනකවත් නොහැක. අපි සම්පූර්ණ ශුභාරංචිය (ජලය
සහ ආත්මය පිළිබඳ ශුභාරංචිය) විශ්වාස කළ යුතුය.
1 යොහන් 1:9 ධර්මිෂ්ටයන්ට පමණක් අදාළ වේ. මෙතෙක් මිදීමක් නොලද පව්කාරයෙකු මෙම පාඨයේ වදන්වලට අනුව තම දෛනික පාපයන්ට සමාව ලබා ගැනීමට උත්සාහ කර තමා කළ වැරදි පාපොච්චාරණය කළ ද ඔහුගේ පාපයන් පහවන්නේ නැත. මම මෙහි පවසන දේ ඔබට පෙනෙනවාද? නැවත ඉපදෙන්නේ නැති පව්කාරයන්ට මේ පාඨය අදාළ නොවේ.
තවමත් නැවත ඉපදී නැති බොහෝ දෙනෙක් මේ ලෝකයේ සිටින නමුත් ඔවුහු 1 යොහන් පළමු පරිච්ඡේදයෙන් මෙම පාඨය ලබාගෙන සමාව බලාපොරොත්තුවෙන් යාච්ඤා කර ඔවුන්ගේ පාපයන් පිළිබඳව පසුතැවිලි වෙති.
නමුත් නැවත ඉපදෙන්නේ නැති කෙනෙකුට පාපොච්චාරණය කිරීමේ යාච්ඤාව තුළින් ඔහුගේ පාපයන්ගෙන් සම්පූර්ණයෙන්ම මිදිය හැකිද? මෙය තවදුරටත් ඉදිරියට යාමට පෙර අප සලකා බැලිය යුතු සහ පැහැදිලි කරගත යුතු වැදගත් කරුණකි.
ඔබ 1 යොහන් කියවීමට පෙර, ධර්මදූත යොහන් ධර්මිෂ්ට පුද්ගලයෙක්ද පව්කාරයෙක්ද යන වග ඔබ තීරණය කළ යුතු වේ. මම ඔබෙන් පහත ප්‍රශ්නය අසන්නම්. ධර්මදූත යොහන් ජලය සහ ආත්මය පිළිබඳ ශුභාරංචිය විශ්වාස කිරීමෙන් නැවත ඉපදුණු ධර්මිෂ්ට මිනිසෙක්ද, නැතහොත් ඔහු පව්කාරයෙක්ද?
ධර්මදූත යොහන් පව්කාරයෙකු යැයි ඔබ පවසන්නේ නම්, ඔබේ විශ්වාසය බයිබලයට අනුව නිවැරදි නොවේ. ධර්මදූත යොහන් යේසුස් වහන්සේව විශ්වාස කර නැවත ඉපදුණු ධර්මිෂ්ට මිනිසෙකු නම්, ඔහුගේ ඇදහිල්ල ඔබට වඩා වෙනස් වූ බව පැහැදිලිය. ඔබටත් තිබිය යුත්තේ ධර්මදූත යොහන් හා සමාන ඇදහිල්ලකි.
මම ඔබෙන් තවත් ප්‍රශ්නයක් අසන්නම්. ධර්මදූත යොහන් එම ලිපි ලියන ලද්දේ ධර්මිෂ්ටයන්ටද පව්කාරයන්ටද? ධර්මදූත යොහන් ලිපි ලියමින් සිටියේ ධර්මිෂ්ටයන්ට ය.
එනිසා, නැවත ඉපදෙන්නේ නැති පව්කාරයන් 1 යොහන් 1:8-9 හි වදන් උපුටා දක්වමින් ඒවා තමන්ටම අදාළ කර ගන්නේ නම්, එය නිවැරදි නොවනු ඇත. ඔබ ධර්මිෂ්ට වීමට නම්, දෙවියන් වහන්සේ ඉදිරියෙහි ඔබේ පාපයන් පාපොච්චාරණය කර ජලය සහ ආත්මය පිළිබඳ ශුභාරංචිය විශ්වාස කරන්න. එවිට ලෝකයේ පාපයන් දැනටමත් පවිත්‍ර කර ඇති ශුභාරංචිය සමඟ සමිඳාණන් වහන්සේ ඔබගේ සියලු පාපයන් සෝදා හරිනු ඇත.
ධර්මදූත යොහන්ගේ ඇදහිල්ල මෙසේය. 1 යොහන් 5 වන පරිච්ඡේදයේ ඔහු පවසන්නේ තමාට “ජලය, රුධිරය සහ ආත්මය” කෙරෙහි ඇදහිල්ලක් ඇති බවයි. ජලයෙන්, රුධිරයෙන් සහ ආත්මයෙන් පැමිණි යේසුස් ක්‍රිස්තුස් වහන්සේව ඔබ විශ්වාස කරනවාද? ඔබ විශ්වාස කරන්නේ කුරුසියෙන් පැමිණි ජේසුස් වහන්සේ පමණක්ද, නැතහොත් උන්වහන්සේගේ බෞතීස්මය, උන්වහන්සේගේ රුධිරය සහ ආත්මයද?
රුධිරයේ ශුභාරංචිය පමණක් විශ්වාස කිරීමෙන් ඔබට ස්වර්ග රාජ්‍යයට ඇතුළු විය හැකිද? ඔබේ ඇදහිල්ල ඇත්තේ කුරුසියේ ලේ ශුභාරංචිය මත පමණක් නම්, ඔබට වැටහෙන්නේ ශුභාරංචියෙන් අඩක් පමණි. ඔබ කුරුසියේ රුධිරය පමණක් විශ්වාස කරන්නේ නම්, ඔබ දිනපතා සමාව ඉල්ලා යාච්ඤා කරන බවට සැකයක් නැත. පසුතැවිලි වීමේ යාච්ඤාවන් තුළින් ඔබේ පපාපයන් සෝදාගත හැකි බව ඔබ විශ්වාස කරන අවස්ථා තිබේ.
නමුත් ඔබ කුරුසියේ රුධිරය පමණක් විශ්වාස කර, පසුතැවිලි වී ඔබේ දෛනික පාපයන්ට සමාව ඉල්ලා යාච්ඤා කරන විට ඔබේ පාපයන් සෝදාගත හැකි වේද? ඔබ මේ අයගෙන් කෙනෙක් නම්, කුරුසියේ රුධිරය කෙරෙහි පමණක් ඇදහිල්ලෙන් හෝ පසුතැවිලි වීමේ දිනපතා යාච්ඤාවෙන් කිසිවෙකුට තම පාපයන් සෝදාගත නොහැකි බැවින් ඔබේ පාපයන් ඔබේ හදවතේ පවතිනු ඇත. ඔබ මේ අයගෙන් කෙනෙක් නම්, ඔබ තවමත් ජලය සහ ආත්මය පිළිබඳ ශුභාරංචිය නොදන්නා අතර ඔබේ ඇදහිල්ල අසම්පූර්ණ ය.
ධර්මදූත යොහන් නැවත ඉපදුණේ ඔහු ජලය, රුධිරය සහ ආත්මය පිළිබඳ ශුභාරංචිය විශ්වාස කළ නිසාය. නමුත් ඔබ විශ්වාස කරන්නේ කුරුසියේ රුධිරය පමණි. ශුභාරංචිය පිළිබද ව ඔබටම පැහැදිලි අදහසක් නොමැති විට, ඔබට අන් අයව ගැලවීම කරා ගෙන යා හැක්කේ කෙසේද? ඔබ නැවත ඉපදී නැති නමුත් පසුතැවිලි වීමේ යාඥාවන් තුළින් ඔබේ පාපයන්ට සමාව දීමට උත්සාහ කරයි. මෙම මාර්ගය කෙදිනකවත් කොතැනකටවත් නොයනු ඇත.
යමෙක් කොතරම් යාච්ඤා කළ ද, පසුතැවිලි වූව ද, ඔහුගේ පාපයන් ඔහුගේ හදවතින් සෝදා හැරිය නොහැකිය. ඇතැම් විට ඔබේ පාපයන් සෝදා ඉවත් වී ඇතැයි ඔබට හැඟුනත්, ඒ ඔබේ පරිකල්පනය සහ ඔබේ හැඟීම්වල බලය පමණි. ඔබ යාච්ඤා කර පසුතැවිලි වන්නේ නම්, ඔබට දිනකට හෝ ඊට වැඩි කාලයක් ප්‍රබෝධමත් බවක් දැනෙනු ඇත. නමුත් මේ ආකාරයෙන් ඔබේ පාපයන්ගෙන් ඔබට කෙදිනකවත් නිදහස් විය නොහැක.
පව්කාරයෝ තමන්ගේ පාපයන්ගෙන් ගැලවීමේ අපේක්ෂාවෙන් යාච්ඤා කර පසුතැවිලි වෙති. ජේසුස් වහන්සේව බොහෝ කාලයක් විශ්වාස කරමින් සිටි පසුවත් ඔවුන් තවමත් පව්කාරයන් වන්නේ එබැවිනි. ඔවුහු ජලය සහ ආත්මය පිළිබඳ ශුභාරංචිය නොදනිති. ඔබ යේසුස් වහන්සේව විශ්වාස කරන නමුත් තවමත් නැවත ඉපදී නොමැති නම්, ඔබ මෙම පුද්ගලයින්ගෙන් කෙනෙකු විය හැකිය. ඔබ දිනපතා යාඥා කරමින් පසුතැවිලි වෙමින් ඔබේ පාපයන්ට සමාවක් ලබා ගැනීමට උත්සාහ කරන්නේ නම්, ඔබ තවමත් නැවත ඉපදී නැති බවට එය පැහැදිලි සාක්ෂියකි. ධර්මදූත යොහන් කළාක් මෙන් ජලය සහ ආත්මය පිළිබඳ ශුභාරංචිය විශ්වාස කරනවාද, නැතහොත් ඔබේම සිතුවිලි සහ හැඟීම් කෙරෙහි ඔබේ ඇදහිල්ල තබනවාද යන්න ඔබ තීරණය කළ යුතුය. එක් දෙයක් පැහැදිලි සත්‍යය වන අතර අනෙක අසත්‍යය.
බයිබලයට අනුව සැබෑ ශුභාරංචිය නම් ජේසුස් වහන්සේ බෞතීස්ම වී ලෝකයේ පාපයන් එකවරම ඉවත් කර සියලුම පව්කාරයන් සඳහා කුරුසිය මත විනිශ්චය ලබා ගත් බවයි. යමෙක් ජේසුස් වහන්සේගේ බෞතීස්මය සහ උන්වහන්සේගේ කුරුසියේ මරණය විශ්වාස කරන්නේ නම්, ඔහු එකවරම ඔහුගේ සියලුම පාපයන්ගෙන් ගැලවෙනු ඇත. අනෙක් අතට, යමෙක් පසුතැවිලි වීමේ යාච්ඤාවලින් තම වැරදි සෝදා ගැනීමට උත්සාහ කරන්නේ නම්, ඔහු කිසි විටෙකත් ඔහුගේ පාපයන්ගෙන් නිදහස් නොවනු ඇත. ඔබට ඔබේ සියලුම දෛනික පාපයන් මතක තබා ගත හැකි යැයි ඔබ සිතනවාද? ඔබ පසුතැවිලි නොවූ පාපයන් පිළිබඳව දෙවියන් වහන්සේ බලා ගනීද? පසුතැවිලි වීමේ යාච්ඤාව දෛනික පාපයන් පිළිබඳ ගැටලුවට පැහැදිලි විසඳුමක්ද? මේ ප්‍රශ්නවලට එකම පිළිතුර නැත යන්නයි.
සැබෑ ලෙස පසුතැවිලි වීම සහ පාපොච්චාරණයේ අරමුණ
පාපොච්චාරණයේ සහ යහපත් ක්‍රියාවන්වල
සීමාවන් මොනවාද?
අපගේ ජීවිත කාලය පුරාම අපගේ පාපොච්චාරණය කිරීමට අපට සිදු වුවද,
අපගේ වැරදි පාපොච්චාරණය කිරීමෙන් සහ යහපත් ක්‍රියා
කිරීමෙන් අපට කෙදිනකවත් ගැලවිය නොහැකිය.
බයිබලයේ පසුතැවීම යන්නෙන් අදහස් කරන්නේ වැරදි ඇදහිල්ලෙන් සැබෑ ඇදහිල්ල වෙත නැවත පැමිණීමත් ධර්මිෂ්ටයන් සඳහා, එයින් අදහස් කරන්නේ කෙනෙකුගේ වැරදි පිළිගෙන නැවත ශුභාරංචියේ ආලෝකයට පැමිණීමයි.
ඔබ දැන් පව්කාරයෙක් නම්, ඔබ පහත සඳහන් පරිදි පාපොච්චාරණයක් කළ යුතුය: “ආදරණීය දෙවියන් වහන්ස, මම පව් කළෙමි, මාව නිරයට යැවීමට සුදුසුය. නමුත් මම මගේ පාපයන්ගෙන් ගැලවීමට ආශා කරන්නෙමි. කරුණාකර මාගේ සියලුම පාපයන්ගෙන් මා ගලවාගන්න. මම තවමත් නැවත ඉපදී නැත, මම නිරයට බැඳී සිටින බව දනිමි.” මෙය නිවැරදි පාපොච්චාරණයකි.
එසේ නම් නැවත ඉපදුණ අයෙක් කළ යුත්තේ කුමන ආකාරයේ පාපොච්චාරණයක්ද? ““ආදරණීය දෙවියන් වහන්ස, මාගේ මාංසය අනුගමනය කිරීමේ පාපය මම කර ඇත්තෙමි. යේසුස් වහන්සේ යොහන් බෞතීස්ත අතින් බෞතීස්ම වූ බවත්, මාගේ සියලුම පාපවලින්, මා විසින් සිදු කරන ලද පාපවලින් පවා, මගේ පාපයන් වෙනුවෙන් මට මිය යාමට සිදු විය යුතුව තිබූ විට පවා මා ගැලවු බවත් මම විශ්වාස කරමි. සමිඳාණන් වහන්සේ ජලයෙන් සහ රුධිරයෙන් මා ගලවාගත් නිසා මම උන්වහන්සේට ස්තූතිවන්ත වෙමි.” නැවත ඉපදුණු අයගේ සහ නැවත ඉපදෙන්නේ නැති අයගේ පාපොච්චාරණයන් වෙනස් ය.
අප සැමට ධර්මදූත යොහන් හා සමාන ඇදහිල්ලක් තිබිය යුතුය. ධර්මිෂ්ටයන් සඳහා වන පාපොච්චාරණය පිටුපස ඔබ ඔබේ පාපයන් සැඟවීමට උත්සාහ කළහොත්, පාපයේ කුලිය වන මරණයෙන් ඔබට කෙදිනකවත් ගැලවීමක් නොලැබේ.
නැවත ඉපදෙන්නේ නැති සියලුම පව්කාරයන් පාපොච්චාරණයේ යාච්ඤා පිටුපස සැඟවී සිටීම නතර කර ජලය සහ රුධිරය සහ ආත්මය පිළිබඳ සැබෑ ශුභාරංචිය විශ්වාස කිරීම ආරම්භ කළ යුතුය. ඔවුන් ධර්මදූත යොහන්ගේ ඇදහිල්ල ඉගෙන ගත යුතු අතර එමගින් ගැලවීම උපයා ගත යුතුය.
පව්කාරයෝ තම පාපයන් සඳහා විනිශ්චය කොතරම් භයානක වේ දැයි නොදනිති. දෙවියන් වහන්සේ ඉදිරියෙහි ඇති භයානකම පාපය නම් ජලයෙන් හා ආත්මයෙන් නැවත ඉපදීමේ ශුභාරංචිය විශ්වාස නොකිරීමයි.
යේසුස් වහන්සේ අදහන නමුත් නැවත ඉපදී නැති සියල්ලෝම දෙවියන් වහන්සේ ඉදිරියෙහි පාපොච්චාරණය කළ යුත්තේ, "ස්වාමීන් වහන්ස, මම නිරයේ දැවෙන ගින්නට හෙළිය යුතු පව්කාරයෙක්මි" ලෙස වන අතර "ස්වාමීනි, කරුණාකර මාගේ පාපයන් සෝදා හරිනු මැනවි" යැයි පැවසීමෙන් වැළකිය යුතුය. යේසුස් වහන්සේ ජෝර්දානයේ බෞතීස්මයෙන් සහ කුරුසියේ රුධිරයෙන් තමාව බේරාගත් ශුභාරංචිය පව්කාරයෙකු තම හදවතට ගත් විට, ඔහුට ඔහුගේ සියලුම පාපවලින් නිදහස් විය හැකිය. ඔහුගේ සියලුම පාපවලින් ගැලවීම සඳහා පව්කාරයෙකු දෙවියන් වහන්සේ ඉදිරියෙහි කළ යුතු පාපොච්චාරණය මෙසේ ය.
පව්කාරයෙකුට ඇත්තේ තමා තවම නැවත ඉපදී නැති බව පාපොච්චාරණය කර ජලය සහ ආත්මය පිළිබඳ ශුභාරංචිය විශ්වාස කිරීම පමණි. එවිට ඔහුව එකවරම ගලවාගනු ඇත. ජලය සහ ආත්මය පිළිබඳ ශුභාරංචිය මගින්, සියලුම පව්කාරයන්ගේ ගැලවීම සම්පූර්ණ විය. “වෙන කිසිවෙකු තුළ ගැළවීම නැත්තේය. මක්නිසාද අපේ ගැළවීමට අවශ්‍යවූ, මනුෂ්‍යයන් අතරේ දෙනලද වෙන කිසි නාමයක් ස්වර්ගයෙන් යට නැත්තේයයි කීවේය.” (ක්‍රියා 4:12). දෙවියන් වහන්සේ සිය පුත්‍රයා වන යේසුස් වහන්සේ යොහන් බෞතීස්ත අතින් බෞතීස්ම කර කුරුසියේ මිය යාමෙන් සියලුම පව්කාරයන්ව ඔවුන්ගේ පාපයන්ගෙන් ගලවා ගත් සේක.
සමිඳාණන් වහන්සේ මිනිසුන්ගේ උපතේ සිට මරණය දක්වා ඔවුන්ගේ මාංසයෙන් හා හදවතින් කරන සියලුම පාපයන් සෝදා හළ සේක. ගැලවීම සඳහා අපි සැබෑ ශුභාරංචිය විශ්වාස කළ යුතුය. අපගේ සියලු පාපයන්ගෙන් නිදහස් වී සැබෑ ලෙස ශුද්ධ වීමට අපට හැකි එකම මාර්ගය එයයි. ජලය සහ ආත්මය පිළිබඳ සැබෑ ශුභාරංචිය විශ්වාස කරන විට අපට එකවරම සියල්ල උදෙසා ධර්මිෂ්ට විය හැකිය.
යේසුස් වහන්සේ බෞතීස්ම වී, ලෝකයේ පාපයන් ඉවත් කර, උන්වහන්සේගේ ජීවිතය කුරුසිය මතින් ගෙවා, තුන්වන දින නැවත පණ උපදවා දැන් දෙවියන් වහන්සේගේ දකුණු අතෙහි වාඩි වී සිටින සේක. මෙය පරම සත්‍යයයි.
අප සැවොම මෙම පාපොච්චාරණය කළ යුතුය. “ස්වාමීන් වහන්ස, මා මිය යන තුරුම මට පපාපයන් නොකර සිටිය නොහැක. මා මාගේ මවගේ කුසින් පව්කාරයෙකු ලෙස ම ඉපදී, මා විසින් කරන ලද සියලුම පාපයන් නිසා, නිරයේ දැවෙන ගිනි දැල්ලට මා හෙළිය යුතුය. මේ හේතුව නිසාවෙන්, ජලයෙන්, රුධිරයෙන් සහ ආත්මයෙන් පැමිණ මගේ ගැලවුම්කරුවා වූ යේසුස් වහන්සේව විශ්වාස කිරීමට මට අවශ්‍යය.”
මතෙව් 3 වන පරිච්ඡේදයේ ලියා ඇති ආකාරයටම, යේසුස් වහන්සේ ජෝර්දාන් නදියේ දී බෞතීස්ම වූ විට අප මිය යන තෙක් අප කරන සියලුම පාපයන් ද ඇතුළුව ලෝකයේ පාපයන් ඉවත් කළේය. “නුඹලා සැබෑව දැනගන්නවා ඇත, සැබෑවද නුඹලා නිදහස් කරන්නේයයි කීසේක” (යොහන් 8:32).
යේසුස් වහන්සේ අපව මුල් ම පාපයෙන් පමණක් ගලවා අපගේ ම පාපයන්ගේ ප්‍රශ්නය අප විසින්ම විසඳා ගන්නා ලෙස අපට කීවේ නම්, අපි නිරන්තරයෙන් දුක් විඳිමු. නමුත් යේසුස් වහන්සේ උන්වහන්සේගේ බෞතීස්මයෙන් හා රුධිරයෙන් අපගේ සියලුම පාපයන්ගෙන් අපව නිදහස් කළ සේක. අප දුක් විය යුත්තේ කුමක් නිසාද? අප යේසුස් වහන්සේගේ බෞතීස්මය සහ කුරුසිය මත උන්වහන්සේගේ රුධිරය විශ්වාස කරන විට සහ ස්වාමින් වහන්සේට ස්තුති කරන විට, ආත්මය අපගේ හදවත් තුළ වාසය කරයි.
ඔබ යේසුස් වහන්සේව විශ්වාස කරනවාද? ඔබ තුළ වාසය කරන ආත්මය ඔබ විශ්වාස කරනවාද? යේසුස් වහන්සේ තම බෞතීස්මයෙන් ලෝකයේ පාපය ඉවත් කළ විට ඔබේ සියලුම පාපයන් ඔහු වෙත පැවරී තිබුණි. පසුව උන්වහන්සේව කුරුසිය මත දී අපගේ පාපයන් සඳහා විනිශ්චය කරනු ලැබුවේ, සදාකාලික දඬුවමෙන් අපව නිදහස් කරමිනි. මෙය සැබෑ ශුභාරංචියයි.
ධර්මිෂ්ටයන්ගේ පාපොච්චාරණය
ධර්මිෂ්ටයන්ගේ සැබෑ
පාපොච්චාරණය කුමක්ද?
ඔවුන් සෑම දිනකම පාපයන් කරන බව පාපොච්චාරණය කිරීමට
වන නමුත් වසර 2000 කට පමණ පෙර යේසුස් වහන්සේ
ඔවුන්ගේ දෛනික පාපයන් සෝදා දැමූ බව
විශ්වාස කිරීමයි.
“අපේ පාපවල් කියාදෙමු නම්, අපේ පව් අපට කමාකරන්ටත් සියලු අධර්මිෂ්ඨකමින් අප පවිත්‍රකරන්ටත් උන්වහන්සේ විශ්වාසව ධර්මිෂ්ඨව සිටිනසේක” යැයි 1 යොහන් 1:9 පවසයි. මෙයින් අදහස් වන්නේ ජලය සහ ආත්මය පිළිබඳ ශුභාරංචිය විශ්වාස කිරීමට තීරණය කරන කෙනෙකු තම පාපයන් පාපොච්චාරණය කරමින්, “ස්වාමීනි. මට මගේ මුළු ජීවිත කාලය පුරාම පාපයන් කිරීම නවතාගත නොහැකි නමුත් සමාව සඳහා කරන යාච්ඤාවන් තුළින් මගේ සියලුම පාපයන්ගෙන් මට ගැලවිය නොහැකි බව මම දනිමි. පාපයේ කුලිය මරණය බව මම විශ්වාස කරන අතර යේසුස් වහන්සේගේ බෞතීස්මයට සහ උන්වහන්සේගේ කුරුසියේ ඇණ ගැසීමට හැර අන් කිසිවකට මාගේ සියලුම පාපයන් සෝදා හැරිය නොහැකි විය. මම අද පාපයන් කළ බව මම පාපොච්චාරණය කරන නමුත් වසර 2000 කට පෙර ජෝර්දානයේදී අද මා කළ පාපය යේසුස් වහන්සේ දැනටමත් සෝදා හැර ඇති බව මම විශ්වාස කරමි.” එවැනි කෙනෙක් මේ ආකාරයට යාඥා කළ හොත් පාපයන් පිලිබඳ ඔහුගේ හෘද සාක්ෂියේ පවතින ගැටලුව එක්වරම විසදේවි.
මේ වන විටත් නැවත ඉපදී සිටින අය හට ඇත්තේ ඔවුන්ගේ පාපයන් පාපොච්චාරණය කිරීම පමණි. ඔවුන් සිදු කරන ඕනෑම පාපයක් යේසුස් වහන්සේ දැනටමත් සෝදා හැර ඇති බව පමණක් ඔවුහු තහවුරු කරති. යේසුස් වහන්සේ බෞතීස්ම වී වසර 2000 කට පෙර පව්කාරයන් වෙනුවෙන් මිය ගිය බැවින්, ඔවුන් කොතරම් දුර්වල වුවත්, ඔවුන්ගේ සියලුම පාපයන් සම්පූර්ණයෙන්ම සෝදා හරින ලදී.
අද අප කියවා තිබෙන පාඨය ධර්මිෂ්ටයන්ට ඉතා යහපත් වන එකකි. නමුත් පව්කාරයෙක් මේ පදය ගෙන වැරදි ආකාරයට පාවිච්චි කළ හොත් ඔහු අපායෙහි දී ම අවසන් වේවි. එසේ වුවද, එය බයිබලයේ නිතර නිතර වැරදි ආකාරයට භාවිතා කරන පාඨයන්ගෙන් එකකි. එය දිගු කාලයක් පුරා කිතුනුවන් අතර විශාල වැරදි වැටහීමක් ඇති කරන්නකි.
අදක්ෂ වෛද්‍යවරයා තම රෝගීන් මරා දැමිය හැකි බවට කියමනක් තිබේ. අදක්ෂ වෛද්‍යවරයකු තමාට කළ හැකි ප්‍රමාණයට වඩා වැඩි යමක් කිරීමට උත්සාහ කරන විට, ඔහු තම රෝගියා මරා දැමීමෙන් එය අවසන් විය හැක.
යමෙක් තම රාජකාරිය මැනවින් ඉටු කිරීමට නම් මනා පුහුණුවක් හා පළපුරුද්දක් තිබිය යුතු බව ජීවිතයේ එක් නියමයකි. ඇදහිල්ලෙන් යුතු ලෝකයේ ද මෙය එලෙසමය. දේවවචනය උගන්වන්නන් එය නිවැරදිව හා පැහැදිලිව ලියා ඇති බැවින් සත්‍යය ප්‍රකාශ කළ යුතු අතර ඔවුන්ගෙන් ඉගෙන ගන්නන් ඔවුන් උගන්වන දේ කෙරෙහි විශ්වාසය තැබිය යුතුය.
දේශකයන් තම අනුගාමිකයින්ට වැරදි ඉගැන්වීම් කරයි නම් හෝ ඇදහිලිවන්තයන් බයිබලය වැරදි ලෙස ඉගෙන ගන්නේ නම්, දෙපාර්ශවයට ම අත් වන්නේ විනිශ්චය සහ අපාය පමණි. බයිබලය නිවැරදි ලෙස ඉගැන්විය හැක්කේ නැවත උපන් අයට පමණි. හොඳ ඖෂධ පවා වැරදි ලෙස නියම කළහොත් එයින් රෝගීන් මරා දැමිය හැකි අතර, දෙවියන් වහන්සේගේ වචනය ඉගැන්වීම සහ ඉගෙනීම ද එලෙසම ය. එය අපේ ජීවිතයට ගින්නක් සේම අත්‍යවශ්‍යය. නමුත් ගින්නක් දරුවන් අතට පත් වුවහොත් එය විපතක් ගෙන දෙනවා සේම, දෙවියන් වහන්සේගේ වචනය වැරදි අතෙහි දී දරුණු විපත් ගෙන දිය හැකිය.
ධර්මිෂ්ටයන්ගේ සහ පව්කාරයන්ගේ පාපොච්චාරණය අතර වෙනස අප වටහාගත යුතුය. 1 යොහන් 1:9 ධර්මිෂ්ටයන් සඳහා වේ. ධාර්මික පුද්ගලයෙක් තම පාපයන් ඇදහිල්ලෙන් යුතුව ස්වාමින් වහන්සේ ඉදිරියෙහි පාපොච්චාරණය කරන විට, ඔහු ඒවායින් නිදහස් වන්නේ වසර 2000කට පමණ පෙර යේසුස් වහන්සේ සියලුම පාපයන් සෝදා හළ බැවිනි.
පව්කාරයන් සමාව ඉල්ලා යාච්ඤා කරන සෑම අවස්ථාවකම ඔවුන්ගේ පාපයන් සෝදා හරිනු ඇතැයි විශ්වාස කිරීම නිවැරදි නොවේ. යමෙක් නැවත ඉපදෙන්නේ නැති විට පාපොච්චාරණය කළ පමණින් ඔහුගේ පාපයන් සෝදා හැරිය හැකිද?
දෙවියන් වහන්සේ සාධාරණය. උන්වහන්සේ තම ඒකජාතක පුත්‍රයාව මෙලොවට එවා උන්වහන්සේගේ බෞතීස්මය තුළින් ලෝකයේ පාපයන් ඉවත් කර උන්වහන්සේගේ බෞතීස්මයේ ජලය සහ උන්වහන්සේගේ කුරුසියේ රුධිරය විශ්වාස කරන සියල්ලෝම ගලවා ගැනීමට සැලැස්වූ සේක. එමනිසා, ධර්මිෂ්ට පුද්ගලයෙකු තම පාපයන් පාපොච්චාරණය කරන විට, දෙවියන් වහන්සේ ඔහුට පවසන්නේ යේසුස් වහන්සේ මීට වසර 2000 කට පමණ පෙර සියලුම පාපයන් ඉවත් කළ බවයි. එබඳු පුද්ගලයෙකු මෙසේ තහවුරු කරන්නේ ඔහුගේ මාංසය තවමත් පාපයන් කළත් ඔහුගේ හදවතේ පාපයක් නොමැති බවයි.